Monday, February 22, 2010

සොඳුරු කෙම්බිම





සසල තුරුපත්
අතුල ජරපත්
ගොඩැලි පිරි මග
ඇදුනු දිවි ගැල...

සිනහසෙමි මම්
හැඬුම් සඟවමි 
සොඳුරු කෙම්බිම
දකින ඇස් ලඟ...

15 comments:

  1. ඔන්න මිස් අදත් මම තමා පළමු ප්‍රතිචාරය දැම්මේ :). ඒත් මොකද මිස් පුංචි කවියක්. (ගිය සතියේ test එක තිබ්බද මිස්)

    ReplyDelete
  2. ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවුනු
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං

    ReplyDelete
  3. ලස්සනයි, සුන්දර නිමෙෂයක් හිතෙ මැවෙනවා...
    නැවතත් ලස්සනයි.

    ReplyDelete
  4. බෑ.... බෑ.... මටනම් බෑ....

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. සැඟව ඇති මුත්
    දහස් අදහස්
    හැඩුම නවතා
    සිනා සෙමු අපි
    සොදුරු කෙම්බිම
    දකින රිසියෙන්..........

    ඔබට ජය..

    ReplyDelete
  7. @ ආදර කතාව

    ස්තූතියි කමෙන්ට් එකට :-) ටෙස්ට් එක තිබ්බා... නො ආ අය ගැන මට කිව හැක්කේ එක දෙයයි.... මා මෙතෙක් කල ව්‍යායාමය විහිලුවක්ව ඇති බවයි...

    ඔබේ කවි ප්‍රතිචාරෙට ස්තූතියි... කවි ලියන්න දිගටම....

    ReplyDelete
  8. @ රවා

    ස්තූතියි..... මිනිස්කම බෙදා ගන්න ඔබට...... ඔව්... ආදරය සුන්දරයි..... නැවත නැවතත් සුන්දරයි....

    ReplyDelete
  9. @ අනුරාධ

    මොනවද බෑ ???

    ReplyDelete
  10. @ සිතුවිලි

    ඔව්... අපි සිනහසෙමු
    හැඬුම් දී අතීතයට.....

    කෙම්බිම සොයා යමු...
    යලිදු සිනහසී වෙන් වෙමු....

    ReplyDelete
  11. ඔයා එක්ක තරඟෙට කවි ලියන්න මට බැරියෝ.....

    ඔබේ සුවිසල්
    කවි සිත ඉදිරියේ
    පුංචි ළදරුවෙකි මා
    වචන එහෙ මෙහෙන්
    අහුල අහුලා
    දොඩන...

    ReplyDelete
  12. අනේ මිස්, අපිට නම් විහිලුවක් වෙලා නෑ ඔන්න. මම එදා ආවෙ නැත්තේ ටෙස්ට් එක කට් කරන්නනම් නෙමේ.

    ReplyDelete
  13. @ අනුරාධ

    ඔබේ කවි ලදරු නැත... වචන අහුලා මුත් කවි ලියන්න....

    ReplyDelete
  14. එහෙම කියන්න එපා මිස්. හැබැයි මිස් මෙහෙම දෙයක් කියන්න තියනව. ඕකේ ඉන්න සමහර සර්ල තමන් උගන්වන subject එක හරියට කරල ඉවර කරන්නේ නැතුව අනිත් අය කරන subject කරන්න ගිහින් එයාල නම් joke එකක් වෙනව. (මිස්ට තේරෙනව ඇති කා ගැනද කියන්නේ කියල)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->