Tuesday, June 29, 2010

වැරදි උපකල්පන ...?? (අතීතයෙන් ආ කවි 6)





මලක් යැයි සිතා උන්නෙමි
සුලං ‍රැල්ලෙන් සැලෙන
තරු ඇසින නිදි බිඳින

ගඟක් යැයි සිතා උන්නෙමි
නිසසලේ පිය මනින
සැඩ රළෙන් නොවෙහෙසෙන

ගසක් වී දලු ලෑමි
රළු පසෙක දිය සොයන
නියං සායෙන් දැවෙන

මල් කිණිති ගිලිහේ
ගං දියද සැඩ වේ
දිය නොලද ගස මියේ...
නියං අහසට  හැඬුම නෑසෙන...


පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....  

4 comments:

  1. උපකල්පන හරි ගියත් අවසානෙදි ඇතිවෙන්නේ පසුතැවිල්ලක්ම නේද........ඒ හින්ද වරදින එකත් එක අතකට හොඳා.....මාලු කොටල ටික ටික චාටර් වෙනවාට වඩා හොඳයිනේ එකපාරටම කිඹුලාටම අහුවෙන එක.....:D..

    ReplyDelete
  2. ඒකත් ඇත්ත.. ඒත් කිඹුල්ලු කෑවම අන්තිමේට වෙන්නේ මාරාන්තික හානි.. හිත් නන්නත්තාර වෙලා උතුර දකුණ මාරු වෙලා... මාලු කෙ‍ටුව වගේ නෙමේ.. හේමලයෝ.... මාලු කෙ‍ටුවොත් ටික දවසයි තුවාලේ.... :-)

    ReplyDelete
  3. ගසක් වී දලු ලෑමි
    රළු පසෙක දිය සොයන
    නියං සායෙන් දැවෙන

    හ්ම්...
    හරිම ලස්සන අදහසක්...ඒ වගේම image එකට ලොකු සාධාරනයක් වෙන විදිහට ඔය ලියලා.සුබ පැතුම් මගෙන්..

    ReplyDelete
  4. හ්ම්ම්ම්...ස්තූතියි ඔයාගේ ප්‍රතිචාරෙට ,,,,,, ආයෙත් ඇවිත් යන්න.,,, :-) රුවන්

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->