Friday, June 25, 2010

ආලය මිස, විස විත් ඇනෙන බව?? (අතීතයෙන් ආ කවි 2)



විහ‍ඟෙකුව ජීවිතය
ත‍ටු සලයි
බමරෙකුව උන්
ගුමු ගුමුව
ලං වෙන විට
..ආලය මිස
විස විත්
ඇනෙන බව
නොදැනෙයි
නොහැ‍ඟෙයි.....


පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....  

8 comments:

  1. මයීයා ට නිසදැස් ගැනත් එක එක එවා හිතෙනවා,, මේක දැක්කම මයියාට හිතුනේ විහිගකුයි, බඹරකුයි දෙන්න ම එක ලග ඉන්න එක ගැලපෙන්නෙ නැ කියලා..එ උනාට අදහස නම් එල..අදරේත් එක්ක එන දුක තෙරෙන්නෙ අදරය කරපු එක්කෙනා නැති උනාම් තමා,,,

    ReplyDelete
  2. මයියා

    මෙහෙමයි මට හිතුනේ
    ජීවිතේ සිදුවීම් එක්ක ඉහල පහල යන්නේ කුරුල්ලෙකු ත‍ටු සලන ඇසිල්ලෙන්. දේවල් වෙනස් වෙන්නේ එසැනින්.
    ඒ ජීවිතය තුල ආදරය බමර ගුමුවක් වගේ.... ඒත් ලං වී කෝප ගත්තොත් ඒ ඇනෙන විස දල වලින් දැනෙන වේදනාව අන්තිමයි.

    ReplyDelete
  3. විත් ඇනුනාට පසු
    වේදනවා දන්නවා කියා
    රෝස මල් පැත්තකට වත් නොගොස්
    රොන් නොගන්නා බඹරු ඇද්ද මේ ලොව . . ?

    ReplyDelete
  4. ඇතිවිට සුන්දර ලෙසත් නැතිවිට කටුක ලෙසත් දැනුන ද
    ආදරය යනු එයයි.

    ReplyDelete
  5. දුකා අයියන්ඩී

    වේදනාව ඉවසන මල
    ඉවසන්නේ නම්
    මල නොතලා අදරින් රොන් සොයන
    හිතැති යහ ගුණ ඇති
    සොඳුරු බඹරෙකු
    උදෙසාම පමණකි... නැද්ද?? හොඳයි???

    ReplyDelete
  6. මිත්‍රයා

    බැරිවෙලාවත්
    ඇති විට ක‍ටුක බවත්
    නැති කල
    නිදහසත් නම් දැනෙන්නේ???

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->