සතුටත් දුකත් පවතින්නේ කොහිද?.....
විටෙක අපට ජීවිතය සිනහ සෙන්නා සේද, විටෙක හඬන්නා සේද දැනේ... එහෙත් සිනහ වී හෝ හඬා වැටී අප හුදෙක් සිදුවීම්, ක්‍රියාවන්, ප්‍රතික්‍රියාවන් සමග ගනුදෙනු කරන්නා නොවෙමුද? එහි ප්‍රතිපල වශයෙන් සතුට හෝ කඳුල මොහොතකට උපදිනු විනා , එමත ස්ථිරසාරව ජීවිතය ගොඩ නැගේද? නැත.. සතුටත් දුකත් එක්තරා හැඟුම්වලියක ප්‍රතිපල වශයෙන් හට ගන්නා මනෝ භාවයන් පමණකැයි මට සිතේ.... පවතිනුයේ..යුගයෙන් යුගයට ගෙන යනුයේ.. සිදුවීමෙන් හට ගත් අවබෝධය පමණකැයි මට සිතේ...
සොඳුරු හරවත් කතන්දර කියන්නෝ....
අපගේ අවබෝධය උදෙසා නොවක් වෙහෙස වී ජීවිතය තේරුම් කරත හැකි මිනිසුන් හමු වේ නම් ඒ ඉතාමත් ඉතාමත් කලාතුරකිනි... එවන් මිනිසුන් නැතුවා නොවේ...ජීවිතය හැඟෙන, හැඟෙන ජීවිතය කතා කරත හැකි සොඳුරු මිනිසුන් මා දැක ඇත්නම් ඒ ඉතාම අල්පයකි...
ඔවුන් ලෝකය සුන්දර කරන්නාහු වෙති.... මගේ ලෝකය අර්ථවත්, හරවත්, ගැඹුරු එකක් වන්නට උත්සහයක් හෝ දරයි නම්, ඊට මෙවන් සොඳුරු මිනිසුන් වග කිය යුතු වෙත්...
ඇස් ඇර ලෝකය දැකීම....හෙවත් හරි වැරදි නොදැකීමේ ආදීනව...
සිදුවීම් විවෘත මනසින් දැකිය හැකි වීමේ ආදිනව ආනිසංස ගැන අද දවසේ සමීපතමයකු සමග කතා කල බොහෝ දැ නිසාවෙන්ම මට මෙයත් ලියන්නට සිත් විය.
හරිද? වැරදිද? මෙලොව කිසිම සිදුවීමක හරි වැරැද්ද එසේ වර්ගීකරණය කල නොහැකි මන්දැයි කිසිවෙකු ඇසුවා මතකය.... මා සිතන්නේ නොහැකි බවකි.. ඇස් වලට සාපේක්ෂව, ඒ ඇස් හිමි හිත් වල අත්දැකීම් වලට සාපේක්ෂව එකිනෙකා විනිශ්චය කරන දෑ දෙස පහන් ඇසින් සානුකම්පිත දෘෂ්ටියෙන් දැකීමට හුරු වූ මේ හදවතට, එවන් හදවත් වලට මම පෙම් කරමි...
මා යනු ලෝකය අතැඹුලක් සේ දුටු පරමාදර්ශී මනසක් නොවේ... බොහෝ මෝඩකම්, හපන්කම්, පුරසාරම්, කයි කතන්දර වලින් ආකූල වූ මා නම් චරිතය තුලද නොයෙකුත් නුහුගුණ නො අඩුව තිබේ... නුහුගුණ ඇති බව දන්නා කමම නුහුගුණයකැයි මට සිතේ.. මන්ද තම නුගුණ නොදනනා මිනිසා එක්කෝ මෝඩයකු සේ ජීවත් වෙයි.. එක්කෝ තම මතය නිවැරදි යයි එහි එල්බෙන්නටම සමත් වෙයි.. මා නම් මිනිස් පුලුට මේ කාරණා දෙකෙහිදීම අන්ත අසරණ මොට්ටයකු යයි මමම කියමි. හැඟෙන දෑ පසෙක ලා මෝඩයකු ලෙස ජීවත් වන්නටද නොහැකිය... එමෙන්ම හැඟෙන දෑ නුහුගුණ බව දැන දැන අන්ධයකු සේ එහිම එල්ලෙන්නටද මගේ හර්ද සාක්ෂිය ඉඩ නොදෙයි...
යම් යම් දේ හැඟෙනවාට වඩා නොහැඟීම සැපයකැයි විටක සිතෙන බව අද මමත් සමීපතමයෙකුත් කතා බහ කලෙමු... එය සැබැවකි... එක මොහොතින් අපට අනුන් ගැන හැඟෙන දේ ( මෙය පර චිත්ත විජාණන නොවේ... අන් හදවත් සංජානනය වන ස්වභාවයයි) , වැරෙන් සඟවන අසරණුන් දකින විට පහල වන්නේ ද්වේශයක් හෝ අප්‍රසන්න බවක් නොවේ... අනුකම්පාවකි... ඔවුන් ගැන නොවේ.. අප ගැනම අනුකම්පාවකි....
දෛවයට පිටුපාන්නාට පැවතිය හැකිද?.....
දෛවයට පිටුපානා කෙනෙකුගේ පැවැත්ම සැකයට තුඩු දෙයි....
අප ජීවත් වන්නා යනු කුමක්ද?? උපන් මොහොතේ සිටම මේ වන තුරුත්, හෙට දිනත් අප කරනුයේ සටනකි.... කුමක් සඳහාද? පැවැත්ම රැක ගනු උදෙසාය... අප කන්නේ, බොන්නේ, අඳින්නේ, නිදන්නේ, ඉගෙන ගන්නේ.... මෙකී නොකී සැම දේ කරන්නේ පැවැත්ම රැක ගනු උදෙසා නොවේද?
"පැවැත්ම" යන්නෙහි අරුත මෙලොව පැවැත්ම ලෙස ගන්නා, ලෞකික පැවැත්ම උදෙසා සටන් වදී.. ඒ පැවැත්ම පරලොව තෙක්ම විසඳ ගනු කැමැත්තාද සිටිනුයේ ලෞකිකත්වයේ සීමාවේදැයි විටෙක මමම අසමි...
උතුම් ශාස්තෲන් වහන්සේලා, ඉන් ඔබ්බට දුටුවේ මොනවාද? පැවැත්ම නොව පැවැත්ම උදෙසා දිවීම නැවැත්වූ උන් වහන්සේලාම උතුම්ම යැයි මට සිතේ.. ඔවුන් දුක සතුට විඳීම වශයෙන් නොගන්නෝය... තනි කම නොව හුදෙකලාව සැපයකැයි හඟින්නෝය... අප එතැන්ට කොතරම් දුරද?
"තනි කම නොව හුදෙකලාව සැපයකැයි හඟින්නෝය" ඒක ඇත්ත මිස්..
ReplyDeleteමේ ලිපිය දිගටම ලියන්නද කල්පනාව? ඒකත් හොඳයි.
මේ බ්ලොග් එකේ කාලෙකට පස්සෙ ලිපියක් දැක්කා "නිසඳැස්" නොවෙන..
මිස් මම හිතන විදියට මේ ලිපියට ප්‍රතිචාරයක් දක්වන්නම
ReplyDeleteසතුටත් දුකත් පවතින්නේ කොහිද?.....
සතුට හා දුක පවතින්නේ එකම තැනකයි. ඒ දෙක අතර ඇත්තේ කෙස්ගසක වෙනසක්..
සොඳුරු හරවත් කතන්දර කියන්නෝ....
ගොඩක් අය කතන්දර කියන්න කැමති වුණත් ඒ තමන්ගෙම සීමාවක්/රාමුවක් තුල සිටිමිනුයි. ඒ අතරම තවත් අයෙක් අන් අය නොදකින පැත්තක් පෙන්වාදෙනවා. මම හිතන විදියට ඔවුන් තමයි "සොඳුරු හරවත් කතන්දර කියන්නෝ.... " මම හිතන්නෙ මිස්ගෙ ලිපි දැක්කම මිස්වත් "සොඳුරු හරවත් කතන්දර කියන්නෝ.... " ගොඩට දමන්න පුලුවන් බවයි..මොකද බොහොමයක් ලිපි වැඩිදෙනෙක් දකින කෝණයෙන් වෙනුවට වෙනස් ම කෝණයකින් දැකලා ලියලා තියෙන නිසා.
අපුරුයි ජිවිතෙ මල්... අපුරුයි....
ReplyDeleteහ්ම්.... මේක මිස් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්. (ඒ කිව්වේ නිකම් ඔය කූල් ඩ්‍රින්ක් එකක් වගේ එකක් හොදේ ;) ) හදිස්සියෙන් වගේ කියවපු නිසා හරියටම හිතට වැටුනේ නෑ මිස් කියන්න උත්සාහ කරපු දේ. හෙමීට කියවලා බළලා (න, ණ, ල, ළ භේදය වැරදිද මන්දා :) කියන්නම්කෝ.
ReplyDeleteමං නං කයි-කතන්දර කියන්නේ කවි ගැන කියන කතන්දරවලටයි.
ReplyDelete-කතන්දරකාරයා
මේ මොකැයි මේ උනේ... යස අගේට හිටි කෙල්ල නෙවැ.
ReplyDeleteඅපි දැන් බ්ලොග් බලන්නේ මෙතනින් http://blog.inetlanka.com/
ReplyDeletehttp://taboosubjects.wordpress.com/2010/03/17/121-2/
I think all eastern philosophies have based on the very same questions you have raised.
ReplyDeleteසෑහෙන්න දිග කතාවක්...
ReplyDeleteමොකද කියන්නේ...
නෑ පස්සෙම කියනවා....
එක්කෝ ඕනේ නෑ...
නැත්නම් කියනවද මන්දා....
කමක් නෑ..
හෙටම බැරියෑ....
එහෙනම් අදට ගියා....
/බිඟුවා...!
@ රොෂාන්
ReplyDeleteඔව් රොෂාන්.. තනිකම කියන්නේ අපේ හිතේ තනිවෙන්න තියන චකිතයකට... බයකට.. පාලුවක් දැනෙන එකට.. ඒත් හුදෙකලාව කියන්නේ සුවයකට. එකම දේ දෙවිදියකට දකින අවස්ථාවක්. හුදෙකලාව කියන්නේ බ්‍රහ්මාස්වාදයකට... සිතේ තියන සැනසිල්ල ලඟා කර ගත හැකි නිසංසලතාවයට.. එහි සුවය දැනෙන්නේ එය සැපයක් හැටියට ගන්නා අයෙකුටයි...
ඔව්.. හුඟ කාලෙකින් කවි නොවෙන දෙයක් ලිවුවේ.. ඉදිරියටත් ලියනවා කවි නොවෙන මේ වගේ දේ... මොකද කවියක් එක් එක්කෙනා අවබෝධ කරන විදිය විවිධාකාරයි. එයම තමා එහි රසයත්.. ඒත් කවි රසය වෙනස් එකිනෙකාට..
මේවන් දේ බොහෝ දුරට බොහෝ දෙනා තේරුම් ගන්නා සහ විඳින මානයේ තියෙන්නේ.. ඒ නිසා අඩුම ගානේ දල අදහසවත් එකම විදියට තේරුම් ගන්නවා..
@ රවා
ReplyDeleteස්තූතියි රවා... ඔයාලගේ වචන මට ලොකූ දිරියක්.... තව තව ලියන්න හිතෙනව ඔයාලගේ වචන නිසා....
@ ආදර කතාව
ReplyDeleteඅනේ මන්දා ..ඔයා මගේ ලිපි කියෙවුවට මම දෙන්න හදන පනිවිඩය හිතට ගන්න පොඩි උත්සහයක්වත් දෙන්නේ නැද්ද ලමයො?
@කතන්දරකාරයා
ReplyDeleteජීවිතය පුරාවට හම ගැසූ කවි වගේම කතනදරත් කියන අදහසයි හැබයි මට නම් දෙන්න ඕනා උනේ...
@අනුරාධ
ReplyDeleteඅනේ මේ මං යස අගේට ඉන්නේ... හී හී.. මේ පිස්සුව නම් කොහොමත් ඉස්සර ඉඳන් තිබ්බා අප්පා....
@ ටැබු ලෝකල්
ReplyDeleteමේක ඔරිජිනල් ටැබූ එකමද?
@යසේල
ReplyDeleteඔව්... වෙන්න පුලුවන්....
@බිඟුවා
ReplyDeleteමොනවද අනේ පස්සට දාන්නෙ...... කියනවකෝ...
ඔය හෙට එන්නේ බාලගිරියත් එක්කද?
හූ......හූ.....
සමහර වෙලාවට දෙයක් තේරුම් ගත්තත් ඒක නොතේරුනා වගේ ඉන්න එක මගේ හැටි වෙන්න ඇති මිස්.... දිගටම ලියන්න සුභ පතනවා. ජයෙන් ජය වේවා...
ReplyDelete@ආදර කතාව
ReplyDeleteඒකට කමක් නැහැ. තේරුම් ගැනීමයි වැදගත්. ඒක අනිත් අයට ඒත්තු ගැන්වීම නෙමෙයි.. දැන් බ්ලොග් එක ලියන්නෙම නැද්ද? මොනව හරි වෙනත් අලුත් දෙයක් ලියන්න ගන්නකෝ....