Saturday, January 30, 2010

"කුරුල්ලා ඒවි" ඇගෙ විතරක් හිත කියනව !


මහ හුලං හමමින් , ඇරිල තියන කවුලු පියන්

විසාල හරඹයක යෙදෙනව.

දොර පියන බිත්තිය එක්ක
තරහෙන් වගේ දබර කර ගන්නව

කිරිල්ලි පියාපතින් මූණ වහගෙන
කූඩුව ඇතුලෙ වැතිරිල කඳුලු හෙලනව...

රන් කූඩුව පාලු වෙලා....

වෙනද ඇහෙන
කවට හිනා , බොලඳ කතා කෝ?

දොර පියන ඇරල මුත්
කිරිල්ලි ඒ දිහා හැරිලවත් බලන්නෙ නැහැ..

ඈ ඒ නිදහස් ලෝකෙට බයෙන්
වැලපෙනව...

මොකද ඒ ලෝකය ඈට
නිදහස් එකක් නම් නෙමෙයි

කෝ කුරුල්ලා ඉතින්..?

ඈ දන්නෙ නැහැ...


අපි දන්නෙත් නැහැ..
කවද හරි හැමෝම දැන ගනීවි...


ඈ ඒ රන් කුලගෙයි
මේ උන්න වගෙම වැතිරිල
නිදහස සොයා නොපියඹා


අසරණව අදත් වැතිරිල ඉන්නව...


හැම දාමත් ඉඳීවි...


"කුරුල්ලා ඒවි"
ඇගෙ හිත නම් කියනව..


ඒත් ...?

එහෙම කියන්නෙ,
හිතන්නේ ඈ විතරදැයි
මගෙ හිත නම් කියනව....

4 comments:

  1. මේකේනම් මොකක් හරි රහසක් තියෙනවා කියලා නම් හිතෙනවා...

    pls remove word verification...

    /බිඟුවා...!

    ReplyDelete
  2. අපි හැමෝගෙම ජීවිත වල රහස් පිරිලා... සමහර එවුව සුන්දර , හදේ තියන් රස විඳිය හැකි එවුව.. සමහර එවුවා කඳුලු කතා... අසුන්දර එවුවා... ජීවිතෙ කියන්නේ රහස් ගොඩක් යාලුවේ....
    කවිය කියන්නේ මගෙ ජීවිතේ.. මගේ ජීවිතෙත් ඒ නිසාම කවියක්...
    ආදරේ එහි සොඳුරුතම වදනක් ( නන්දා මාලිනී)
    ස්තූතියි ප්‍රතිචාරෙට

    ReplyDelete
  3. කුරුල්ලා ආවෙ නෑ... මේ කමෙන්ටුව ලියන්නෙ අවුරුද්දකට පස්සෙ. කුරුල්ලා ආවෙ නෑ. කුරුල්ලා යන්නම ගියා..යන්නම... යන්නම... යන්නම.....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->