අවුරුදු 20ක් 22ක් විතර මගෙ හිත වාත වේගයෙන් පිටිපස්සට පියාඹලා ගියේ හීනෙන් වගේ ආ සුවඳක් නැහැ පුඩු අග දවටමින්.... පුන්චි ලදැරියක්ව උන්නු හුරතල් ලමා වියට දිව ගිය හිත , ගම්පොල ගෙයි මම තවමත් ආස කරන ලොකු සෙටි පුටුවක බින්කුන්ඩෙක් වගේ ගුලි වෙලා කවි අහපු කාලයට දුවගෙන යනව. එතැනම හිත ටික වෙලාවක් රැඳෙන්නැයි ඇවටිලි කරනව...
අක්කිත්, මමත් අයියත් හරි ආසාවෙන් අහපු නන්දා මලිනියගේ 'හඳහාමි' කැසට් පටයත්, ඒ කැසට් පටයත් එක්ක ලැබිච්ච ස්වර ප්‍රස්තාර සහිත හඳහාමි ගී පොත් පිංචත් සිහියට නැගුන මට... ලොකූ ආසාවකින් ඒ කාලේ නිතරූම මිමිණුව මේ අතිශය ලලනීය ගී කවි අද මේ ලියන කියන බස සැදෙන්නට තැබූ මුල් පියවර විය නොහැකිදැයි විටෙක හිත කියනවා..
අද මේ ගී අවුරුදු 20කට පමණ පසුව අහද්දිත් මට එදා බාලංශ දැරියක්ව මැවූ සොදුරු චිත්ත රූප මැවී පෙනෙන්නා වගෙයි.. ඒ සෞන්දර්ය මැවීමෙන් මත් වූ මගේ ලදරු සිත තුල නොදැනීම වචන නැති කව් හැඟීම් උපදින්නට ඇති...
පියෙන් පිය ගඟක් ගලා අඬා බහින රිද්මය, ගම්මානය සිසාරා පැතිර, කිරි සිනා නංවමින් විසිරෙන සුරතලය එදා මෙන්ම අදත් ගඟක් දකිද්දි හිතට කියන රිද්මයම නොවේදැයි මට හිතෙනව..
ටිකෙන් ටිකම කඳු මුදුනෙන් බැස්සෙ නුඹයි
සැදී වැඩී ගම්මානෙට ගැලූ නුඹයි
ටික්කි ටිකිරි හුරතල් ලදැරියක් වගේ
කැකිරි සිනාවෙන් බැස ආ ගමනෙ අගේ...
ඇල දොල වල් එක් වුනු පසු හැදී වැඩී
මුහුදට ගලා යන ගමනේ වේගෙ වැඩී
නෙලුම් ඕලු දිය මානෙල් සැදී පිපේ
ඒ මල් නෙලමු පැදගෙන ගොස් ඔරුව අපේ...
දන්ඩි කූනි පෙතියෝ ගොඩයෝ ඉස්සෝ
පැන්නෝ කටිල්ලෝ කාවයියෝ කොස්සෝ
එහෙන් මෙහෙන් පීනන ලස්සනක හැටි
කිඹුලා මිනී කන්නෙකි සැඟවිලා සිටී...//
රාත්‍රිය යනු අති සුන්දර සොඳුරු හැඟුම් ජනිත වන , හුදෙකලා සිතක් මෝහනය කරන වශිකරනයක් බව එදා මේ සුරතල් ලදැරිය නන්දා මාලිනියට කන් දෙමින් පසක් කරන්නට ඇති...
සමන් පිච්ච මල් ඉහිරුනු
නිල් තණකොල පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට...
බකමූණෝ පියාඹතී
අනෙක් කුරුල්ලෝ නිදති
බෝ අතු වල එල්ලී ගෙන
මා වවුලෝ කෑ ගසති...
හඳහාමී අප දිහාව
එබී බලයි පා හිනාව
සිහිල් සුලං රැල් විඳින්ට
දොරට යන්ට හොඳ වෙලාව..
රැයක, අහසක, සුලඟක,ගඟක මෙකී නොකී සෞන්දර්යයේ සුන්දරත්වය විඳීමට අත් පොත් දුන් 'හඳහාමී' - ඔබට ස්තූතියි...
(අද දවස ගෙවුනේ විවේකීව.... හේතුව ශරීරය ලෙඩ කරමින් විවේකය අවශ්‍ය බව හඬ ගා පැවසීම..... ඒකත් හොඳයි..... මොකද අවුරුදු 20ක් එහා අතීතයේ විඳි සොඳුරු බොලඳ හැඟුම් වලින් තරුණ සිත අමන්දානන්දයට පත් වූ නිසා... එනිසා බලෙන් ලබා ගත් මේ විවේකයට පින් සිදු වේවා...!)
ඒ කාලේ කොච්චර නම් සැහැල්ලුද?
ReplyDeleteදැන් බුදු අම්මෝ....
මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා...
/බිඟුවා...!
"අද දවස ගෙවුනේ විවේකීව.... හේතුව ශරීරය ලෙඩ කරමින් විවේකය අවශ්‍ය බව හඬ ගා පැවසීම..... "
ReplyDeleteගෙට් වෙල් සූන් මිස්...
ආර්ථික, සමාජ, සන්ස්කෘතික කියන එකී, මෙකී, නොකී, මල විකාර රාමු වලින් කොටු වුන, තාක්ෂණයෙන් විකෘති උනු බහුබූත කාර්මික ලෝකයක ජීවත් වෙන අපිත් දැන් හරියට මැෂින් වගෙ වෙලා. නිදහසේ හිතන්න, ලෝකේ දකින්න අපිට වෙලාවක් නැති වෙලා. දෙමව්පියන්, නෑදැයන්, සහෝදරයන් වෙනුවෙන් මිඩංගු කරන්න කාලයක් අපිට නැති වෙලා.
ReplyDeleteබන්දුල පත්මකුමාරට කියල පත්තර ටික බලව ගන්න තරමට අපි බිසී වෙලා. පන්සලේ දානේ දවසට හාමුදුරුවන්ට එස් එම් එස් එකක් යවල එන්න විදියක් නෑ කියල දානෙ වියදමට සල්ලි ටික පේ පෑල් හරහා ලොකු හමුදුරුවන්ගෙ එකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරන යුගයක් ඇවිල්ල. ගහෙන් කඩාගෙන අඹ ගෙඩියක් කනව වෙනුවට මිනිට් මේඩ් මැන්ගො එකක් බොන්න වෙලා. මේ ඔක්කොම අත හැරල අපි ජීවිතේ මොනවද ලබාගෙන තියෙන්නෙ???
බැලුවම ලබපු දේකුත් නෑ කරපු දේකුත් නෑ. වෙලා තියෙන්නෙ අපිට අපේ ලෝකය අහිමි උන එක විතරයි. අපි අපේ ජීවිත ඇතුලෙ හිර කාරයෝ වෙලා. ඉටු කල යුතු යුතුකම් වගකීම් අතහැරිල.
හරියට බැලුවොත් අද කාලෙ අපිට ජීවිතේ දකින්න, ජීවිතේ ගැන හිතන්න ලෙඩ වෙන්නම වෙලා. ලෙඩක් හැදිලා රෙස්ට් එකක් ගන්න වෙලාව විතරයි අපිට අපේ ජීවිතේ ආපස්සට හැරිල බලන්න අවස්ථාවක් එන්නේ. අපි අතින් උන මිස්ටේක්ස්, එතකොට පුංචි කාලෙ අපි ගෙවපු සරල සුන්දර ලෝකෙ මෙ හැම දෙයක්ම මතක් වෙනව. එත් මොනා කරන්නද ?
ලෙඩේ සනීප උන ගමන් අපි ඇඳෙන් බහින්නේ විකෘති රේස් එකක් දුවන ලෝකෙකට. අපෙ පුංචි කාලෙ විඳපු සුන්දරත්වය, විනෝදය, ඇල දොල, කඳු, ගස් කොලන්, මල්, කුරුල්ලො මේ හැම දෙයක්ම තව දුරටත් හීන විතරයි. අපිට විතරක් නෙවේ. අලුතින් උපදින අපේ පුංචි පැටවුන්ටත් එව හීන. අපේ දරුවන්ට අයිති විය යුතු ලෝකයත් අපි විසින්ම උන්ට අහිමි කරල.
ඒකෙත් හැටි..

අපොයි....මොකො අසනීපේ... බෙහෙතක් එහෙම ගත්තේ නැතෙයි.
ReplyDeleteඉක්මනට හොඳ වෙලා එන්න අක්කේ. අපි බලන් ඉන්නවා.
@ බිඟුවා
ReplyDeleteඒ සොඳුරු බව නම් කියලා වැඩක් නැහැ..... අපි වියපත් වෙන්න වෙන්න අපේ ජීවිත ගොඩාක් සංකීර්ණ වෙලා නොවැ....
ඒක ඉතින් ස්වභාවය නේ... ඒ සංකීර්ණත්වයටත් අපි ආදරෙයිනේ.... නැද්ද?
@ රොෂාන්
ReplyDeleteස්තූතියි දරුවෝ... ටිකක් වෙහෙස උනා වැඩියි. ඒ නිසාම ඉරිදා ක්ලාස් දෙකකුත් කැන්සල් කරල ගෙදර ආවේ....
@ජීවිතය
ReplyDeleteඔබ කියන දේ හරි... අපේ ජීවිතයට ඉසුඹුවක් ලැබෙන්නේම හිතින් හෝ ගති ලෙඩ වූ විටයි.... අපේ ඉලක්ක වලට දුවන හති වැටුන ජීවිත වල සංකීර්ණ භාවය හිතාගන්නවත් බැරි තරම්.
@අනුරාධ මල්ලියේ
ReplyDeleteඅයියො චුට්ටක් අසනීප උනා. කකුල් කෙඩෙත්තුවකුත් එක්ක... බලන්නකෝ.... ස්තූතියි ඔයලගේ දිරිමත් කිරීමට.... ජය වේවා!
අපි කාලෙකට කලින් අකැමැත්තෙන් උනත් අහපු සින්දුවක් අවුරුදු ගාණකට පස්සෙ අහනකොට හිත ඉබේම අතීතයට ඇදී යනව මිස්. (බොහෝවිට සොඳුරු මතකයන් වලට)
ReplyDelete