අද මම මාස දෙකකුත් දවස් ගානකට පස්සෙ මුද්ද දැම්ම….
කාලයක් මම ඒක අහිමි වරමකැයි හිතන් උන්න….
ලැබෙන්න යන වරප්‍රසාදයක් යැයි හිතුව…..
දිනා ගත් ඔටුන්නක් කියල හිතුව….
දිස්නෙ නැථි ආදරේට වටිනාකමක් දෙන , දිස්නයක් කියල හිතුව…..
රුදු මිනිස් ඇස් වලින් පසෙක හැඟවෙන්න ඇහැකි ආරස්සාවක් කියල හිතුව….
ඇරුතක් නැති ඔටුන්නක්,විහිලුවක් කියල හිතුව….
බර වැඩි, ඉස්සරහක් පස්සක් නැති දුක්බර කතාවක් කියල හිතුව….
හංගන්න ඕනෙ, නපුරු රහසක් කියල හිතුව…
අන්තිමට ………..,
අද බලනකොට , මෙන්න ඔටුන්නෙ කටු…!
ලොකු විස කටු, බරින් වැඩි , ඝනත්වය අසීමිත කටු ඔටුන්න….,
අව්වට අතම කලු වෙද්දි,
ඔටුන්නෙ සලකුණ රවුමට
වෙදගිල්ලෙ සුදු පාටට පච්චයක් කොටල…
එක දවසට…
අම්මෝ මට බයයි….
බරක් නැති
කටු ඇනෙන්නෙ නැති
නිදහස් වෙදගිල්ලේ….. ,
සනීපෙන් ඔහොම හිටහන්…..
හොර හතුරන් ගන්නෙ නැති
හොරුන්ට දෙන්නෙත් නැති,
නිදහසේ නිවහල් අව් රැල්ලෙන්
කලුවෙයන් මුලු අතම ,
තැන් තැන් සුදු නොවී…
නියමයි
ReplyDeleteනියමෙට කරලා තියෙනවා
ඔබට ජය
ස්තූතියි.. මේ නිර්මාණය ලැබුන එකම කමෙන්ට් එක.. 2 months ට විතර පස්සේ.... මනුස්සකම දිගටම බෙදා ගනිමු යාලුවේ...
ReplyDeleteකෝමේ නිර්මානයට මම දාපු කමෙන්ට් එක.ඇයි ඇත්තටම ඔයා මේ නිර්මාණය ගැන මේ තරම්ම හිතන්නේ..
ReplyDeleteakka u commented on my myblog.lk blog. later i imported all the articles in it to this blogger blog. anyways i try to copy paste the comment to here
ReplyDeleteඅපූරු නිර්මාණයක්...කීප සැරයක්ම කියෙවුවා. හරිම ලස්සනයි
ReplyDelete