Friday, January 29, 2010
මැරුනේ හීනය විතරක් නෙමේ..මැරුනේ මමයි…
පුංචිම පුංචි කාලයෙ මගෙ හිත හීන වල, අනාගතයෙ වෙන්නෙ කවුද කියන අපේක්ෂා වල කිසි සේත්ම ජීවත් උනේ නැහැ. ඒ නිසාම ‘මම ලොකු වුනහම දොස්තර කෙනෙක් වෙනවා’ වගේ පැතුම් තිබ්බෙ නැහැ. කොහොම කොහොම හරි අවුරුදු 10 -12 වෙනකොට මම නිකම්ම ( අපෝ නිකම්ම නෙමේ… හරි නරක වංචාකාර ආරම්භයක් තියන … ‘මගේ වංචකාර කවි ඉතිහාසය’ ලිපිය බලන්න) කවි ලියන්න, ගද්‍ය කරන්න යොමු වෙලා හිටිය නිසාද කොහෙද , මගේ හිතේ ඉබේම මැවිල උන්නා ජන මාධ්‍යවේදියෙක්ගෙ රුව… මට අපූරු ආසාවක් තිබුන සන්නිවේදනය ඉගෙන ගෙන කලාකාරයෙක් වෙන්න..
අම්මප කීයෙන් කීයක් පොඩි උන්ද කලාකාරයෙක් වෙන්න ඔනේ කියල හීන මවන්නේ.. එත් මට ඒ හීනේ නම් ඉස්සර ඉඳන්ම තිබුන.. කාලය ගෙවුන… මොන කරුමෙකට හෝ කලාවත් එක්කම මගෙ ඉගෙනීම කියන විෂයත් ඉතාම ඉහල මට්ටමක උන්න.. කවියෙන් විතරක් නෙමේ, ඉගෙනුම් අවියෙනුත් මම අපූරුවට සන්නද්ධ වෙලා උන්නා.. ඉතින් මවුපියන්ගෙ අහස උසට දුවන ඉන්ජිනේරු දොස්තර හීන උනත් මගේ දෙමාපිය හිත් වල මෝදු උන එක අහන්නත් දෙයක්යැ…
“මෙච්චර හොඳට ඉගෙන ගනිද්දි කලාව කරල රස්සා නැතුව අතරමං වෙන්නෙ අහවල් එකකටද?” ඔන්න මගේ හෙනහුරා ලැබුවා. කල හොඳ පස්සෙන් පන්නනවා කියන්නේ මේකට තමා…
ඒ ලෙවල් සිංහල විෂය කරන්න පොත් පවා අරන් උන්නු මම දවසක් මාපිය පාලනාධිකරණයට කැඳවුනා… මට අද වගේ මතකයි මගේ අහිංසක තාත්තා වෙන කාගෙදෝ වචන වලින් මට කීව ටික…
“උඹට ඕනේ පාරවල් ගානෙ රස්සා ඉල්ල ඉල්ල පෙලපාලි යන්නද?, කැමරාවක් එල්ලගෙන කුරුටු ගගා තැන තැන යන පත්තරකාරයෙක් වෙන්නද? උඹට ඕන ඕන දේවල මේ ගෙදර ඉඳන් කරන්න බැහැ.. හෙට ඉඳන් ලැස්ති වෙයන් ගණන් ක්ලාස් එකකට යන්න.. සත පහකට වැඩක් නැති කලා උපාදියක් ගන්න උඹට ඉඩ දෙන්න බැහැ… “
ඉතින් මාපිය හීනය… රස්සා නැති, උද්ඝෝෂණ වල බෙරිහන් දෙන කලා උපාධියක්ද?(මේ එයාලගෙ වචන) එහෙම නැත්නම් ‘මොකක් හරි’ ජොබ් එකකට පැන ගන්න ඕනෙ නම් , ෆේල් වෙන්න හරි කල යුතු ගණිත විද්‍යා සාමාර්ථයක්ද කියන එක මට මැදිහත් වෙන්න නොදී එයාලම ඒකපාර්ශ්විකව විසඳුවා…
මම දහස් වර හඬා වැටුනා… මගෙ හීන… අනාගතය… ජනමාධ්‍යය… ගරහන ලද මාතෘකා උනා…
ඉතින් ඔන්න ඔහොම මම තාක්ෂණය එක්ක අප්පිරියාවෙන් හරඹ කරන්න පටන් ගත්ත..
මා පෙම් කල කලාව අහිමි වීමෙන් හටගත් “සාංකාව” ගැන මම ලියූ කවි බොහොමයි… මේ එකක්.. මේක ලිවුවෙ ලමා ගීතයක් හැටියට…
අම්මේ තාත්තේ…පුංචි උන්ගෙ හීන වලට ග්‍රෙනේඩ් දාලා පුපුරවන්න එපා… උන්ගෙ හීන වල ලොකූ තේරුමක් තියනවා… කැඩිල බිඳිල පුපුරපු පාදමක ඔයාල ගොඩ නංවන සුරූපී මාලිගාව උන්ට හිතට බරක්… ඔයාල ගොඩ නංවන අනාගතය උන්ගෙ තෘප්තිය නෙමෙයි.. අසහනය… කලකිරීමයි…. …
ඉතින්.. ජීවිතේටම රිවස් කරන්න බැරි මිස්ටේක් මේවා … එක්ස්පෙරිමන්ට් කරන්න එපා පුංචි හිත් එක්ක…සියලු දෙමාපියෝ තේරුම් ගනිත්වා……!
රෝස කැලෑවක රෝස මලක් වී
පිපෙන්න ආසා නෑ පොඩි මං
ඈත පේන දොල පාර ගාව පිපි
පුංචි සමන් කැකුලක් වෙන්නම්
පාට උලා ගෙයි බිත්ති පුරාවට
රූප අඳින්නට ආසයි මං
‘එපා’ කියන්නට එපා ඉතින් මට
පුංචි සිත්තරෙක් වෙන්නද මං?
ලන්ද පුරා ගී කියන බටිත්තන්
එක්ක නටන්නට ආසයි මං
‘එපා’ කියන්නට එපා ඉතින් මට
පුංචි නැට්‍ටුවෙක් වෙන්නද මං?
ලියුවේ : 2003-01-07
මේ ගැනයි මේ ලිපිය..
ඉතිහාස කතන්දර,
කවි..හෙවත් මගේ ආත්මය
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
අයියෝ මිස්, මිස් කලාකාරයෙක් වුනානම් අපිට උගන්වන්නේ කවුද?
ReplyDeletehmmm hmm :-)))))
ReplyDeletewhat a poor girl?
ReplyDeletewhat a poor girl?
ReplyDeleteමමත් කලා උපාධියක් කරනවා....... ඔයාගෙ වාසනාවට මේකට අහු උනේ නැත්තෙ......රස්‌සාවක් හොයන්න ගියාම තමා ජීවිතේම එපා වෙන්නේ අක්‌කේ.........
ReplyDeleteඅක්කේ ඔයා වගේ ගුරුවරියකට මගේ ප්‍රනාමය.දෙමවුපියන්ගේ සිහින වෙනුවෙන් තමන්ගේ සිහින නැතිකරගන්න ගොඩේ මාත් ඉන්නවා.6වසරේ ඉඳන් 13වසර වෙනකලුත්, ඊට පස්සෙ අවුරුදු 2කුත් හීන මවලා ඒ හීන හැබෑ කරගන්න මහන්සි වෙලත් අන්තිමට ඒ හැමදේම අතඇර්ලා අද මම හීනෙන්වත් නොහිතපු දේවල් කරනවා.
ReplyDeleteමං අද ඉන්නෙ මගේ දෙමවුපියන්ගෙ හීනෙක.ඒත් එ අය සතුටින් ඉන්නහැටි දකිද්දි මට හිතෙන්නෙ ඒ දෙන්නව දුකින් තියල මට ලෝකෙම ලැබුනත් මොනාටද කියලයි.
ඒත් මං හැමදාමත් ප්‍රාර්තනා කරනවා කිසිම ලමයෙක් තමන්ගේ අනාගතය ගැනදකින හීන කැඩෙන්න එපා කියලා.මම හිතනවා මේ ලෝකෙ ඉපදෙන කාටත් තමන්ගේ අනාගතේ ගැන හීන දකින්න පුලුවන්.ටිකදෙනෙක් හරි ඉන්නවා එ හීන සැබෑ කරගන්නත් උත්සහ කරන අය.ඒත් එ හැමදෙම කැපකරලා වෙන කෙනෙක් වෙන්න උත්සහ කරන එක පුදුම දුකක්.
ඔයා වගේ ගුරුවරියක් මට හිටියනම් මං අද මං වගේ ජීවත් වෙනවා.
හැම දෙමව්පියෙක්ම කරුනාකරලා මේ ගැන ටිකක් හිතන්න
ලමයෙක්ගේ සිතුවිල්ලක් සහ එ වෙනුවෙන් කැපවුනු අදිශ්ඨාණයකට ලෝකයක් වෙනස්කරන්න උනත් පුලුවන් වෙන්නෙ දෙමවුපිය ආශිර්වාදෙත් එකතු උනොත් විතරක් නිසා.