[264] මගෙ හිත ගත් පොතක් 4 - උභයජීව


ඉක්තියැන්දර් කියන්නේ අමුතුම  ජීවියෙක්... එයා උපදින්නෙ සල්වාතර්ගෙ අත්හදාබැලීම් වල ප්‍රතිපලයක් වශයෙන් .. සල්වාතර් කියන අමුතු විද්‍යාඥයෙක්... 

වතුර යටදී වරල් වලිනුත්  , ගොබිමදී පෙනහලු වලිනු හුස්ම ගන්න ඉක්තියෑන්දර් කියන්නෙ, ඒත් ලේමස් වලින් හෑදිච්චි ජීවියෙක්.... 

ඉතින් ඉක්තියෑන්දර්ට එක දවසක්දී මේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා... ඒත් ඒ වෙනසත් එක්කම මිනිස්සුන්ගේ ඈස් ගෑටෙන මේ අපූරු සත්වයා පිලිබඳ ඈමුන්ට ඈති වන්නෙ බියක්..  ඈතමුන්ට කෑදර සිතක්... 

ඉතින් ඉක්තියෑන්දර් මේ හෑම බාධකයක්ම ජය අරගෙන දිනාවිද? 

මේ කතාව හරිම රසවත්... මම මුලින්ම කියෙව්වෙ  පොඩි කාලෙ , ඊ ඈල් සේනානායක  ලයිබ්‍රරියෙන් අරන් කියෙව්ව මේ පොත මාව හරිම අපූරු චමත්කාර ජනක ලෝකෙකට ගෙන ගියා කිව්වොත් නිවෑරදියි.පහුගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනයෙන් ගත් පොත් වලින් මම ඉස්සෙල්ලම කියෙව්වෙ මේ පොත. දශක එකහමාරකට විතර ඉස්සර ඇති වෙච්ච සොඳුරු මතකය ආයිත් අලුත් වුනා කිව්වොත් නිවැරදියි.


ඒ රසය ලොකු බරසාර ගෑඹුරු රසයකට වඩා , සරල ඉගෙනුමකෑයි කීම වඩා නිවෑරදියි... 


5 වෙනි පොත...: අමුතු ඉලන්දාරියා ගැන ...

10 දෙනෙක් කියූ අදහස්..:

Kathandara Karaya said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොත් අල්මාරියම ගැන ලියයි වගේ! මේ සේරම ලිපි පරිවර්තන කෘති ගැන නේද?

මං පොඩි කාලේ කියවපු කැමතිම පරිවර්තනයක් (ද කොහෙද) පොතක් තමයි අඟහරු ලොවෙන් ආ මිනිසා. ඒ එක්කම මොන්තෝ ක්‍රිස්තෝ සිටුවරයා.

Dude said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔන්න මමත් "කියවලා තියෙනවා" කියන්න අත ඉස්සුවා!
"ගැඹුරු මුහුද"ත් මතක් වුනා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

නිසුපා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නියමම කාලෙට අක්කා මේ ලිපි ටික ලියන්නෙ.මං බලනකොට අපේ නංගි අක්කගෙ බ්ලොගේ පෝස්ට් චෙක් කර කර මේ පාර ගන්න ඕනෙ පොත් ලිස්ට් එක හදනවා. :D

itnishantha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

"ග්‍රහ ලෝකයක විනාසය" පොත කියවල තියනවාද ? මම මතක රුසියන් විද්ද්‍යා ප්‍රබන්දයක්

Ravi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ කතන්දර,

නෑ කතන්දර, අඟහරු ලොවෙන් ආ මිනිසා පරිවර්තනයක් නොවෙයි...මගේ මතකය හරිනම් ප්‍රවීන විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා තමයි අඟහරු ලොවින් ආ මිනිසා ලිව්වෙ...පොඩි දවස්වල මමත් කියවපු ආසම කතාවක්...හබරණ ත්‍රිකුණාමලේ පාරෙ නේද ඔය අඟහරු ලොවෙන් ආපු යානය බැස්සයි කියල ඒ පොතේ තිබ්බෙ?....ලංකාවෙ ආගමික කටයුතු බාර ඇමතිවරය තමයි ඔය වැඩේට මුලින්ම සම්බන්ධ උනේ නේද?...

අඟහරුවන්ට සීතල ඔරොත්තු දෙන්නෙ නැති බව දැනගත්තු අපේ කථා නායකය ( නම මතක නැත ) අධික ශීතල ද්‍රවයක් විදල අඟහරුවො ඔක්කොම මරල දානව.....හෙහ්, හෙහ්,

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොඩිකාලේ කියවපු කැමතිම පොතක් ... චිත්ත පරපෝෂිතයෝ ගැනත් ලියන්න ...

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොත් කියවන්න හරිම හපනියක් මෙන්න :) :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කොමෙන්ටු ලිවීමෙන් මා දිරිමත් කරන ඔබ හැමට ස්තූතියි.. හිරූ ... ඔව් මම පොත් පිස්සියෙක් :) :)

Vajira Kalum Perera said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මගේ ජීවිතේ අමතක නොවෙන පොතක්... මට ඊයෙ දුක හිතුන තවත් කෙනෙක්, ජේ.ඊ. ගුණසේකර නොවන මේ පොත පරිවර්තනය කරල... ඉක්තියැන්දර්ව ඉචියැන්දර් කරල... නමුත් මම සතුටුයි... ඉක්තියැන්දර් ඉන්න උභයජීව මා ළඟත් තියෙනව... කවදාවත් අමතක නොවන සොඳුරු පොතක්... එකඟයි ජීවිතේ මල් එක්ක මමත්....!

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අදහස් බෙදාගත් ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි යාලුවනේ. පොත් ප්‍රදර්ශනයෙදි ඉස්සරහට මුලිච්චි උනොත් කතා කරලම යන්න හොඳේ.... :)

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->