අනේ මට සමනලයෙක් අල්ලල දෙන්න...
එපා.. දුරින් ඉඳන් බලන්න... අර බලන්න.. එයාල පියඹන හැටි
අනේ අර අත්තටු... අර ලස්සන පාට...
ලමයො ඔය පාට ලඟට ගියහම තියේද? නෑනෙ... පාට කියන්නෙ ලඟට ගියොත් තිත් ගොඩක් නෙ...නෑ නෑ..පාට කියන දේ සුන්දරත්වය ලං උනත් ඈතින් උන්නත් තියනව...මට බලන්න ඕනෙ එයාල හුස්ම ගන්න හැටි...ඇසි පිය අරින වහන හැටි... චූටි මුව පොඩිය අරින වහන හැටි... කතා කරන්න වගෙ බලන් ඉන්න හැටි අපි දිහා...
ඊට පස්සෙ... ඊට පස්සෙ...ඊට පස්සෙ ඔයාට සැනසෙන්න හැකිද?
ඔව්... එතනින් එහාට මම මොකුත් හොයන්නෙ නෑ... මම එතකොට සමනලයගෙ හෑම දේම දන්නවනෙ... මම එයා ගෑන දැනුමෙන් පිරිපුන්.... මට දැන ගන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ...
ඔයාට ඒක සැනසීමක්ද? හ්ම්ම් කමක් නෑ... ඉන්න මම එකෙක් අල්ලල දෙන්නම්....
අනේ..ඔන්න එනව... ඔන්න ආව.. අනෙ හෙමීට.. තැලෙන්නෙ නැති වෙන්න... පරිස්සමට... මම රිද්දන්නෙ නෑ... පරිස්සමෙන් බලල යන්න දෙනව....
අහා..... මෙන්න... ලස්සනම එකෙක්.... ! මෙන්න ..පරිස්සමට ගන්න.... බලාගෙන ....
අනේ... බලන්නකො ලස්සන.. පියාපත්... පාට.. බලන්න ලස්සන....
හ්ම්ම්.. ඔව් ඔව්... තව ලඟට බලන්නකො... තව තව ...
මේ ඇස් බලන්නකො... අපොයි..බූල් බූල්... හිරිකිත වගෙ... බූල් පේනකොට... ඈස් බෑලුවම බය හිතෙනව අනේ... ඈතට ගන්න ටිකක්... අම්මෝ...
මේ බලන්න... මේ තියෙන්නෙ එයාගෙ අර මල් පැණි බොන ඈන්ටෙනා දෙක...මේ වක් වෙලා තියෙන්නෙ....මේ කකුල්... මේ බලන්නකො
හ්ම්ම්... ඔව් නේ... මේ කට නේද ?
ඔව් ඔව්.... මේ එයාගෙ බඩ ගෙඩිය... තටු බලන්න.... පිටි ගෑවිල වගෙ නේ....
හ්ම්ම්... ඔව්.... ඒ වගෙ....
ඈයි... ? ඈතිද බෑලුව... ? තව බලන්න... දැන ගන්න දෙයක් ආයෙ ඉතුරු නොකර.. ආයෙ නම් පඳුරු වටේ පන්න පන්න සමනල්ලු අල්ලන්න මට බෑ... ඔන්න ඔක්කොම බලා ගන්න...
හ්ම්ම්... මම බැලුව... ඒත් දැන් ඈති වගේ... එයාට යන්න දෙන්න...
හ්ම්ම්... හා එහෙනම්... ඔන්න... යන්න දෙනව... දැන් සතුටුද? ඔන්න ඔයාගෙ ආසාව හරි !
හ්ම්ම්... නෑ... සතුටට වඩා දුකයි...
දුකයි... ? ඇයි ඒ? ඔයාගෙ ආසාවනෙ ඒ...?
ඈත තියන දුටු තරම විශ්මයක් නෑ.. ඒව රහසක් හැටියටම තිබ්බ නම්... මට හැමදාම ඒ ගැන හීන මවන්න තිබ්බ... ලස්සන විඳින්න තිබ්බ.. දැන් මට එයාල ඈතින් පෙනුනත් මතක් වෙනව අර ඈස්, කට , නහය, බඩ , පිහාටු... ඔක්කොම.. මට ඒක අරුමයක් නෙමෙයි තවදුරටත්... ෆැන්ටසිය ඉවරයි..
හ්ම්ම්... දැන් තෙරුනාද?
ඔව්... අපි යමු... ඈතින් ඉඳගෙන අර රහස් පිරිච්ච ක්ෂිතිජය දිහා එබිල බලමු... යමු
හා... ඔන්න ඒක නම් මට ලඟට ගෙනත් පෙන්නන්න බෑ...එපා... ඕනෙ නෑ...
හ්ම්ම්... ආදරෙත් මේ වගෙ කෙල්ලෙ... කපන්න කොටන්න ඈනලයිස් කරන්න ගියොත්.. අන්තිමෙට .... පේනවනෙ... නේද?
ඔව්...
අදහස මතු උනෙ: යාලුවෙක් එක්ක කතා බහකදි...
ReplyDeleteපින්තූර කීපයක් හොයා දුන්නෙ : තව යාලුවෙක්....
ඒ දෙන්නව මෙහෙමවත් මතක් නොකලොත් හරි නෑ...
ස්තූතියි...
ආදෙරෙත් සමනලයෙක් වගෙ නේද.....පියාඹනකොට ලස්සනයි...අල්ලගන්න ආසවෙ බෑ...අතට ගත්තු ගමන් පාට අතේ ගැවුනාට...අයෙම පියඹනව බලන්න නම් බෑ......
ReplyDeleteසහතිකම ඇත්ත...! හරිම ලස්සනට ගොතලා තියනවා වියමන....!!!
ReplyDeleteලස්සන සමනල කතාවක්
ReplyDeleteඅපූරු ලියමනක්
අප්‍රසන්න දළඹුවෙක්..ලස්සන සමනළයෙක්....මට නම් ඔය දෙන්නම එක්කෙනෙක්....!!!!!!!
ReplyDeleteඈත ඉඳන් බලනකොට පේන ලස්සන ලඟට අරගෙන හොඳට බැලුවහම ඇත්තටම නැහැ. අපේ ජීවිතවල ගොඩක් දේවල් ඔහොම්මයි. ඉතින් ඈත ඉඳන් බලන තරමට අපිට හැමදෙයක්ම සුන්දරව දකින්න පුළුවන්වෙයි, අපේම කරගන්න තියෙන ඊර්ෂ්‍යාව නැති කරගත්තොත් . . .
ReplyDeleteඅනර්ඝයි....කියන්න වචන නෑ...හරිම ලස්සනයි....
ReplyDeleteඔව් හේමලයො... අර ගීතෙකත් තියෙන්නෙ...නෙලාගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන... නෙලා ගෙනා කිසිම මලක් නැ ඔය තරමට ලස්සන... :-)
ReplyDeleteතිසා අයියේ... ගොඩක් ස්තූතියි ඔය වචන වලට... මේ ලිපිය මම ලිව්වෙ මමම වෙනුවෙන්... මාත් ටිකක් ආදරේ ඇනලයිස් කරන කෙනෙක්... :-)
වැපෝ....
ඔව් ඔව්... සමනල්ලු.... ලස්සනයි.. නෙතාර නං ගි කීව වගෙ දලබුවගෙන් මේ සමනලය එන වගත් අමතක කරන්න එපා. ස්තූතියි
නෙතාර නගේ
ඔව් ඔව්... හරියට හරි..ඔයාගෙ වචන වල ලොකු අර්ථයක් තියනව
දුමී
ඔව් ඔව්.. මටත් ඒ දේමයි කියන්න ඕනෙ උනේ. සමහර දේවල කපා කොටා බලන එක අපි එක සීමාවකින් නතර නොකලොත් සුන්දරත්වය කියන සංකල්පය විනාස වෙනව
හසියෝඅ
ගොඩක් ස්තූතියි....... :-) ජයම වේවා!
දුරට ඇපල්...
ReplyDeleteලගට පැපොල්....
නියම දැක්මක්..
ReplyDeleteමුකුත් නොලියා යන්න මට හිත දෙන්නේ නැති තරමට...
සමනලයා ඈතට හරිම ලස්සනයි.
ReplyDeleteලන් වෙලා බැලුවම පොඩි එකෙක් තීන්ත හැලුවා වගේ මෙලෝ රහක් නෑ.
සමනල තටුව යන්තමින් අල්ලපු ගමන් පාට ගෑවෙනවා අතේ.
තව ටිකක් තදින් අල්ලපු ගමන් තටු ටික ගැලවිලා අතට එනවා.
හරිම ගති. ඔයා මේකෙන් කියපු දේම මට මේ විදිහට දැනෙනව...
ReplyDeleteමට හිතෙන විදිහට අපි ආදරේ කරන්නෙ ෆැන්ටසියකට. අපේ හිත ඇතුලෙ මවාගත්ත පුද්ගලයෙකුට. ඒත් ඇත්ත මනුස්සයා අපේ ෆැන්ටසියට වඩා වෙනස්නෙ(කොච්චර ප්‍රමණයකින් වෙනස් වෙනවද කියන එක එක එක පුද්ගලයින් අනුව වෙනස් වෙන්ඩ පුලුවන්, ඒත් 100% සමාන වෙන්නෙ නම් නැහැ කොහොමටවත්). ඉතින් අපි සමහර වෙලාවට අවුල් යන්නෙ මේ ෆැන්ටසියයි, ඇත්තටම ඉන්න මනුස්සයයි ගැටුනහම. ඒ වෙලාව තමයි ෆැන්ටසිය බිදෙන අවස්තාව. බිඳෙනවටත් වඩා ඒක නිකන් වෙනස් වීමක් වෙනව කියලයි හිතෙන්නෙ. ඕනෙම සම්බන්දතාවයකදි ෆැන්ටසි බිඳීම අනිවාර්යයි. හොඳ පැත්තට හරි නරක පැත්තට හරි. සමහර වෙලාවට ඊට පස්සෙ ආදරේ වැඩි වෙන්ඩත් පුලුවන්. සමහර වෙලාවට වැඩ ගොඩවෙලා සම්බන්දෙ එතනින්ම ඉවර වෙන්ඩත් පුලුවන්. මොනව උනත් ෆැන්ටසි බිඳෙන එක හොඳ දෙයක්. ඒකෙන් වෙන්නෙ අපි සැබෑ මනුස්සයාට පොඩ්ඩ පොඩ්ඩ ලංවෙන එකනෙ. මුලින්ම සම්බන්දෙ පටන් ගනිද්දි අපි මවාගත්ත ෆැන්ටසිය සැබෑ මනුස්සයට කොච්චර ලඟද කියන එකත් සෑහෙන්ඩ වැදගත්.
ඉතින් ෆැන්ටසි බිඳිම බලාපොරොත්තු වෙමු. එහෙම එකක් තියනව කියලා දන්නව නන් ඒකට මුහුන දෙන්ඩ ලේසි මම හිතන්නෙ.
marama lassanai ..sirawatama hoda nirmanayak..good
ReplyDelete@ අනුරාධ
ReplyDeleteහරියට හරි...ගොඩක් දේවල් එහෙම තමයි මම හිතන්නෙ... අතේ දුරින් ඉඳන් බැලුව නම් එහෙම වෙන්නෙ නෑ....
@මාරයාගේ හෝරාව
ReplyDeleteස්තූතියි මාරයා..:)
ඒක ඇත්ත... ආදරය ආයේ මොනවට analyse කරන්න යනවද?
ReplyDeleteහොඳ ලිපියක් සිස්...
@Gvithaya
ReplyDeleteසමනලුන් ගෙ ලස්සන වගේම ඒ ඇස් වල තියන අධිෂ්ඨානය බලන්න.... ඒය නම් ලඟට දැකීම ගොඩක් වටිනව
@චමිල
ගොඩක් ස්තූතියි.. සමාවෙන්න මේ තරම් දිග කමෙන්‍ටුවකට මෙතෙක් පරක්කු කල එකට පිලිතුරු....
ඔව් ඔයා හරි.. ආදරේ කියන්නෙ සිතුවිලි එක්ක යන බොහොම බරපතල ගනුදෙනුවක්.... ඇත්තටම ඉන්න මනුස්සය කියන්නෙ මේ ෆැන්ටසි මනසින් පිරුන කෙනා කියන එකත් හිතනන් වටින දෙයක් නේද? සමහරුන්ට මේ ෆැන්ටසිය තේරුම් ගනන් අමාරු වෙනව... නැද්ද?
ඔව් .. ෆැන්ටසි බිඳෙනව.. ඒත් බිඳීම තුල අපි ජීවිතේ හරය දකින්න ඕනෙ... ගොඩක් ස්තූතියි...
@රුවන් කුමාර
ගොඩක් ස්තූතියි ............
@සන්සරසිදු
ඔව් ඔව්... ඇනලයිස් කලාම් සමහර විට ගොඩක් දුක් වෙන්නෙ වෙනව
ස්තූතියි....
[ගොඩ කාලෙකින් නේ]
පිහාටු දෙක නැත්තන් සමනලයා කියන්නෙ කැතම කැත සතෙක්. එයාගෙ කැත පිහාටු වලින් වැහිලා
ReplyDelete