Thursday, June 03, 2010

කවියක් වූ හුස්ම....



එක මොහොතකටවත්
ඇදහිය නොහැකි වූ දේ
යථාර්තයක් වූ යලිත් වර
කවදාවත්ම නැති වේදනාවක්
නුඹ දකින හදවත පෙලයි
ඒත් අහිමි කම නොදන්නා සේ
උන් මලෙහි පෙති හැකිල
මල් ගුලාවෙන් ඉවත හිඳ
හිරිකඩින් දෙ අත්  පොරවා ගෙන
මම සුසුම් ලමි....

සුසුම් නෑසෙන මල
නිදයි......
හැඬුම් නෑසෙන මල
පෙති පොරවාගෙන
දිගු නින්දක....
මලට පි‍ටුපා යන්නට
දෙපා අවසඟ
කින්නරී හීන් හඬින
ගයන්නී
අවාසනාවත් කිඳුරු කවිය......



~~~~~  2010 ජූනි 1 දවසේ දුකට ලියපු කවියක්...... ~~~~~

6 comments:

  1. ළසොවින් හඬන කින්නරාවිය
    ගෙන්දගම් පොලොවේ හිටගත්
    මිහිමත දෙපා විදාහල
    මලෙන් නූපන් අප්සරාවිය . . . !

    ReplyDelete
  2. ඉතින්
    කිඳුරු කව
    අලුත් කරනට
    කාලය පැමිණ ඇති වග
    නොහැගේද?

    (මෙසේ කීවද
    එය අසීරු බව
    දනිමි මම
    නමුත්
    යමක් කිවයුතු බැවින්
    කීයෙමි එලෙස...)

    ReplyDelete
  3. අක්කෙ ඔයා කොහොමද ඔය තරන් ලස්සනට වචන ගලපන්නේ?

    ReplyDelete
  4. දුකා අයියන්ඩී

    ඔයාට ස්තූති කරන්න දෙයක් තියේ .... මට comment එකක් ආවා කින්නරී කියන වචනෙට ආසා නෑ කියලා. ඉතින් ලස්සන වචනයක් හෙවුවා.. ඔයා ඒ හොයපු වචනය මට දුන්නා. "අප්සරාවී" ... අපූරුයි.. ස්තූතියි...

    මලෙන් නූපන් අප්සරාවී..
    ඒත් මලට අයිතී...
    ගෙන්දගම් සුවඳින් වෙහෙසින්
    ලසොවින් හැඬුම් බස් කී....
    ගෙන්දගම් පොලොවෙහිම
    දෙපා මතින් සිට
    සිනහ සෙන්නී...
    යලි හඬන්නී....

    ReplyDelete
  5. දුකා අයියන්ඩී

    කින්නරී අප්සරාවී කල ඔබට ස්තූතියි.... ඒ ගැනම ලියූ කවියක් අද හවසට දානවා... මොකෝ අප්සරාවී මල මත හිඳ සිනහසෙන නිසා.... :-)

    මිත්‍රයා
    අනේ ඔව් නේන්නම්
    කාලය පැමිණ ඇත
    කිඳුරු කවිය නොගයා
    අප්සරාවී හෙවත් 'අද' ගැන
    මීට වඩා සිතන්නට...
    දියට පෙම් බැඳි කින්නරී
    ඒ අතීතෙට
    යන්න දිය යුතු මයි...
    ඒත් මලට අයිති අප්සරී
    මලම හිමි කොට
    ‍රැඳිය යුතු මයි..
    එසේ මගේ හිත කියයි....

    මධු නංගී
    ඉස්තූතියි... මම ඔහොම කිව්වට හොඳට දන්නව ඔයාටත් ලස්සනට ලියනන් ඇහැකි කියල ... :-) කාලෙකින් ඔයාගේ පැත්තේ එන්න බැරි උනා.. ලඟදිම යන්නම්කෝ....

    ReplyDelete
  6. Wooow . . no word to express how i m happy . . .. !!!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->