Friday, March 26, 2010

"මාව කොටිය කාපුවාවේ...! " :-)

ගැහැණු පරාණෙකට තරහ ගියහම න්‍යශ්ටික බෝම්බයක් වගේනේ.... මට තරහ ගියහම පිපිරිල යන්නේ අවට නොවෙයි.. අභ්‍යන්තරයයි....  රිදුම් කන හදවතයි කැබලි වෙන්නේ.. ඒ මම සංවේදි වැඩි නිසා වෙන්න ඇති.... දුක මටම හරෝ ගන්න නිසා වෙන්නැති...

අහසත් එක්ක ඔරොප්පු වුන තරහට (කලින් පෝස්ට් එක බලන්න) , හිතට කැ කොස්සන් ගසමින් මම මගෙ හිතට දොස් පවරමින්, පන්ති කාමරේක හිටගෙනම කොල කැල්ලක ලිවුව හිතේ අමාරුව...

"මාව කොටිය කාපුවාවේ...! " මේ මට මාත් එක්ක තරහ ගියහම කටින් පිටවෙන මගේ ප්‍රසිද්ධ කියමන ..:-)

ඉතින් මේ කවියටත් දෙන්න හිතුවා ඒ තේමාවම... ටිකක් නුහුගුන තේමාවක් තමා... ඒත් හිතට දැනිච්ච අති සංවේදි හැඟීමයි ලියුවේ...

****

සරීර කූඩුව තුල
හදවත පිහිටි තැන
කුහරයක් පමණක් නම්....
හැඟුම් දැනුම් නොදැනෙන...!

හදවතට වාල්කම් කරන
මොල කූඩුව පිහිටි තැන
නරුම විස දල තුඩක් නම්....
මිනිස් දහමක් නොහැ‍ඟෙන..!

සිනහවක් විඳි වරදට
හැඬුම් සියයක් හිලවු වන
ජීවිතය පිලිකාවක් නම්...
සැතකින් අක් මුල් සි‍ඳෙන..?

****


ඉස්සෙල්ලම කමෙන්ට් එක දුන්නේ අහසමයි.... " කවියක් වශයෙන් ලස්සනයි..පට්ට! ඒත් ඔයාගේ නිර්මාණයක් නිසා ඉවසනවා..නැත්නම් ඉරලා විසිකරනව :-) "

පසුවදන...

අඳුර ඉවරයි.. දැන් ඒ පැහැදිලි නිල් අහසේ කිරි බැබැලෙන සුදෝ සුදින් ආයෙමත් සඳ හිනැහෙනවා.... :-)



9 comments:

  1. හලෝ මැඩම් අපි නම් එන්නෙ නැහැ ඔන්න ඉන්න පැත්ත පලාතකවත් මොකා කෑවත් කොටියෙක් කන එක ඉවසන්න පුලුවන්ද..?ඔන්න කූඹියෙක්වත් නම් කමක් නැහැ

    ReplyDelete
  2. ඔය පොඩි පොඩි අමනාපකම් උනා කියල, ඔච්චර දරුණු කවි ලියන්න ඕන නැහැ නෙ...

    ReplyDelete
  3. @නිමන්ති

    බය වෙන්න එපා නිමන්ති... කොටියා කන්නෙ හරක් මස් විතරයි :-)

    හී හී....

    ReplyDelete
  4. @සමීර

    ඔව් අප්ප.... ඒත් ගැනු ඉතින් පරමාණු බෝම්බ කියන්නේ නිකන්යැ..මම ඉතින් දුක කියා ගන්න මාධ්‍යය තමා මේ... කවිය නම් දරුණු වැඩියි නේද?
    අහස දුන්නු කමෙන්ට් එක සාධාරණයි නේද?

    ReplyDelete
  5. හරියට මොන්ටිසෝරි ළමයෙක් වගෙයි නේ... හික්ස්

    ReplyDelete
  6. @රොෂාන්
    අපි සමහර වෙලාවට මොන්ටිසෝරි තමා.... :-)

    ReplyDelete
  7. සරීර කූඩුව තුල
    හදවත පිහිටි තැන
    කුහරයක් පමණක් නම්....
    හැඟුම් දැනුම් නොදැනෙන...!

    එහෙනම් ඒක හදවතක් යැ මිස්...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->