Tuesday, February 09, 2010

කොච්චර බොලඳද? එත් කොච්චර ලස්සනද?


ජීවිතේ කවියක්... ආදරේ එහි සොඳුරුතම වදනක් ! කඳුලැලි ගොඩක්, හස‍රැලි පොදක්, එකට එක් වූ විට දැනේ.. පෙර නොවිඳි රසයක්....(නන්දා මාලිනි)

ඒ රසයට අද මගේ හෙල බසම අතකොලු වුවත්, එදා... කිසිම බහක් අවනත උනේ නැහැ... :-)ඒ නිසාමද කොහෙද පිස්සියෙක් වගේ බැරි කඩුව වනන්න ගියේ ඒ කාලේ... :-)

අවදානම් පරිසරයක, මුහුදු වැල්ලක රල ලඟම හැදු තවත් පුංචි වැලි මාලිගාවක්... අන්තිමට එ සොඳුරුතම වදනෙන් මතක වශයෙන් ශේෂ උනේ, මේ කවි පිංච විතරයි  ....

සංසාරේ.... කාලය ගතවෙන ඉක්මන.... එහා පැත්ත බලලා මෙහා පැත්ත බලන ඇසිල්ලෙන් ජීවන සිදුවීම් කෝටි ගානක් පහු වෙලා... අපිව වෙනස් මිනිසුන් , ගැහැනුන් බවට පත් කරලා...
හිතාගන්නවත් බෑ...

එත් මීට අවුරුදු 7 කට කලින් උන්න මේ මගේ බොලඳ කම අද වෙනකොට මුහුකුරා ගිහින්ද කොහෙද.. ජීවිතයෙන් මුහුකුරා නොගිහින්, මහමෙර හිසින් දරා නොගෙන, බොලඳ බවින් මුහුකුරා යන්න හැකි වීම ගැන මම නම් පෞද්ගලිකව සතු‍ටු වෙනව.. ජීවිතයට හිනහව , සැහැල්ලුව ආරෝපණය කර ගන්න මම ආයුධයක් කර ගන්නෙ මගේ හිතේ හැංගිලා ඉන්න අවුරුදු 12 පුංචි ගැහැණු දැරිවියයි....

අවුරුදු ගානකට ( ම්ම්... 7 කට- 2003 ) කලින් ලියුව බොලඳ පුංචි සිතුවිල්ලක්...

"
when you looked at my eyes
and whispered my name
it was only , i was
a little bit surprised ..


when you lift a sweet word
and an innocent smile at all
it was only , i was
with a tender feeling beside


when you called me 'my dear'
when u asked 'why mood?'
i saw your ceaseless care
it brought me joy and smile


but
when you said 'you are mine'
'i love you' at last while
did you know how i got attacked
with a beautiful heart missile?


ආදරේ කොච්චර බොලඳද අනේ...... ෆෝන් පෙට්ටි ගානේ ඇවිද ඇවිද,කෝල් කර කර, කල් බල බල, ලෝකයටම හොරෙන්, ලෝකයටම බයෙන්....  අනේ... සංසාරේ... කොච්චර බොලඳ උනත් මොන තරම් සුන්දරද? :-)

35 comments:

  1. ආදරය බොලඳ ද කියලාවත් සුන්දරද කියලාවත් තවම දන්නෙ නෑ මිස්.
    නමුත් ලෝකයට හොරෙන් ලෝකයට බයෙන් කරන්න ඕනි දෙයක් කියලා නම් මම හිතන් නෑ. මොකද ජීවිතේ ගෙවන්නෙ/ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නෙ ලෝකයා නොවෙන නිසා අපි ජීවත් වෙන්න ඕනි අපිට ඕනි විදියටයි. (ඒ මගේ අදහසයි)

    ReplyDelete
  2. හ්ම්ම්ම්... මෙතැන්දි මම මගේ අදහස කියන්නම්.

    අපි ශිෂ්ටාචාරය බිහි වෙච්ච යුගයෙ ඉඳන්ම ජීවත් වෙන්නෙ 'රංචු' හෙවත් 'කල්ලි' ගැසෙමින්... ඒ තමා ඕනෙම සත්වයෙක්ගෙ ස්වභාවය.. තනිව සරන්නො නැතුවම නෙමෙයි... ඉන්නවා... තනිව සරමින් පවතින්නො හරීම අඩුයි... ඒ කල්ලිය කොටස් වලට විභේදනය වෙමින් යනවා.අපි අපේ ස්වභාවයට සහ අපිට අනුගත විය හැකි කල්ලියක කොටසක් වෙනව දැනුවත්ව හෝ නොදැනුවත්ව... මොකද අපි යැපෙනවා... පැවැත්ම ‍රැක ගැනීම පිලිබඳ සටනක තමා හැම තත්පරේම අපි නිරත වන්නේ..
    ඉතින් මේ සමාජ සංකල්ප විනිර්මුක්ත වෙච්ච තැනක ජීවත් වෙනව වගේ, අපි කොහොමද ලෝකයට අවශ්‍ය දේවල් අපි නොකරනව කියල කියන්නේ..?. ඇඳුම් ඇඳීමේ සිටන් ඉගෙනගැනීම දක්වා විවිධ දෙවල් අපි කරන්නෙ අඩු හෝ වැඩි වශයෙන් සමාජ අවශ්‍යතාවයන් සැපිරීමටයි... ඉතින් ආදරය කරන්නෙත් අපි මේ ජෛව විද්‍යාත්මක සිද්දීන් පිලිබඳ සමාජ අවශ්‍යතාවය ඉ‍ටු කරන කොටසක් හැටියට. අපි මොන තරම් උත්සහ කලත් අපිට අවශ්‍යම විදියට ජීවත් වෙන්න හරි අමාරුයි... සමහර දේවල් ලෝකයත් එක්ක ගැටෙමින් සිද්ද වෙනවට වඩා ලෝකයට බයෙන් කරන්න සිද්ද වෙන කාලයක් , වයසක් තිබුන. දෙමවුපියෝ, සමාජ මති මතාන්තර , යනාදී දේවල් වලින් ස්වාධීන වෙච්ච ජීවිතයක් හොයා යන එක ප්‍රයෝගිකද?
    මේක මගේ පෞද්ගලික මතයක් විතරයි

    ReplyDelete
  3. මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ...

    මිස් කියන හැම දෙයක්ම ඇත්ත මිස්. එදා මිස් class එකේදි උගන්වද්දි මට හිතාගන්න බැරි වුනා මේ ඉන්නේ සමහර වෙලාවට පොඩි එකෙක් වගේ හිතේ තියන හැම දේම එලියට දාල සංසාරේ අපි කියල බ්ලොග් එකක් ලියන කෙනාද කියල. මම විනාඩි 10 විතර ඒක කල්පනා කරමින් මිස් දිහා බලාගෙන හිටිය. ( මම හිතන්නේ මිස් දන්නව මම ඉන්න class එක. එහෙම නේ.) මේක comment එකක් විදිහට පල කරන්න සුදුසුද කියලනම් දන්නේ නෑ. මිස්ට හිතෙනවනම් සුදුසුයි කියල දැම්මට කමක් නෑ. එහෙම නැත්නම් කියවල delete කරල දාන්න.

    ReplyDelete
  4. කවිය එළ, නමුත් ඊටත් වඩා වැදගත් අදහස් ටිකක් ප්‍රතිචාර වලින් මතු වෙලා.

    හැම දේයක් සම්බන්ධයෙන්ම ලෝකෙට විරුද්ධව අපිට හරි කියල පේන දේවල් කිරීම ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. නමුත් කරන්න පුළුවන් දේවල් කිරීම සහ අඩුගණනේ ප්‍රතිරෝධයක් දක්වන බව පෙන්වීම වත් සිදුවිය යුතුයි නේද?

    වෙනසක් පොඩියට හරි ඇරඹුනේ නැතිම් අපිට ඉස්සරහට යන්න වෙන්නෙ නෑ. අවුරුදු ගොඩක් ගාණකට කලිං එක වඳුරෙක් ගහෙං බැහැල අනිත් අය හූ කියද්දි වැටි වැටී හරි කකුල් දෙකෙන් මහ පොළවෙ නැගිට ගන්න පොඩි ට්‍රයි එකක් දුන්නෙ නැත්නම් අද අපි මෙතන නෑ!

    ReplyDelete
  5. @ ආදර කතාව

    ලමයෝ මට නම් හිතා ගන්න අමාරුයි... මොන පන්තියද කියල.... එත් අනුමාන කරන්නම්.. මම ක්මෙන්ට් ඩිලීට් කරන්නෙ නැහැ. එත් තරහ වෙන්න එපා , එක කමෙන්ට් එකක් ඔයාගෙ මම ඩිලිට් කලා, හේතුව ඒකෙ මම වැඩ කරන, ඔයා ඉගෙන ගන්න තැන ලියල තිබ්බ නිසා... අනේ කවුද මේ ලමයා???

    එහෙම තමයි, අපේ හිත් වල ජීවත් වෙන සමහර පැතිකඩවල් හරිම අද්භූතයි.... හිතා ගන්න බැහැ...ඒත් මගේ වගේ ජීවිතයක මම දකින සුන්දරත්වයත් ඒකම තමා :-) මම අන්ත සෞන්දර්යවාදියෙක්... එක වෙලාවකට ඔනාවට වැඩිදෝ කියලත් හිතෙනව!

    ReplyDelete
  6. @ සුපුන්...
    ඔයාගෙ කතාව හරියටම හරි.. මේ ලෝකය මෙපමනවත් සුන්දර සහ නිවැරදි ලෙස තියෙන්නෙ එවැනි ප්‍රතිරෝධයක් පෙන්නන්න උත්සහ කල උතුම් නිර්භීත මිනිසුන් නිසා. අපි මේ 'ලෝකයට උවමනා' සහ 'මට උවමනා' කියන රේඛාවේ සමබර ලක්ෂයක් අපි විහින්ම සොයා ගත යුතුයි නේද?
    අපි අපේ හොඳ නරක පිලිබඳ අවබෝධය, සමාජය දිහා බලන විවෘත මනස, සානුකම්පිත දෘෂ්ටිය මුවහත් කර ගැනීමෙන්, ඒ ආත්ම විස්වාසය වර්ධනය කල යුතුයි නේද.?
    වෙනසක් ඇරඹිය යුතුයි... එ තමුන් කරන දේ අවදානමක් ගැනීමක් පමණක්ම නොවී, හොඳ පදනමකින් යුතුව ඇරඹෙනවනම්.... එයට ආයුෂ තියනවා... ලෝකයට පුංචි වෙනසක් හරි අපි එකතු කරනව...

    ReplyDelete
  7. @ ආදර කතාව
    ස්තූතියි...

    මේ බ්ලොග් profile එක හුඟාක් පරණයි... modify කරන්න ඕනේ :-)beautiful mind බැලුවෙ ලඟදි :-) thanks for reminding.... :-)

    ReplyDelete
  8. oya 'adara katawe' liyapu comment ekak dakala mata godak baya hithuna..mona hari liyanna one kiyala hithanakota dana gatthe oya miss kenek kiyala..mama thawath baya una..ai dannawada mama oyata wada awu,7 kata balai.anith eka mama teachers lata harima bayai..koma unath oya wage akkiyek mata unna nam kiyala hithenawa........godak dewal kiyanna..........

    ReplyDelete
  9. :-)
    නංගියා...
    මේ ලෝකයෙ අපි ජීවත් වෙද්දි බය විය යුතු දේට බය වෙන්න එපැයි.... :-)
    'ආදර කතාව' ගෙන් අහන්නකො මම බය හිතෙන මිස් කෙනෙක්ද කියල....:-)
    ටීචර්ලට බය වෙන්න එයල යක්කුද පොඩ්ඩෝ??? :-)
    හී...හී.....

    ReplyDelete
  10. අයියෝ nethara ඔයා බය වෙන්න එපා. මෙයා මිස් වෙන්නෙ අපිට උගන්වද්දි විතරයි. මෙතනදි ජීවිතේමල්. ඒක නිස බය නැතිව කියන්න තියන දෙයක් කියන්න පුලුවන්. බොරු නම් අහල බලන්න මිස්ගෙන්. නේද මිස්.

    ReplyDelete
  11. ඒකනේ. ඔයා class එකට ඇවිත් බැලුවොත් ඒක තේරෙයි. නැත්නම් මම උනත් මෙහෙම ලියනවද?

    ReplyDelete
  12. අයියෝ මිස් කරදර කරනවට සමා අවසර. මේ නංගි කොහොමද දන්නේ මිස්ගේ වයස?

    ReplyDelete
  13. mata oyalage class walata enna ba ane.mama inne oyalagen godak dura himen wahuna rataka..dan me poosek wage ande guliwela..mata godak sathutui dan tikak baya adu una.. eth mata sinhala liyanna bane.....

    ReplyDelete
  14. @ ආදර කතාව...

    ප්‍රශ්නයක්...කොහොමද නෙතාරා මගෙ වයස දන්නේ????

    ඒක නේන්නම්... ඔයල දන්නවනෙ මම ක්ලාස් එකෙ ඉන්නෙ කොහොමද කියල... මම හරි කැමති පන්තියක් ඒක.... :-) අපි හැමොම පන්තියේ හිනා වෙලානෙ ඉන්නේ.....:-)

    ReplyDelete
  15. oyata thiyana lokuma prasne okada dan???? miss wayasa kiyala thiyenne,oya dakke nadda?

    ReplyDelete
  16. ඒකට මොකද නගෝ. ඔය පුලුවන් විදිහකට ලියන්න. මේ ලින්ක් එකට ගිහින් බලන්න. මම සිංහල කරන්නේ ඒකෙන්

    Click Here

    ReplyDelete
  17. මම මුලින්ම ගැහැනු ලමයෙකුට ආදරය කළෙ 3 වසරෙදි, අපි කොච්චර බොළද උනත් වැඩිහිටියන්ගෙන්, යම් යම් දෙවල් වලින් ගත්තු ආදර්ශ හින්දා නපුරු වෙන්න ගියෙ නැහැ. එ කාලෙ විරුද්ද ලිංගිකයින්, ආකර්ෂනය කියන්නෙ මොකද්ද කියලා දැනගෙන හිටියෙත් නැහැ. මම වෙරලු, නෙල්ලි ගස් වලින් ගෙඩි කඩලා ගෙනිහිල්ලා එයාට දෙනවා. පංසලෙ දි එයා ගෙන මල් වලින් කොටසක් මට දෙනවා. මට හම්බ වෙන දෙවල් වලින් කොටසක් එයාට දෙනවා. අපෙ අයියට මෙක දැනුනා එයා ඔච්චම් කරා මට, පොඩි උනත් මම කැමති උනෙ නැහැ එයාට කවුරුත් වචනයක් කියනවට. මම මගෙ හිතෙ තියන ආදරය හංග ගත්තා. පාසලෙ දි උනත් මම හම්බ වෙන්න ගියෙ නැහැ. උසස් පෙළ ඉවර වෙලා එයගෙන් අහන්න හිටියෙ. කුරුණැගල පන්ති ගියා එයා කොල්ලෙක් එක්ක යහලු උනා එයා. මගෙ හිතෙ තිබ්බ ආදරය හංගගෙනම මම නිහඩ උනා. එව මතක් උනා ඔයගෙ පොස්ට් එක දැකලා.

    ReplyDelete
  18. miss oyage oyage profile eke eka thiyanawane..oya neweda eka liwwe?

    ReplyDelete
  19. ammooo...oya RAWA kiyanne mama ganada danneth na..apith kurunegala he.he

    ReplyDelete
  20. @ රවා

    අහ්.... සුන්දරයි නේද? දුකකින් කෙලවර වෙලා තිබ්බත් එ පුංචි සිහින හරි සුන්දරයි නේද?

    අනේ රවා, ඔයා ලියල තිබ්බ ඒ ලපටි අහිංසක ආදර හිත කියෙව්වම නම් හරීම සංවේදි උනා...පුංචි පැංචියෙක් එක්ක මල් බෙදා ගන්න කොලු පැටියෙක් හිතේ මැවිල පෙනුනා... :-)

    මගේ මේ මතකය නම් එච්චරම පුංචි කාලෙ නෙමේ... :-) අවුරුදු 19 විතර ඇරඹි මතකයක්... (ඔන්න වයසත් එලි උනෝ.... හී හී....:-) )

    ReplyDelete
  21. අනේ අපිට නම් ඉතින් යාන්තමට වගේ 23යි තාම. මේ ඒක නෙමේ, කට්ටිය නිදාගන්න පාටක් නෑ වගේ අද. ඔන්න මම ගියා නිදාගන්න. ඔක්කොටම සුභ උදෑසනක් කිව්ව. :) :) හි හි හි හි

    ReplyDelete
  22. miss godak thanks oyata...'adara kathawatath' godak thanks.mama try karannam oya ewwa eka egenaganna..mmmm sorry oyawa awiswasa kalata muladi..(dan ithin nam wiswasai kiyanawa newe ok?)he..he..he.

    ReplyDelete
  23. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  24. ආදරේ බොලද නැ ඒක තමයි ඇත්ත අපි ආදරය කරන කොට අපේ හිත් වල අපිරිමිත සෙනෙහසක් උපදිනවා ඒ දේ හරිම අවංකයි ඒ ආදරය සෙනෙහස පිරුනු මනුස්සකමක් ඒක ජිවිතයට කවදාහරි තදින්ම බලපාන දෙයක්

    ReplyDelete
  25. miss mama dakka eka ada meke dala thiyanawa..godak duka hithuna...ane pin sidda wenawa eka remove kalata..!!

    ReplyDelete
  26. @ nethara - ඔයා ඉස්සරවෙලාම මේ තියන link එකට ගිහින් සිංහල unicode install කරගන්න. මේ තියෙන්නේ ඒ link එක. මෙතනින් පුලුවන් ඔයාට ඒක download කරගන්න

    Click Here

    ReplyDelete
  27. @nethara
    අනෙ නංගියා..මට සමාවෙන්න, කලින් කමෙන්ට් එක දාලා තිබ්බේ වැරදීමකින්... මම මුලු කමෙන්ට් එකම කියවන්නේ නැතුව පෝස්ට් කලා.. ඒකට මට සමා වෙන්න... ප්ලීස්.... මම ඔයාට පුද්ගලික උත්තරයක් දාන්නම් ඒකට ... වෙරි සොරි වෙච්ච දේට....

    ReplyDelete
  28. @ nethara - neth කියන නමින් මේ බ්ලොග් එකට වෙලා ඉන්නෙ ඔයාද?

    ReplyDelete
  29. ඔන්න මාත් ආවා. හැමෝම ගොඩක් දේවල් ලියල තියෙන නිසා මන් වැඩි දෙයක් ලියන්නේ නෑ. එකම එක දෙයක් කියලා යන්නම්.


    සුන්දරයිලු
    බොළඳයිලු
    පිවිතුරුයිලු
    වෙලාවකට චපලයිලු
    එකම වචනෙකට
    විශේෂණ පද දහස් ගණනක්
    ඇයි ඒ...?
    ලෝකය කැරකෙන්නෙ
    ආදරය කියන
    අක්ශය වටේද කොහේද...

    ReplyDelete
  30. ithin...mama danui awe..miss mama hithuwa oyata waradeemak wela kiyala.na..na..kamak na.eka ganan ganna epa.

    'adara kathawa' ow ayye.mama thamai.nethara mage attha nama.yaluwo kiyanne neth kiyala.mawa lankawe katawath mathaka nathuwa athi.ekai nama damme.

    ReplyDelete
  31. miss..eye ra 'ara kathawa' oyata kiwwata passe mata nindak awema na.oya dannawada mama kala de? mage room eke balconiya adi 2 withara usata himen wahila.mama light eka dala heminma gihin,ara himen kotasak ekathu karala podi kandak hadala passe eka hada karala oyage ara 'vali maligawa' wage 'maligawak' haduwa.onna pandara 2 th una..udeta photo ekak gannawa miss ta yawanna kiyala hithagena nidagattha..ude office yanna kalin diwwa maligawe photo eka ganna..ane eka ethana na..mama nidi athare wassak wahala..eka diyawela..me winter eka ehema thama..balanna miss, 'werale' hadana 'valimaliga'.....'kanduwala' hadana 'himamaliga'.....wenasak thiyanawada??????

    ReplyDelete
  32. @ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
    වර්තමානයෙ අපි ආදරය කරද්දි අපිට අතීතයෙ සියුම් තැන්, උවමනාවට වඩා සංවේදී උන තැන් පේනව. එයයි මා බොලඳ කම කියා අදහස් කලේ..... එහෙම නැතුව ඒ අපරිමිත සෙනෙහස ලඝු කොට තැකුවා නොවේ....

    @ අනුරාධ

    ඇත්ත.... අපි ආදරය කියන අක්ෂය වටේටම ශේෂ වුන මුලු ලෝකයම ගොඩ නගනවා... බලාපොරොත්තු හැම එකක්ම අපි 'මම' ගැන නොහිතා , 'අපි' ගැන හිතලා ගොඩ නගනවා.... ඒත්, යම් දවසක එතැන බිඳ වැ‍ටුනොත්, ඒ වටා හැදූ හැම දේම සුන්නද්ධූලි කර ගන්නවා අපි.! ඒක නම් එච්චර මොලේ ඇති වැඩක් නෙමෙයි. අස්ථිර ලෝකයේ ආදරය පමණක් ස්ථිර නැහැ. ඒ නිසා බුද්ධියෙන් පරෙස්සමින්, අපි අපගෙ ජීවිතය ගොඩ නැගිය යුතුයි... අක්ෂයකට ආකර්ශනය වන්නට පෙර තමන් ශක්තිමත් විය යුතුයි, අක්ෂයක ගුරුත්වය හදිසියෙම අහිමි උනත් , තම ප්‍රබල සවියෙන් නොසැලී සිටින්නට.....

    @නෙතාරා
    අහ් නංගී..... වැලි මාලිග, හිම මාලිග හදද්දි අපි අපේ හිත මුලින්ම සනසවා ගන්න ඕනා අහිමි වීමේ දුකට.... හිත කලින්ම හදාගෙන හිටියනම් , ඔයා පහුවදා උදේ බලනකොට දුක හිතෙන්නේ නැහැ... මුහුදු වෙරලක හරි ටික දොහකින් දිය වෙලා වැගිරෙන හිම කන්දක හරි කිසිම දවසක කොන්ක්‍රීට් මාලිගා හදන්න එපා...

    ReplyDelete
  33. miss..oya ai mokuth liyala natthe? oyata komada? mama me dawas wala sinhala liyanna egena gannawa..oyage blog eka mula indanma kiyewwa mama..ow.miss oyage amma tattha hithapu vidiya hari..mama dakka babalawath athin aran jobs illana pelapali wala yana ape rate upadi thiyana akkala..ane kochchara pawda?

    ReplyDelete
  34. @නෙතාරා

    නංගිය, ඊයෙ මම ලිපියක් ලියුවා බාගෙට... ඉතින් අද ඒක මම දානවා.... ජීවිතේ හරි පුදුමයි නංගී... මම හිනහවෙමින් අඬන , අඬමින් හිනහ වෙන අමුතුම ප්‍රාණියෙක්... ඒත් මම 'ජීවිතේමල්' නමැති මට ආදරෙයි... මම ඒ අභිමානය හිතේ රඳවගෙන හිනහ වෙනවා ලෝකයම මට ඔරවද්දිත්... :-)

    අපේ අම්මලා හරි වෙන්න ඇති... අද වෙනකොට ජීවිතය සහ අනාගතය ගැන බයක් නැතුව ස්වාධීනව ජීවත් වෙන්න මට හැකිවෙලා තියෙන්නේ ඔවුන් බලහත්කාරයෙන් හරි මා වටා හදපු ඒ ‍රැකවරණය නිසා...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->