Wednesday, June 02, 2010

දුකට කියන කවියක්....



නිහඬතාවය තුල
දොඩමලු වන
හැඬුම් හඬ
නො ඇසුනා සේ
නෙත් පියා ඉඳින්නෙමි...
වසන්තයක් ,
ඉන් ඇබින්දක්වත් අරං
ඉර යලිත්
පායන තුරා...
අහස යලි
එලි වන තුරා...
අහස දොඩමලු වන තුරා
නිහඬ අඳුර
බි‍ඳෙන තුරා....


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2010 ජූනි 2 දා උදේ 7.20 ට වැඩට ඇවිත් තනිකමේ ඉන්නකොට ..ජීවිතේ මල්ට ලියවුන කවියක් මේ....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

9 comments:

  1. ලස්සනයි.

    ReplyDelete
  2. නිහඬව බලා ඉන්න එකත් එක්තරා අපූරු බලාපොරොත්තුවක් නේද ?
    හරිම ලස්සනයි වචන ටික

    ReplyDelete
  3. @ismbuwa
    ස්තූතියි යාලුවේ

    @දිල්
    ඔව් දි.. ඒත් බලා ඉඳීම වෙලාවකට හිතට ලොකූ වේදනාවක්....
    ස්තූතියි ප්‍රතිචාරෙට දිල්

    ReplyDelete
  4. නොසිතේද නුඹට
    නිහඬතාවයම
    මහා ගෝසාවක් බව
    නිහඬ බවට
    ඇලුම් නොකරනා විටෙක . .
    වසන්තය
    බෝ දුරක නොව
    ලඟ ලඟම ඇත
    දෑත පා
    ඇල්ලිය හැකි
    නමුත්
    ලඟට ඒමට
    තව පොඩි කලක්
    ඉල්ලා සිටින
    දුරක . . .

    ReplyDelete
  5. නෙත් පියා හිඳින විට
    වසන්තය උදා වූ බව ද
    ඉර යලිත් පෑයූ බවද
    අහස යලිත් එලි වූ බවද
    අහස දොඩමලු වූ බවද... See More
    නිහඬ අඳුර බි‍ඳුණු බවද
    නොහැගෙනු ඇත.

    ඉතින් සිටින්න
    අවදිව ..
    වසන්තය උදාවන තුරු
    එම වසන්තය උදා වන විට
    ඉර යලිත් පායන වගද
    අහස යලිත් එළි වී දොඩමලු වන වගද
    නිහඬ අඳුර බිදෙන බවද
    නිසැකය..

    ReplyDelete
  6. @ පිස්සා පලාමල්ල

    ඉස්තූතියි ... :-)

    @දුකා අයියා

    අහෝ

    ඔබට තේරුනෙහිය
    ඔවදන අති අනගිය

    ඔව් සොයුර
    දෑත පා නොයිල්ලමි
    නිසංසලේ බලා ඉන්නෙමි
    හැඬුම් මුව තද කොට ගෙන
    වාවනු නොහැකි ඇස්
    පියා ගෙන
    හිඳින්නෙමි.. වසන්තය එන තුරා.....

    @මිත්‍රයා
    ඇස් ඇරෙන හිමිදිරියෙ
    හිත් කවුලු ඇර පියමි
    මුත් සුලඟ වෙන කිසිත්
    නො එන මග බලන්නෙමි
    රත් දෙනෙත් සඟවමින
    හිස් කමට හූල්ලා
    හිත් අහස පහන් වනු
    පෙම් පුරනු රිසින් ඉමි.....

    ReplyDelete
  7. ලස්සනයි කියලා විතරක් කියලා යන්නම්..

    ReplyDelete
  8. රවා මල්ලි.... හුඟ කාලෙකින්.. ස්තූතියි මලේ... ලියන්නේ නැත්තේ තරහ වෙලාවත්දෝ.....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->