(කට හම යන කන්..ජීවිතය හම ගැසූ කයි කතන්දර... 2)
තරුණ යුවලක් - ඈත අසුනක ඉඳගෙන... එකිනෙකාට තුරුලු වෙමින්, රහසේ බස් කොඳුරමින්, තරුණිය තරුණයාගේ උරහිස් වල දැවටෙමින් සිනහ වෙනවා... ඈට මේ ලෝකේ වගක් නැතුව වගෙයි... තරුණයා ආදරයෙන් ඈ දිහා බලා ඉන්නවා.. මොහොතක් තරුණියගේ හිස සිප ගන්නවා කාටවත් නොදැනෙන්න... ඈ නෙත් පියා ගෙන එය විඳිනව...
ඔවුන් දෙන්නා ඇත්තටම කුරුලු ජෝඩුවක් වගෙයි... ඔවුන්ගේ දෑත් එකිනෙක පැටලිලා...ඈ තරුණයාගේ උරහිසේ හිස හොවා ඉන්නවා... ඔහු නිකටෙන් ඇගේ හිස උරහිසට තද කරන්, නිහඬව එය විඳිනවා...
හ්ම්ම්... දැන් අත උස්සන්න බලන්න මේ කතාව කියවද්දි ලැජ්ජා හිතිච්ච කට්ටිය ?
"ඉතින් ඊට පස්සේ? " කියල මගෙන් අහන කට්ටියත් අත උස්සනවද?
"අපෝ මේක හරියට මල් නවකතාවක ඡේදයක් වගේනේ..."
"මේ මොන බොලඳ කතාවක්ද? අප්පා..."
"මුන් හැසිරෙන්න දන්නෙ නැති හැටි.."
"ඒ මදිවට ජීවිතෙ මල් , කෙල්ලෙක් වෙලත් මෙවුව කිසි ලැජ්ජාවක් නැතුව ලියන හැටි... !"
මේ සිතිවිලි වලටත් අත් කීපයක් හරි එසවෙයි නේද?
සොඳුරු කතා කාරයින් සමග නිමක් නැති කතා බහ වල අතරමං වෙද්දී අද දවසේ කතා මාතෘකාව උනා මේ තරුණ යුවල...
ඔයාලා හැමෝටම මොකක් හරි දෙයක් ඇති ඒ ගැන කියන්න... ජීවිතේ මල් තවම කතාව ඉවර නැහැ... ඈටත් තියනව කතාවක් කියන්න... සොඳුරු කතනදර කාරයකු කීව කතාවකුත් කියන්න තියනව... ඕන්න එහෙනම් අහන්න...
ඉතින් මේ යුවල නිශ්ශබ්දව ආදරය කරමින්, කොඳුරමින්, නිසංසලේ යනවා.... මෙච්චර කලබලකාරී වාහනයක... ටිකක් ඈතින්... මැදි වියේ කාන්තාවෝ දෙන්නෙක් ඉන්නව... ඒ දෙන්නගේ ඇස් මේ යුවල දිහාවේමයි... ඒ ඇස් වල තිබ්බේ දයාව ආදරය පහන් හැඟුම් නම් නෙමෙයි.. අප්‍රසාදය, තරහව, කලකිරීම ඒ ඇස් වල දිලිසෙන්න වගෙයි මම දැක්කේ....
මගේ ලඟම හිටි සොඳුරු කතා කරුවට මම මෙහෙම කිව්ව
" මම මේ හිතුවෙ අර ඇන්ටිල දෙන්න මේ පෙම් ජවනිකාව ගැන මොනව හිත හිත යනව ඇතිද මේ වෙලාවේ? කියල" . අනුන්ගේ හිත් ගැන පේන කියන එක හොඳමත් නැහැ. ඒත් එකෙන් හොඳ වෙන වෙලාවලුත් තියනව... අද වගේ...
" අම්මප මුන්ට ලැජ්ජා නැති හැටි...අපේ කාලේ නම් ඔහොම නැහැ" කියල හිතනව ඇති... - මම කිවුව...
කතා කරුවත් පුදුමයට වගේ ඒකම හිතලා... හැබැයි මම හිතන්න පැය බාගෙකටත් කලින්ලු ...
" මමත් ඕක හිතුවා... අම්මපා මුන් ප්‍රසිද්ද තැනක හැසිරෙන්න දන්නේ නැති හැටි!" කියල හිතනව ඇති... - සොඳුරු කතා කරුවා කියුවා..
" ම්ම්.... මේ රටේ ඉන්නේ බොරු සදාචාරයකුයි නැති විනයකුයි ඔලුව උඩ තියා ගත්ත කුහකයෝ... අන්තවාදියෝ.... -මම කිව්වේ කලකිරීමෙන්.
තව දෙයක් මගේ හිතට ආවා
" නැහැ මෙහෙම දෙයකුත් හිතෙනවා ඇති.. මෙහෙම ලව් කර කර කවුරු හරි යනකොට එයාල උපකල්පනය කරගෙන මවා ගන්නව වෙන්න ඇති ඊලඟට වෙන්න පුලුවන් දේවල්. අත් අල්ලන් නම් ඉන්නේ ඊලඟට කිස් එකක්.. ඊලඟට.... මෙන්න ඒ වගේ.... එක එක එවුව... මේ ගෑනු මිනිස්සු නැත්නම් මෙච්චර මොකද අපුලෙන් බලන්නේ ආදරේ දිහා... මොකද උන් දෙන්නා වැරදි වැඩක් කරනවයැ... ? කුහක කම... මොකුත් නෙමෙයි කුහක කම... උන් හිතන්නේ ආදරේ කියන දේ කාමය වරදවා හැසිරීම තරම්ම තැනකට ගිහිල්ලා තමා නතර වෙන්නේ කියලා..." මම කියාගෙන ගියා...
සොඳුරු කතන්දර කරුවත් මොහොතක් කල්පනා කලා...
" ඔව් ... ඒ කතාව හරි වෙන්න පුලුවන්... මේ මිනිස්සු කොච්චර ගතානුගතිකද කියනවනම් , ආදරය කියන දේ මුලිනුපුටා දමපු රාගය සංසිඳවා ගැනීමක් පමණක් අත් විඳපු අය නිසාද දන්නේ නැහැ එහෙම අප්‍රසාදයෙන් බලන්නේ... මොකද තම තමුන් එක එක දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ තම තමුන්ගේ අත්දැකීම් අනුවනේ..
යුවලක් අත් අල්ලගෙන, එකිනෙකාට ඉතාම ලං වෙලා යනකොට මේ මිනිස්සු හිතන්නේ " මේක නම් තනිකර මදය... මේක නම් කෙලවර වෙන්නේ කාමයත් සංසිඳවා ගැනීමෙන් කියලයි..ඒ දිහා බලන්නේ මුන් දෙන්නා රාගයෙන් වියරු වටිලා මෙතන හොඳ හොඳ සෙල්ලම් දකින්න තව ගත වෙන්නේ මොහොතයි දෙකයි" වගේ.... කුතුහලය, දෙගිඩියාව , තරහව, උද්වේගය පිරිච්ච අපිරිසිදු ඇස් වලින් ඊට පස්සේ හොයනවා 'සදාචාරය, විනය , හැදිච්චකම නාමයෙන් මුන් දෙන්නව සංස්කෘතික බන්ධනාගරයට අතඩංගුවට පත් කරන්න හේතුවක්...
ඔවුන් හිතන්නේ අත් අල්ලා ගැනීමෙන්, ලං වීමෙන්, සිප ගැනීමන් සිදු වන්නේ ලොකු process එකක ආරම්භය මිසක් මෙතැනින් සංසිඳෙන ආදර හැඟීමක් තිබිය නොහැකි බවයි... " තැන නොතැන දන්නෙ නැති කම...නැහැදිච්චකම.. වැඩිහිටියන් ඉන්න එකවත් සලකන්නේ නැති එක " - ඒක තමා එවන් ආදරවන්තයන්ට දෙන පදක්කම...
මොකද එයාල ලබලා තියෙන්නේ ඒ වගේ අත්දැකීමක් වෙන්න ඇති...එක්කෝ ආදරය පිටිපස්සෙන්ම කොහෙ ගියත් කාමාවේශය ලුහුබඳින හැඟීම් වෙන්න ඇති... මිනිසුන්ගේ මිනිස්කමට මම නිග්‍රහ කරනව නෙමෙයි... ඒත් සුන්දර ආදරය ලබල නැති කෙනෙක්, එතැන ආදරය විඳින්න , ලබන්න නතර වෙන ආදරවන්තයෙක් අත් විඳින සංහිඳියාව දිහා සරාගී රංගනයක මුල් ජවනිකාව
හැටියට දකින් එක වැරදියි කියන්න අමාරුයි.. ඒ එයාගේ අවබෝධය... එක්කෝ අහිමි වීමේ සියුම් ඊර්ෂ්‍යාව... නොලැබීමේ දුක...
එයාල හිතන්නේ ආදරය කිරීම , ලං වීම , සිප වැලඳ ගැනීම කියන්නේ කෑම කන්න කලින් බොන සුප් එක වගේ කියලයි... සුප් බීවම එන කෑම රුචියට පස්සේ කෑම නොකා ඉන්න බැහැනේ.... සුප් බොනවා නම් කෑම කන්නම වෙනව කියල හිතනව ඇති... නැත්නම් එක්කෝ මුන් සුප් බොන්න පුරුද්දක් නැතුවම කෑමම එක පාර කන්න විතරක් දන්න එවුන්... සුප් බීමෙන් නතර විය හැකි තෘප්තියක් තියනවයි කියල ජීවිතේට අදහන්නේ නැති එවුන් තමා ඔහොම විනය ගරුක මිනිස්සු වගේ ලව් කරන දිහා බලන් ඉන්නේ..."
ඇත්ත.. සොඳුරු කතාවෙන් මතුවූ දේ දවස් ගාණක් හිතන්න වටින දෙයක්...
සුප් නොබී කෑම ගැනීම නීරස විය හැකියි, starter එකක රසය දන්න කෙනෙකුට... starter එකක් ගැන නො ඇසූ කෙනා සිතන්නේ සුප් බීම අහර ගන්න තියන වෙලාව නිකම් අපතේ යැවීමක් පමණයි කියලයි... සුප් එකක රසය දන්න අය අතර සුප් එකෙන් සෑහෙන්න සූදානම් අය වුවත් සිටිය හැකි බව දකින්න තරම් විවෘත මනසක්, කුතුහලයෙන් නොව බුද්ධියෙන් මෙහෙයවන මනසක් මෙ රටේ මිනිසුන් ලබන්නට තව ශත වර්ශ ගණනාවක් නොයාවිද?
ආදරය දිහා ආදරෙන් බලන්න... මේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න.....
සොඳුරු කතාකරුවාටත් ස්තූතියි.... :-)
Wednesday, March 31, 2010
ආදරය හෙවත් සුප් හොද්ද....
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
දවස ගෙවෙන අපූරුව...
Sunday, March 28, 2010
මට ඕනෑ නවතින්න....
මට ඕනෑ නවතින්න
කැබැලි වුන හිත් බඳුන
විසිරි ගිය කැබැලිති
එකින් එක ඇහිඳින්න....
ඇහිඳ ගත් හිත් කැබැලි
ගලපන්න මුල මැද
ටිකෙන් ටික
එකිනෙකට අලවන්න...
සුලඟකට සැලෙන්නැති
අසණියට බිඳෙන්නැති
කුටුම්බය සිරස මත
කිරුලක්ව පලඳන්න....
මට ඕනෑ නවතින්න
දිවිල්ලට සමුදෙන්න
ජීවිතය දැක ගන්න...
ජීවිතය විඳ ගන්න....
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
Friday, March 26, 2010
"මාව කොටිය කාපුවාවේ...! " :-)
ගැහැණු පරාණෙකට තරහ ගියහම න්‍යශ්ටික බෝම්බයක් වගේනේ.... මට තරහ ගියහම පිපිරිල යන්නේ අවට නොවෙයි.. අභ්‍යන්තරයයි.... රිදුම් කන හදවතයි කැබලි වෙන්නේ.. ඒ මම සංවේදි වැඩි නිසා වෙන්න ඇති.... දුක මටම හරෝ ගන්න නිසා වෙන්නැති...
අහසත් එක්ක ඔරොප්පු වුන තරහට (කලින් පෝස්ට් එක බලන්න) , හිතට කැ කොස්සන් ගසමින් මම මගෙ හිතට දොස් පවරමින්, පන්ති කාමරේක හිටගෙනම කොල කැල්ලක ලිවුව හිතේ අමාරුව...
"මාව කොටිය කාපුවාවේ...! " මේ මට මාත් එක්ක තරහ ගියහම කටින් පිටවෙන මගේ ප්‍රසිද්ධ කියමන ..:-)
ඉතින් මේ කවියටත් දෙන්න හිතුවා ඒ තේමාවම... ටිකක් නුහුගුන තේමාවක් තමා... ඒත් හිතට දැනිච්ච අති සංවේදි හැඟීමයි ලියුවේ...
ඉස්සෙල්ලම කමෙන්ට් එක දුන්නේ අහසමයි.... " කවියක් වශයෙන් ලස්සනයි..පට්ට! ඒත් ඔයාගේ නිර්මාණයක් නිසා ඉවසනවා..නැත්නම් ඉරලා විසිකරනව :-) "
පසුවදන...
අඳුර ඉවරයි.. දැන් ඒ පැහැදිලි නිල් අහසේ කිරි බැබැලෙන සුදෝ සුදින් ආයෙමත් සඳ හිනැහෙනවා.... :-)

****
සරීර කූඩුව තුල
හදවත පිහිටි තැන
කුහරයක් පමණක් නම්....
හැඟුම් දැනුම් නොදැනෙන...!
හදවතට වාල්කම් කරන
මොල කූඩුව පිහිටි තැන
නරුම විස දල තුඩක් නම්....
මිනිස් දහමක් නොහැඟෙන..!
සිනහවක් විඳි වරදට
හැඬුම් සියයක් හිලවු වන
ජීවිතය පිලිකාවක් නම්...
සැතකින් අක් මුල් සිඳෙන..?
****
ඉස්සෙල්ලම කමෙන්ට් එක දුන්නේ අහසමයි.... " කවියක් වශයෙන් ලස්සනයි..පට්ට! ඒත් ඔයාගේ නිර්මාණයක් නිසා ඉවසනවා..නැත්නම් ඉරලා විසිකරනව :-) "
පසුවදන...
අඳුර ඉවරයි.. දැන් ඒ පැහැදිලි නිල් අහසේ කිරි බැබැලෙන සුදෝ සුදින් ආයෙමත් සඳ හිනැහෙනවා.... :-)
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
පොඩි පොඩි නෝක්කාඩු.... :-)
විඩාබර හිත
බස් රියක එල්ලී
ඇදෙන සඳ
සවන් පත දැවටෙයි
මනරම්ම පැදියක්...!
නිදා උන්
සිත් කෙම් බිමට
ආකාස එලියක්ව
පතිතවන
පෙම්වත්ම මුහුණක්..!
කෙටිම කෙටි
පණිවිඩයක ඇමිණි
සෙනෙහසත් ගෙන
හිත ඉගිල යයි
අවකාශය තෙක්....
පිලිතුරක් නැති
වැහි කඳුල
මන්දාරම් අහසින්
පතිත වෙයි
පිලිතුරක්ව- පිලිවදනක් !
හරිම උණුසුම්
සෙනෙහෙබර
වැහි කඳුල
පොලෝ සම වැද
උරා සැඟවෙත්...
එ'සම පලාගෙන
පැන නැගී
දසන් දී
සිනහවෙයි
සුදුම සුදු පියුමක්... !
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය,
දවස ගෙවෙන අපූරුව...
තවත් නවාතැනක්.... ( 1st version )
මේ කවියේ ඉතිහාස කතාව මම ඉස්සෙල්ලාම කියන්න කැමතියි. මම පෙරෙදා පන්තියක ලමයි වැඩක් කරද්දී ඉඳගෙන ඉන්නකොට , මගේ ජීවිතේ හිස් කාලය ගැන ලියන්න හිතුනු සිතුවිල්ල රෙකෝඩ් බුක් එකේ සටහන් කලා. ඒත් ඒ කොලය ගේන්න බැරි උන නිසා ඊයෙ රෑ ආයෙමත් හිතලා වෙන විදිහකට ටයිප් කලා... ඉතින් ඔයාලා කලින් පෝස්ට් එකේ දැක්කේ ඒ දෙවෙනි කවියයි....
අද ගිහින් රෙකෝඩ් බුක් එක බැලුවම මට හිතුනා පලවෙනි version එක ඊට වඩා හොඳද කියලත්.. ඒ නිසාමත් , සොඳුරු කතන්දරකරුවෙකුත් මේ පලවෙනි version එකට කැමති උන නිසාත් මට මේ 1st version එකත් දාන්න හිතුනා.. මම මේ version එකට නම දෙන්නම්, එක් නවාතැනක් ( version 1) කියලා :-)
මට ඔයාලත් කියන්න වඩා කැමති මොන එකටද කියලා..

තවත් නවාතැනක්...
නිසංසල සුලඟ විඩා නිවන,
හැඟුම්බර අහස ඉසුඹුලන...
තවත් නවාතැනක්...
කඳුලින් තෙමී නැහැවෙන,
සිනහව මැකී බොඳ වෙන....
තවත් නවාතැනක්...
එහෙත් එය,
හරිම හිස්තැනක් !
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය,
විරහව ද? විරවීම ද?
Thursday, March 25, 2010
එක් නවාතැනක් ...!
එක් නවාතැනක්...
කඳුලු ඉනු ඇසක්
වියැකි ගිය හසක්
කතා නැති කවක්....
එක් නවාතැනක්....
අහස සැදි වියනක්
නිදයි මිහි තලයක්
අකීකරු හිතක්....
එක් නවාතැනක්...
මිය ඇදෙයි ඉරක්
සඳ ගනී ඉඩක්..
එය හරිම හිස්තැනක්....!
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය,
විරහව ද? විරවීම ද?
Tuesday, March 23, 2010
ගැහැනිය හෙවත් තැතිගත් ලෙහෙණිය?
ගැහැණියක් උපදින්නේ මොන දේ උපතින්ම අරන්ද? මට හිතෙන්නේ පලමු කොටම සියුමැලිකම... අපි
කතාවටත් කියන ගැහැණු ගතිය.... බොලඳ කම.. සුන්දරත්වය....
ඒ විතරක් නෙමෙයි... අනාරක්ෂිත භාවය... ඒක දෝතින්ම දරාගෙනයි ගැහැනියක් උපදින්නේ...
බිලිඳියක් උපන් මොහොතෙන්ම අම්මා කෙනෙක් ඈ ගැන නොයෙක් සිහින මවනව.. ඈව සරසන්න, මලක් වගේ නොතැලෙන්න හදන්න අම්ම දරන්නේ පුදුම මහන්සියක්... එතන් පටන් ඇස් දෙක වගේ ඈව පරිස්සම් කරන්නේ අනාගත කුල කතක් කරන්න... ( මම මේ කියන්නේ ලංකාවේ බහුතරයක් හිතන විදියක්) .. කතන්දරයක් අහන්නේ නැති උදාරම් යෞවනියක් කරන්න....
වැඩිව්ය පත් වන්නත් පෙර සිටන්ම අම්ම ඈට උපදෙස් දෙනව... 'පුතේ හැමොත් එක්කම වැඩිපුර කතාවට
යන්න එපා..අනිත් අය දෙන දේ කන්න එපා... තනියම එන්න එපා... පාරේ පරිස්සමින් යන්න...
' මෙකී නොකී දේ.... නැද්ද?
කෙල්ලෙක් වැඩිවිය පත් වන්නේ, මෙතෙක් කල් තිබූ අනතුරු අඟවීම් තහංචි බවට පත් වෙමින්.. ඇයි මේ? ගැහැනියගෙ ශාරීරික ව්‍යුහයෙන්ම ඇයට දී තියන සියුමැලිකම නිර්මාණය කොට තියන අනාරක්ෂිත බව පසක් කරන්න....
වැඩිවිය පත් යුවතියක් කාමරයක හිර කරල තියනව පිරිමින්ගේ ඇස් වලින් ඈත් කරල ටික දවසක්... මේවා
නිකම්ම නිකම් පුහු හිස් දේවල්ද? මට නම් එහෙම කියන්න අමාරුයි.. මොකද , එහෙම තනිවෙන තරුණිය ස්වයං විශ්ලේෂණයක යෙදෙනව තමුන් මුහුණ දුන් වෙනස ගැන..( මං දන්නේ නැහැ..මේ තරුණියක් හැටියට එදා මට පවා හිතුන දේ) .. එහි බැරෑරුම් කම ගැන... වගකීම ගැන... පරිස්සම් විය යුතු බව.... පිරිමින් සියලු දෙනා අතේ දුරින් ආශ්‍රය කල යුතු බව.... මේවා හර සුන් පුහු චාරිත්‍ර හැටියට ගන්න බැහැ ඒ නිසා....මේවා මානසික සංක්‍රාන්තියක හට ගන්නා වියවුල් බව නිවා ගෙන සංසුන් වෙන්න දෙන මානසික ප්‍රතිකර්ම ....
තමා ලඟ රැකිය යුතු දෙයක් ඇති බව... අනාරක්ෂිත සමාජයක දෙමාපියන්ගේ රැකවරණය නැතිව පවතින්න
අමාරු බව... ඈ මුල් වරට පසක් කරනව... වැඩිවිය පත් වුන තරුණිය එලි පහලියට වඩමවන්නේ උත්සවාකාරයෙන්.. සමහරු වාද කරනව ශාරීරික ක්‍රියාවලියක පටන් ගැන්ම උදම් ඇනිය යුතු උත්සවයක් නෙමෙයි කියල.. එත් බොහෝ දෙනාට අමතකම වෙන දෙයක් තමා, මේ සමග මානසිකව සහ, හෝමෝන සම්බන්ධ අමුතුම ක්‍රියාවලියකුත් නොදැනීම ශරීරය තුල හට ගන්නා බව.. එහි වෙනස වටහා දෙන්නට මෙවන් පරිසරයක් ඉවහල් වෙනවා යැයි මට හිතෙනව...
විවාහයකට පත් වෙන තුරුත් තරුණියක් සොයන්නේ මේ අනාරක්ෂිත සමාජය තුල සුරක්ෂිත ආදරයක්... සෙනෙහසක්.. රැකවරණයක්... තැති ගත් ලෙහෙණියක් මෙන් කොයි මොහොතෙත් බයෙන් සැකයෙන් තැතිගෙන වට පිට බලමින් පැය 24ම තරුණියක් ගෙවන්නේ මේ අනාරක්ෂිත හැඟීම හිතට වද දෙන නිසා වෙන්න ඇති... මිනිසුන් විස්වාස නොකරමින්, අවංක ආදරය වෙනුවෙන් හඬමින්, රැවටිල්ලට , වංචාවට එරෙහි වෙමින් ගැහනියක් මේ ගෙනියන සමස්ත අරගලයම මේ අනාරක්ෂිත හැඟීම් විසින් මෙහෙයවනු ලබන යටි හිතේ ක්‍රියා වලීන් කියලයි මට හිතෙන්නේ.
කොතරම් නූතන ඇස් වලින් ලෝකය දකින්න හිතුවත්, මෙවන් හරවත් දේ දිහා වපරැහින් බැලිය නොහැකි තරම් ඒ සාම්ප්‍රදායිකත්වයේ (ඇතැම්) අවස්ථා වලට මම ආදරය කරනවා.
මේ දිග කතාවම ලියන්න හේතු උනේ, තවත් එක් සොඳුරු කතා කරුවෙකුත් එක්ක කයිය ගහද්දි මතු වෙච්ච සිතිවිල්ලක්....
ගැහැනියක් ආදරයක් යනුවෙන් හැබැවටම හොයන්නේ මොකක්ද??? සෙනෙහසද? ලෙංගතුකමද? බොලඳ ආලයද? රාගයද? සමාජ තත්ත්වයද? සල්ලිද? දේපොලද? මේ හැමදේම වෙන්න පුලුවන්.. මේ හැමදේම නොවෙන්නත් පුලුවන්... ශතවර්ශ ගනණාවක් ශිෂ්ටත්වය ඉදිරියට තල්ලු කරන් ආ සාම්ප්‍රදාය, ආවේණික චාරිත්‍ර යනාදී මේ හැමදේම ඉඟි කරන යම් දෙයක් තිබෙනව....
කිනම් ගැහැණියක් මුත් , ඉහත කී හැම දෙයක්ම හෝ කිහිපයක්, පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වන්නේ හැබවින්ම ගැහැනියකගේ 'අනාරක්ෂිත' හැඟීම සමනය කර ගන්න නෙමෙයිද? කොතරම් උගත් වුවත් , කොතරම් බලවත් වුවත් , ගැහැනියකගේ සියුමැලිකම නොහොත් සියුමැලි ගැහැණියකගේ සිහිනය - මේ අනාරක්ෂිත හැඟුම අවම කර ගැනීම නෙමෙයිද?
අති ස්වාධීන , යකඩ වැනි ගැහැණුන් නොසොයන්නේත් මේ 'රැකවරණය- සුරක්ෂිත බව' නෙමෙයිද? එතැන ගැහැනියක් සිටීදැයි මට සැකයි..
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
දවස ගෙවෙන අපූරුව...
Sunday, March 21, 2010
ටික්කි ටිකිරි හුරතල් ලදැරියක් වගේ......
අවුරුදු 20ක් 22ක් විතර මගෙ හිත වාත වේගයෙන් පිටිපස්සට පියාඹලා ගියේ හීනෙන් වගේ ආ සුවඳක් නැහැ පුඩු අග දවටමින්.... පුන්චි ලදැරියක්ව උන්නු හුරතල් ලමා වියට දිව ගිය හිත , ගම්පොල ගෙයි මම තවමත් ආස කරන ලොකු සෙටි පුටුවක බින්කුන්ඩෙක් වගේ ගුලි වෙලා කවි අහපු කාලයට දුවගෙන යනව. එතැනම හිත ටික වෙලාවක් රැඳෙන්නැයි ඇවටිලි කරනව...
අක්කිත්, මමත් අයියත් හරි ආසාවෙන් අහපු නන්දා මලිනියගේ 'හඳහාමි' කැසට් පටයත්, ඒ කැසට් පටයත් එක්ක ලැබිච්ච ස්වර ප්‍රස්තාර සහිත හඳහාමි ගී පොත් පිංචත් සිහියට නැගුන මට... ලොකූ ආසාවකින් ඒ කාලේ නිතරූම මිමිණුව මේ අතිශය ලලනීය ගී කවි අද මේ ලියන කියන බස සැදෙන්නට තැබූ මුල් පියවර විය නොහැකිදැයි විටෙක හිත කියනවා..
අද මේ ගී අවුරුදු 20කට පමණ පසුව අහද්දිත් මට එදා බාලංශ දැරියක්ව මැවූ සොදුරු චිත්ත රූප මැවී පෙනෙන්නා වගෙයි.. ඒ සෞන්දර්ය මැවීමෙන් මත් වූ මගේ ලදරු සිත තුල නොදැනීම වචන නැති කව් හැඟීම් උපදින්නට ඇති...
පියෙන් පිය ගඟක් ගලා අඬා බහින රිද්මය, ගම්මානය සිසාරා පැතිර, කිරි සිනා නංවමින් විසිරෙන සුරතලය එදා මෙන්ම අදත් ගඟක් දකිද්දි හිතට කියන රිද්මයම නොවේදැයි මට හිතෙනව..
ටිකෙන් ටිකම කඳු මුදුනෙන් බැස්සෙ නුඹයි
සැදී වැඩී ගම්මානෙට ගැලූ නුඹයි
ටික්කි ටිකිරි හුරතල් ලදැරියක් වගේ
කැකිරි සිනාවෙන් බැස ආ ගමනෙ අගේ...
ඇල දොල වල් එක් වුනු පසු හැදී වැඩී
මුහුදට ගලා යන ගමනේ වේගෙ වැඩී
නෙලුම් ඕලු දිය මානෙල් සැදී පිපේ
ඒ මල් නෙලමු පැදගෙන ගොස් ඔරුව අපේ...
දන්ඩි කූනි පෙතියෝ ගොඩයෝ ඉස්සෝ
පැන්නෝ කටිල්ලෝ කාවයියෝ කොස්සෝ
එහෙන් මෙහෙන් පීනන ලස්සනක හැටි
කිඹුලා මිනී කන්නෙකි සැඟවිලා සිටී...//
රාත්‍රිය යනු අති සුන්දර සොඳුරු හැඟුම් ජනිත වන , හුදෙකලා සිතක් මෝහනය කරන වශිකරනයක් බව එදා මේ සුරතල් ලදැරිය නන්දා මාලිනියට කන් දෙමින් පසක් කරන්නට ඇති...
සමන් පිච්ච මල් ඉහිරුනු
නිල් තණකොල පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට...
බකමූණෝ පියාඹතී
අනෙක් කුරුල්ලෝ නිදති
බෝ අතු වල එල්ලී ගෙන
මා වවුලෝ කෑ ගසති...
හඳහාමී අප දිහාව
එබී බලයි පා හිනාව
සිහිල් සුලං රැල් විඳින්ට
දොරට යන්ට හොඳ වෙලාව..
රැයක, අහසක, සුලඟක,ගඟක මෙකී නොකී සෞන්දර්යයේ සුන්දරත්වය විඳීමට අත් පොත් දුන් 'හඳහාමී' - ඔබට ස්තූතියි...
(අද දවස ගෙවුනේ විවේකීව.... හේතුව ශරීරය ලෙඩ කරමින් විවේකය අවශ්‍ය බව හඬ ගා පැවසීම..... ඒකත් හොඳයි..... මොකද අවුරුදු 20ක් එහා අතීතයේ විඳි සොඳුරු බොලඳ හැඟුම් වලින් තරුණ සිත අමන්දානන්දයට පත් වූ නිසා... එනිසා බලෙන් ලබා ගත් මේ විවේකයට පින් සිදු වේවා...!)
මේ ගැනයි මේ ලිපිය..
ඉතිහාස කතන්දර,
දවස ගෙවෙන අපූරුව...
Thursday, March 18, 2010
කට හම යනකන්.. ජීවිතය හම ගැසූ.. කයි කතන්දර 1
මගේ දවස ගෙවී යන්නේ බොහෝ ජීවිත කතන්දර බෙදා හදා ගනිමින් නිසාම, මිනිස් මනස් ව්‍යවච්ඡේදනය කරමින් ජීවිතය හඳුනන්නන් සමග කල පොඩි පොඩි කයි කතන්දර කොහේ හරි ලියන්නට මටත් සිත් උනා....
සතුටත් දුකත් පවතින්නේ කොහිද?.....
විටෙක අපට ජීවිතය සිනහ සෙන්නා සේද, විටෙක හඬන්නා සේද දැනේ... එහෙත් සිනහ වී හෝ හඬා වැටී අප හුදෙක් සිදුවීම්, ක්‍රියාවන්, ප්‍රතික්‍රියාවන් සමග ගනුදෙනු කරන්නා නොවෙමුද? එහි ප්‍රතිපල වශයෙන් සතුට හෝ කඳුල මොහොතකට උපදිනු විනා , එමත ස්ථිරසාරව ජීවිතය ගොඩ නැගේද? නැත.. සතුටත් දුකත් එක්තරා හැඟුම්වලියක ප්‍රතිපල වශයෙන් හට ගන්නා මනෝ භාවයන් පමණකැයි මට සිතේ.... පවතිනුයේ..යුගයෙන් යුගයට ගෙන යනුයේ.. සිදුවීමෙන් හට ගත් අවබෝධය පමණකැයි මට සිතේ...
සොඳුරු හරවත් කතන්දර කියන්නෝ....
අපගේ අවබෝධය උදෙසා නොවක් වෙහෙස වී ජීවිතය තේරුම් කරත හැකි මිනිසුන් හමු වේ නම් ඒ ඉතාමත් ඉතාමත් කලාතුරකිනි... එවන් මිනිසුන් නැතුවා නොවේ...ජීවිතය හැඟෙන, හැඟෙන ජීවිතය කතා කරත හැකි සොඳුරු මිනිසුන් මා දැක ඇත්නම් ඒ ඉතාම අල්පයකි...
ඔවුන් ලෝකය සුන්දර කරන්නාහු වෙති.... මගේ ලෝකය අර්ථවත්, හරවත්, ගැඹුරු එකක් වන්නට උත්සහයක් හෝ දරයි නම්, ඊට මෙවන් සොඳුරු මිනිසුන් වග කිය යුතු වෙත්...
ඇස් ඇර ලෝකය දැකීම....හෙවත් හරි වැරදි නොදැකීමේ ආදීනව...
සිදුවීම් විවෘත මනසින් දැකිය හැකි වීමේ ආදිනව ආනිසංස ගැන අද දවසේ සමීපතමයකු සමග කතා කල බොහෝ දැ නිසාවෙන්ම මට මෙයත් ලියන්නට සිත් විය.
හරිද? වැරදිද? මෙලොව කිසිම සිදුවීමක හරි වැරැද්ද එසේ වර්ගීකරණය කල නොහැකි මන්දැයි කිසිවෙකු ඇසුවා මතකය.... මා සිතන්නේ නොහැකි බවකි.. ඇස් වලට සාපේක්ෂව, ඒ ඇස් හිමි හිත් වල අත්දැකීම් වලට සාපේක්ෂව එකිනෙකා විනිශ්චය කරන දෑ දෙස පහන් ඇසින් සානුකම්පිත දෘෂ්ටියෙන් දැකීමට හුරු වූ මේ හදවතට, එවන් හදවත් වලට මම පෙම් කරමි...
මා යනු ලෝකය අතැඹුලක් සේ දුටු පරමාදර්ශී මනසක් නොවේ... බොහෝ මෝඩකම්, හපන්කම්, පුරසාරම්, කයි කතන්දර වලින් ආකූල වූ මා නම් චරිතය තුලද නොයෙකුත් නුහුගුණ නො අඩුව තිබේ... නුහුගුණ ඇති බව දන්නා කමම නුහුගුණයකැයි මට සිතේ.. මන්ද තම නුගුණ නොදනනා මිනිසා එක්කෝ මෝඩයකු සේ ජීවත් වෙයි.. එක්කෝ තම මතය නිවැරදි යයි එහි එල්බෙන්නටම සමත් වෙයි.. මා නම් මිනිස් පුලුට මේ කාරණා දෙකෙහිදීම අන්ත අසරණ මොට්ටයකු යයි මමම කියමි. හැඟෙන දෑ පසෙක ලා මෝඩයකු ලෙස ජීවත් වන්නටද නොහැකිය... එමෙන්ම හැඟෙන දෑ නුහුගුණ බව දැන දැන අන්ධයකු සේ එහිම එල්ලෙන්නටද මගේ හර්ද සාක්ෂිය ඉඩ නොදෙයි...
යම් යම් දේ හැඟෙනවාට වඩා නොහැඟීම සැපයකැයි විටක සිතෙන බව අද මමත් සමීපතමයෙකුත් කතා බහ කලෙමු... එය සැබැවකි... එක මොහොතින් අපට අනුන් ගැන හැඟෙන දේ ( මෙය පර චිත්ත විජාණන නොවේ... අන් හදවත් සංජානනය වන ස්වභාවයයි) , වැරෙන් සඟවන අසරණුන් දකින විට පහල වන්නේ ද්වේශයක් හෝ අප්‍රසන්න බවක් නොවේ... අනුකම්පාවකි... ඔවුන් ගැන නොවේ.. අප ගැනම අනුකම්පාවකි....
දෛවයට පිටුපාන්නාට පැවතිය හැකිද?.....
දෛවයට පිටුපානා කෙනෙකුගේ පැවැත්ම සැකයට තුඩු දෙයි....
අප ජීවත් වන්නා යනු කුමක්ද?? උපන් මොහොතේ සිටම මේ වන තුරුත්, හෙට දිනත් අප කරනුයේ සටනකි.... කුමක් සඳහාද? පැවැත්ම රැක ගනු උදෙසාය... අප කන්නේ, බොන්නේ, අඳින්නේ, නිදන්නේ, ඉගෙන ගන්නේ.... මෙකී නොකී සැම දේ කරන්නේ පැවැත්ම රැක ගනු උදෙසා නොවේද?
"පැවැත්ම" යන්නෙහි අරුත මෙලොව පැවැත්ම ලෙස ගන්නා, ලෞකික පැවැත්ම උදෙසා සටන් වදී.. ඒ පැවැත්ම පරලොව තෙක්ම විසඳ ගනු කැමැත්තාද සිටිනුයේ ලෞකිකත්වයේ සීමාවේදැයි විටෙක මමම අසමි...
උතුම් ශාස්තෲන් වහන්සේලා, ඉන් ඔබ්බට දුටුවේ මොනවාද? පැවැත්ම නොව පැවැත්ම උදෙසා දිවීම නැවැත්වූ උන් වහන්සේලාම උතුම්ම යැයි මට සිතේ.. ඔවුන් දුක සතුට විඳීම වශයෙන් නොගන්නෝය... තනි කම නොව හුදෙකලාව සැපයකැයි හඟින්නෝය... අප එතැන්ට කොතරම් දුරද?

Monday, March 15, 2010
සඳ සහ අහස
සිතුම් සුලඟක ඇමිණී
හැඟුම් කෙම්බිම් සරමී
සුසුම් පැහැ තවරමිනී
කවක් සඳ මුව මිමිණී ...
රැස් දෙන ඉරට ලං විනි
ලත් හිරු රැසින් මත් විනි
මල් සර විතෙන් විස ඉනි
නෙත් අඳ සඳක් ඇවිලිනි ...
සුපෙම් අහසක් අහිමි
සොවින් සඳ මියැදෙමිනි
සසර හුරු ඇස් හැඟුනි
යලි අහසෙ සඳ උපනි..
මැකී යලි සඳ පිපුනී
පිපී සඳ බොඳ නොවිනී
මසින් මස මෝරමිනි
සඳින් අහසද උපනි....
සහසැස් සිඹින අහිමි
අහිමිව නොහෙනු හඬමි
හැඬු නෙත් සිඹින ම'හිමි
හිමි නුඹ අහිමි නොහෙමි....
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
Tuesday, March 09, 2010
මම නම් හොඳටම හඳේ
හයියෝ... මම නම් හොඳටම හඳේ... පත්තරේ මම ලියපු දෙයක් තිබ්බ කියල මාසෙකට පස්සෙ අද මම දැන ගත්තා... අනේ සංසාරේ..... :-)
මේ පෙබරවාරි 14 පත්තරේ....
මට ආදරය කරන ඔබත් සමග බෙදා ගනු රිසි වීමි.. එපමණි
මෙවර ඉරිදා ලක්බිම පුවත් පතෙහි පලවූ 'ආදරය' තේමා කොට ගත් බ්ලොග් අඩවි අතර, මගේ 'මලෙහි නිදන කින්නරිය' එබිකම් කර උන් හැටි දුටු මට පුංචි පහේ සංතුෂ්ටියක් දැනුනි.. එය මට ආදරය කරන ඔබත් සමග බෙදා ගනු රිසි වීමි.. එපමණි....
කතා කියන 'ඇස්'
ඉඟියකින්
එක් බැල්මකින් මිදෙන
ආදරේ කියවන... කොඳුරන...
පෙමින් අඳ වන 'ඇස්' දකිමි...
ප්‍රශ්නාර්ථයක් මැවී සැඟවෙන
නිහඬතාවයට බියව විමසන...
"කිමැයි?" අසන
'ඇස්' විඳිමි....
ඉසුඹුවක් ලන තැන් විමසන...
ලොවට පිටුපා,
හොර හොරෙන් දොඩමලු වන
'ඇස්' බලා හස නගමි......
අතැගිලි තුඩකින් කාන්දු වන
සොඳුරු සෙනෙහෙන් මත්ව සෑහෙන...
බලාපොරොත්තුවේ
'ඇස්' වැලඳ ගමි...
සුලඟ සේ පෑ ගනන් දැවටෙන
ලඟ ඉඳන්,
කාලය ඉබි ගමන් යන...
මැසිවිලි කියන 'ඇස්' කියවමි....
ලඟ රැඳෙන... පෑ ගනන් මග බලන
නාදුනනන සේ
සැඟවෙන, වැලපෙන
සොවින් ලතැවෙන 'ඇස්' වසමි.....
රල බිඳෙන ගොස නැගෙනු වියැකෙන
සසල ලොව ඉසුඹු ලන තැන් සොයන....
'ඇස්' හරිමි..
'ඇස්' සිඹිමි'
ජීවිතය නිදි බිඳෙන ඇහැරවෙන
ඇහැරුන සිහින ඉහිරවෙන මුදා ලන
'ඇස්' සිඹිමි...
'ඇස්' විඳිමි.....
ඉදින් මම
'ඇස්' ලදිමි....
'ඇස්' ලදිමි....
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
Tuesday, March 02, 2010
නොදනිමි.... අහිමි.. නොහඟිමි....
මද්දහන නොවිඳි දිගු දවස වෙමි
හිමිදිරිය අහවර විය, හඟිමි
නුඹ මා කොතැනටද ම'හිමි
කවදා පසිඳිමුද ? නොදනිමි....
පියවරක් තබමි, යලි හැරෙමි
තැබූ පිය වැරෙන් මකාලමි...
මහමෙරක් උරෙන් උහුලමි
ඇස් අරින මල් පෙති අහුලමි....
හුස්මකින් යලිත් තිගැස්සෙමි
ගැස්මකින් රහස් කොඳුරමි
විස්මයෙන් ගල් ගැසෙන ඇස් අරිමි
ඇස් දෙකින් අහස සිතුවම් කරමි...
අසුරු සැනෙකින් ඇහැරෙමි
සිහිනයක් මේ යැයි පසිඳිමි
අත්ලෙන් මිදි මල් පෙති සොයමි
පෙති නොසිඳි මල අදරින් සිඹිමි..
අහස් සෙවණැල්ලෙහි රැඳෙමි
මල් ගොමුවෙන් හෙමින් හිස ඔසවමි
විකසිත නොවී,අහසට නෙත් දෙමි
මල් ගොමුවෙහිම හිස බා නිදමි....
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය,
විරහව ද? විරවීම ද?
Subscribe to:
Posts (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->