Thursday, June 24, 2010
අත් හැරී ගිය...? (අතීතයෙන් ආ කවි 1)
ජීවිතය මලක් වී
රේණු පෙති සැලූ මුත්
ජීවිතය ගඟක් වී
දිය කඳක් වෙලූ මුත්
ජීවිතය තිතක් වී
නොපෙනි ගොස් පෙලූ මුත්
අත් හැරුනු අතීතය
නොදැනීම යලි ඇවිත්....!
පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....
මේ ගැනයි මේ ලිපිය..
අතීතයෙන් ආ කවි,
ආදරය හෙවත් මගේ හුස්ම,
ඉතිහාස කතන්දර,
කවි..හෙවත් මගේ ආත්මය
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
පාලුවෙන් අපේ හිත්
ReplyDeleteසැග උනහම
වෙගෙන් ඇවිත්
අපේ හිතට ගොඩවදින
ගෙවුනු අතිතය...
ඒ ගොඩ වදින අතීතය බර වැඩියි.. ගොඩ වදින්නේ කඳුලුත් එක්කමයි... දුකයි...
ReplyDeleteඅතීතයේ කඳුලු කියන්නේ අනාගතයේදී සතුට වපුරගන්න හොඳ අත්තිවාරමක්.
ReplyDeleteමැක්සා කවිය අක්කේ
ReplyDeleteඅතීතයෙන් ගොඩ විය යුතුද? අතීතයේම ජීවත් විය යුතුද? මේ දෙකම ඔබට කිරීමට පුලුවන. කඳුලු සලමින්, ඒ මඩ ගොඩේම ජීවත් වන්නට අවශ්‍ය නම් හැම දාම මේ අන්දමට අඳෝනා නගමින් ජීවත් විය හැක. ඒ දුක් බර අතීතය ඔබ පිටිපසට දමා නවජීවනයක් ලද්දා සේ නැගී සිටීමටද ඔබට පිලිවන. එසේ කිරීමට නම් මණැසේ මුරකාරයා (මීට කලින් මේ ගැන මා ඔබට පැහැදිලි කොට ඇත.) (Knowing mind and noting mind)යොදවා අතීතයට සිත ගිලෙන විට noting mind යොදවා එය හඳුනා ගෙන වෙන අතකට යොමු කිරීමෙන් මේ ඝට්ටනයෙන් ගැලවිය හැක.
ReplyDeleteඅනුරාධ මල්ලි
ReplyDeleteඔව් අතීතයේ කඳුලු අනාගතය තීරණය කරාවි. ඒත් අතීතය නැවත නැවත ගෙන එන්න එපා. කතාවකට කියනවා- history repeats !
හසිත මලේ
ReplyDeleteතැන්කූ තැන්කූ...:-)
සරත් මාමේ
ReplyDeleteඅතීතයෙන් මා එපිටට පැමිණ සිටිමි. අද ඊට තවත් ජවයක් ලැබුනි මාමේ. මම විස්තර ලියමින් සිටිමි. ඔබ කියා දුන් බොහෝ දෑ අතර වැදගත්ම දේ අද අත් වින්දෙමි. විස්තර එවමි. බොහෝ පින් මාමේ.... මේ හැම වදනකටම...
අල්ල ගන්න දෝතින්ම අත්හැරීගිය අතීතයේ සුන්දර මතක සිතුවම් . .
ReplyDeleteදෑඟිලි දිගහර යන්නට දෙන්න අතීතයේ වූ අත්හැරීනොගිය අසුන්දර මතක සටහන් . . .
විඳවන්න නොව විඳින්න ලද දිවිය විඳින්න එන්න . ..
අද හරි සුන්දර දවසක් . . .. එන්න බලන්න . .. .
කෙතරම් අමිහිරි අතීතයක් අපට තිබුනත් සමහර මතකයන් සුන්දරයි කියලායි මට නම් හිතෙන්නෙ..
ReplyDeleteදුකා අයියන්ඩී
ReplyDeleteඅතීතයට යන්නට දුනිමි
ඉන්නත් එපා කීමි මා ලඟ
කඳුලු පෙවු දුක් බඳුන
අල්ලා පසෙක විසි කලෙමි මම
විඳවමින
අහෝ කඳුලැලි බොමින
උන් මේ දුක් දිවිය
තනිකමෙන් අවසන් කලෙමි...
තනි වීමි
එයින් මා
තවත් සොඳුරු ලොව දුටිමි..
කටුකත්වය හලෙමි...
මිත්‍රයා
ReplyDeleteමෙන්න මෙහෙම දෙයක් තියනවා. අතීතයේ කටුකතම තැන් වල තිබ්බ සුන්දර මතක කිහිපයකට ලොල් වෙලා අපි අතීතය අත් නොහැර හිටියොත් අපි හැමදාම වලේමයි....