Friday, February 26, 2010

මලෙහි නිදන කින්නරිය




ක‍ටුකතම යථාර්ථය ළඟ
සොඳුරුතම කල්පිතයක් ඉපිද
ඒ අතර මැද මග දැන දැන
කින්නරී, ඈ සොයන්නිය...
දකින්නිය....


නොපොහොණි මල් ගුලාවක
මත් වී නිදන කින්නරිය
ඇස් අරින්නට අකැමතිව මිස
නොසිතන් අඳ බවක් ඈ....
අසරණිය......


මලෙන් උපන් කින්නරිය
එ'මලටම පෙම් බඳින්නිය
මලට අයිතිව , මල අයිති කොට
' අහිමිකම ' නොදන්නී සේ හිඳින්නිය...
ඈ නිදන්නිය......

27 comments:

  1. ලස්සනයි ඇයි... මෙ.... හිතන්න අමාරුයි.....

    ReplyDelete
  2. ඔයාගේ අදහස් හරිම ලස්සනයි..........

    ඔබට ජය..!

    ReplyDelete
  3. ප්‍රේමයේ කටුක වියෝගය දකින්න අකැමැතිව මවාගත් සිහිනයක සැඟවෙන හෝ යථාර්තයෙන් පළා යන කෙනෙක් ගැනද කියන්නෙ. මම කවිය රස වින්දේ නම් ඒ වගේ අර්ථයක් අරගෙන.

    ReplyDelete
  4. **************
    In this moment...
    my mind is struck with php...
    I got free for a just a second...
    went to see our letters on web...
    Its miracle I could catch u.....
    thought I should appreciate..
    that your effort..

    ####################
    I say this is awesome...
    ###################

    you may got lots of comments for your thoughts...
    than me...
    but
    this my poor comment may u force up...
    to convey our way to
    Global...
    ************

    You can find who am I....
    visit

    http://www.umanda.invincible72.com/

    ReplyDelete
  5. මල් ගුලාවෙන් මත් ව සිටින බැවින් මලට පෙම් බැඳි කින්නරියට තමන්ව සොයාගැනීමට කෙදිනකවත් හැකි නො වනු ඇත.

    ReplyDelete
  6. @ රවා

    අහ් ..... කින්නරියක්, ජලයෙ ජීවත් වන්න උපතින් වරම් ලද, නිදහසේ සයුරේ ඉඳිය හැකි... එහෙත් ඈ පෙම් කරන්නේ මලකට.... මලට පෙම් බඳින්නා වූ ඈ අහිමි වීම නම් ක‍ටුක යථාර්ථය දන්නා, එහෙන් මල් ගුලාවෙක මත්ව සිටින්නියක්... ඈ මලින් උපන්නියක් තරමටම මල් ගුලාවට ආදරය කරන.... එහෙත් සයුරට ඇති හිමි කමත් සමග සටන් නොවදින්නියක්... ඈ නොදන්නී සේ හිඳින්නියක්, මල තුලම....

    ස්තූතියි රවා, හැමදාමත් වගේ ඔයාගේ ප්‍රතිචාරෙට....

    ReplyDelete
  7. @ආදර කතාව

    අහ් මේ පාරත් පොඩ්ඩක් ගැස්සිලා.... :-) රවා තමා අංක 1... :-)

    මේ මට අද මගේ හරි සමීපතම යලුවෙක් කිවුව ටෙලි නාට්‍යක ගිය දෙබසක්.. හරිම වටින කියමනක්...

    " අහසට ඇඟිල්ල දික් කරලා දේදුන්නක් පෙන්නන කොට ඇඟිල්ල දිහා නෙවෙයි , දේදුන්න දිහා බලන්න"

    මම මේ මගේ කවි කියවන මගෙ ආදරනීය යාලුවො හැමෝගෙන්ම ඉල්ලන දෙයක්.... කවි කියන්නෙ මගේ ජීවිතය හෙවත් හුස්ම... ඉතින් මේ කවිය මමම නොවේ... මමම නොවන්නේද නොවේ... :-) මාත් මම නොවන්නාත් අනුපාතයකට මුසු කොට මගේ කවි බිහිවේ..... :-)

    ReplyDelete
  8. @ සිතුවිලි...
    ස්තූතියි ඔයාගේ අදහස් වලට.... මේ පාර මගේ කවි උත්තර බන්දින යාලුවන්ට මොකද උනේ? හි හී...

    ReplyDelete
  9. @ ජීවිතය සොබාදහම...

    ඔව්... ඒක ඇත්ත... මේ කවියෙ කින්නරිය එය නොදන්නවා නොවෙයි. ඈ ඒ යථාර්ථයට එකඟයි.... එහෙත් ඈ කින්නරිය, අසරණියක්...

    ReplyDelete
  10. @raven

    ඔව් ඔබ හරි... ප්‍රේමය විඳින, එහෙත් ඒ අත්‍යන්ත ප්‍රේමය සඵල කර ගනු වස් අති අතාත්වික සටනක නිරත වන්නට සිදු වන, එබැවින් අහිමි වීම නම් බොහෝ දුරට විය හැකි යථාර්ථය දන්නා , සයුරක් වන් අමුතු ලොවකට අයිති මුත් , මලකට පෙම් කරන, ලොවට හොරා මලක සැඟවී නිදන කින්නරියක්....

    ReplyDelete
  11. @ umanda

    m so glad theres a new visitor too to my blog.... and thanks loads for your wonderful comment.. i really appreciate it... sure , just like all others wonderfull appreciations, your words too are priceless and valuable friend...
    lets keep sharing this humanity....
    TNX

    ReplyDelete
  12. @රොෂාන්

    අපූරු කතාවක් කිව්වේ.. ඒත් කින්නරිය මල් ගුලාවට පෙම් බැන්දට , යථාර්ථය සමග සිටීවි.... ඈ ඈව සොයා ගන්නැති මල් සුවඳ තුලම.....

    ReplyDelete
  13. නියමයි
    ලස්සනයි
    සුන්දරයි
    අපූරුයි
    කදිමයි
    පංකාදුයි
    පංකාදු පහයි
    එලයි
    කොරයි
    පිස්සු කොරයි
    පට්ටයි
    ගතියි
    සුපිරියි
    අනර්ඝයි
    විශිෂ්ටයි
    අති විශිෂ්ටයි
    දර්ශණීයයි
    අමිලයි
    උදාරයි
    උත්තරීතරයි
    ප්‍රසන්සනීයයි
    ශ්‍රේෂ්ටයි
    උත්කෘශ්ටයි

    අයියෝ... වචන ඉවරයි.

    ReplyDelete
  14. @ අනුරාධ

    හප්පෝ..... මෙච්චර වර්ණනාවකට හොඳ නම් නැහැ මේ කවිය... කෙසේ වෙතත් ඔයාගෙ කමෙන්ට් එකට තැන්ක්ස්.. :-)

    ReplyDelete
  15. අහිංසක කින්නරී
    හෙලන්නීය සුසුම් හඞ
    දැනෙන්නට කෙනෙක්
    කියන්නීය දුක
    අසන්නට කෙනෙක්
    කුඳුළු වගරන්නීය
    දකින්නට කෙනෙක්
    නොපෙනෙන මානයක

    කුමක් කරන්නීය
    නිදනවා හැරෙන්නට

    /බිඟුවා...!

    ReplyDelete
  16. @ බිඟුවෝ

    කින්නරී නිදන්නී
    අසරණී සුසුම් ලන්නී
    පුරා කඳුලු ලන්නී
    නිදන්නී.....

    ඈ දකින්නී
    සුවඳින් මත් කොට
    නිසංසලේ
    මල් පෙත්තෙන් පවන් සලන්නී
    මලම පමණී......

    ජය වේවා! බිඟුවා....
    පංකාදු පහයි කවි කමෙන්ට් එක...
    ලස්සනයි ඒ අදහස.....

    ReplyDelete
  17. අනේ ලස්සන....
    කියන්න බැරි තරන් ලස්සනයි....

    ReplyDelete
  18. ස්තූතියි මධු....... ඔයාගෙ අදහස් වලට.....

    ReplyDelete
  19. මිස් ලක්බිමේත් මිස්ගෙ මේ පෝස්ට් එක තිබුණා.සුභ පැතුම්..

    ReplyDelete
  20. ආ..... ඔන්න එහෙනම් මිස් අපෙනුත් උණුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  21. @ රොෂාන්

    බොහෝම ස්තූතියි මේක පෙන්නුවාට.... මම ඔයා කියනකම් දැක්කෙ නැහැනෙ.... :-)
    සුබ පැතුමටත් ස්තූතියි.....

    @ ආදර කතාව

    ස්තූතියි සුබ පැතුමට .... මෙන්න ආටිකල් එකේ ලින්ක් එකත් දැම්මා අන් අයගේ හිත සුව පිණිස....

    ReplyDelete
  22. http://www.lakbima.lk/archive/last_07_03_10/index.htm හි ලක්බිම 2 අංශයෙහි - වියුණු සටහන්

    ReplyDelete
  23. ලින්ක් එක දැම්මට තැන්කූ කිව්ව ඔන්න මිස්. දැන් ඉතින් යන්න ඕන ඊයේ දුන්න ප්‍රශ්ණ 50 උත්තර ලියන්න. මාර කේස් එක තමා අප්ප ඒකත්. තාම අත රිදෙනව. :)

    ReplyDelete
  24. මම පෝස්ට් එකක්ම දැම්ම.... අලුත් කවියකුත් දැම්ම....
    ප්‍රශ්න වලට උත්තර ලියනු!
    :-)

    ReplyDelete
  25. sinhala unicodes na.math kavi liyanawa ,kiyawanawa wadiyenma vidinawa so oyage kaviyeth raha danuna mage hithata .math blog 1k patan gaththa eth thawama mokuth karaganna bari una.kohoma hari oyata suba pathanawa mawa add karanna api ayeth kawiyakin hamuwei etha kota ..kavikarayo me loke lassana karanawa..ithin me chamathkaraya mawanna oyata thawa thawath kawi sith pahala wewa......

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->