Tuesday, March 02, 2010

නොදනිමි.... අහිමි.. නොහඟිමි....






මද්දහන නොවිඳි දිගු දවස වෙමි
හිමිදිරිය අහවර විය, හඟිමි
නුඹ මා  කොතැනටද  ම'හිමි
කවදා පසිඳිමුද ? නොදනිමි....

පියවරක් තබමි, යලි හැරෙමි
තැබූ පිය වැරෙන් මකාලමි...
මහමෙරක් උරෙන් උහුලමි
ඇස් අරින මල් පෙති අහුලමි....

හුස්මකින් යලිත් තිගැස්සෙමි
ගැස්මකින් රහස් කොඳුරමි
විස්මයෙන් ගල් ගැසෙන ඇස් අරිමි
ඇස් දෙකින් අහස සිතුවම් කරමි...

අසුරු සැනෙකින් ඇහැරෙමි
සිහිනයක් මේ යැයි පසිඳිමි
අත්ලෙන් මිදි  මල් පෙති සොයමි
පෙති නොසිඳි මල අදරින් සිඹිමි..

අහස් සෙවණැල්ලෙහි ‍රැ‍ඳෙමි
මල් ගොමුවෙන් හෙමින් හිස ඔසවමි
විකසිත නොවී,අහසට නෙත් දෙමි
මල් ගොමුවෙහිම  හිස බා නිදමි....

20 comments:

  1. අදනම් මිස් ගොඩාක් කාලෙකින් මේ පැත්තේ ආවේ. අදවත් පළවෙනි කමෙන්ට් එක මගේ වෙයිද දන්නෙ නෑ... මේක කියවල පස්සෙ හරි කමෙන්ට් එක දාන්නම්... :)

    ReplyDelete
  2. වතුර උඩ ඇවිද්දා නම් පියවර මකන්න මහන්සි වෙන්න ඕන නෑනෙ මිස්..හික්ස්.
    තැබූ පියවර මකන්න උත්සාහ කරනවාට වඩා පියවර තැබීමට පෙර මදක් සිතා බැලීම මැනවි. මොකද සමහර පියවරයන් මැකීමට අපහසුය. අසීරුවෙන් මකා දැමුවද ඒවායේ ප්‍රතිපලයන් වලකාලිය නොහැකිය..

    ReplyDelete
  3. හදවතෙ තෙරපෙන හැගුමන්..
    අකුරු කරන්නට කල වැයම්..
    සිතින් කරනා බිතු සිතුවම්...
    අගනෙය සිතුවම් වැටහෙනම්..

    ජිවිතෙ මල්!..... ජිවිතෙ මල්... හොදද....

    ReplyDelete
  4. මාරම ලස්සනයි..
    මල් හැත්තෑ හතයි..

    ReplyDelete
  5. මා මෙය කියෙව්වෙමි
    කියවලා මෙතනින් ගියෙමි!
    ...හික්.. :)

    ReplyDelete
  6. ජීවිතේ මල් නැව් නගී.. :D

    හරි අපූරුවට පන්හිද මෙහෙයවලා තියෙනවා.

    ReplyDelete
  7. සංවේදී නිර්මාණයක් සොයුරිය.

    ReplyDelete
  8. මාර ලස්සනයි මල් හතයිදිගටම ලියන්න

    ReplyDelete
  9. මාර ලස්සනයි .මල් හතයි .දිගටම ලියන්න

    ReplyDelete
  10. @ ආදර කතාව
    අහ් මමත් ගොඩ කලෙකින් තමා මේ ලිව්වේ... මේ පාර නම් දිනුම්..පලවෙනි කමෙන්ට් එක ඔයා තමා... දැන් ඉතින් හෙමිහිට කවිය කියවන්න.... :-D

    ReplyDelete
  11. @ රොෂාන්

    ඔව්... ඔයාගේ කතාව වටිනවා... ජීවිතේ කියන්නේ බොහොම පරිස්සමින් හෙමොම පියවර තියන තැනක්.. පරිස්සම් පියවර පවා ජීවිතයෙ සමහර විට මකා ලන්න සිදුවෙනවා... අනිත් එක ප්‍රායෝගිකව ගෙවෙන ජීවිතයෙ සැලසුම් සහගත සිදුවීම් වලට වැඩියෙ අහම්බයන් වැඩියි...

    ReplyDelete
  12. @රවා

    ම්ම්ම්ම්..... සිතින් කල සිතුවම වැටහේ නේද??? හී .....

    අම්මපා ඔව්... ජීවිතෙ මල්.....

    ReplyDelete
  13. @ පිස්සා

    ස්තූතියි ප්‍රතිචාරෙට ......

    ReplyDelete
  14. @ සජී....

    ගියාට කමක් නැතූ.... ආයෙත් වරෝ.............

    ReplyDelete
  15. @ගයාන්

    ස්තූතියි.... මනුස්සකම බෙදා හදා ගනිමු....

    ReplyDelete
  16. @රවෙන්

    ස්තූතියි ඔබේ අදහසට සොයුර....

    @ කාන්චනා

    ස්තූතියි.... මිනිස්කම දිගටම බෙදා ගනිමු....

    ReplyDelete
  17. නියමයි .රසවත් කවි පොඩ්ඩ

    ReplyDelete
  18. @ අනුරාධ

    හ්ම්//හ්ම්.. හ්ම්

    @ උදය

    ස්තූතියි ප්‍රතිචාරෙට ....... ජය වේවා....!

    ReplyDelete
  19. මේක මම කියෙව්වෙ අද.
    ජීවිතේ මල්,
    වචන ටික මහම මහ අගෙයි.
    කමෙන්ට් එකක් නොවෙයි. ඉල්ලීමක්.

    කැමතිනම් මට ලියනවද, ransirimal@gmail.com වලට.
    මගේ නම රන්සිරිමල්. ඉන්නෙ කැනඩාවෙ. මූණු පොතේ හෙව්වොත්, ගූගල් කලොත් ඕනැ තරම් විස්තර හොයා ගත හැකි. ම‍ගේ කවි එකතුවක් ඇති www.ransirimal.com වල. geethanjalie.blogspot.com එකත් කෙරෙන්නෙ මා අතින්.

    තුති.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->