Monday, March 15, 2010

සඳ සහ අහස







සිතුම් සුලඟක ඇමිණී
හැඟුම් කෙම්බිම් සරමී
සුසුම් පැහැ තවරමිනී
කවක් සඳ මුව මිමිණී ... 

‍රැස් දෙන ඉරට ලං විනි
ලත් හිරු ‍රැසින් මත් විනි
මල් සර විතෙන්  විස ඉනි
නෙත් අඳ සඳක් ඇවිලිනි    ... 

සුපෙම් අහසක් අහිමි
සොවින් සඳ මියැදෙමිනි
සසර හුරු ඇස් හැඟුනි 
යලි අහසෙ  සඳ උපනි..

මැකී යලි සඳ පිපුනී
පිපී සඳ බොඳ නොවිනී
මසින් මස මෝරමිනි
සඳින් අහසද උපනි....

සහසැස් සිඹින අහිමි
අහිමිව නොහෙනු හඬමි
හැඬු නෙත් සිඹින ම'හිමි
හිමි නුඹ අහිමි නොහෙමි....

30 comments:

  1. ජීවිතය යනු පුදුමාකාර එකකි..එය එතරම්ම පුදුමය.... සිදුවීම් කෙරෙහි පුදුම වීමෙන් විටෙක මනස විස්මයෙන් වෙහෙසට පත් වෙයි...

    හිරුට ලංවී, ඉන් මත්ව, හලා හල විසකට නෙත් අඳව මල් සරින් දඬුවම් ලද සඳකි ඇය...

    හැඟුම් සියොතුන් නිදැල්ලේ සරමින්, කෙම්බිම් සොයා කවිකාර ඇස් සෙවූ අසරණිය ඇය...

    අහිමි කම නිමා කොට සසර හුරු ,සුපෙම් අහසක් දු‍ටු, සඳ ඇය...

    ඈ යලි උපන්නිය අහස නිසාවෙන්... අහස යලි උපන්නෙය සඳේ එලියෙන්...සිහිලෙන්...

    හැඬූ අතීතය, ඉන් රිදුම් කෑ නෙත් , පිස ලූ අහස, අහිමි නොරිසි ඇය....

    සඳක් මෝරන්නා සේ ... මසින් මස..දිනෙන් දින.. යලි උපදියි.. ස‍ඳෙන් අහසත්.... අහසෙන් සඳත්....

    ReplyDelete
  2. "හිරුට ලංවී, ඉන් මත්ව, හලා හල විසකට නෙත් අඳව මල් සරින් දඬුවම් ලද සඳකි ඇය... "
    හිරුට ලංවුනාම මත් වෙන්න කලින් අලුවෙලා යනවානෙ මිස්..හඳ වුනත් හිරුට තරමක් ඈතින් නෙ ඉන්නෙ..හිරුගෙ රස්නය, ආලෝකය නිසා අන්ධ වෙන එක නම් සිදු වෙන්න පුලුවනි.. හික්ස්..

    ReplyDelete
  3. සිතන්නට හිමි අහිමි
    වෙර නොදරන් දරා වැට හිනි..
    එළඹෙන්නට මත්තෙන් ඉමි..
    හිතන් ගව්වක් වත් කලිනි..

    අහස නුඹට ඉඩ ඇත්..
    නුඹට සවි ඇති සිත් ඇත්..
    පූදින්නට බය නැත්..
    නුඹ දරාගෙන මං ළඟින් ඇත්...

    අමාවක එන්නයි..
    සඳට ඉඩ දී යන්නයි..
    මිළුණු මල් පූදින්නයි..
    සඳ අමාවක සුවඳ වෙන්නයි...

    ReplyDelete
  4. නියමයි!
    කවියේ පසුවදන නිර්මාණය තේරුම් ගන්න තවත් අත්වැලක් උනා.

    ReplyDelete
  5. හැඬු නෙත් සිඹින ම'හිමි
    හිමි නුඹ අහිමි නොහෙමි....
    පද ලස්සනට ගළපා ලියල තියනවා..දිගටම ලියන්න.

    ReplyDelete
  6. අපූරු පදවැල් ටිකක්...

    ReplyDelete
  7. මායම් පාන දිවි ගමනේ දුක සතුට
    සායම් කරන සිතුවම දිවි මග දිවෙන
    වෑයම් කරත් ජය ගන්නට නිබඳ වම
    බෑ බං අනේ එය වෙයි අ‍ටලෝ දහම


    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  8. Mata oyage udaw awashi
    mage web ekata

    kamathinam reply
    karanna

    wlpkumara@gmail.com

    ReplyDelete
  9. @රොෂාන්

    හිරුට ලංවී අලුවෙන්නම ගිය සඳ, අඳ වෙලා කාලයක් හිටින්න ඇති... ඒක තමා ජීවිතේ හැටි...

    ReplyDelete
  10. @පුර සඳ

    හිමි අහිමි නොසිතමි
    වැට ඉනි හොඳින් අඳුනමි
    අහසත් සඳත් පසිඳිමි
    නුඹෙ සෙනෙහසද දැන ඉමි

    අමාවක, පුර සඳ මුත්
    වලාවක් ‍රැඳි නුබ මුත්
    පලා එන සඳ සිහිනෙත්
    ඇ‍ඳෙයි කවියක් හදෙහිත්

    ReplyDelete
  11. @රවෙන්

    ස්තූතියි ප්‍රතිචාරෙට යාලුවේ....
    ඔව් , පසුවදන ලිවුවේ කවියේ හරය ගැන පණිවිඩය දෙන්න තමා... එවිට තවත් එය රස විඳිය හැකියි නෙ.....

    ReplyDelete
  12. @ධනංජය

    ස්තූතියි..... ඔබටත් ජය වේවා!!!!

    ReplyDelete
  13. @දිල්

    ස්තූතියි දිල්.... මනුස්සකම බෙදා ගත්තාට.....

    ReplyDelete
  14. @බිඟුවා.

    බොහෝම ස්තූතියි......

    ReplyDelete
  15. @kanchana waduge

    ස්තූතියි.....යාලුවේ....

    ReplyDelete
  16. @thejan

    අටලෝ දහම නිති කැරකේ නැත වෙනසක්
    ජීවිතයටම එය පොදු වෙයි නැත සැපතක්
    ජය ගන්නටත් වෙර ගත යුතු මුත් හැමකෙක්
    ජය පැරදුමක් නැත අරුතක් මිස සසරෙත්....

    ReplyDelete
  17. හැමදාම පළවෙනි comment එක මම දාන නිසාද කොහෙද අද පළවෙනි comment එක මිස්ම දාල. :) :) ලස්සනයි මිස්. ඔන්න බලන්න මේකත් යනව පත්තරේ.(මීට පස්සේ මිස් පළවෙනි comment එක මට ඉතුරු කරන්න හොදේ... :) :) :) )

    ReplyDelete
  18. @ ආදර කතාව

    නැහැ අනේ... එහෙම හිතලා දැම්ම නෙමෙයි.... කවියෙ දල අදහස මමම පස්වදනක් හැටියට ලියන එක හොඳයි කියල හිතුනා අනිත් අයට තේරුම් ගන්න පහසු වෙන්න,,, රස විඳින්න ලේසි වෙන්න.. ඒකයි....

    හොඳයි හොඳයි මීට පස්සේ පලවෙනි comment එක ඉතුරු කරන්නම්කෝ,,:-),

    ReplyDelete
  19. හරිම ලස්සනයි :-)

    ReplyDelete
  20. @ සූ

    බොහෝම ස්තූතියි

    ReplyDelete
  21. ඔන්න මිස් බනින්න නම් එපා. මම මිස්ගෙන් අහන්නෙත් නැතුවම පන්ඩිත වැඩක් කලා ඔන්න. ඒ බව කියල මිස්ට email එක ආවම තේරෙයි. මේ වැඩේට මිස් කැමති වෙයිද දන්නෙත් නෑ. දන්නවනේ මට ටිකක් පිස්සු කියල.

    ReplyDelete
  22. අහ් කමක් නැහැ... මට උදව්වක් හැටියටනේ පිස්සුවක් නටල තියෙන්නේ.... බොහෝම ස්තූතියි දරුවො.....

    ReplyDelete
  23. මිස් ඒකට apply කරල නෙමේ නේද තිබ්බේ. ඇති යන්තම්. මම හිතුව බනීද දන්නෑ කියල.

    ReplyDelete
  24. මොකට බනිනවද? ඒත් බනින්න හේතුවක් තියනවා.... යනව ගිහින් පාඩම් කරනවා,,,, දවස් කීයද විබාගෙට? යනව....

    මම අන්තිම දවසෙ කිවුව විකර කතා වලට අලුතෙන්ම එදා ආපු ලමයින්ට දුක හිතිලද දන්නෙ නැහැ නේද? මට පවුත් හිතුනා... මම කිවුව විහිලු අහල එයාලට පොලව පලාගෙන යන්න හිතුනද දන්නෙ නැහැ... කෙලින්ම අපහාස නේ කලේ...

    now go ! study!

    ReplyDelete
  25. මිස්, තවම ටයිමින් අවුල්නේ...පොඩ්ඩක් හැදුවනම්...

    ReplyDelete
  26. පොළව පැලිල්ල කෙසේ වෙතත් ඒ කට්ටිය හිතින් නම් මිස්ට පලු යන්න බනින්න ඇති :) ඒකනේ, කෙලින්ම අපහාස කලානේ. එතනත් අර මිස් කියන Discrimination එකද මොකක්ද එක උනාද මන්ද... ;)

    ReplyDelete
  27. @ ආදර කතාව

    හී හී.. ඉතින් මම ඇත්තනේ කිවුවේ...නැද්ද? ආව මෙතන අන්තිම දවසෙ මට මූන පෙන්නල බයිට් වෙලා යන්න... හොඳ වැඩේ...

    @yasela
    thanks for your comment.... lets share this humanity ..... this is the true fragrance of human nature... good..bad..love ...hate.... fame.. disgrace... everything.. thanks friend

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->