Friday, February 05, 2010

"මම ආපහු එනව ...! "

ඉර බැහැ ගෙන යන හැන්දෑව දකිද්දි හැමදාමත් වගේ හූල්ල හූල සිහිනය ගැන හිත හිත මට ඉන්න සිදු වුනේ නැහැ. මෙන්න මම ලස්සන වෙරලෙ අයිනක වාඩි වෙලා... තට්ට තනියම!

ලෝකයම දොඩමලු වෙලා... පුංචි පැටවු ටිකක් එකතු වෙලා බෝට්‍ටු අරිනව! පුංචි පවුලක් කෑම බීම අරන් පුංචි පික්නික් එකක් ඇවිත්.. දඟකාර කොලු ගැටවු ටිකක් ක්‍රිකට් ගහනව...විසේකාර කොලු ගැටයෙක් හුලං බදමින් වේගයෙන් රල උඩ යන ස්කේටින් තට්‍ටුවක නැගී චමත්කාර දසුනක් මවමින් වාත වේගයෙන් පාවෙනව.... මම... පුංචි වැලි මාලිගාවක් හදනව...

"තනි තට්‍ටුවෙ, පොඩි වහලයක් තියන,හත‍රැස්.... " ඔව්  සුන්දර ගෘහ නිර්මාණ ශිල්පියා ඒ කිව්ව විදිහෙම ලස්සන පොඩි වැලි මාලිගාවක්... ටික ටික ගොඩනැගෙනව....

මූදු ‍රැල්ල බිඳ බිඳ වැලි මාලිගාව ලඟටම ගලනව... රතු එලි දල්වමින්.... ඒත් මම වැලි මාලිගාව හැදුව... රලට ගසා ගෙන යන බව දැන දැනම... හැන්දෑව හෙමි හෙමින් සමු අරන් යන්නයි ලැහැස්තිය... ඉර දෙවියො බලාන ඉන්දැද්දි සිතිජ ඉමේ ගිලා බහිනව...  හිතේ තියන හීනෙන් අඩක් හරි ඉෂ්ට කර ගත්ත මම හෙමිහිට සැන්දෑ වෙරලෙන් නැගිට්ටෙ අකමැත්තෙන්...


මගේ පුංචි වැලි මාලිගාව.. හෙට නුඹ එතැන නැහැ... මම දන්නව.. එත් අනේ මහ සයුරු කුමරුනි, අඩුම ගානේ සලකුණක් වත් තියා යන්න මගේ පුංචි වැලි මාලිගාවේ... . සුන්දර හදවතක ගෘහ නිර්මාණ ශිල්පය...  මගේ අඩක් සැබෑ වුන සිහිනය....

යන්න කලින් මම වෙරලට හීන් රහසක් කිව්ව... "මම ආපහු එනව ...! "

(වැලි මාලිගාව හැදුවෙ  2010-2-4 හවස 5.00 ට ගල්කිස්ස වෙරලෙදි)












8 comments:

  1. වලාකුළු නිම්නය මත
    හිරුත් නවතියි සවසක
    පුළින ළය මත විකසිත
    පෙණ බුබුලක්ය මඳහස

    සිතුවිලි ලවැලි මතුපිට
    සිතුවම් අඳියි පියවර
    කළු ගල්කුළක හදවත
    සිනහ සීරා උපදන

    සරැලි විසිරී වැලි මත
    මාලිගය බිම ඉහිරෙත
    අකුරු මතුවෙයි වෙරළ'ත
    කුහුඹුවෙකු ලිව් කවියක

    ReplyDelete
  2. මේ photo එකේ තියන වැලි මාලිගාව ඇත්තටම හැදුවේ මිස්ද?

    ReplyDelete
  3. කලු ගල් කුලද හස දෙන
    සිතුම් සීරා ඉපිදෙන
    අකුරු ඇහිඳිමි අදරින
    කුහුඹු කවියෙන් සෙස් වුන

    මාලිගය ඉහිරුනදෙන්
    දල රලට ඇමිණෙද්දෙන්
    කුහුඹු කවි මතු වීයන්
    කවි මතින් මල් පිපියන්

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්...............

    ReplyDelete
  5. ඔය සියුමැලි අතැඟිලි
    තාලයකට නලවමින්
    මා මතින්
    මගේම රුධිරයෙන්
    ඔබ තැනූ මාලිගය
    සයුරු රළ සිපගනිද්දී....
    බිඳී විසිරී ගියේ
    නුඹේ මාලිගය නොව
    නුඹට පෙම්බැදි
    මගේ හදවතයි

    -වෙරළ-

    ReplyDelete
  6. @ ආදර කතාව:

    ඔව්... මේක හැදුවෙ මම තමයි ..... මටත් ඉතින් පිස්සුනෙ.. මිස්ලට මෙච්චර පිස්සු කියලා දැනගෙන හිටියෙ නැහැ නේද? . අපෝ මට උගන්නද්දි පිස්සු නෑ හරිද? උගන්නද්දි මම ඒ වැඩේ හරියට කරනවා... සෞන්දර්යය විඳිද්දි පොඩ්ඩක් වත් සීරියස් නැති පුංචි කවියෙක් වෙනවා..පුදුමයි නේද? :-)

    @ පිස්සා... :

    හ්ම්ම්...හ්ම්ම්... හ්ම්ම්.... ස්තූතියි හ්ම්ම් එකට...:-)

    @ අනුරාධ

    අතැඟිලි සියුමැලි නම්
    තැනිය නොහැකිය සුහුරු විමනක්
    නුඹ මතින්, තැනු මුත්
    එහි කැවී ඇත මගේ කඳුලැල්
    කඳුල කලමුත් සවිමත්
    නුඹෙන් ඉපැදුන රළම දිව විත්
    හදත් විමනත් බිඳි මුත්
    මතක නොබිඳේ සසර ඇති තෙක්.....

    හැමෝගෙම හැම ප්‍රතිචාරෙටම ස්තූතියි....

    ReplyDelete
  7. කවි ලොකයයි.. මුල් පින්තුරෙ දකිද්දි මතක් උනෙ ගල්කිස්ස මුහුදු තිරය. කැම්පස් එකෙ ඉද්දි විභගෙ ඉවර වුන ගමන් අපි ඔතනට සෙට් වෙන්නෙ. ජිවත් වෙන්නවා වගෙ අපුරුවට....

    ReplyDelete
  8. ස්තූතියි යාලුවේ...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->