නිහඬතාවය තුල
දොඩමලු වන
හැඬුම් හඬ
නො ඇසුනා සේ
නෙත් පියා ඉඳින්නෙමි...
වසන්තයක් ,
ඉන් ඇබින්දක්වත් අරං
ඉර යලිත්
පායන තුරා...
අහස යලි
එලි වන තුරා...
අහස දොඩමලු වන තුරා
නිහඬ අඳුර
බිඳෙන තුරා....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2010 ජූනි 2 දා උදේ 7.20 ට වැඩට ඇවිත් තනිකමේ ඉන්නකොට ..ජීවිතේ මල්ට ලියවුන කවියක් මේ....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ලස්සනයි.
ReplyDeleteනිහඬව බලා ඉන්න එකත් එක්තරා අපූරු බලාපොරොත්තුවක් නේද ?
ReplyDeleteහරිම ලස්සනයි වචන ටික
@ismbuwa
ReplyDeleteස්තූතියි යාලුවේ
@දිල්
ඔව් දි.. ඒත් බලා ඉඳීම වෙලාවකට හිතට ලොකූ වේදනාවක්....
ස්තූතියි ප්‍රතිචාරෙට දිල්
ලස්සන නිර්මානයක්
ReplyDeleteනොසිතේද නුඹට
ReplyDeleteනිහඬතාවයම
මහා ගෝසාවක් බව
නිහඬ බවට
ඇලුම් නොකරනා විටෙක . .
වසන්තය
බෝ දුරක නොව
ලඟ ලඟම ඇත
දෑත පා
ඇල්ලිය හැකි
නමුත්
ලඟට ඒමට
තව පොඩි කලක්
ඉල්ලා සිටින
දුරක . . .
නෙත් පියා හිඳින විට
ReplyDeleteවසන්තය උදා වූ බව ද
ඉර යලිත් පෑයූ බවද
අහස යලිත් එලි වූ බවද
අහස දොඩමලු වූ බවද... See More
නිහඬ අඳුර බිඳුණු බවද
නොහැගෙනු ඇත.
ඉතින් සිටින්න
අවදිව ..
වසන්තය උදාවන තුරු
එම වසන්තය උදා වන විට
ඉර යලිත් පායන වගද
අහස යලිත් එළි වී දොඩමලු වන වගද
නිහඬ අඳුර බිදෙන බවද
නිසැකය..
@ පිස්සා පලාමල්ල
ReplyDeleteඉස්තූතියි ... :-)
@දුකා අයියා
අහෝ
ඔබට තේරුනෙහිය
ඔවදන අති අනගිය
ඔව් සොයුර
දෑත පා නොයිල්ලමි
නිසංසලේ බලා ඉන්නෙමි
හැඬුම් මුව තද කොට ගෙන
වාවනු නොහැකි ඇස්
පියා ගෙන
හිඳින්නෙමි.. වසන්තය එන තුරා.....
@මිත්‍රයා
ඇස් ඇරෙන හිමිදිරියෙ
හිත් කවුලු ඇර පියමි
මුත් සුලඟ වෙන කිසිත්
නො එන මග බලන්නෙමි
රත් දෙනෙත් සඟවමින
හිස් කමට හූල්ලා
හිත් අහස පහන් වනු
පෙම් පුරනු රිසින් ඉමි.....
ලස්සනයි කියලා විතරක් කියලා යන්නම්..
ReplyDeleteරවා මල්ලි.... හුඟ කාලෙකින්.. ස්තූතියි මලේ... ලියන්නේ නැත්තේ තරහ වෙලාවත්දෝ.....
ReplyDelete