ලස්සනම ලස්සනට ඉර මල පිපිල...! කිරිල්ලි අත්තටු දිග හරිමින් ඇඟමැලි කැඩුව.මොකක්දෝ අමුතු සතුටකින් හිත පිරිල වගෙ... කිරිල්ලි ඇගෙන්ම අහනව ..."ඇයි මේ?" ... කිරිල්ලි දන්නෙ නැහැ.. වට පිට බලන කිරිල්ලිට ඉස්සෙලම පෙනෙන්නෙ දොරත් ඇර දාල, තමන්වත් දරාගෙන නිසංසලේ පැද්දෙන රන් කූඩුව... අනේ ඇත්තට... දොරත් ඇර දාල වගේ වගක් නැතුව ඉන්න හැටි! ඇ ගිහින් දොර වැහුවෙ නැහැ. ඈ දොර ගාවට හෙමින් ගිහින් දිලිසෙන ඇස් වලින් දොරෙන් එපිට අවටට පලවෙනි බැල්ම හෙලුව බොහොම කාලෙකට පස්සේ....
ගස් වැල් අතු පතර ඇතිල්ලෙමින් නැලවෙන සද්දෙ... හුලං හමන අපූරුව... බටිති මලිත්තො ගී ගයමින් ලහි ලහියෙ ඉගිල්ලෙන අරුමය ඈ සන්තෝසයෙන් බලා උන්න මොහොතක්... අහස බලන කිරිල්ලිට පුදුමයි... කලු වලාකුලු ඈතම ඈත දිග ගමනක් යනව කිරිල්ලිට පිටු පාල... ඇගෙ හිත තවත් උද්දාමයෙන් පිරුන...
කූඩුව දෙසට හැරුන කිරිල්ලි සුසුම් හෙලුවෙ නැහැ.. ඒ වෙනුවට කිරිල්ලි ශක්තිමත් හුස්මක් අරන් පියාපත් විහිදල හුස්ම පිටකලා... අමුතුම ජවයකින් හිත පිරිල... කෑම හොයන්න බඩගිනි නැතත් ඈට හිතුන දැන් ඉගිල්ලෙන්න ඕනැයි කියල...හිස් රන් කූඩුව ඇගෙ ශක්තිමත් හුස්මෙන් පුරවමින්, ඈ පුංචි නැටුමක් නටනව තමන්ට විතරක් දැනෙන්න.... ඔව්..දැන් වෙලාව හරි... ඉගිල්ලෙන්න...
මෙතෙක් තමන්ට දුකට සැපට සෙවන දුන්නු රන් කූඩුව දිහා බලන් ඇගේ මතක ලියුව පොත, කිරිල්ලි පරිස්සමින් දොර ගාව තැන්පත් කලා... ලස්සන රන් කූඩුව කුණාටු වැහි වලින් ආතුර නොවෙන්න සීරුවට ඈ දොර පියන සවි කලා තිබුන විදිහටම... ස්තූතිවන්ත ඇස් වලින් ඈ රන් කුඩුවට සමුදුන්න ... ඈ හැඬුවෙ නැහැ.. සිනහ උනා... ආදරෙන්..දයාවෙන්....
ඊලඟ මොහොතෙ... මෙන්න ඈ අහස් යානයක් වගේ.... ඇසිල්ලේ මැවෙන දිවෙන සුලං රැල්ලක් වගේ .... ආකහේ ඉස්සර වගෙම ගී ගයමින් පියාඹනව! සුලං කපොලු, වැහි කෝඩ වලින් පරිස්සම් වේවි ඈ ඉස්සර වගෙම... ඈ දැන් නිදහස්...
මෙතෙක් කල් ඈ සිර කරන් උන්න ඇගෙ හිතෙන්... ඈ නිදහස්!
කූඩුවට මොනව හිතෙයිද කිරිල්ලි ආයෙත් එන්නෙ නෑ කියල දැනගත්තාම.
ReplyDeleteසුභපැතුම් මිස්. ඔන්න දැන් මිස්ගේ බ්ලොග් එකත් සින්ඩියේ ඉන්නව.
කූඩුව කිරිල්ලි ගැන සතුටු වෙයි නේද? කූඩුව දන්නව කිරිල්ලි හිටිය දුක! කූඩුව කිරිල්ලිට ආදරෙයි.. ඉතින් කිරිල්ලි සතුටින් ලස්සනට හිනා වෙනකොට .... කවුද අකමැති? :-)
ReplyDeleteඔව් ඔව් ... සින්ඩියට ජය වේවා!!
i cant see the updated syndi with my blog post ne... how do u see it?
ReplyDeleteසින්ඩිය update වෙන්න පැය 2~3 අතර කාලයක් යනව මිස්. මම මිස්ගේ බ්ලොග් එක තියනව කියල දැක්කේ සින්ඩියේ දකුනු පත්තේ තියන ලිස්ට් එකේ. හරියටම මගේ බ්ලොග් එකට උඩින්
ReplyDeleteඔන්න දැන් හරි. ඔය update වෙලා තියෙන්නේ.
ReplyDeleteනියමයි... සින්ඩියට ජය වේවා! ස්තූතියි ඔබටත්...
ReplyDeleteකිරිල්ලියේ කිරිල්ලියේ
ReplyDeleteතටු සලලා පියාඹපං
නිල් පාටින් දිලිහි දිලිහි
අහස නුඹට සුභ පතාවි
සිසිල් සුළඟ නුඹ සනසා
හැමදාමත් ලඟ ඉඳීවි
හිරු සඳු තරු නුඹ යන මග
තනිකම පාලුව මකාවි
කිරිල්ලියේ කිරිල්ලියේ
තටු සලලා පියාඹපං
මුව අයාන බලා සිටින
රාස්සයෙක් හමු වෙනකන්.....
සින්ඩියට සාදරයෙන් පිලිගන්නවා.....
තටු සලලා පියාඹන්නෙ
ReplyDeleteකිරිල්ලි හරි පරිස්සමෙන්
රාස්සයින් ඉන්න ඉසවු
සීරුවෙන්ම මග හරිමින්...
තනිකම පාලුව මකන්න
හිරු සඳු තරු හොඳටම ඇති
තටු සලමින් පියාඹන්නෙ
කිරිල්ලි දැන් හරි සතුටින්...
ස්තූතියි යාලුවේ ප්‍රතිචාරෙට !
මිස්ට මාර හැකියාවක් තියනව කවි ලියන්න. එලම තමා
ReplyDeleteස්තූතියි ප්‍රතිචාරෙට 'ආදර කතාව' :-)
ReplyDeleteපරිස්සමින් පියැඹුවත්
ReplyDeleteබාධා කරදර එමටයි
මිතුරු වෙසින් පියඹා එන
සලෙලු කුරුල්ලන් බොහොමයි
තනිව සරන කිරිල්ලියන්
ඩැහැගන්නට අය බොහොමයි
කිරිල්ලියේ හැමදාමත්
බැහැ තනිවම පියාඹන්න
වැඩි කල් අහසේ නොරැඳී
යලි කැදැල්ලකට ඇදෙන්න...
බාධා කරදර කවදත්
ReplyDeleteකිරිල්ලියට තිබුන නොවෙද?
ඉන් සැලෙන්න තරම් බොලඳ
නොවී ඉන්න ඈට බැරිද?
සලෙලු කුරුල්ලන් දෑසින්
කිරිල්ලි නම් ඉඳියි මිදී
අහස තරම් නැවුම් නිමල්
කැදල්ලකට යාවි ඇදී
කවි මිතුරේ ස්තූතියි ලස්සන කවි වලට!
කරදර හා බාධකනම්
ReplyDeleteකවදත් කොතැනත් ඒමටයි
ණුවනින් කටයුතු කලොතින්
හැමදාමත් ජය නියතයි
වෙර වීරිය සහ බුද්ධිය
උපතින් ඔබ හට උරුමයි
කිරිල්ලීයේ නුඹෙ ගමනට
සියලුම දෙවි රැකවරණයි
ෂා... මේ අනුරාධත් අපේ මිස්ටම හරියනව. දෙන්නගෙම කවි හැකියාව නම් උපරිමයි. අයියෝ ඉතින් අපිට බෑනේ ඕව. අපි ඉතින් හැමදාම අහන් ඉන්නව විතරයි. (මිස්, මම මේ බ්ලොග් එකට ඇබ්බැහි වෙලාද කොහෙද) :) :) :)
ReplyDeleteaparade kiyanna baha golayath miss tama hariyanawa.miss guru mushtiya thiya ganne nathuwama shilpa labadeela thiyanawa golayata.
ReplyDeletehoda miss kenek ..math kamathi oya missge panthiyata enna.
kamalika
@ ආදරකතාව
ReplyDeleteමොකෝ 'ආදර කතාව ' අලුත් පෝස්ට් එකක් ලියුවෙ නැත්තෙ?
@ කාමලිකා
මම ගෝලයන්ට උගන්නන්නෙ කවි නෙමේ... :-) එන්න එන්න මගෙ පන්තියට!
ඇයි මිස් ලිව්වනේ. ගිහින් බලන්නකෝ......
ReplyDeleteok balannam....
ReplyDelete