සල්ලි සල්ලි සල්ලි… ඒ කියන්නේ ජීවිථයේ ප්‍රාණ වායුවද? අපෝ නැහැ… ජීවිතේ පැවැත්ම… අපි හොයන්නෙ පැවැත්ම.ඒ පැවැත්ම රැඳිල තියෙන්නෙ සැප සහ දුක මත. ඒක තමා ඇත්ත…..
දෙසැම්බර් මාසය පුරා දවස තිස්සෙ හිටගෙන කෑ ගැහුවට, සෙනසුරාද පණ යනකන් ලෑස්ති වෙලා දස වධ වෙලා රෑ එලි වෙනකන් සූදානම් උනට වන්දියක් වසයෙන් 10000ක් හම්බ උනා.හප්පා… සල්ලි වල තියෙන දුක කඳුල උණුහුම දැනෙන්න කම්කරුවෙක් වෙන්න උවමනාම නැති බව මම නම් අත්දැකීමෙන්ම දන්නවා.ඒකට ගුරුවරයෙක් උනහම හොඳටෝම ඇති!
අපේ සේවා දායකයන්ගෙ ඇස් වලට ලක් වෙමින්, මුලු කාලය පුරාවටම කියන දේ, හිතන දේ, කරන දේ හැම දෙයක්ම එකම දෙයකට සාන්ද්‍රනය කරල, මොන ලෝකෙ මොන නරක ප්‍රශ්න ඔලුවෙ තිබ්බත් ඒ කිසි දෙයක් නොපෙන්වා පැය කිහිපයක් , දාසක් මිනිසුන්ගෙ අවධානය රඳවගෙන, උන්ට තේරෙන විදිහට, උන්ගෙන් පැමිනිලි එන්නෙ නැති විධියට, මගෙ ජොබ් එක රැකෙන විධියට යමක් උගන්නව කියන්නෙ හැබෑම අභියෝගයක්… මගෙ අම්මෙහ්….. මෙ පුන්චි රුපියල් 10000හෙ කොච්චර නම් වේදනා කඳුලු ඇතිද? කකුල් කෙඩෙත්තුව හැදෙනකන් දවසට පැය 7ක් හිටගෙන ඉන්නවා , බැරිම තැන මම කරන්නෙ සපත්තු ගලවන එක… දෙයියනේ, දූවිලි තට්ටු තට්ටු වැහිච්ච භූමි මාතාවගෙ සිහිලස තරම් සනීපයක් ඒ වෙලාවට නැහැ…
මගේ වැඩේ දවසම හිනා වෙන හිනා යන කථා කියන එක ලමයින්ට.. වෙලාවකට මෝඩ ජෝක් පවා… උන් දන්නවනම් දෙයියනේ මගෙ ඔලුවෙ දුවන ප්‍රශ්න කන්දරාව, උන් දවසක් නිවාඩු දාල මගෙ ගෙදර එනව මම වෙනුවෙන් දුකට අඬන්න…
අපේ දාදිය මහන්සිය මාසිකව අපි අතේ මිට නිල් කොල කීපයකට හුවමාරු උනාට, රිසල්ට්ස් එන දවසට ඒ හුවමාරු වෙච්ච ධනයම වැය වෙයි හාට් ස්ට්‍රෙස් එකට… මගෙ අම්මේ… ලමයින්ට වඩා ඔක්කාරෙට එන්නෙ, කන්න බැරි, නින්ද යන්නෙ නැත්තෙ අපිට…ඇයි දෙයියනේ ..උන්ට රිසල්ට්ස් නැත්නම් අර ගත්ත නිල්කොල අතේ තිබ්බ නම් එවෙලෙම රිටර්න් කරනව.. එච්චර විලි ලැජ්ජාවක් තමා දැනෙන්නෙ..මගෙ සන්තෝ……
මට මගෙ ජීවිතේ තියන ප්‍රශ්න ටිකත් අමතක වෙනව පැය 7 කට…
හැම දාම 5.30 ට ඉන්ටිටියුට් එකෙන් එලියට බහින්නෙ නිල් සමුද්‍රයට පිටුපාල.. හැම දාම මම ගාලු පාරට බහිද්දි, ආපහු හැරිල බලනව…අදත් එහෙමයි. ටික දවසකට ඉස්සර නම්, මගෙ සොච්චම් 10000 ට කිනම් වර්ගයෙ වියදම් සැලැස්මක් සුදුසුදැයි හිස හැරුනු අතේ උඩ බලාගෙන කල්පනා කරන මගෙ මහත්තැන් ඉන්නව එතැන මං එනකන්.. ඒත් ඉස්සර කහ ඉර තනියම පනින්නත් බය මේ මොට්ට මම ,දැන් නම් ආයෙමත් ඒ සමුද්‍රය දිහා එක පාරක් විතරක් හැරිල බලල ටක් ගාල සුසුමක් පුස් ගාල පිට කරල, කැන්ගරුවෙක් වගේ පාරෙ පැන ගෙන පැන ගෙන යනව….
එකොමත් එක දවසක කලාඳුරුවොයි නිල මැස්සොයි කැරකෙන ගල් ගෙඩි ගොඩක් උඩ වාඩි වෙලා අපි දෙන්න සමුදුරේ සුන්දරත්වයට දැහැන් ගත වෙන්න මාර ට්‍රයි එකක් දුන්න … හික්! එත් බෑ… මැස්සො කන් අස්සෙත් රිංගනව.. ඉතින් එතනින් නැගිටල සමුද්‍රෙ අයිනෙ තියන කාරෙකට නැගලත් ට්‍රයි කරා සැන්දෑ අහසේ සිරියාවට සමවැදෙන්න.. හරි ගියෙ නෑ… අපි ඉස්සර වගෙ පෙම්වතුන් නෙමෙයි කියන එක මට මොහොතක් මීටර් උනා. ඉස්සර ගස් ගල් ගානෙ , මඩ ගොඩවල් අස්සෙ, මහ වැස්සෙ තෙමි තෙමී අපි හෙවුවෙ ආදරය.. දැන් සැප කාර්, රස කෑම , සල්ලි .. සල්ලි.. සල්ලි… අපි හොයන්නෙ සැනසීම…. එත් හම්බ වෙන සොච්චමේ තියෙන්නෙ සෝ සුසුම්, පශ්චත්ථාපය සහ අසහනය…
ඉතින් ගාලු පාරෙ ලෑන්ඩ් සයිඩ් එකට පනින මම ටක් ගාල කොන්දොස්තර පුන්චෙක් බලෙන් නග්ග ගන්න අටමගලක සීට් එකකට පැනගෙන , මුහුද ගාව, මගෙ මහත්තැන් එක්ක සැන්දෑ සිරි බලපු මැස්සො වහන ගල් ගොඩ නොපෙනෙන්න ඉක්මනට ඇස් දෙක පියාගන්නව…
අද එතන මැස්සෙක් වත් නැතුව ඇති… ඉතින් කොහෙද අපි…. ?
මම අද මේ post එක කියවනකම් හිතුවෙ නෑ අපිට උගන්වන්න මෙච්චර මහන්සි වෙන මිස්ල මෙච්චර දුකක් විදිනව ඇති කියල. අනේ මන්දා ඇයි කියල අපි subject එක ඉගෙනගන්නවට වඩා ආසයි අර මිස්ම කියන මෝඩ ජෝක් අහන් ඉන්න. ඒත් අද මට හිතුන exam එක හොදට කරල මිස් උගන්වන subject එකට A pass එකක් අරන් පෙන්නන්න තිබ්බනම් කියල. අද ඉදල ඒකට මහන්සි වෙන්න ඕනේ. (පුංචි ඉල්ලීමක්. මේ ආදර කතාව ගැන class එකේදි කියන්න එපා)
ReplyDeleteආදර කතාව තියා කිසිම සටහනක් මේ සම්භන්දයෙන් මගෙන් කියවෙන්නෙ නැහැ.. ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා...
ReplyDeleteඅපි හැමොගෙම ජීවිත වල එක එක පැති තියනවා... හරියට කාසියක දෙපැත්ත වගේ... එ පැති ඔක්කොම කලවම් කරගෙන කාසිය ගෝලාකාර කර ගන්න උවමනා නැහැනෙ.... එ නිසා ඒ ඒ පැතිකඩ වලට උන්න තැන ඉන්න දෙන්න.... මම උගන්නනකොට මේ කිසි දෙයක් මගේ හිතක නැහැ... මම ලියනකොට , මම උගන්නන කිසි දෙයක් මගේ oluve නැහැ,,... අවස්තානුකූලව ජීවත් වීම සහ ඒ ජීවිත එකට අනා නොගනීමයි හපන්කම... එ නිසා මොන දුක තිබ්බත් ඉතාම හොඳින් ඉගෙන ගන්න...
අපි නම් හිතාන හිටියෙ "එකයි බිංදු හතරකට" වඩා ලැබෙනවා ඇති කියලායි. මිස් මුලින්ම අපට උගන්වන්න ආපු දවසේ "උත්තර දෙන්න බැරිනම් අඩු ගණනේ ඔලුව වත් හොල්ලන්න" කියපු බව/විදිය මිස් ව දකින හැම වෙලාවෙම මතක් වෙනවා. ඒත් අපි අඩුගණනේ ඔලුව හොල්ලන්නවත් මහන්සි වුණේ නැති බව මතක් වෙද්දි මොකක්ද වගේ. පහුගිය සෙමෙස්ටරේ දි "බී" එකකට වඩා ගන්න බැරි වුණා. ඒත් ඊළඟ සෙමෙස්ටරේ දි නම් අනිවාර්යයෙන්ම "ඒ" එකක් ගන්නවා "ඩීබීඑම්එස්" වලට. ඒ සෙමෙස්ටරේ දිත් මිස් අපට උගන්වන්න එයි කියලා හිතනවා.
ReplyDeleteකලින් මේ බ්ලොග් එක කියවලා තිබුණට අද තමයි දැන ගත්තේ කවුද මේක ලියන්නේ කියලා...
අහ්... ඔව් ඔව්.. ඊට වඩා හම්බවෙනවා.. හී.... එත් සමහර මාස වල යම් යම් හේතු නිසා (නිවාඩු) එහෙම තමා... මේ අය වැය පන්තියෙ එහෙම කිවුවොත් මරනව!
ReplyDelete:-)
ඔව් අප්පා..මම පවු... කොච්චර මරුනත් මගේ සබ් එකට මීට වඩා ඔයලා හොඳින් කල යුතුව තිබුනා... දැන් වත් අඩුම ගානෙ අධිෂ්ඨාන කර ගන්න ඊලඟ පාර හොඳට කරනව කියල... 'A' ගන්න ඕනා හරිද?
හයියෝ මගේ විස්තර හංගන්න ඕනෑ...නැත්නම් මම උගන්නලා හමාරයි... එක්කො මේවා මම ලියන දේවල් නෙ... 'මම', 'මගේ රස්සාව', 'මගේ ජීවිතය', 'මගේ කවි' කියන්නේ වෙන් කර හඳුනා ගත නොහකි තරම් සමීප මුත්, වෙනස් දේවල් ලමයෝ.... හොඳේ....:-)
ඔන්න මිස් මම නම් පොරොන්දුවක් උනා මේ බව කාටවත්ම කියන්නේ නෑ කියල. (මේ ආදර කතාව කාටහරි පොරොන්දුවක් වුනොත් ඒක කවදාවත් කඩ කරන්නේ නෑ) අර බිංදු කතාවනම් ඇත්ත. කොටින්ම කියනවනම් මමත් හිතුවේ ඔය බින්දු හතර ඉස්සරහින් 3 හරි 4 හරි ඇති කියල. රොෂාන් මලය නුවර වෙන්න ඕන class යන්නේ.... (පරිස්සමෙන් මලයෝ)
ReplyDelete