මග කියා අඳුර හැර
මට අරුත ජීවිතයෙ
එලි මගින් පසක් කල...
පහන් වැට අද්දරින්
නිනව් නැති වී මෑත
ඉතින් කාගෙද වරද
පුලුස්සා ගත් වුවන...?
නිවී ගත් තරු ඇසින්
රිදුම් යටපත් මුවින්
කඳුලු පැස උරෙහි ලා
අඳුරෙහිම මග බැසිමි...
පිලිණ කඩ කල පහන
නිවී ගිය තැවිල්ලෙන්
මුලාවෙන් මුවහ වූ
මනැස් කඩ තිර මුදමි....
මනැස් සම සිදුරු වී
මසැස් කඩ තිර ඉරී
හිඩැස්සෙන් අහස දැක
"සැබෑවට" අඬ ගසමි..
දැවුම් පහවූ පිලස්
වෛරයෙ යොත නොලා
මෙත් රැහැන් මුදා ලමි...
සිහි නොකල පාපයෙන්
අත පොවන මානයෙන්ගැවසුනත් සැබැවි එය
සිලකි සැදි ගිනි කඳින්....
ලියුවෙ 2004-01-18
හරිම කලාත්මකයි.
ReplyDeleteඉස්සරලාම අද තමා මේ පැත්තේ ආවේ.
මෙච්චරකල් කොහෙද තිබ්බේ මෙව්වා ඈ...?
හන්ගාගෙන හිටියා නේද හෙරක් වගේ....
/බිඟුවා...!
ප්‍රතිචාරයට ස්තූතියි යාලුවේ,,... එක නේන්නම්.... හොඳටම හැංගිල හිටියෙ මං..ටිකක් blog වැඩේ හුරු වෙනකල්... .. :-)
ReplyDeleteදැන් ඉතින් හැංගි හැන්ගි වෙස් බැන්දට ..නටන්නෙ එලියෙ ඉතිං....
මිනිස්කම බෙදා ගත්තාට ස්තූතියි.....
මිස් සින්ඩියට apply කලේ නැද්ද. නැත්නම් කරන්න. එතකොට ගොඩාක් කට්ටිය එක්ක ඔය අත්දැකීම් බෙදාගන්න පුලුවන්.
ReplyDeleteමෙතනින් apply කරන්න
ඇප්ලයි කරෝ.............. තවම රෙස්පොන්ස් එකක් නැතෝ....
ReplyDelete