Friday, January 29, 2010

නාඳුනන්නාට…( 2002 ලියූ කවියක්..)



කුඹල් ගෙයි
උපන් සැණෙකින්
පලුදු උන
‘සෙනෙහස් බඳුන’


වසා දෑතින් ඉඳිමි
‘එපා’ කියා
දෙන දෙන හැම දෙයම


දැත රඳවාන තනිවම
ඉතින් තවත්
නොයදිමි
සෙනෙහස් සිඟමන…


එදා …
නොයිඳුල් අලුත් සුවඳැතිව
යැද්ද තැන
පැන් බිඳක් මම


නෙතකින් එදෙස
නොබැලූ නුඹ
නිසා උපන් කොවට


හඬා හැපී
ගසා හිස බිම
ඇත්තයි.. …
පලුද්දට වගකියමි
මමම…


නොදී එය කිසිවෙකුට
පලුදු මුත්
පෙමින් ‍රැක ගෙන
යම් මතු දවසක
දැත පාවිද
යලිත් නුඹටම??


එදිනට
එදා සේ නොවී
මා සෙනෙහස් බඳුන
නොයිඳුල්ම
පිණි බිඳකින් පිරුනත්


අමතක කල නොහැක මට
එහි
පලුදු මැවුනේ
නුඹ නිසා වග……

මම කලින් පෝස්ට් එකක ලියුව මගේ ප්‍රථම ප්‍රෙම කතාව හිතේ රජ කරන දවස් වල විභාග ක‍ටු වැඩ කොලයක ලියුව කවිය තමයි මේ….

4 comments:

  1. බලාපොරොත්තු, කඩවීම් , යළි ඉපදීම්... තැනූ හැඩයන් හි කොපමණ පැලැස්තර දැමුවත් නොමැකෙන මතකයන්... මුහුවුණ කවක සිත්තම්... පද ගෙතුම ඇත්තටම අගෙයි අක්කියෝ...!

    ReplyDelete
  2. ස්තූතියි යාලුවේ.... :)

    ReplyDelete
  3. නියමයි අක්කා..

    ReplyDelete
  4. අති විශිෂ්ටයි..

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->