නුඹ...
හොර රහසින්ම උදාවූ
සොඳුරු වසන්තයක් මැයි
මටත් නොදැනීම
මා සමග ආ
සුලං රොදක් මැයි....
හිතටත් හොරා
නොදැනීම වැටෙන
හුස්මක්ම වේ මැයි...
ලංවී නිදැල්ලේ
සිත අස සරන
ඇසි පිල්ලමක් සේ මැයි....
සඳකට පායන්න
බැබැලෙන්න ඉඩ පිදුව
නිල් අහසක්ම සේ මැයි...
කලුවරින් ඉකි බිඳි
සඳින් එලි ලැබ පණ ලද
මගේ අහස නුඹමැයි....
ලස්සනයි මිස්.
ReplyDeleteවසන්තය නිමා වුවද
සුලං රොද නැවතුනද
හුස්ම නතර වුවද
නිල් අහස බොද වුවද
මගේ වූ නුඹ මගේ මැයි.
අයියෝ, ඔන්න මිස් අමාරුවෙන් නිකම් කවියක් වගේ එකක් ලියාගත්තා.
වෙලාව හදන්නකෝ................. :-(
ReplyDeleteලස්සනයි :-)
ReplyDeleteඑහෙනම් ඔයාගෙ බ්ලොග් එකෙත් දාමු කවි මින් පස්සෙ හොඳද?
අහස කියන්නේ බොඳ වෙන දෙයක් නෙමේ... විටෙක වලාකුලින් ගහනව, විටෙක අන්තිම පැහැදිලි නිලෙන් බබලන, කොහොම කෙසේ වෙතත්, සඳක් පායන විට කිරි බැබැලෙන සුන්දරත්වයෙන් දිලෙන, අති සුන්දර, ගැඹුරු, අනන්තය තරම් ගැඹුරු සුන්දර වස්තුවක්... ,මුල මැද අගක් නැතිමුත් ලෝකයටම සෙවණ දෙන, සඳකින් මිස අන් කිසිවකින් සිහිල් වනු නොහී මහා දැවැන්ත සෙවනැල්ලක්......
අම්මෝ බෑ බෑ. මට කවි ලියන්න බැරියෝ.... Test එක මේ සතියේ තියන්නත් එපෝ....
ReplyDeleteහ්ම්..හ්ම්... බ්ලොග් බැලුව ඇති.... දැන් ගියා පාඩම් කරන්න! ටෙස්ට් එක තිබේ....
ReplyDeleteගලන දිය පහරට
ReplyDeleteඅමතක වේවි ගලන්නට
හිරු සඳුට අමතක වේවි
යලි හෙටත් පායන්නට
මල් වලට අමතක වේවි
පිපෙන්නට උදෑසන
ඒත් නිල් අහස නුඹ
නුඹ සදාකාලිකයි
උදාවන හැමදාම .......
ලස්සනයි... අපුරුයි... හදවතෙයි, ස්භාවධර්මයෙ තියන දෙවල් ලස්සනට ගලපනවා නෙද..... මුතු පබළු වලින් හදපු මාලයක් වගෙයි..
ReplyDelete@ උෂාන්
ReplyDeleteඅන්තිම ලස්සනයි පිලිතුරු කවිය.... මගේ සිතුවිල්ලම තවත් ඔප කලා වගේ... ස්තූතියි....
ඒත්... හිරු නොම එන අහස දැවිල්ලෙන් මිදෙනු සැබැවි... ඒත් සඳු නොම එන අහස සිහිල ලබන්නේ කාගෙන්ද? අහස ඒ නිසංසල සිහිල නැතිව වැලැපේවි... යලිත් අහස් තලය අඳුරින් මුකුලිත වේවි...
සඳ සිහිලෙන් ඇබින්දක් හෝ අරං අමාවක දාකත් සඳු කාටත් හොරා අහස් තලේ හැංගී ඉඳීවි...
නිතර වැටෙන ඇසි පිල්ලමක් සේ, නොදැනිම ගැනෙන හුස්මක් සේ, හීන් සීරුවේ සිත වටා එතෙන සුලං පොදක් සේ අහස නුඹ සඳට නොදැනිම සඳ උරුම කරගෙන හිඳී...
@රවා
ReplyDeleteස්තූතියි රවා....
ඔව්.... ස්වභාව ධර්මය කියන්නේ හදවතට සමීප මිනිසුන් පමනක් හඳුනන ජීවිතයෙ රිද්මය ... නේද රවා?
ඔව්, කලින් ප්‍රතිචාරෙ ලියුව වගේ,
ආදරය නම් මෙවන් විය යුතු යයි මට නම් සිතේ...
එය ඇවිලෙන ලැව් ගින්නක් නොව, හදවත තවන , නිවන, සනසන, මග පෙන්වන, ගැඹුරු, එහෙත් ගිනි ගත යුතු මොහොතක පමනක් ගිනි වැදිය යුතු හැඟීමක් බවයි මගේ හැඟීම...
ආදරය හරියට, නොදැනිම වැටෙන ඇසි පිල්ලමක්, හුස්මක් මෙන් හදවතෙහි කොටසක්ව සිටින, අවබෝධයෙන්, බොලඳත්වයෙන් සමෝසමේ ගත් වට්ටෝරුවක් වන තරමට ඒ ආදරය සුන්දර ගැඹුරු සහ පරිණත එකක් වනු ඇත...
හරියට සඳක් පායන අහස මෙන්.... කිරි බැබැලෙන පුන් සඳෙහි සිට අමාවක තෙක් නිසංසලේ මෝරමින්,යලි වියැකෙමින් එහෙත් ඒ ලෝක ධර්මය සමග නොගැටෙමින් යලිත් පායමින් සඳ අහස එලිය කරනු ඇත.... අහස සඳටවත්, සඳ අහසටවත් නෝක්කඩු නොකියන ඒ සබැඳියාව හරියට අවබෝධයෙන් යුතු ආදරය වගෙයි කියා මට හිතුනා....
අහස සේ නුඹ සිටියද..
ReplyDeleteමම පුංචි තරුවකි
කවදාවත් අපි හමු නොවන..
දෙන්න මට පොඩි ඉඩක්
පුංචිම තරුවක්ව දිලිසෙන්න
නුඹේ ඔය තරු අහසේ....
තරු කැටයක් පවා නොදිලිසුනු
ReplyDeleteආලෝකය යනු මේ යැයි නොදත්
ගණ අඳුරේ තනිවූ
අහස මම...
මුලු අහසක් එකලු කල
ජීවිතය, ආදරය, සෙනෙහස මේ යැයි
කියා දුන්
මගේ සිත් අහසම වසා පෑයූ
මගේ සඳ ඔබ......
oya lassana kavi hithata...tharu mal dasa dahasak pipewa....!!!!
ReplyDeleteහරිම ලස්සනයි !
ReplyDelete@ ජීවිතය සොබාදහම.....
ReplyDeleteතරුවකින් එලිය වී
නිතොර එලි බිඳිති දෙන
අහසකට පායා
ඇත සියල් එලි නිවන
පුරා සඳක්.... !
ස්තූතියි යාලුවේ කවියට !
@ Gvithaya
ReplyDeleteතනිකමක් ගැන
ඉතින් නම් නොකියන්
මගෙම
සොඳුරු නිල් අහස මනරම්...
අමාවකටත්
සියල් ලොවටම හොරෙන්
ගන අඳුර එනු නොහී
සඳ එලියෙන් ඇබින්දක්
ගෙනෙන්නෙමි
සිත් අහසට මම්....
ජීවිතයත්
ආදරයත්
සෙනෙහසත්
පණ ලැබ සිනහසෙන්නේ
නුඹ නිසයි
මා සොඳුරු නිල් අහස
මනරම්....
@ නෙතාරා
ReplyDeleteතරුමල් දස දහසක
එලියමෙන් සිය ගුණයක්
කිරි බැබැලෙන එලි කැණින්
එකලු වී ඇත
පුරා සඳකින්
ඒ සොඳුරු සිත් අහස....
@ muthu pabaa
ReplyDeleteස්තූතියි යාලුවේ මිනිස්කම බෙදා ගත්තාට
ඔක්කොමලා පිළිතුරු ලියලා තියෙන්නේ කවියෙන්ම නේද?
ReplyDeleteසැඟවුනු කවියෝ බොහෝමයි.
ඒ හින්දා මම ලියන්නම්කෝ වෙන විදියකට මට හිතුන දේ ...
පුංචිම පුංචි වචන එකතු කරලා හරිම හොඳට ගලපලා තියෙනවා.
ඒත් මගේ මුළු අහසම නම් ඔයා නෙමෙයි කියලා තමා කියන්න වෙන්නේ.
මගේ ආකාසේ නම් තව කොහොප දෙනෙක්ම ඉන්නවා පොඩියට පොඩියට හරි...
තව පිපෙන්නත් පුංචි තාරකාවකුත් තියෙනවා...
/බිඟුවා...!
@ බිඟුවා..
ReplyDeleteබ්ලොග් ලිවීමට ස්තූති වේවා!
මගේ විකාර අදහස් දිරවන, ඒවාට හිනා නොවෙන බොහෝ අපූරු මිනිසුන් මෙහි හමුවෙයි...
ඔව් ඔව් බිඟුවා... කවියො ගොඩයි...
ඔබේ අදහසත් කවියක් තරම්ම වටිනව!
මම සඳක්... ඒත් ලස්සන ගැඹුරු සුන්දර එක අහසකට උරුම උන.... මගේ අහසටම පායන.... ඒ සොඳුරු අහස ගැනයි මේ කවිය ලියුවේ... :-)
පුංචි තාරකාව ගැන අලුත් බ්ලොග් පෝස්ට් ලියන්නේ කවද්ද? ලඟදි නම් updates දැක්කෙ නැහැ :-)
ada hetama liyanawa..
ReplyDeletemata sinhale comment post kala nohaki nisa kavi noliyami...oyage adahas apuuru.. nangi
ReplyDelete@NIMANTHI
ReplyDeletethanks for your comment.... miniskama dhigatama bedhaa ganimu :-)
සඳ පැතූ නිල් අහස
ReplyDeleteනුඹ අයිති කරගෙන
මුව අයා පෙම්බැඳ එයට ,
අසරණ කළා ඒ
සොඳුරු සඳ කුමරියව ......
ඇය ,
දිනෙන් දින තෙමා
වැටෙන සිය කඳුලින්
මහ පොළොව
බලා උන්නා එකම එක රැයක්
නුඹ අහස නොබලන ......
නොහැකි වූ තැන ,
මවාලිය ඇය
අමාවක අන්ධකාරය
නුඹව නොපෙනෙන්නට
ඇගේ දෑසට......
නුඹ කෙතරම් අසාධාරණද .........?
නුඹ මට අහසක් නොවුනාට
ReplyDeleteමන් තරහ නෑ
කමක් නෑ
නුඹ මට පුන් සඳ නොවුනට
මන් අමනාප නෑ.
අනේ ඒත්...
නුඹ මට පුංචිම පුංච්
පහන් තරුවක්වත් වෙනවනම්....
@ අනුරාද
ReplyDeleteපහන් තරුවක් මුත් එය ,
පුංචි එලි බිඳිත්තක් දෙන
නොපායනු ඇත
එකම තැන
එකම විට...
එයයි ලෝ දහම....
@ උශාන්
ReplyDeleteකිමද සඳ කුමරිය අසරණ?
ඈත් , අහසත් දනිත් නම්
ලෝ දහම....?
අහසට නෝක්කඩු නොකියන්
මිතුර..
සඳ කුමරියද අසරණය...
අන්ධකාරය, ලොවටම මැවෙන සඳ
ඈ හොරෙන් ඉන්නෙත්
ඒ සොඳුරු අහසෙයි ලැගුම් ගෙන...