Monday, January 03, 2011

[135] ඊයෙ තරම් සතුටු දවසක් ...!!!!!!


 ඊයේ මට හරිමම සතුටු දවසක්.... ඒ ඈයි කියල ඔයාල දන්නවනේ.අක්කගෙයි අක්කගෙ හබියගෙයි මගෙයි (අපි තුන්දෙනාගෙ) වෑයම නිල වශයෙන් පටන් ගත්ත නිසානෙ ඒ (http://itartschool.blogspot.com/ ) . මගෙ බ්ලොග් යාලුවො නම් ඒක දන්නවා.  ඒ හෑම සතුටටම වඩා සතුට ඉහවහා ගියේ අහම්බෙන් වගේ හමුවෙලා අද මගෙ ලඟින්ම ඉන්න රත්තරන් වගේ  යාලුවො රොත්තම මම උණු උණුවේ වැඩක් පටන් ගත්ත ඊයේ එක පාරම ලාසන සුලිසුලඟක් වගේ කඩාගෙන බිඳගෙන ආව එකෙන්... :)
අනේ ඇත්තමයි , බටර් නම් නෙමෙයි, දුරු කතර ගෙවාගෙන ආවෙ මගෙ සතුට බෙදාගන්නනේ කියල හිතුනම දෑනිච්ච සතුටනම් කියන්න වචන නෑ.

ෆොටෝ ගෑනිල්ලෙන් මට දවස පුරා සහය වුන මගෙ මල්ලි අනුරාධ Anuradha Nanayakkara , සිය වටිනා කෑම් එක නොවලහා ඉල්ලූ සෑනින් දුන් අභිත අයියා අභි යා , බබා සහ වාසනා අයියා සමග දවසම අපි එක්ක ගෙවූ රන්දිල් අක්කා Randika Ranaweera , අම්මා සමගම රට යන්න ඔන්න මෙන්න තිබියදී ආව ජනිතා නගා සහ ඈන්ටි Janitha Rajapaksha , බෝ දුර ඉඳ උදේ රෑයින් ආව රවා මල්ලියා Thushara Ravindra ,සහ ඩෝසන්ගෙ පාරෙ මම වගෙම බොහෝම දුර ඉඳන් ආව ප්‍රියන්ත අයියා ප්‍රියන්ත ගල්ගේපිටිය
ගල්කිස්සටම ට්‍රෑෆික් අරන් ආව වැප් wap Nishantha , බයිස්කෝප් වගෙ චිත්‍ර බල බල හිටිය වාසල අයියා වාසල . , වෙරි වෙලත් වෙරි නෑ වගෙ හිටිය මරණේ මගේ මරණය , පසන් හෙවත් පතන් බබා පසන් . , තිබ්බ කේක් වලින් බාගෙකට වග කිවු රනා රනා ..... ,නිස්ද්දව ඔක්කොගෙම විකාර බලන් හිටිය නලින් මලෙයා Nalin Kariyawasam ., කනාටු කරගත් කොන්ඩෙත් වනාගෙන අහින්සකකමේ උන්න ජේඩි මලයා ජේ.ඩී ... ,..මේ හෑමෝටම ගොඩාක් ස්තූතියි ආවට.... නිකමම් නෙමෙයි අනේ ආවේ... තෑගි බෝගත් ගොඩාක් උස්සාගෙන ....

මේ ලස්සන සහෝදරකම අපේ(බස්)කම හෑම දාම නොවෙනස්ව පවතීවා... මෙන්න ෆොටෝ ඔක්කොම අප්ලෝඩ් කරනකල් මගෙන් චුට්ටි තෑග්ගක්...

ඒ විතරක් නෙමෙයි, උදේ රැයින් මට කෝල් කරලා හදවතේ උණුසුම් පෑතුම එකතු කල ෆා නගා ෆා - , කුශාන මලේයා Kushan S. Wanniarachchi සහ අසනීපෙන් නිසා එන්න වෙන්නෙ නෑ අක්කේ කියා සුබ පතල mail ekak එවූ සෝරෝ | සෝරෝ | මල්ලියා ඔයාල ලඟ නෑති උනත් මාව මතක් වුනානේ කියන හෑඟීමම මට දුන්නේ 'ආව වගේ' හෑඟීමක්,,, 
 ස්තූතියි ! සතුට කියල නිම කරන්න වචන නෑ. කොහේ ගියත් කොයි රටේ උන්නත් ඕනම තැනක ඕනෙම වෙලාවක සතුටකදි අවන්කව එකට හිනා වෙන්න , දුකේදි එකට අඬන්න ඒ කඳුලු පිහ ගන්න දුක නිවා ගන්න මගක් හොයා දෙන්න මේ සහෝදර සහෝදරියෝ එකිනෙකා වෙනුවෙන් එකට සිටීවි කියලා මට විස්වාසයි.
මෙතන වැරදීමකින් හෝ ලියන්න බැරි වුන , සහ වදනකින් හෝ මගේ මේ කාරියට හදවතින් සුබ පැතූ (මූනු පොතේ,ගූගල් බස් එකේ,ජී මේල් එකේ, ෆෝන් එකෙන්,කෝල් වලින්, එස් එම් එස් වලින්) ඔයාල හැම කෙනෙකුටමත් ස්තූතියි.

පොඩි රහසක් කියන්නම්.. කෙනෙක් අඬද්දි අපිට නිකම්ම ඇඬෙනවා. කඳුලු දකිද්දි. ඒයිට වඩා හුඟාක් අමාරුයි කෙනෙක් උද්දාමයෙන් හිනාවෙද්දි අවන්කව හදවති ඒ සතුට දැකල සතුටෙන් හිනා වෙන්න. එහෙම කරන්න පුලුවනි කුහක නැති කෙනෙකුට විතරයි. ඉතින් මේ පෝස්ට් එක පුරාවට සඳහන් කල හැම දෙනෙක්ගෙම හිනහවේ, ලියා එවුව වචන වල, කටහඬේ මම ඒ අවංකවම විහිදෙන සන්තෝසය හිනහව දු‍ටුව... ඉතින් ආයෙමත් ආයෙමත් ... ගොඩාක් ස්තූතියි මේ සහෝදරකමට...

11 comments:

  1. ජය වේවා.....!!
    (දවසක එන්නම් මම)

    ReplyDelete
  2. අපිටත් සතුටයි ................... මේ වගේ වටිනා අවස්තාවකට එන්න ලැබීම පිළිබඳව !

    ReplyDelete
  3. උදේම ජීවිතේ මල්ගේ පොස්ට් එක දැක්කම අපටත් සතුටුයි. මේ ඇරඹුනු කුඩා දිය දහර මහා ගංගාවත් වී පරිගනක අධ්‍යාපන කෙත සරු කරමින් ගලා යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා සතුටු සිතින් පතමි....

    ReplyDelete
  4. ඕන් මේන් ආපහු සැරයක් සුභ පතන්න හිතුවා............ වැඩේ නං ඇත්තටම පංකාදුයි නගේ...... අපේ පැංචිවත් තව අවුරුදු දෙක තුනකින් එවන්නම්කෝ..........

    ReplyDelete
  5. අනේ අක්කේ අපිට එන්න බැරි වුනානේ....

    ;'( ;'( ;'( ;'( ;'( ;'( ;'( ;'( ;'( ;'( ;'( ;'

    අනේ සමාවෙන්ට ඕනි අක්කියෝ......

    අළුත් අවුරද්දේ නිසා ගෙදරට නෑයෝ ආවා..ඉතිං එන්න බෑනේ...අපි එන්නම්කෝ වෙනවෙලාවක ඔය පැත්තේ‍....අනිවා එනවා....

    හැබැයි නාවට අක්කියෝ ඔය පටන්ගත්ත වැඩේට අපේ හදවතින්ම ආශිර්වාදය තියෙනවා....
    අක්කිලා හිතනවටත් වඩා අති සාර්ථක වෙන්නත් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

    අහ් අක්කියෝ සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....පටන් ගත්ත වැඩේ අති සාර්ථක වෙන සුභම සුභ නව වසරක් වේවා....!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

    අහ්...අක්කේ අර itArt සයිට් එකේ අක්කිලාගේ ‍ක්ලාස් එකට එන පාර ගූගල් මැප් වල මාර්ක් කරලා දුන්නොත් නරකද....(බ්ලොගර් වල ගැජට් එකක් තියේ මට මතක විදිහට...)එතකොට එනකෙනෙකුන ඉක්මණට හොයාගන්නත් පුළුහන්....දාලා තියෙන මැප් එකත් හොදයි....මගේ අදහස පමණයි...අනිත් අයගෙනුත් අහලා බලලා පොඩ්ඩක් බලන්නකෝ.....

    ReplyDelete
  6. කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ.
    ජයවේවා............!

    ReplyDelete
  7. සුබ පතනව අලුත් වැඩේට... සියලු දේම සාර්ථක වෙලා හොඳින් කරගෙන යන්න ලැබේවා...

    ReplyDelete
  8. අනේ සමාවෙන්න මිස් මටත් එන්න බැරි වුනා නෙව..
    ඒ වුනත් හදවතින්ම සුබ පතනවා මිස්ගෙ සියලු ම කටයුතු සාර්ථක වෙන්න කියලා.

    ReplyDelete
  9. අනේ දිල් අක්කේ මමත් ගොඩාරියක් ආසාවෙන් හිටියේ 2වෙනිදා එන්න.ඒත් මගේ ජොබ් එකට එන්න කියලා කෝල් මැසේජ් එක ආවේ 1වෙනිදා උදේ.දෙවෙනිදා ඉදන්ම කෙනෙක් විදියට වැඩට යන්න සිද්ධ උනා.
    මගේ හදවතින්ම සුභ පතනවා අක්කාගේ ඉදිරි වැඩකටයුතු වලට.
    බුදුසරණයි.

    ReplyDelete
  10. එන්නම කියල කලින්ම හිතාගෙන හිටියත්, 26 වෙනිද මෙලොව එළිය දෑකපු පුන්චි මල් පෙත්ත අසනීප වෙලා ගෙදර එක්කන් ආවෙ 1 වෙනිද.. ඉතින් එයාව දාල එන්න බෑරි නිසයි දුකෙන් උනත් නෑවිත් හිටියෙ..
    ඒත් එන්න හදපු දවසෙ අක්ක නෑති නිසා තවත් දවසක එන්නම් බලන්න.ආසයි දකින්න අලුත් දෙයක්..
    ඈස් දෙකෙන් දෑකගන්න බෑරි උනත්, හදවතින් සුභ පතන්නම් හෑම දේම සර්වප්‍රකාර්යෙන්ම සාර්තක වෙන්න කියල....

    ReplyDelete
  11. අනේ එන්න හෑකි වුන නොහෑකි වුන ඔයාල හෑමෝටම ගොඩාක් ස්තූතියි... එන්න නොහෑකි උනත් ඔයාල මගෙ එක්ක අත්වෑල බෑඳගෙන උන්නු බව මම දන්නවා.
    ස්තූතියි

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->