දනිමි මමත් ලස්සන බව හැම දෙයක්ම අම්මේ
ඒත් අම්මෙ ඔබ කී දේ මට නො ඇසේ අම්මේ
ඒත් අම්මෙ ඔබ කී දේ මට නො ඇසේ අම්මේ
ඒ මන්දැයි අසා ගන්න මම ආවා අම්මේ
ඒ ඇයිදැයි කියා දෙන්න මගෙ හොඳ සුදු අම්මේ
එක් දවසක් සෙල්ලම් කෙරුමට හිතිලා අම්මේ
හනික දුව ගියා පිටියට ආසාවෙන් අම්මේ
එහි සෙල්ලම් කරමින් සිටි ලමයි හැමම අම්මේ
නපුරු බැලුම් හෙලලා එලවා ගත්තා අම්මේ
නපුරු බැලුම් හෙලලා එලවා ගත්තා අම්මේ
අයියා අක්කා හැම දෙන මා කොන්කර අම්මේ
කතා කරති රැඟුම් පාති හරි සතුටින් අම්මේ
එ’ දකින මම පසෙකට වී කඳුලු සලමි අම්මේ
දුටුවත් මා නොදැක්ක සේ ඉන්නේ ඇයි අම්මේ
මගේ වයසේ හැම දෙනාම කොක් පෙල සේ අම්මේ
පාට පාට රූප ඇඳපු මලු අරගෙන අම්මේ
පාසල් යති අත් වැල් බැඳ හරි සතුටෙන් අම්මේ
මට විතරක් තනිකම ලැබ දෙන්නේ ඇයි අම්මේ
කතා කෙරුම ඇසීම යනු කුමක්ද මගෙ අම්මේ
කිසිවෙකු කියනා කිසිවක් මට නො ඇසේ අම්මේ
එය මට විසඳන්නට බැරි මහ පැනයකි අම්මේ
කියා දෙන්න මාගේ හොඳ ආදර සුදු අම්මේ
ඔබත් කිසිම ආදරයක් නෑ මා හට අම්මේ
මා හා සුරතල් බස් නොකියන්නේ ඇයි අම්මේ
මට තේරේ මම බිහිරියි දුක් නොවන්න අම්මේ
ඔබ හැමදා සැපෙන් ඉන්න මම තනිවෙමි අම්මේ
වදන:
එවකට අවුරුදු 9ක් වූ බොලඳ සුරතල් වියේ උන් මා, කේයස් ලියූ අන්ධ දරුවෙකුගේ කවි පෙලට වසඟ වීමි. එහෙයින් මෙම අහිංසක පලමු සඳස් පෙල “කේයස්ගෙ කවිය වගේ” ලියන්නට ඒ බොලඳ නිහඬ සිඟිත්තිය උත්සහ දරා තිබීම ගැන , ඇයට සමාව දෙනු මැනවි…
(1992 ලියන ලද කවියේ ( වෙනස් කල හැකි තැන් දුටුවද ) කිසිදු වෙනසක් කර නැත…)
කියල වැඩක් නෑ මිස්. අර අමල් පෙරේරාගේ භාෂාවෙන්ම කිව්වොත් පට්ටම කවිය.
ReplyDelete:-) thanks :-)
ReplyDeleteVen. Eppawala Sagarasumana මගේ මූනු පොතට මේ කවිය සඳහා එවූ පිලිතුරු කවියක්.......
ReplyDeleteකට සොළවනවා හිනා නඟනවා
මට නම් තේරෙන්නෑ ඕවා
ගීත ගයනවා ගීත අහනවා
මං ඒවත් දන්නෑ ඒවා
කතා කියනවළු රස බර විදිහට
එනමුත් නෑ මං එය දන්නේ
ඇසෙනවා කියලා කියන දෙයක් ගැන
කොහොමද මං පහදා ගන්නේ
කන් නොඇසෙන මගේ නිහඩ දිවිය මට
දැන් හොදට හැටි හුරුනේ අම්මේ
මම සතුටින් බව පවසමි සත්තයි
දුක් නොම වෙන් නුඹ මගේ අම්මේ ..
.
ස්වාමින් වහන්ස... ඔබට තෙරුවන් සරණයි
අවුරුදු නවය කියන්නෙ සුදෝ සුදු පටන් ගද්දි අදිරිගෙ වයසට වඩා අවුරුද්දයි ලොකු.
ReplyDeleteඑහි ගොවිරාල කෙනෙකුගෙ පුතු වන අදිරි
අට අවුරුදු වයස් කොළුවෙකි ඇති දහිරි
පවූඌඌඌ චූටි දිල් මෝනා
:-)
ReplyDelete