Tuesday, February 02, 2010

අහිමි

මේ මුලු පැදි පෙලම දැන් මගේ නොවේ... එයට මම ආඩම්බර වෙමි... කිම? මනහර කවියකුගේ සිතක අරුමැති වූ සොඳුරු කැපුම් කෙ‍ටුමින්, මගේ අදහස් පුංජය ප්‍රභාමත් විය... කවිය... මෙය නුඹගෙය දැන්.... නුඹට පින්සිදු වන්නට සොඳුරු වියක් බිහි විය...


හමා යන මේ සුළඟට
ගසා ඈතට යන සිත
හඹා දිව ගොස් පසුපස
සොයා ගෙන යළි එමි මම...



සදා පෙම්කල මතකය
මුදාලමි රෑ අහසට
සොයා අඳුරෙම යලි එය
දොවාලමි පිණි ඉස ඉස...



නොතෙත් ඇස් දී ඇස් වෙත
කොතෙක් රැව් මුත් සිහිනෙක
මෙතෙක් පිණි මිස ගිනිසැර
නොලෑවෙමි හිත් අරණට...



පොහොණි  නොම වන සිහිනෙක
පැමිණි සඳ වැනි නුඹෙ වත
අහිමි බැව් පසිඳන විට
කැබලි වෙයි යළි මගෙ සිත...

18 comments:

  1. මල් හතයි * හතයි = හැත්තෑ හතයි.....

    ReplyDelete
  2. හිතෙ තියන දෙවල් කවියට නගන එක හරිම වටිනව.
    දුකක් බෙදා ගත්තහාම එක අඩු වෙනවා. සතුට බෙදා ගත්තාහම එක වැඩි වෙනවා.

    ReplyDelete
  3. හරියට හරි ravaa... හිතේ දුක හෝ සතුට,, මේ දෙකම ලියන මේ මාධ්‍යය හරියට විඩාබර හිතට ඔසු පැන් බිඳක් වගේ....

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්......

    ReplyDelete
  5. කැබලි වූ ඔබේ සිත
    සෙනෙහසින් ගෙන දෝතට
    ආදරේ පැන් පොදින් නහවා
    තබා ගන්නම් මගේ හද තුල

    ReplyDelete
  6. සිතක් දැන් එහි නැත..
    ඇත්තේ කැබලි පමණිය....
    ඇහිලු මුත් එක එක
    ගලපනු පහසු නැත ..

    ස්තූතියි යාලුවා කවි ප්‍රතිචාරෙට... :-)

    ReplyDelete
  7. සැබෑ ආදරයක
    තිබෙන පිවිතුරු බව
    මහා බලයකි
    එක් කරන්නට
    කැබලි වී ගිය
    සිත තිබූ ලෙස

    ReplyDelete
  8. සැබෑ ආලයෙ බලයෙන්
    හදිසියෙම එක් කල සිත් කැබැලි
    ඇලැවු මුත් කොපමන කල්
    තිබේවිද සවිමත්ව අදරින් ?

    :-)

    ReplyDelete
  9. ආදරේ සවිමත්නම්
    බෝ පතක් සේ පිවිතුරුනම්
    සදා කල් රැඳේවි
    ඔබේ සිත් යායම
    සුවඳවත් කරමින්

    ReplyDelete
  10. සවිමත්ය කියු ආලය!
    බෝ පතක පිවිතුරු ආලය!
    සුවඳ දෙන ආලය!
    කොහිද එය?
    යදිමි නොමල ගෙයකින් අබැටක්
    ලදිමි, එනමුත් ආලය.......?

    කවිය... ස්තූතියි ප්‍රතිචාරෙට!

    ReplyDelete
  11. සබෑම ආලය
    පිලිගමි දුලබ බව
    තුල මේ ලෝකය
    නුමුත් අපහට
    නොලද පමණින්
    නොවේ අදහස්
    නොමැති බව එය
    බොහෝ වටිනා
    දෙයක් වේනම්
    නොමැත එය
    කඩපොලෙහි
    සිල්ලර....

    ReplyDelete
  12. :-)අන්තිමට මේක දිග කවි වැලක් උනා නේද ? :-)

    ReplyDelete
  13. ඒ ඇයි කියල දන්නවද අක්කේ. තාම වෙන කාගෙන්වත් දැක්කෙ නැති අමුතු හැකියාවක් මන් ඔයාගෙන් දැක්කා. ඔයා කවි ලියනවා විතරක් නෙවෙයි. කවිරසය කියන්නේ මොකද්ද කියල අල්ප මාත්‍රයකවත් හැඟීමක් නැති අපේ හිතුත් කවිය කියන ආදරණීය සඳ කිරණෙ පහසින් නහවනවා. එතකොට අපෙ හිත්වලත් කවියේ සිසිල් දිය උල්පතක් උපදිනවා. කොටින්ම අපිත් කවියො වෙනවා. ඔයා තරම් දක්ෂ විදියට කවිය හසුරවන්න බැරි උනත් යාන්තම් වචන කිහිපයක් එකතු කරලා කවියක ආකෘතියක් ගොඩ නගාගන්න පුලුවන් වෙනවා. ඔයාගේ කවිසිත අපිව කවියේ හිරකාරයො බවට පත් කරනවා. ඒකට ඔයාට ගොඩාක් පින් අක්කේ.

    ReplyDelete
  14. කෙනෙක්ව සිරගත කිරීම දඬුවම් දිය යුතු වරදකි.... :-) :-)

    ස්තූතියි මල්ලි ප්‍රතිචාරෙට!

    ReplyDelete
  15. මා සිරගත වී සිටින්නේ මගේම කැමැත්තෙන් බැවින් දඬුවම් ලබා දීමක් අවශ්‍ය නොවේ.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->