[265] මගෙ හිත ගත් පොතක් 5 - අමුතු ඉලන්දාරියා

අද මම කියන පොත යම් විවාදයට තුඩු දුන් පොතක්.. කොටින්ම මේ මාතෘකාවත් එක්තරා ටැබූ සබ්ජෙක්ට් එකක්.. මම දන්නෙ නෑ මේ ලන්කාවෙ ටැබූ සබ්ජෙක්ට් ටැබූ පිලිවෙතින්ම ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ නිසා ටැබූ සබ්ජෙක්ට්ස් පිලිබඳ මගේ මතවාදය වෙනස් එකක්.. මේක ලිවව කියලා මම බ්ලොග් සින්ඩිකේටර වලින් ඉවත් වුනත් ඉතින් මොනව කරන්නද? 

ශ්‍යාම් සෙල්වදුරෙයි කියන්නෙ සුවිශේෂී ශ්‍රී ලාංකික ලේඛකයෙක් .. ඔහු සුවිශේෂී වීමෙහි පළමු හේතුව වන්නේ ඔහුගේ ලිවීමේ හැකියාව. ඔහු ලාංකීය ඉන්ග්‍රිසි ලේඛකයෙක්. ඔහුගේ උසස් බස හැසිරවීම තුල තිබෙන සුවිශේෂී ගුණය මනා සේ උකහා ගන්නට සමත් පරිවර්තකයින්ටම ඔහුගේ පොත හසු වීම ඔහුගේ භාග්‍යයක්.

ඔහු පිලිබඳව අනෙක් විශේෂත්වය තමයි ඔහු සමලිංගිකයෙක් වීම.  ඇත්තෙන්ම මම ඒක විශේෂත්වයක් හැටියට දකින්න කැමති නෑ. ඒත් විශේෂත්වය තමයි ඔහු ප්‍රසිද්ධියේ ඔහුගේ ලිංගික නැඹුරුව පිලිබඳව පෙනී හිටින එක. මම සමලිංගිකත්වය හරි දෙයක් හෝ වැරදි දෙයක් හැටියට දකින්න උත්සහ ගන්නෙ නැහැ. මගෙ ස්ට්‍රේට් නේචර් එක මේ ලෝකෙ හැමෝටම තියෙන්න ඕනෙ, ඒක තමා හරි, අනික් උන වැරදි කියන මතයේ මම නැහැ. ඒත් ශ්‍යාම් සෙල්වදුරේයිට තිබෙන ඒ නිර්භීත කම නිසා, ඔහුගේ ලිවීමේ කෞශල්‍යය සමලිංගිකත්වයෙන් නිග්‍රහයට පත්කරන්නට ඔහු ඉඩ තබන්නෙ නැහැ.

කාලයක් මම ඔය ගේ-ලෙස්බියන්- බ්ලා බ්ලා හැම මිනිහා දිහාම අප්පිරියාවෙන් බැලුවා. ඒත් මම පස්සෙ හිතුවෙ නම් ඒ මිනිස්සුන්ගෙ චොයිස් එක ඇත්තටම ඒගොල්ලො හිතා මතා ඇති කරගත්තු දෙයක්ද එහෙම නැතිනම් ස්වභාවික දෙයක්ද කියලයි...ඒ කොයි හේතුවෙන් උනත් උනුත් මේ ලෝකෙ ජීවත් වෙන්න එපැ‍යි. උන්ව පිලිකුල් කරලා වෛර කරලා සමාජෙන් කොන් කරන එක මනුස්ස කමක්ද? අනෙක් අතට සමහරුන් ඔය නැඹුරුව්ට ඔපසුකාලීනව යොමු වෙන්නෙම පරිසරය විසින් අනෙක් මිනිසුන් විසින් අපහරණයට හෝ පෙලඹීමටල් ලක් කිරීමෙන් වෙන්න පුලුවන්... 

 මේ එක එක කාරණා නිසා විවිධ මට්ටම් වලින් සමරිසියන් බිහිවීමට අපි සොබාදහමට දොස් නගා පලක් නැහැ. උන්ට දොස් නගා පලකුත් නැහැ. අපට එහෙම වීමට අවශ්‍ය නැතිනම් , අපට උන්ගෙන් අනතුරක් බලපෑමක් පෙනෙනවා නම් ඉවත් වීමයි..

ඒ කොහොම උනත් අද කියන්න යන පොතෙහි කතා නායකයා ශ්‍යාම්ම තමයි. ඔහුගේ ලමාකාලය , එකල රටෙහි පැවති භීෂණය, මෙන්ම ඔහු තුල පවතින සමරිසි හැඟුම් දාමයන් සමාජය , මාපියන් සහ සිය පරිසරය විසින් කොතෙක් දැඩි ලෙස වාරණය කරන අයුරුත් එයින් ඔහුගේ ජීවිතය තුල පැන නගින කැලඹිල්ලත් කියවීමෙදී ඔබේ සිත තුල වුවත් සමරිසියන් කෙරෙහි ඇතිව තිබෙන ජුගුප්සාව අනුකම්පාවකට පරිවර්තනය වේවි. 

ශ්‍යාම් ගේ කුඩා කාලයත් , කුඩා කාලයේ පටන් ඔහුගේ තිබෙන ගැහැණු දැව්‍රිවියකට තිබෙන ළමා ආශාවනුත් , ඒ ආශාවන් තුලින් දෙමාපියන් හඳුනා ගන්නා ඇතැම් රිසි කමුත් තුලින් කතාව ගලා යන්නේ අතිශය සානුකම්පිත අයුරින්. පොතක් කියවීමෙන් විය යුත්තේ කියවන්නාගේ මනස තුල සිය ආකල්පමය තිගැස්මක් සහ පරිණතියක් ඇතිවීම නම් මේ පොත කියවීම තුලින් එය මනාව ඉටුව තිබෙන බවක් මම පුද්ගලිකව දකිනවා. 
ඒ පොත අවුරුදු පහලොවෙ දාසයෙහි පොඩි උන්ට නම් මම අනුමත කරන්නෙ නැහැ. මෙබඳු දේ කියවීමටත් කියවීමෙන් ජීවිතය ආරූඪ නොකර ගෙන සිටීමටත් යම් කිසි පැසුණු මනසක් අවැසි බවයි මගේ හැඟීම.  වුරුදු තිහ පසු වීත් නොපැසෙන මනස් තිබෙන බවත් අවුරුදු දාසයේ දාහතේ ඇතැම් කොලු කෙල්ලනුත් ජීවිතය දෙස සමබරව බැලීය හැකි වීමත් විය හැකියි. මෙබඳු පොතකින් ඔබ තුල ජනිත විය යුත්තේ අවබෝධයක් , අනුකම්පාවක් පමණයි. 

 ඔහු අමුතු ඉලන්දාරියෙක්... ඔහු ඇත්තෙන්ම අමුතු ඉලන්දාරියෙක්. අමුතු වූ පමණින් ඔහු සමාජයෙන් පිලිකුලෙන් පහකළ යුතුද? එය බහුතරයක් වූ විරුද්ධ ලිංගික ආකර්ෂණයෙන් යුතු බලවත් ප්‍රජාවක් විසින් කළ යුතු දෙයක්ද? 

මා සමරිසියෙකු හෝ එබන්දකට ලෙහෙසියෙන් පෙලඹවිය හැකි චරිතයක් නොවේ.  එහෙත් එසේ වූ පමණින් මා 'අමුතු ඉලන්දාරියා'හි නිර්මාණ හැකියාව අගය නොකර සිටිය යුතුද? ශ්‍යාම් සෙල්වදුරෙයිගේ අගය ඔහු සමරිසියෙකු වීමෙන් උලුප්පවිය යුතු හෝ ලඝු කළ යුතු නොහේ... 

සමරිසියන් සමාජයේ සමච්චලයට විහිලුවට හෝ පිලිකුලට ලක් විය යුතු තරම් වරද කරන්නවුන් නම්, අප ඊට කලින් මාපියන් කපා කොටා මරන දරුවන් , දරුවන් දූෂණය කරන මාපියන් (බිඳුනු බිලින්දා පොත කියවන්න) , අංගුලිමාලයින් යනාදී එකී මෙකී නොකී ප්‍රජාවද ඊට පෙර බැහැර කළ යුතු වෙමු. 

මා පුද්ගලිකව අදහන දෙය නම් , පොතකින් ගීතයකින් චිත්‍රපටයකින් චිත්‍රයකින් හෝ කිනම් හෝ දෙයකින් , එය විඳින්නාගෙ අමනස තුල මෙතෙක් නොදැල්වුනු ආස්වාදයක් ආලෝකයක් හෝ පරිණතියක් පහළ කළ යුතු බවයි. 'අමුතු ඉලන්දාරියා' ඊට සමත් වූ හෙයින් අසම රිසි මා විසින් , කවුරුත් ගසන අසාධාරණ ලේබල වලට බිය නොවී ශ්‍යාම් සෙල්වදුරෙයි අගය කළ යුතු බව තීරණය කළෙමි. 

19 දෙනෙක් කියූ අදහස්..:

හිරු said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අමුතු ඉලංදාරියා හරි අමුතුම පොතක්.. මුලින්ම මං ඔය පොත අතට ගත්තේ පොත ගැන වත් ලේඛකයා ගැනවත් අවබෝධයකින් නෙවෙයි....

ඒත් මේ පොතේ අපිට අමුතුම ආකාරයේ කතාවක් ගැන කතා කරද්දි ඒ වෙනකාට සමලිංගික කියන දේ ගැන වැඩි අවබෝධයක් නොතිබුනාට, සමලිංගිකයෙක් කියන්නේ රකුසෙක් ( ඒ කියන්නේ බිය විය යුතු කෙනෙක් හෝ අසාමාන්‍ය කෙනෙක් )නෙවෙයි කියන එක හිතට වැදුනා.... අදටත් මේ පොත මම කියවද්දි ලේඛකයා‌ගේ සමරිසි බව ගැන තැකීමක් නැතුව කියවන නිසාවෙන් කතාවේ රස එදා පරිදිම තියෙනවා..... ඒ වගේම සුගතපාද ද සිල්වා මහත්තයාගේ පර්වර්තන ශෛලියත් හරිම රසවත්...

මාතලන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සමලිංගික ප්‍රජාව පිළිබඳව ඔබේ දැක්ම වෙනස් වීම අගය කළ යුතු දෙයක්. නමුත් ගෝත්‍රික සමාජයන් තුල එවන මතයක් දරන්නන්ට එරෙහි පිරිස වැඩියි...

amila chathuranga said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මං ඉන්නෙ සමලිංගිකයින් ඔසවා තැබීම නොකල යුතුයි කියන තැන..හැබැයි ඔවුන්ට ප්‍රකාශනයේ නිදහස කියන එක තියෙන්න ඕනි..ඒත් ඒක ගැන එලිපිට කතාකරන රියලිටි සෝ මට්ටමට ෆැෂන් කක් නොවිය යුතුයි...

Pramudi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ පොත මම තාම කියවලා නෑ.මේ පාර බුක් ෆෙයා එකෙන් ගන්න හිතන් ඉන්නේ.

Kathandara Karaya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මං මේ පරිවර්තනය කියවලා නෑ, නමුත් ෂ්‍යාම් ගේ මුල් කෘතිය ෆනී බෝයි බැලුවා.

පොතක් ගැන කියන්න කලින් දිල්ශාරාට මෙච්චර පදුර වටේ කොටන්න වීමත් අපේ සමාජයේ අදත් පවතින දුක්ඛිත තත්වය ගැන හොඳ උදාහරණයක් දෙනවා.

මුල් පොත සහ පරිවර්තනය දෙකම කියවූ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා කියා තිබුනේ පරිවතර්තන දුර්වල එකක් කියලායි.

මේ පොත මා කියවූ විට මගේ හිතට දැනුණේ මෙය සමලිංගිකත්වයට වඩා ලංකාවේ පවතින ජාතිවාදය ගැන ලියවුණු එකක් ලෙසයි. කලු ජූලිය ගැන එය අත්විදි සෙල්ලදොරේ ගේ අත්දැකීම් මෙහි ඇතුලත්. ඒ සමගම ඊට පෙර සහ පසු කතාත් අඩංගුයි. සමලිංගිකත්වය ගැන ඇති කතා කොටස් සාපේක්‍ෂව සුළුතරයක් සහ සුළු කම්පනයක් ඇතිකරවන්නේ.

Kathandara Karaya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ශ්‍යාම් සෙල්ලදොරේ ගේ පොතේ ඇති ජාතිආල සිදුවීම් සහ ලඟදී සිට ලියවෙන සමනල විප්ලවයේ මෙන්න මේ කොටසේ පසුබිම් පරිසරය එක සමානයි.

http://samanalaviplavaya.wordpress.com/2012/08/15/butterflyrevolution10/

!

Kathandara Karaya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තවත් එකක්.

රුසියානු පොතක හෝ බෙංගාලි පොතක හෝ සිංහල පරිවතර්තන බැලීම ඉංගිරිසි එක බැලීමට වඩා හොඳයි මොකද ඉංගිරිසි පිටපතත් පරිවර්තනයක් නිසා.

නමුත් ලාංකිකයෙක් ලියූ ඉංගිරිසි පොතක සිංහල පරිවර්තනයක් කියවීමට වඩා අපි උත්සාහන කළ යුත්තේ මුල් කෘතිය කියවීමයි.

ෆනි බෝයි මුල් පොත තමන් මිළට ගෙන හෝ තමන්ගේ පුස්තකාලවලට මිලට ගන්නට කියා ඉල්ලීම් කර ඉන් පසු හෝ එය කියවන මෙන් මං ඉල්ලා සිටින්න කැමතියි.

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ කතන්දර
මම පොත් පරිවර්තන පිලිබඳ ඉන්න මතය වෙනස්...
දුර්වල පරිවර්තන යන්නෙන් මා සිතන දේ නම් පරිවර්තනය කියවන විට මෙය ආයාසයෙන් කරන ලද පරිවර්තනයක් බව දෑනෙන එක.
කියවන්නාට එය වෙහෙසක්. එහි මුල් ලිපියේ තිබෙන්නට ඈත්තේ කෙසේදෑයි අනුමාන කිරීමෙන්ම කියවන්නා වෙහෙස වෙනවා.

ඒත් සාර්තක පරිවර්තකයකුට පුලුවන් පොතක මුල් ලියමන සහ පරිවර්තනය යනු දෙකක් බව සාර්ථක ලෙස සඟවන්නට. ඒ අනුව මට අනුව නම් මගේ සිතගත් පරිවර්තකයින් 3 දෙනයි ඉන්නේ...
1. ආරියවංශ රණවීර
2. රානි සේනාරත්න රාජපක්ෂ
3. දිලිප ජයකොඩි

වෙන කිසිම මා කියවූ පරිවර්තකයෙකු පොතක් පිලිබඳ මට පහන් හැඟුමක් දුන්නා නම් ඒ සුගතපාලද සිල්වායි.

ඒ හැඟුම ලැබෙනවා නම් මම ඒ පරිවර්තනයේ වචනයක් පාසා මුල් ලේඛකයා ලියූ දේම තිබේ දැයි මා සොයන්නට යන්නේ නෑ. කතා වස්තුව හදට වදින්නට මට බස වැදගත්.

මුල් කාලේ සිටම ඉන්ගිරිසි ඉතා හොඳින් භාවිත කලත් ලියුවත් , මා ඉන්ගිරිසියෙන් කියවන ඕනේම ලෝක පූජිත පොතක එක්තරා අඩුවක් දකිනවා. ඒ බසෙහි හැම අකුරක් පාසාම මගේ දිරවීමට භාජනය නොවෙන විට මට කිසිසේත්ම පොත විඳින්නට බැහැ. එය මගේ අඩුවක් වෙන්නට පුලුවන්.

ඒත් ඒ නිසා මේ පොතහි මුල් පොත කියවීමට මම දන්නගලන්නේ නැහැ. ඒ නිසා මට නම් සාර්ථක පරිවර්තනයක් තමයි 'අමුතු ඉලන්දාරියා'

මුල් ලේඛකයා වෙනුවෙන් උපරිම සාධාරණය සුගතපාලද සිල්වා විසින් කර ඇතැයි , මම මට අනුව තදින්ම නිගමනය කරනවා.

ඒ වගේම මුල් පොතම කියවීම රසය නිර්ණය කරන්නේ නැති බවයි මගේ නිගමනය. මුල් පොතට වඩා පරිවර්තනය ,ඒ ඒ භාශා රුචිකත්වය අනුව කෙනෙකුට දෑනෙන්නට පුලුවන්.

ඊට හොඳම උදාහරණය My family and other animals .

මම එහි පොත් දෙකම කියෙව්වා. ඒත් රානිගේ සින්හල පොත ඇති කල මහා සන්තෝසය තෘප්තිය මට මුල් පොතෙන් ඈති වුනේ නෑ. මොකද ඉන්ගිරිසි බසෙහි මට තිබෙන දුරස්ත බව.

ඒ නිසා කතන්දර , පොදු නිර්නායකයක් වශයෙන් , 'මුල් පොත කියවන්න , පරිවර්තනෙන් වැඩක් නෑ' කියන වාක්‍යයට මම කොහෙත්ම එකඟ නැහැ.

සිතුවිලි සිතූ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම කියවලා තියෙන හොඳ පොතක්. ඒත් දැන් නම් මා ළඟ නෑ. ආයෙත් සැරයක් කියවන්න ඕනෙ. මතක් කලාට ස්තූතියි.

Ravi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සමලිංගිකත්වය පිළිබඳව දිල් මේ විදිහට අවංකව අදහස් පළකිරීම ගැන මගේ පැසසුම පලමුව...

පිරිමි සමලිංගිකත්වය ගැන කතා කරපු වියුණු සටහනක් මේ.....

අමුතු ඉලන්දාරියා මම කියෙව්වෙ ශ්‍යාම්ගෙ මුල් පොත විතරයි...ඒ නිසා පරිවර්තනය ගැන සැසඳීමක් කරන්න නම් බැහැ...

සමලිංගිකත්වය ගැන කතා කරනව නම් '' They don't have a choice " කියන එක පැත්තක තියමු. Even if they had a choice & they selected homo sexuallity who are we to disagree?...thats my point....

They are not weird, strange or abnornal....they are just different ...thats all.....

රොබින් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොත කියවල බලන්න ඕන

අදහස් ඉදිරිපත් කිරීම අගය කරමි ......

රස්තියාදුකාරයාගේ දිනපොත said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්තටම කිව්වොත් මං මේ පොත් ඉස්සෙල්ලාම කියෙව්වේ අවු 15දි විතර. ලාවට වගේ තේරුම් ගන්න පුළුවං උනා.. ඒ ඒ වෙද්දි ඇහිලා දැකල තිබ්බ දේවල් හින්ද.. මං කියවල තියෙන අල්ප පොත් ගානත් එක්ක බලද්දි මං නං හිතන්නේ සුගතපාද ලේඛකයා මේ පොත අපිට ගැලපෙන විදිහට පරිවර්තනය කලයි කියල..

Wasana Sewwandi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සමලිංගිකත්වය තවත් එක මනෝභාවයක් පමනි. විෂම ලිංගිකත්වය සමාජගත කර ඇත්තේද මානව වර්ගයා විසින්ම පමණක් වන අතර .. යම් හෙයකින් මානව පරිනාමයේදී සමලිංගිකත්වය සමාජගත උනි නම් ඔබ මා අතුලු බොහොමයක් අසම්මතයේ ලිංගික චර්යාවන් දක්වන්නවුන් ලෙස නම් කෙරෙන්නට තිබුනි .. ඒ නිසා.. මගේ මතය නම්.. සමලිංගික.. විෂමලිංගික හෝ මොන ලිංගික උවද වැදගත් වන්නේ ඒ ලිංගිකත්වය තුල තමන්ගේ පාඩුවේ.. අනිත් මිනිස්සුන්ට වදයක් නොවී ජීවත් වීමය .. තමන්ගේ ජීවිතය තමන්ට ඕනෑ හැටියට විඳීමට සියල්ලන්ට අයිතිය තිබිය යුතුය ...

පොත ගැන කියන්නට ඇත්තේ .. සමලිංගිකත්වය ගැන එළිපිට කතා කරනවා මෙන්ම ඒ යටින් දිවෙන ලාංකේය දේශපාලන රාමුව සහ ජාතිවාදය පිළිබඳව අපූරුවට ලියන්නට ලේඛකයා සමත්ව ඇත ..

මල් .. හැම පොතක් ගැනම කියෙව්වෙමි... සුපිරිය .. පුලු පුලුවන් වෙලාවට මෙහෙම හෑලි ලියමි.. ඔබට ජය ..

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නියමයි! :)

දයානන්ද රත්නායක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුගතපාලද සිල්වා පරිවර්තනය කළ විශිෂ්ඨ කෘතියක්. දෙන්නම ශ්‍රී ලාංකිකයෝ වීමවැදගත් මමත් මේක පරිවර්තනය කළ දවස්වලම කියෙව්වා.

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මෝසම් මුහුදේ පිහිනීම නමින් ඔහුගේ තවත් පොතක් සිංහලයට පරිවර්තනය වී තිබෙනවා.

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මෙවර පොත් ප්‍රදර්ශනයේදි මොහුගේ 'මෝසම් මුහුදේ පිහිනීම' පොත ගන්නයි හිතන් ඉන්නේ....

කොමෙන්ටු ලියුආ හොඳ සන්වාදයක් ඇති කල ඔබට ස්තූතියි...

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

I have a few observations to make.
I don't think you've grasped the essence of the book at all. The book wasn't based on homosexuality as such.It touches upon many dimensions of the Sri Lankan society. Homosexuality was only a bi subject the author had focused on.
First you need to learn to 'read' a book before 'reviewing' it.
His third book, 'Swimming in the Monsoon Sea' isn't very successful. Read his second book, 'The Cinnamon Gardens' which is a good analysis on the colonized Sri Lankan elitist society.
Besides I don't think you are good in English. I happened to read your English blog which was a disaster. But if you still consider that you have 'always' used perfect English, I can only laugh.
Furthermore, sweetheart, you seem to be someone who wants to look like a radical post modern woman. You sound like a 'wanna be' to me and you are definitely a poor blogger in many aspects. I leave you to explore those. And isn't it a shame that you have some 'fans' who are incapable of distinguishing good from bad?
I hope you will stop showing your ignorance at least in future!

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

I have a few observations to make. You have not grasped the essence of the book. Funny Boy is not based on homosexuality per se. It touches upon many dimensions of the Sri Lankan society and homosexuality is only one aspect he highlights in the book. Please learn to 'read' a book before 'reviewing' it.

Although you want to sound like someone who stands for the rights of the gay/lesbians, we can see that you despise them deep within you. For instance, you emphasize that you are straight .It's funny that you insist on it so much; no one is interested in knowing your sexual orientation. If you want to recommend the book, go ahead and review the content.

Also his third book, 'Swimming in the Monsoon Sea' is not very successful. His second book, 'The Cinnamon Gardens' is a wonderful analysis of the elitist Sri Lankan society during the period of colonialism.But if you hope to 'review' it, please read it before you do. Else, you will make many not want to read it.

It's funny that you say you have good English but you don't 'feel' books written in English. That clearly shows your sub-consciousness which is alien to English. That's a common strait for many of us whose mother tongue is not English however much 'perfect' we think we are in it.
Cheers to the 'fans' you have who applause you. You are lucky to have obedient disciples around you. Sad no one sees the 'Emperor's clothes'. Good luck with more 'reviews'. Hope they won't make us puke!

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->