හිත ඇදිල යන්නෙම ලියන්න… හිතේ වැඩ කරන දාහක් කතන්දර එක පාර කියා ගන්න බැරුව හිර වෙලා වගේ….
හීන් බින්දු කාලක් ඉතර හිතේ ඉඩකට බලෙන් සීමා කරල, වැට කොටු බැඳල තියන මතක සටහන් මටත් නොදැනීම එක පාරටම හිස ඔසවනව හොර බලලෙක් ගෙට පනිනව වගේ…
ඉතින් ගැලවීම බොරු.. පැය ගානක් බොරුවට වහන් උන්න වේදනාව සුනාමියක් වගේ ගොඩ ගලනව….
හිත පුපුරු ගහනව ලියා ගන්න බැරුව… හරියට දවසක් ශක්තිමත් අත් මිටි පහරකින් තැලිල නිල් වෙලා බබා වටේට ලේ පිරිල තිබ්බ මගෙ දකුණු ඇහැ වගේ…. අපූරුවට ඕවල් ශේප් එකට තියන මගේ මුහුන හතරැස් වෙලා ඉදිමිලා හීරිලා දකුණු ඇහැට ලේ පුරලා තියන හැටි කෝටි වාරයක් කණ්ණාඩියෙන් බල බල මම හූල්ල හූල්ල ඇඬුවා…
මගේ අපූරු මූණ යකෙක්ගෙ වගෙ විකෘති වෙලා තියනකොට එයා බය වුනා… ඊලඟට මා කෙරෙහි උපන් පුදුමාකාර අනුකම්පාවකින් මාව වැලඳ ගෙන එයත් ඇඬුවා…. ” පවූ… මගෙ කෙල්ල… ” දහස් වතාවක් මාව තුරුල් කරන් මුමුණණව මට ඇහුන…
මගේ මූණ දිහා එක පාරටම බලපු මගෙ අහිංසක (ඒත් එක පාරටම යකෙක් වෙන) හදිසියෙම මගෙ දකුනු අත ඇදල අරන් මිට මෙලෙවුව… මගෙ සිතුවිලි උනන වේගයටත් වඩා සිය ගුණයක් වේගයෙන් මගෙ දුර්වල අත අරගෙන එයා එයාගෙ කම්මුලටම ගහ ගන්න පටන් ගත්ත… මම වීරිය ගත්ත මගෙ අත ඇදල ගන්න.. ” මම මහ පවුකාරයෙක්.. මම ඔයට ගැහුව! මට ගහන්න සුදු… ” ආවේශයෙන් වගෙ උන්න ඔහු නතර කරන්න මම වීරිය ගත්ත… බැරිම තැන මම ඔහුව වැලඳගෙන කෑ ගහමින් ඇඬුව… අපි දෙන්නම ඇඬුව… ඒත් එ හැම ගුටියක්ම මම ඉවසුවා….
ඇයි මම ඉවසුවේ? “ඔයාට ආත්ම ගෞරවයක් නැද්ද? ඇත්තටම ඔයා නම් ඉවසනවා වැඩියි” මෙහෙම ඇහෙන දහසක් කමෙන්ට් වලට පහුවෙනිදට මම මුහුන දෙන්න එපයි දැන් වැඩට ගිහිල්ල… ලෝකෙටම මුහුන දෙන්න බැරුව විඳින්න වෙන ලැජ්ජව මතක් වෙනකොට නම් මගේ ඇස් අයෙමත් ආත්මානුකම්පාවෙ කඳුලු වලින් පිරිලා යනවා…
ඒත් මම ලෝකයටම ඔයාව රජෙක් කෙරුවා… හේතුව මම ඔයාට බොහෝම ප්‍රාණ සමානව ආදරය කලා… ඒත් ඔය ඒකත් දැක්කෙ වැරදියට.. ඔයා මගේ නිශ්ශබ්දතාවය සැලකුවෙ මගෙ අතින් වෙන අර ‘මහා අඩුපාඩුව’ වහ ගන්න මම කරන කපටිකමක් හැටියට… පුංචි ටෙඩියෙක් වගේ හිනා වීගෙන සුරතල් පුලුන් සතෙක් අතින් අරන් ඔයා ගෙදරට එන හැටි මට මතක් වෙනව….
මගෙ බින්ගියෝ මම පුලුන් සතාට රැවටුනා නෙමෙයි… ඒත් එකෙන් සංකේතවත් වෙන ඔයා ඉල්ලන සමාව ඔයාට දීලා, ඔයාගෙ හිතේ දුක නිවන්න, ආයෙමත් ඔයා සහ මම හුරතල් වෙවී ගෙවන ලස්සන ජීවිතේ නැවතුනු තැනින් පටන් ගන්න මටත් ඕනේ නිසයි මම මේ නපුරු සිද්දිය වෙන හැම වෙලාවෙම අසුරු සැනින් ඔයත් එක්ක යාලු වෙන්නේ….
අපි ජීවිතේ නැවතුනු තැනින් හැමදාම ඒ විදියට ආපහු පටන් ගත්තා…
පුන්චි සාල කෑල්ලෙ ටෙඩියො ගොඩ උනා.. ඒ ටෙඩියොත් හරී දුකෙන්, හිතේ ලොකු අඩුවක් දුකක් දරාගෙන හුරතල් වෙවී හිනාවෙන් ඉන්න අපි දිහා අනුකම්පාවෙන් බලාන උන්න….
meka kiyawala man hondatama anduwa...
ReplyDeletekata hari harii bolandaii kiyanna puluwan.. eth oya meken kiyana eka man hondatama dannawa...ath dakala thiyanwa....
mata godak andenawa, oya ganai, oya wagema una man ganai denna ganama dukata.
හ්ම්ම්ම්.. ගොඩක් හිතන්න එපා... ජීවිතේ හෑටි ඔහොම තමයි, ස්මාවෙන්න , කියන්න ලේසියි.. හිතන්නෙ නෑතුව ඉන්න අමාරුයි. ඒත් මම වෙන මොනව කියන්නද ?
ReplyDelete