[267] මගෙ හිත ගත් පොතක් 7 - හලෝ හලෝ

 http://3.bp.blogspot.com/-5dDMxveWIHE/T-XnngPcw3I/AAAAAAAADRE/MAkvBMfp3yc/s1600/Dil1276.jpg

මහ වැස්සකට අර ඇඳි ව්‍යාජ අකුණු මත සන්තුෂ්ටිය සටහන් කරමින් දවස් කිහිපයක් කාර්යබහුල රාජකාරි ජීවිතයට කැප කළෙමි. 

අනතුරුව මම යලිත් ආවේ වැස්සක් බලාපොරොත්තුවෙන් ආයෙත් ලියන්නටය.  

අද මගේ විස්තර විභාගයට භාජනය වන අසරණ පොත වන්නේ 'හලෝ හලෝ' ය. 

චේතන් භගත් නම් අපූර්ව අපේ කාලයේ රචකයාගේ පොත් වලට වහ වැටුනාට , ඒ ගැන දුකක් නොවන්නේ චේතන්ගේ පොත් පරිවර්තනය කරන්නටත් , දක්ෂ පරිවර්තකයකු කැපවී සිටින නිසාය.  

හෙලෝ හෙලෝ පොතෙහි පවතින රසය සම්භාව්‍ය බරසාර (ලේසියෙන් කියෙව්වාට නොතේරෙන) ආකෘතියෙහි නොවේ. කොටින්ම මේ ලියන බාසාව තරම් බරසාර අමාරුවක් පොත කියවන්නාට නොදැනේ. :) 

කෝල් සෙන්ටර් එකක්... එක් රාතිරියක් තුල එහි සිටින කොලු කෙල්ලන් රැලකට මුහුණ දෙන්නට සිදුවෙන හදිසි අකරතැබ්බ , පුදුම උපදවන සිදුවීම් , සහ ඉතාමත් සුන්දර හින්දි අවසානයකින් සමන්විත One Night At the Call Centre පොතට දිය හැකි හොඳම සහ සරලම නිර්වචනය නම් 'එක හුස්මට' යන්නයි.  

ගලායාමෙන් අනූන , පිටුවෙන් පිටුව කුතුහලය ඉව වහා යන මේ පොත , සරල කතාන්දර ලියැවුනු බොහෝ පොත් අභිබවා මා පුද්ගලිකව ඉදිරියෙන් තබන්නට මනාපයි. ඊට හේතුව , එය කියැවීමෙන්ම ඔබට පසක් වේවි. 

ඉන්ග්‍රිසි පොත් පත් කියවීමට දක්වන කම්මැළි කමත් , කියෙව්වාට එච්චර රහක් නොදැනෙන ව්‍යාධියත් නිසාවෙන් , මුල් පොත පසුව ලැබුනත් කියවන්නට උනන්දුවක් දැනුනේ නැහැ. 

අනෙක් කාරණාව නම් , රහ දැනෙනවා නම් ආයිත් සූප්පු කරන්නට සහ පොත් දෙකෙහි හරි වැරදි ලකුණු කරන්නට අනවැසි තරම් අපූරු පරිවර්තනයක් දිලිප විසින් කොට තිබෙන නිසා.  

කියවන්නට තරම් රසවත් වග විභාග විස්තර නැති එහෙත් කෙටි සරල බොහෝ අරුත් දෙන අපූරු වාක්‍ය ශෛලියකින් ලියැවුනු 'හෙලෝ හෙලෝ' පොතට ඔබත් පෙම් බඳිනු නො අනුමානයි :-) 

පොත : හලෝ හලෝ
පරිවර්තක: දිලිප ජයකොඩි
පොත ලිව්වෙ : ඉන්දීය ලේඛක චේතන් භගත්  
මුල් පොත : One Night at the Call Center

7 දෙනෙක් කියූ අදහස්..:

ධමිමික ස‍‍දරුවන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මං නම් කැමතියි ඉංග්‍රිසි ඒවට.මොකද තේරෙන්නේ නෑනේ.මේ පොත කියන විදිහට නම් හොදයි වගේ.

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම නම් මේ පොතත් කියවලා නෑ..
ඔයා මාර කියවිල්ලක්නේ කියවන්නේ. පොත් ගොඩක් ඇති ගෙදර !

හිරු said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ පොත මං අවුරුදු 3කට විතර කලින් ෆෙයාර් එකෙන් ගත්තා... කියවගෙන යනකොට නම් හින්දි ෆිල්ම් එකක් වගේම තමයි.... අර කිව්වා වගේ සම්භාව්‍ය බරසාර කතා නැති, එක හුස්මට කියවගෙන යන්න පුළුවන් පොතක්.. මගේ ආසම පොත් ගොඩේ නැති උනාට තාමත් ඉදලා හිටලා දූවිලි ගසලා මුල ඉදන් අගට කියවන්න පුළුවන් පොතක්... පර්වර්තනය නම් කිව්වා වගේම අපූරුයි....

රූ.... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

චේතන් බගත් කියන්නෙ ඉංග්‍රීසියෙන් පොත් ලියන ඉන්දියානු ජාතිකයන් අතර ඉදිරියෙන්ම සිටින ලේඛකයා කියලා මම අහලා තියනවා..

ගොඩක් තිත්ත ඇත්ත ලස්සන ටොපියක මැදි කරලා කියවන්නාට දෙන්නට හැකියාවක් චේතන්ට තියනවා කියලා මම විශ්වාස කරනවා..

ස්තුතියි මල් මේ ගැන අපිත් එක්ක බෙදාගත්තට..

දයානන්ද රත්නායක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ සාහිත්‍ය මාසය. තව සතිදෙකකින් ජාත්‍යන්තර පොද් ප්‍රදර්ශනය පටන් ගන්නවා. එතකොට හොද පොත් අතරට මේකත් එකතුවේවි.

Chandi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ස්තූතියි! මල් මේ පොත අපිත් එක්ක බෙදා ගත්තාට. හොඳ පොතක් කියවන්න පිපාසාවෙන් පෙලෙනවා.

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අදහස් බෙදාගත් ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි යාලුවනේ. පොත් ප්‍රදර්ශනයෙදි ඉස්සරහට මුලිච්චි උනොත් කතා කරලම යන්න හොඳේ.... :)

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->