අනේ මම සුලං පොද උනා නම්
මුව මතින් නොදැනෙන්නට
නුඹ අසලින්ම දැවටිගෙන
එහෙනම් මම ඇදී යනවා නොවෙද?
අනේ මම කුමුදක් උනා නම්
සඳ ඇබින්දක් පෙරෙන විට
ලජ්ජා බරින් මුව ඔසවා ගෙන
එහෙනම් මම හිනහ නොවේවිද?
සැඩ සුලං රැලි නොකැලඹී නම්
සැඩ ඉරෙන් මා නොදැවුයේ නම්
අනේ මම තවමත් අරුමැක්කේ පිපුන
සමන් පිච්ච කැකුලක් නොවෙද ?
මුව මතින් නොදැනෙන්නට
නුඹ අසලින්ම දැවටිගෙන
එහෙනම් මම ඇදී යනවා නොවෙද?
අනේ මම කුමුදක් උනා නම්
සඳ ඇබින්දක් පෙරෙන විට
ලජ්ජා බරින් මුව ඔසවා ගෙන
එහෙනම් මම හිනහ නොවේවිද?
සැඩ සුලං රැලි නොකැලඹී නම්
සැඩ ඉරෙන් මා නොදැවුයේ නම්
අනේ මම තවමත් අරුමැක්කේ පිපුන
සමන් පිච්ච කැකුලක් නොවෙද ?
~~~~
ජීවිතේ මල්... හදි හදිසියෙම ලිවුවේ ... හවස 5.00 ට මැයි 29 වෙනිදා
හ්ම්ම්ම්...
ReplyDeleteජංජාලෙට එන එක තරමක් අඩු කරලා තිබුණ නිසා ද කොහෙද දැන් නම් ජංජාලෙ ඇතුලෙ කරක්ගහන්න පටන්ගත්තම හරිම කම්මැලිකමක් දැනෙනවා මිස්...
ReplyDeleteසිතෙ ඇතිවන හැම සිතුවිල්ලක්ම වචන වලට ගන්න බැහැ කියලා දැන දැනත් ලස්සනට උත්සහා කරලා... ජිවිතෙ මල් ලස්සනයි කියලා විතරක් කියලා යන්නම්
ReplyDeleteසැඩ සුලං කැළතුනත්
ReplyDeleteහිරු රැසින් නුඹ දැවුනත්
නුඹ තාමත්
ජීවිතයම නිවා සනසන
සිහින් මද නලක්...
ලජ්ජාවෙන් මුව පොඩිත්ත සඟවාගත්
සමන් පිච්ච මල් කැකුලක්...
Footnote:
Image එක නම් ඔයාගේ කවියට සෙට් වෙන්නේ නෑ වගේ...
@චමිදේවා
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
@මිත්‍රයා
අපොයි විභාගයක් කල හරියක් ????
@ රවා
ඔව් රවා හිතුවිලි ඔක්කොම වචන කරන්න අමාරුයි තමා. ස්තූතියි මලේ
@Gvithaya
සැඩ ඉරෙන් මිදුන බව සැබැයි
සැඩ සුලං රැල්ලෙන් සැඟවි ගත් බව සැබයි
ඒත්....
මේ පිච්ච මල තවමත්
ජීවිතයට බයයි...
හිනහවට බයයි....
කඳුලු පසුපස එන වග
දන්නා හෙයින්ම
ජීවිතය දිගු බවක් දැනෙයි..
ඒත් සිහිල් අහස් වියනේ
නැලැවිල්ලේ ඉන්නා හෙයින්ම
ජීවිතයට මා
ආදරෙයි.....