~'~
අතීතය සිහිනයක් පමණයි
හැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියොවක් නෑ
තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුලක් නෑ
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ...
~'~
බුදුදහමේ කියවෙන දෙයකැයි , වෙනත් ආගමක නැතැයි කිව නොහැකි, ලෝකයටම පොදු දහම, ලෝකයේ සොබාදහමේ කතාන්තරය නොවේද මේ... හිරු පායන සඳු බබලන අහස් වියන යට පවතින සදා සනාතනික දහම නොවේද මේ?
අතීතයේ එල්ලී ජීවත් වන මා ඇතුලු මා වටා සිටින නොයෙකුත් මිතුරු මිතුරියන් පිරිවරටම සෙනෙහසින් හිස් මුදුන අතගා මේ ගීය එබ්බවිය යුතු යයි මට සිතුනේ යම් කාරනාවක් නිසා. අප අතීතයේ එල්ලී සිටි ඒ අතීතය වර්තමානය තීරණය කොට තිබෙන බවත් , ඒ වර්තමානය අනාගතය තීරණය කරන බවත් හුදෙක් අප අප විසින්ම තීරනය කොට සිටින නිසා නොවේද ? එය සිහිනයක්.. ඒ සිහිනය අප නිදා නැගිටින්නා මෙන් අද වියැකී ගොස් ඇති බව අපේ හිත පිලිගන්නවා නම්, අප මේ වර්තමානයේ මීට වඩා අරුත්බර අයුරින් ජීවත් වෙනවා නොවේද..?
අප සෙනෙහෙන් බැඳෙමු. ඒ ආස්වාදය හදවත තුලා දෝතින් දරා සිනහ නගමු. ඒත් ඒ සිනහව පසුපස තිබෙන දුක අපට මොහොතකට හෝ පසක් කල හැකිනම්... සෙනෙහෙන් බැඳී සිටිද්දීම? එසේ නම් මේ 'තැවීම' , 'විරහව' තිබිය හැකිද අද? ලෝක ස්වභාවය තේරුම් නොගෙන ලෝකයේ සොබාදහමේ කතාන්තරයට අපි එරෙහි වන්නට යත්න දරමු. මේ වෙනස් අන සිත බොහෝ සිහින මන්දිර තනයි. ඒ මන්දිර තුල , හීනයක ජීවත් වෙයි. ඒ හීනය තාවකාලික බව අප පසක් නොකරන තාක් හීනය හීනයක්ම බව සිතට වද දෙයි.. එහි සතුටක් කොහිද?
අප දිනා ගන්න දෑ පිලිබඳව මොහොතකට සිතා බලන්න. මුදල්... ? පොහොසත්කම? ඒ දිනුම පිටුපස එන්නේ මොනවාද? අසහනය, බිය.. සැකය... අනාගත ආශාවන්.... තෘෂ්ණාව... එසේ නොවේද? එහි ලද දිනුම කුමක්ද? මම ඔබෙන් අසමි..... අප ආදරයෙන් දිනුම් කනුවක් පසුකලා යැයි සිතන්න... ලබන්නේ කුමක්ද? බැඳීම් .. බලාපොරොත්තු... අනාගත සැලසුම්... අසහනය... තාවකාලික ආස්වාදය.... බය... සැකය... එසේ නොවේද ? ලද දිනුම කුමක්දැයි මම අසමි... ඔබ බලවත් වී යැයි සිතන්න.. ජනප්‍රිය වී යයි සිතන්න.. තරුවක් වී යැයි සිතන්න... දිනා ගත්තේ කුමක්ද? ඒ දුනිම පසුපස එන්නේ මොනවාද?
ඉදින් කියන්න.. පරාජය මිස අපට ඇත්තේ මොනවාද? පරාජිතව ජීවිතයට මුහුණ දෙන්නැයි මම නොකියමි... අප කල යුත්තේමේ නොතිර බව නිරතුරු සිහි රඳවාගෙන ජීවත් වීම නොවේද? එලැඹි සිහියෙන් ජීවිතයට මුහුන දීම නොවේද? මේ නොතිර බව නිරතුටු සිහි ගැන්වීමෙන්, අපට අතීතයට යන්න දිය හැකිය .. ඒ අතීතය සිතින් හලමින් වර්තමානයේ ජීවත් විය හැකිය... වර්තමානයට පවා එල්බගෙන නොසිට ඒ ඒ අවස්ථාවන්හිදී එලැඹි සිහියෙන් ජීවිතයට මුහුණ දිය හැකිය....
මේ ගීය මා අනිත්‍යය නම් සංකල්පය සරලතම බසින් ලියැවී තිබෙනු දුටු විශිෂ්ටතම නිර්මානයක්... ඔබ බුදු දහමෙන් අනිත්‍යය මෙනෙහි නොකලත්, මේ ගීය නිරතුරු මුමුණන්න... එයින් ජීවිතය පසක් කරන්නට පන්නරයක් ඔබ ලබනු නො අනුමානයි..
ප.ලි.
2010 ජනවාරි මස 18 වෙනි දිනෙන් අරඹා අද - 2010 අගෝස්තු මස 10 වෙනි දින වෙන විට (මාස 8 කට ආසන්න කාලයක්) මා විසින් ලියන ලද කවි , කතා, ගී පිලිබඳ කතා 99 කින් මගේ මේ සංසාරේ අපි මනුස්සකම බෙදා හදා ගන්නා අවකාශය පිරී සිටී.... 100 වන ලිපිය මග බලා හිඳී.. සිය වැන්නෙන් මේ කිසිවක් සිහිපත් නොකොට ලියන්නට සිතීමි... මෙතෙක් මා අසලම රැඳී සිටි 104ක් වූ ආදරනීය මනුස්සකම හඳුනන්නන් සහ නිරතුරු මා ලියන දේට ඇස් දෙමින්, 10860 වාරයක් 'සංසාරේ අපි' වෙත එබී බලමින් උන් ඔබ හැමට 'ස්තූතියි'... මා රහසක් කියමි... මීට මාස 8කට පෙර කිසිවෙකුට ඔබ ජීවිතය දී තිබේ. කිසිවෙකු අද ඔබ නිසා ජීවත් වෙයි... බලාපොරොත්තුව .... ඔබ විය... 'ස්තූතියි'...!
අපූරු ලියමනක් .....
ReplyDeleteමුදල්... ? පොහොසත්කම? ඒ දිනුම පිටුපස එන්නේ මොනවාද? අසහනය, බිය.. සැකය...
ගීයටත්, සටහනටත් වඩා පසු ලිපිය සිත් ගත්තා නංගියෝ...
ReplyDeleteගීතයනම් මම ආසම එකක්...ලස්සණට විස්තර කරලා තියනවා...
ReplyDeleteආ... මාස අටට මෙච්චර රසමුසු දේ ගෙනාවා වගේ ඉදිරියටත් ඒ වගේම වෙන්න කියලා සුබපතනවා...
එදාමෙදතුර ලියැවිච්චි ගීඅතුරින් අගනාම ගීයක්...වෙනදා අගේම ...නියම අර්ථ විමසුමක්.....
ReplyDeleteඔබට ජය !!!!!!! කවදත් වාගේ සටහන ලස්සනයි
ReplyDeleteලස්සන ගීතයක්. සටහනත් හරි අගෙයි.
ReplyDeleteමැණික්(සුළඟ)
වැප්...ඔබ හරියට හරි.... දුක අසහනය ගොඩ ගසන්නේ අපේ දෛවය නොවේ.. ඒ ලං කර ගන්නේ අපි අපිමයි වැප්... එය දැන හඳුනා දුක එක් නොකරගන්න නිරාමිස ප්‍රීතිය බුක්ති විඳිය හැකිනම්, තැවුල් බොහෝ අඩුයි.... ස්තූතියි....
ReplyDeleteතිසා අයියා... මම දන්නවා.... ඔව්... කවුරුත්ම නොසිතාවි අතින් අල්ලා බැලිය නොහැකි බ්ලොග් සටහනකට ජීවිතයක් රැක දිය හැකි බව... ජීවිතයකට ජීවත් වන්නට හේතුවක් සොයා දිය හැකි බව... කොටින්ම එවැනි හේතුවක් හොයා ගන්නටවත් බැරි තරම් මනස වියවුල් වූ කල......
ReplyDeleteස්තූතියි.. , මා හිනස්සනවාට.... මනුස්සකම පිරුනු හැම වචනයකටම තිසා අයියා....
චමිදේවා
ReplyDeleteස්තූතියි ඒ වචන වලට.. ඔව් .. මා ලියනව.. මැරෙන තුරුම ලියනවා....මාස අටට ගෙනා දේ බොහොමයි... සංසාරේ අපි කරක් ගසන තුරා මේ වන් සොඳුරු මිනිසුන් සමූහයක් මට මුණ ගැසේවායි මම පතනවා.....
හේමලයා....
ReplyDeleteඔව් .. අනර්ගතම ගීයක්... විශේෂත්වය නම්,,, එහි ඇති අති සරල වචන.... මේ ගීය රඹුකන සිද්ධාර්ථ හිමි ලියුවක් නේද ? මා වැරදිනම් නිවැරදි කරන්න.... ස්තූතියි හේමලයෝ...... හැමදාම ඇවිත් මේ වගේ සොඳුරු සටහනක් තබා යනවාට..... ස්තූතියි...
හරී
ReplyDeleteහරි හරි හරී .... :-) ස්තූතියි මේ පැත්තට ගොඩ වෙනවාට .. ආ වග කියා යනවාට.... මනුස්සකම ඒ වෙනුවට නො අඩුව මේ අවකාශයෙන් හුවමාරු කරමු ... ස්තූතියි
මැණික්(සුලඟ)
ReplyDeleteහරිම වටින ගීයක් මැනික්.... මෙවන් ගී තව තව බිහි වේවා!!!! ගොඩක් ස්තූතියි ඔය දිරි ගන්වන සුලු වචන වලට.....
@all
ReplyDeleteසියවැනි ලිපිය, ගීයකින් ඇඟ බේරා නොගෙන කවියක් ලියන්නට අදිටන් කර ගතිමි... :-)
මිස්ට මතකද 50 වෙනි ලිපිය ලියපු වෙලාවේ මම කිව්ව century ඉක්මනටම ගහනව කියල. හරිනෙ ඉතින් මම කිව්ව එක. හ්ම්ම්. බලන් ඉමුකො එහෙනම් සියවෙනි ලිපිය ලියවෙනකම්...
ReplyDeleteගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - පල්ලෙගම හේමරතන හිමි
සංගීතය - නාලක අංජන කුමාර
ජය වේවා!
ආදර කතාව
ReplyDeleteඔව් නේ... මාස තුනෙන් ආයිමත් 50ක් ලියලනෙ... සංසාරෙ! අඩු ගානෙ 100න් පස්සෙවත් ටිකක් මේ වේගෙ අඩු කරන්න ඕනෙ... :-)
ස්තූතියි තොරතුරු ටික දුන්නට ;;;;;;
එපා එපා. අඩු කරන්න ඕනේ නෑ. මේ වේගේ හොදයි. දැන් ඉතින් මීලග ඉලක්කය වෙන්න ඕනේ ඩබල් සෙන්චරිය... :)
ReplyDeleteමෙ සින්දුව මම ඉස්සල්ලාම දැක්කෙ "හිත දෙතැනක නතර වෙලා" කියන නවකතාවෙ අන්තිමට, ඉට පස්සෙ කරුණාරත්න දිවුල්ගෙනෙගෙ හඩින් ඇහැව්වා.
ReplyDeleteගිතයත් පසුවලියපු සටහනත් ගැන යමක් කියනවා නම් කවුරුත් ඔබට ජිවිතය දුන්නෙ නැහැ, ඔබ මයි එය සොයාගත්තෙ, නමුත් එහි ගෞරවය ඔබ තවත් අය හට දීමට තරම් ඔබගෙ නිහතමාණිත්වයක් තිබෙන බව දැනගත්තා. ඉතින් අපිවත් මෙ ගමනට එකතුකර ගැනිම සතුටක්. ජිවිතෙ මල්.. ඇත්තටම ජිවිතෙ මල්..
ආදර කතාව....
ReplyDeleteයන විදියට එහෙනම් යමුකො නේද ? :-) හරි සතුටුයි මේ යාලුවො මතක් වෙනකොටත්.. ස්තූතියි...
රවා
ReplyDeleteඔව් ..මා ජීවිතය සොයා ගත්තා.. සොයා යන්න මනස එකඟ කර දුන්නෙ මේ හදවත් සමූහය,,,, විසිරිල තිබ්බ සිතුවිලි, "අරමුණු එපා" කියා තමුන් සමගම අමනාපව උන්නු සිතුවිලි මේ 'තමුන්' ට ආදරය කරනන් ගත්තෙ මේ හදවත් සමූහය එක් කල පන්නරය නිසා. ඔබ ලියුව ඇතැම් ගැඹුරු පිලිතුරු අදත් මනස තුල රැව් දෙනව රවා. ස්තූතියි... එතරම් කල් මිඩංගු කොට ලියූ දිගු පිලිතුරු වලට... ජීවිතෙ මල්.. ඔව් අද පිපෙනව, හෙට පරවෙනව... හෙටත් පිපේවි.. පිපෙනකොටම, පරවීමේ සත්‍යය පසක් වෙනව නම්- නොහඬා ඉන්නට හැකි වේවි!
ඔව්. ලස්සන සින්දුවක්. සින්දුව ඇහෙනකොට, හිත පොඩ්ඩක් කොනිත්තනවා වගේ රිදිල්ලක් දැනෙන ගීතයක්
ReplyDeleteඔව් ස්වප්නා... හරිම සියුම්ව හිතේ ඇතිල්ලීගෙන යන දුකක් දැනෙනව!
ReplyDeleteහ්ම්ම්ම්ම් ඇත්ත
ReplyDeleteමුදල්,ධනය,බලය,දිනුම පසුපස පසුතැවිල්ලකුත් තියනවා තමයි....
අනිවාර්‍යයෙන්ම... අපි දිනුවෙ නෑ.. ඇත්තටම ගොඩ ගසන්න ගොඩ ගසන්න අපි පැරදෙනව
ReplyDeleteගොඩ කාලෙකින් මේ බ්ලොග් එකට අවේ! ගොඩක් දේවල් කියවන්න මගහැරිලා මට... විභාගේ ඉවර වුනාම මුල ඉදලාම කියවනවෝ..
ReplyDeleteඉතින් අද හදිස්සියේම ආවේ කැමතිව හිටි නමුත් දැන් අකැමති සිංදුවක් තියෙනවා දැකලා.. අපූරුයි අක්කේ මේ ලිපිය...
අක්කාට සුබම සුබ පතනවා දිගු ගමනකට..!
මම්ම හුඟක් ආස ගීතයක්. එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ... අතීතය සිහිනයක් බව ඒ අතීතයේ මතකයේ වේදනාව ලස්සනට ඉදිරිපත් කරනවා.
ReplyDeleteසුබ පතනවා. මම කැමතිම බ්ලොග් එකක්. හැමදාම ඉන්න අපි එක්ක.
අහා ලමයෝ...
ReplyDeleteමල්ලියෝ... ඔයාගෙ විබාගෙ නේද? කාරි නෑ... පස්සෙ හෙමීට කියවන්ටකෝ.... ස්තූතියි ඔයාගෙ සුබ පැතුමට. අකැමති වෙන්නෙ ඇයි? මේ සනාතනික සත්‍යය මල්ලි...
කෙසේ වෙතත්..ඔයාගෙ විභාගය අති සාර්ථකව සමත් වෙනන් ලැබෙන්න මේ අක්ක හදවතින්ම සුබ පතනව....
පිස්සා පලාමල්ල
ReplyDeleteඔව් ..මේ මමත් පුදුම තරම් ප්‍රිය කරන ගීයක්.... සරල බව තුල ඇති ගැඹුරු අර්ථය අපිව තිගස්වන සුලුයි... අපේ අවබෝධය අවඩි කරන සුලුයි....
ස්තූතියි මේ අවකාශයේ නිතරම කරක් ගසනවාට.... ස්තූතියි ඔබේ වචන වලට... මැරෙන තුරුම ලියනවා.. ඒ ඔබ වන් අයගේ දිරිගන්වන සුලු වචන නිසා... ස්තූතියි
මම කැමතිම ගීතයක්......රේස් දුවන අපේ ජීවිත ගැන ආයෙ පාරක් හිතන්න සලස්වන ගීතගොන්නෙන් එකක්
ReplyDeleteතීර්ථ යාත්‍රිකයා
ReplyDeleteඔව්.... ගොඩක් හිතට වදින ගීයක්.... ස්තූතියි ඇවිත් ගියාට....
ලස්සන සටහනක්.
ReplyDeleteඒ වගේම මේ ගීය මම බෙහෙවින් ප්‍රිය කරන ගීයක්. ඒ පිළිබඳ මගේ අර්ථකතනයන් අනවශ්‍යයි මොකද මට වඩා හොඳට මෙම ලිපියෙන් මගේම අදහස් පැහැදිලි කරලා තියෙනවා කියලා මට හිතෙනවා.
ස්තූතියි
ReplyDeleteමේ ගීය තරම් අනිත්‍යය ලස්සනට කියන වෙන ගී මාත් දැකල නෑ.... ස්තූතියි ANSH.. ආයෙත් එන්න
ගීතයනම් අපේ ජාතික ගීය වගේ...
ReplyDeleteසෑම සැදෑ වරුවකම අසන ගීත කීපයෙන් එකක්...
තවත් හයියෙන් ඉදිරියට යන්න..මාත් බලා සිටිනවා ඔබ යන ගමන.
ස්තූති මාරයෝ.. අන්තිමෙට මේ රේස් එක ඉවර වෙන්නෙ ඉතින් මාර සේනාව දුටු දාටයි ......
ReplyDeleteමම මගේ ජීවිතේ පලමු වරට දැක්ක බ්ලොග් එක...'ආදර කතාව' දෙවෙනුව...'සංසාරේ අපි'........ ඔයාගෙ බ්ලොග් එක ඇතුලෙන් මම ගිය දුරක්....අද අපි..? සංසාරේ පුරාම අපි මේ විදියටම ඉන්න ඕනෙ අක්කි.......ඔයා..මම..එයා.......සතුටු කඳුලු ගොඩකුත් එක්ක මේ ආදර සුභපැතුම් ඔයාට......!!!!
ReplyDeleteඑදා සෙනෙහෙන් නොබැඳුනානම්
ReplyDeleteමෙදා වියොවක් නෑ
අවසානයක් දැකීමට නම් ආරම්භයක් තිබිය යුතුයි නේද මිස්. එහෙම නැතිව වියොවීමට සිදුවේවි යැයි සිතමින් ඊට බියෙන් සිටි විට වියෝවීමෙන් ලැබෙන අත්දැකීමවත්, වියෝනොවීමට වගබලාගන්නා අයුරත් ඉගෙන ගත නොහැකියි නේද?
ReplyDeleteනෙතාර නංගි
ReplyDeleteඔව් නංගි... අපි සංසාරෙ කවදාවත් ආයෙ නන්න්හුනන්නො වෙන්නෙ නෑ...නේද? අපි ප්‍රාර්ථනා කරමු... මම දන්නව ඔයාගෙ හිත කොච්චර අහිංසක සංවෙදි එකක්ද කියල.... ස්තූතියි නංගී.... ප්‍රතිචාරෙට පමනක් නෙමෙයි..ඒ සුන්දර සහෝදර කමට.....
අනුරාධ මල්ලි
ReplyDeleteඔව්...අපි මේ සත්‍යය කොතරම් තේරුම් ගත්තත් අපි පුහුදුන් මිනිසුන් හැටියට සූදානම් නෑ ඉන් ගැලවී ඉන්න. ඒ මිනිස්කමේ හැටි මල්ලි
රොශාන්
ආරම්භය කොයි අයුරින් විය යුතුදැයි තීරණය කිරීමට මේ අවබෝදය වැදගත් වෙන්නෙ නැද්ද? වියොවීමට බියවෙමින් සිටීමයි වරද.. වියොව සිදුවිය හැක්කක් ලෙස හිත පිලිගන්නවනම් බියක් නෑ.. ඉන් වියොවක් වෙන්නෙ නෑ. වියොව වෙන තුරු එලැඹි සිහියෙන් ප්‍රශ්න අවම ජීවිතයක් ගෙවාවි.... නැද්ද?
ඔව් මිස්... යූ ආ(ර්) කොරෙක්ට්..
ReplyDeleteකොරෙක්ට්....! ඒ මොකෙද්ද බන් ඒ....?
ReplyDeleteලස්සන සින්දුව වගේම ඔයාගේ සටහනත් ලස්සනයි.. ඔයා සටහන ලියන විදියට ඒ සින්දුවලට වැඩි වටිනාකමක් ලැබෙනවා කියලයි මට හිතෙන්නේ...!
ReplyDeleteරොශාන්...
ReplyDeleteඒකනෙ කිව්වෙ :-)
අනුරාද මල්ලි : කොරෙක්... දන්නවනෙ..හා හා හා
බ්ලොගි නංගෝ.... ස්තූතියි ඔයා කියන ඒ ලස්සන අදහසට නංගී... ඒ වචන මට හරි හයියක්...... ඒ දහිරියෙන් ලියන මට, තව තව ඔයා වගේ සොඳුරු හදවත් හමු වේවා !
100 වන ලිපිය පරක්කු ඇයි මිස්?
ReplyDeleteමෙහි ඇත්තේ
ReplyDeleteඅටලෝ දහමය්...මේ මගේ ජීවිතයේ තේමාව..සමහර අය උඩින් බලල කියන්නෙ මේ පසුගාමී දැක්මක් කියල...පසුගාමී,,මන්දගාමී මොනවා උනත් ඇත්ත එය නම් තව මොනවද? මේ කියන්නේ ඇති නැතිවීමේ රහස නේද?
මෙහෙම හිතන අයට තමා හැම විටම හැම දෙයක්ම වටිනේ
පහනක් පතන නිසා ඒ අයට කණාමැඳිරි එළියක් උනත් සඳක් වගේ පේන්නේ..ජීවිතය කියන්නේ ඒක නේද?
thank you ! keep spirit I am so sad on me I have no time to read book now I really like your post
ReplyDeleteඅප දිනා ගන්න දෑ පිලිබඳව මොහොතකට සිතා බලන්න. මුදල්... ? පොහොසත්කම? ඒ දිනුම පිටුපස එන්නේ මොනවාද? අසහනය, බිය.. සැකය... අනාගත ආශාවන්.... තෘෂ්ණාව... එසේ නොවේද? එහි ලද දිනුම කුමක්ද? කිසිවක් නැත. සරල වන තරමට ජීවත් වීම පහසුය.
ReplyDelete