අවාරේ වට වැස්සට
දියබත් වනු දැන දැන
නිරුවත් බිමෙක හිස බා
නිදා මෙන් උන් ..නොපිපි මල..
උහුලනු නොහැකි සැඩ ඉරට
වරක් ඇස් දුන් වරදට
කඳුලු වියලෙන ඇසක
ලකුණු ඇත හිරු ලපයක..
මසැසෙන් ගිලිහි බැල්මක
මනැසින් තැවරු වෛවර්ණ
සියැසින් නම් නො එන තතු
රහසින් කියන අවසන...
සුලං කෝඩෙක පැටලුන
පැටලි පැටලී ඇමිණුන
ඇමිණි ඇමිණී ඉහිරුන
කවියක්ය..නොපිපි මල...
දියබත් වනු දැන දැන
නිරුවත් බිමෙක හිස බා
නිදා මෙන් උන් ..නොපිපි මල..
උහුලනු නොහැකි සැඩ ඉරට
වරක් ඇස් දුන් වරදට
කඳුලු වියලෙන ඇසක
ලකුණු ඇත හිරු ලපයක..
මසැසෙන් ගිලිහි බැල්මක
මනැසින් තැවරු වෛවර්ණ
සියැසින් නම් නො එන තතු
රහසින් කියන අවසන...
සුලං කෝඩෙක පැටලුන
පැටලි පැටලී ඇමිණුන
ඇමිණි ඇමිණී ඉහිරුන
කවියක්ය..නොපිපි මල...
නොපිපි මලක සැඟවුනු හැඩතල...
ReplyDeleteනොවිහිදුනු සුවඳ........
මල්වර නොවූ රේණු කැල......
පිබිදෙන්නටත් කලියෙන් වියැකී ගියහොත්......
කාටද පාඩුව.....
ගහටද? මලටද? ඉරටද? නෙතටද?...
කාටවත් පාඩුවෙද
ReplyDeleteමලටම මිස,,,
නෑත නෑත,,,
ලොවට....
හ්ම්....ලස්සන පද පෙලක්......
ReplyDelete"සියැසින් නම් නො එන තතු
ReplyDeleteරහසින් කියන අවසන..."
ඇත්තටමද?
"සුලං කෝඩෙක පැටලුන
පැටලි පැටලී ඇමිණුන
ඇමිණි ඇමිණී ඉහිරුන
කවියක්ය..නොපිපි මල..."
මේ ටික මාරම ගති.... හරිම ලස්සන කවියක්...!!!
හරිම හරිම හරිම ලස්සනයි !!
ReplyDeleteසුලං කෝඩෙක පැටලුන
පැටලි පැටලී ඇමිණුන
ඇමිණි ඇමිණී ඉහිරුන
කවියක්ය..නොපිපි මල...
හරිම ලස්සනයි
චමිල , ස්වප්නා... ගොඩක් ස්තූතියි ප්‍රතිචාරෙට...
ReplyDeleteඈත්තටම මාත් ඒ පද 4ට හරිම ආසයි...
වියවුල් මෑදින් පෑටලිලා, එකට එක් වී ඈමිනිලා, ඒත් එක් වී ඉන්න බෑරිව ඉහිරිලා ගිය ,.. කවියක්..... එහි අවසානය ...නොපිපි මලක්...
This comment has been removed by a blog administrator.
ReplyDelete