මේ මුලු පැදි පෙලම දැන් මගේ නොවේ... එයට මම ආඩම්බර වෙමි... කිම? මනහර කවියකුගේ සිතක අරුමැති වූ සොඳුරු කැපුම් කෙටුමින්, මගේ අදහස් පුංජය ප්‍රභාමත් විය... කවිය... මෙය නුඹගෙය දැන්.... නුඹට පින්සිදු වන්නට සොඳුරු කවියක් බිහි විය...
හමා යන මේ සුළඟට
ගසා ඈතට යන සිත
හඹා දිව ගොස් පසුපස
සොයා ගෙන යළි එමි මම...
සදා පෙම්කල මතකය
මුදාලමි රෑ අහසට
සොයා අඳුරෙම යලි එය
දොවාලමි පිණි ඉස ඉස...
නොතෙත් ඇස් දී ඇස් වෙත
කොතෙක් රැව් මුත් සිහිනෙක
මෙතෙක් පිණි මිස ගිනිසැර
නොලෑවෙමි හිත් අරණට...
පොහොණි නොම වන සිහිනෙක
පැමිණි සඳ වැනි නුඹෙ වත
අහිමි බැව් පසිඳන විට
කැබලි වෙයි යළි මගෙ සිත...
මල් හතයි * හතයි = හැත්තෑ හතයි.....
ReplyDeletethanks :-)
ReplyDeleteහිතෙ තියන දෙවල් කවියට නගන එක හරිම වටිනව.
ReplyDeleteදුකක් බෙදා ගත්තහාම එක අඩු වෙනවා. සතුට බෙදා ගත්තාහම එක වැඩි වෙනවා.
හරියට හරි ravaa... හිතේ දුක හෝ සතුට,, මේ දෙකම ලියන මේ මාධ්‍යය හරියට විඩාබර හිතට ඔසු පැන් බිඳක් වගේ....
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්......
ReplyDelete:-)
ReplyDeleteකැබලි වූ ඔබේ සිත
ReplyDeleteසෙනෙහසින් ගෙන දෝතට
ආදරේ පැන් පොදින් නහවා
තබා ගන්නම් මගේ හද තුල
සිතක් දැන් එහි නැත..
ReplyDeleteඇත්තේ කැබලි පමණිය....
ඇහිලු මුත් එක එක
ගලපනු පහසු නැත ..
ස්තූතියි යාලුවා කවි ප්‍රතිචාරෙට... :-)
සැබෑ ආදරයක
ReplyDeleteතිබෙන පිවිතුරු බව
මහා බලයකි
එක් කරන්නට
කැබලි වී ගිය
සිත තිබූ ලෙස
සැබෑ ආලයෙ බලයෙන්
ReplyDeleteහදිසියෙම එක් කල සිත් කැබැලි
ඇලැවු මුත් කොපමන කල්
තිබේවිද සවිමත්ව අදරින් ?
:-)
ආදරේ සවිමත්නම්
ReplyDeleteබෝ පතක් සේ පිවිතුරුනම්
සදා කල් රැඳේවි
ඔබේ සිත් යායම
සුවඳවත් කරමින්
සවිමත්ය කියු ආලය!
ReplyDeleteබෝ පතක පිවිතුරු ආලය!
සුවඳ දෙන ආලය!
කොහිද එය?
යදිමි නොමල ගෙයකින් අබැටක්
ලදිමි, එනමුත් ආලය.......?
කවිය... ස්තූතියි ප්‍රතිචාරෙට!
සබෑම ආලය
ReplyDeleteපිලිගමි දුලබ බව
තුල මේ ලෝකය
නුමුත් අපහට
නොලද පමණින්
නොවේ අදහස්
නොමැති බව එය
බොහෝ වටිනා
දෙයක් වේනම්
නොමැත එය
කඩපොලෙහි
සිල්ලර....
:-)අන්තිමට මේක දිග කවි වැලක් උනා නේද ? :-)
ReplyDeleteඒ ඇයි කියල දන්නවද අක්කේ. තාම වෙන කාගෙන්වත් දැක්කෙ නැති අමුතු හැකියාවක් මන් ඔයාගෙන් දැක්කා. ඔයා කවි ලියනවා විතරක් නෙවෙයි. කවිරසය කියන්නේ මොකද්ද කියල අල්ප මාත්‍රයකවත් හැඟීමක් නැති අපේ හිතුත් කවිය කියන ආදරණීය සඳ කිරණෙ පහසින් නහවනවා. එතකොට අපෙ හිත්වලත් කවියේ සිසිල් දිය උල්පතක් උපදිනවා. කොටින්ම අපිත් කවියො වෙනවා. ඔයා තරම් දක්ෂ විදියට කවිය හසුරවන්න බැරි උනත් යාන්තම් වචන කිහිපයක් එකතු කරලා කවියක ආකෘතියක් ගොඩ නගාගන්න පුලුවන් වෙනවා. ඔයාගේ කවිසිත අපිව කවියේ හිරකාරයො බවට පත් කරනවා. ඒකට ඔයාට ගොඩාක් පින් අක්කේ.
ReplyDeleteකෙනෙක්ව සිරගත කිරීම දඬුවම් දිය යුතු වරදකි.... :-) :-)
ReplyDeleteස්තූතියි මල්ලි ප්‍රතිචාරෙට!
මා සිරගත වී සිටින්නේ මගේම කැමැත්තෙන් බැවින් දඬුවම් ලබා දීමක් අවශ්‍ය නොවේ.
ReplyDelete:-)
ReplyDelete