මට ඕනෑ නවතින්න
කැබැලි වුන හිත් බඳුන
විසිරි ගිය කැබැලිති
එකින් එක ඇහිඳින්න....
ඇහිඳ ගත් හිත් කැබැලි
ගලපන්න මුල මැද
ටිකෙන් ටික
එකිනෙකට අලවන්න...
සුලඟකට සැලෙන්නැති
අසණියට බිඳෙන්නැති
කුටුම්බය සිරස මත
කිරුලක්ව පලඳන්න....
මට ඕනෑ නවතින්න
දිවිල්ලට සමුදෙන්න
ජීවිතය දැක ගන්න...
ජීවිතය විඳ ගන්න....
ඒක ඇත්ත මිස්...
ReplyDeleteඅවසරයි නවතින්න
ReplyDelete/බිඟුවා...!
ඒක ඇත්ත මිස්... ඒත් ඒක බලාපොරොත්තු වෙන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි නේද? සමහරවිට නොහිතූ ප්‍රතිපලත් ලබා දේවි...
ReplyDeleteනැවතිල්ල ගැන හිතුවත් හිතුණත්
ReplyDeleteනැවතිල්ල නැවතිල්ලක්ද
දිවිල්ල දිවිල්ලක්ද
නොදුවා ඉඳිල්ල නැවතිල්ලක්ද
දුවන කෝච්චියක ආසනේක වාඩිවෙලා ඉන්න එකෙක්
නැවතිලාය හිතා ඉන්න එකෙක්
දුවන්න හිතට දුවන්න ඉබාගාතෙ දුවන්න
ඔයාගෙ වචන බලකලා.
සමාවෙන්ඩෝනෑ.... පසුවදන ටිකක් පමා වුනා... ඊයේ උදේ lecture එක හරිම boring. මට එක වචනයක්වත් තේරුනේ නැහැ නෙව.... financial systems ...! කවදා කාපු කේක්ද? ඉතින් නිදිමතේ සැලි සැලී ඉද්දි ආවා නොවැ හිතිවිල්ලක්,,, මැඩ්ම්ට පේන්නේ නැති වෙන්න පොත පිටිපස්සේ කුරුටු ගෑවා..
ReplyDeleteමෙන්න ඉතිං ...
අම්මපා මට සිතිවිලි එන්නේම අන්තිම කලබලකාරී වෙලාවල නොවැ... ඒත් ඉතින් දෙයක් හිතුනම ලියා ගන්නකං මරන්නා වගේ... :-)
@ රොෂාන්
ReplyDeleteඅපිට ජීවිතේ ගොඩාක් දේ පසක් වෙන්නේ දිවිල්ලෙන් මිදුනහමයි... ඒත් දිවිල්ල ප්‍රවාහයක් වගේ... ගැලවිල්ල ලේසි නැහැ.... මොකද දිවිල්ල අපේ කොටසක් වෙලා.. අපි දිවිල්ලේ කොටසක් වෙලා....
අපි පිස්සෝ වගේ දුවනවා.. ආසාවල් පිටිපස්සේ... අරමුණු පිටිපස්සේ... මේ පණ්ඩිතකම් ලියන මමත් එහෙමම තමා.. ඒත් නැවතීම කියන්නේ මේ හඹා යාම අත් හැරීමට...
@බිඟුවා
ReplyDeleteනවතින්න දිවිල්ලෙන් අපි පමා වැඩියි.... අපි එහි කොටසක් දැන්.... නැවතීමාට් හිතීමත් අපිව අසහනයට පත් කරන්න හේතුවක්.. මට වෙලා තියෙන්නේ එයයි...
@anonymous
ReplyDeleteඅපෝ මේකේ 'නැවතිල්ල' , ' දිවිල්ල', 'ඉඳිල්ල' මෙවුව කියවලා මට දැන් "කැරකිල්ල" වගේ....
:-D
නැවතීමාට් හිතීමත් අපිව අසහනයට පත් කරන්න හේතුවක්..
ReplyDeleteඒක මිස්ට විතරක් නෙවෙයි අදකාලෙ මමත් ඇතුලුව ගොඩක් අයට පොදු දෙයක් මිස්. (යමක් කරන තුරුත් අසහනය .. ඒ දේ කරලා ඉවර වුනාමත් අසහනය..)
නවතින එක කෙසේ වෙතත් දිවිල්ලට සමුදීල වේගය අඩාල කරගෙන ඇවිදගෙන යන්න වත් ඉඩක් ලැබෙතොත් හොඳයි නේද? මග ඇරෙන දේවල් ටිකක් හරි අඩු කරගන්න තිබ්බා.
ReplyDeleteලස්සනයි නිර්මාණය.
Duwana gaman ....jeeewithaya widinna berida...mama ahnne jeewithaya widinna ....duwana eka nawathanna oneda kiyala.....
ReplyDelete@ රොශාන්
ReplyDeleteඒක නම් ඇත්ත... ඒ අශනය ඇතිවෙන්නේ අපි මනස සංසුන් කරගන්න හුරු වෙලා නැති නිසා....
ඒත් හිතේ සාමයත් නොසංසුන්කමත් මවන්නේ අපි අපිම මිසක් පරිසරය නෙමෙයි
Me loke me jeewithe api katawath aith apahu herenna be. Nawathinna be. Wena ekak thiya newathila poddak hithanna wath welawak ne.
ReplyDeleteAda kale apita ape kiyala race ekak newei duwanna wela thiyenne. Anunge race ape karagena duwannai wela thiyenne. Lokaya "globalize" wela. Api e lokaya ethule punchi koobi tikak witharai. Duwana loke wath e loke ekka edila yana apiwawath nawaththa ganna apita behe.
හරි නැවතුනා කියමුකො. ඊට පස්සෙ........
ReplyDeletehttp://sansaare.blogspot.com/2011/10/207.html?showComment=1317968156776#c4323662754108961539
ReplyDelete