"මම ආපහු එනව ...! "

ඉර බැහැ ගෙන යන හැන්දෑව දකිද්දි හැමදාමත් වගේ හූල්ල හූල සිහිනය ගැන හිත හිත මට ඉන්න සිදු වුනේ නැහැ. මෙන්න මම ලස්සන වෙරලෙ අයිනක වාඩි වෙලා... තට්ට තනියම!

ලෝකයම දොඩමලු වෙලා... පුංචි පැටවු ටිකක් එකතු වෙලා බෝට්‍ටු අරිනව! පුංචි පවුලක් කෑම බීම අරන් පුංචි පික්නික් එකක් ඇවිත්.. දඟකාර කොලු ගැටවු ටිකක් ක්‍රිකට් ගහනව...විසේකාර කොලු ගැටයෙක් හුලං බදමින් වේගයෙන් රල උඩ යන ස්කේටින් තට්‍ටුවක නැගී චමත්කාර දසුනක් මවමින් වාත වේගයෙන් පාවෙනව.... මම... පුංචි වැලි මාලිගාවක් හදනව...

"තනි තට්‍ටුවෙ, පොඩි වහලයක් තියන,හත‍රැස්.... " ඔව්  සුන්දර ගෘහ නිර්මාණ ශිල්පියා ඒ කිව්ව විදිහෙම ලස්සන පොඩි වැලි මාලිගාවක්... ටික ටික ගොඩනැගෙනව....

මූදු ‍රැල්ල බිඳ බිඳ වැලි මාලිගාව ලඟටම ගලනව... රතු එලි දල්වමින්.... ඒත් මම වැලි මාලිගාව හැදුව... රලට ගසා ගෙන යන බව දැන දැනම... හැන්දෑව හෙමි හෙමින් සමු අරන් යන්නයි ලැහැස්තිය... ඉර දෙවියො බලාන ඉන්දැද්දි සිතිජ ඉමේ ගිලා බහිනව...  හිතේ තියන හීනෙන් අඩක් හරි ඉෂ්ට කර ගත්ත මම හෙමිහිට සැන්දෑ වෙරලෙන් නැගිට්ටෙ අකමැත්තෙන්...


මගේ පුංචි වැලි මාලිගාව.. හෙට නුඹ එතැන නැහැ... මම දන්නව.. එත් අනේ මහ සයුරු කුමරුනි, අඩුම ගානේ සලකුණක් වත් තියා යන්න මගේ පුංචි වැලි මාලිගාවේ... . සුන්දර හදවතක ගෘහ නිර්මාණ ශිල්පය...  මගේ අඩක් සැබෑ වුන සිහිනය....

යන්න කලින් මම වෙරලට හීන් රහසක් කිව්ව... "මම ආපහු එනව ...! "

(වැලි මාලිගාව හැදුවෙ  2010-2-4 හවස 5.00 ට ගල්කිස්ස වෙරලෙදි)












8 දෙනෙක් කියූ අදහස්..:

rasika jayakody said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වලාකුළු නිම්නය මත
හිරුත් නවතියි සවසක
පුළින ළය මත විකසිත
පෙණ බුබුලක්ය මඳහස

සිතුවිලි ලවැලි මතුපිට
සිතුවම් අඳියි පියවර
කළු ගල්කුළක හදවත
සිනහ සීරා උපදන

සරැලි විසිරී වැලි මත
මාලිගය බිම ඉහිරෙත
අකුරු මතුවෙයි වෙරළ'ත
කුහුඹුවෙකු ලිව් කවියක

ආදර කතාව said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ photo එකේ තියන වැලි මාලිගාව ඇත්තටම හැදුවේ මිස්ද?

ජීවිතේමල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කලු ගල් කුලද හස දෙන
සිතුම් සීරා ඉපිදෙන
අකුරු ඇහිඳිමි අදරින
කුහුඹු කවියෙන් සෙස් වුන

මාලිගය ඉහිරුනදෙන්
දල රලට ඇමිණෙද්දෙන්
කුහුඹු කවි මතු වීයන්
කවි මතින් මල් පිපියන්

.::පිස්සා::. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හ්ම්ම්ම්ම්...............

අනුරාධ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔය සියුමැලි අතැඟිලි
තාලයකට නලවමින්
මා මතින්
මගේම රුධිරයෙන්
ඔබ තැනූ මාලිගය
සයුරු රළ සිපගනිද්දී....
බිඳී විසිරී ගියේ
නුඹේ මාලිගය නොව
නුඹට පෙම්බැදි
මගේ හදවතයි

-වෙරළ-

ජීවිතේමල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ ආදර කතාව:

ඔව්... මේක හැදුවෙ මම තමයි ..... මටත් ඉතින් පිස්සුනෙ.. මිස්ලට මෙච්චර පිස්සු කියලා දැනගෙන හිටියෙ නැහැ නේද? . අපෝ මට උගන්නද්දි පිස්සු නෑ හරිද? උගන්නද්දි මම ඒ වැඩේ හරියට කරනවා... සෞන්දර්යය විඳිද්දි පොඩ්ඩක් වත් සීරියස් නැති පුංචි කවියෙක් වෙනවා..පුදුමයි නේද? :-)

@ පිස්සා... :

හ්ම්ම්...හ්ම්ම්... හ්ම්ම්.... ස්තූතියි හ්ම්ම් එකට...:-)

@ අනුරාධ

අතැඟිලි සියුමැලි නම්
තැනිය නොහැකිය සුහුරු විමනක්
නුඹ මතින්, තැනු මුත්
එහි කැවී ඇත මගේ කඳුලැල්
කඳුල කලමුත් සවිමත්
නුඹෙන් ඉපැදුන රළම දිව විත්
හදත් විමනත් බිඳි මුත්
මතක නොබිඳේ සසර ඇති තෙක්.....

හැමෝගෙම හැම ප්‍රතිචාරෙටම ස්තූතියි....

රවා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කවි ලොකයයි.. මුල් පින්තුරෙ දකිද්දි මතක් උනෙ ගල්කිස්ස මුහුදු තිරය. කැම්පස් එකෙ ඉද්දි විභගෙ ඉවර වුන ගමන් අපි ඔතනට සෙට් වෙන්නෙ. ජිවත් වෙන්නවා වගෙ අපුරුවට....

ජීවිතේමල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ස්තූතියි යාලුවේ...

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->