[263] මගේ හිත ගත් පොතක් 3- වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

මේ තියෙන්නෙ තවත් ජැක් ලන්ඩන්ගෙ ප්‍රාතිහාර්යයක්.... 

මෙහි දෙවෙනි ලිපියෙ පොතෙහි තිබුනෙ ගෘහවාසයෙන් වනවාසය කරා ඇදෙන බක් නම් බල්ලාගෙ කතාව.  

ඒත් අද මම මේ කියන පොතෙන් මතුවෙන්නෙ කැලයෙහි ඉපිද ගම්වාසයකට බලෙන් අල්වාගෙන එනු ලබන සහ එතෙකින් නොනැවතී සිය ජීවිතයේ විවිධ අසාමාන්‍ය ඉසවු පසු කරන වෘකයෙකුගේ කතාවක්...

ආරියවංශ රණවීරයන්ගේ තරම්ම තියුණු පරිවර්තන හැකියාවක් තුලින් මේ පොත ඔප්නැංවී නැතත්, ජැක් ලන්ඩන් මතු කළ කතා රසය මෙයිනුත් මතු වෙනවා.  කතාවෙහි දැනෙන සංවේදී බව සහ සත්වයකුගේ මනස තුල ගැහෙන හැඟුම් සමුදාය ජැක් ලන්ඩන් යලිත් සිය සුපුරුදු සොඳුරු ශෛලියෙන් මුදා හැර තිබෙනවා. 

නොයෙක් තාඩන පීඩන මැදින් වයිට් ෆෑන්ග් සිය ජීවිත නෞකාව පැද යන්නේ කුණාටු බහුල ජීවිත සමුදුරක.  



ඔබ වනපෙත අඩගසයි පොතට පෙන් බැඳි කෙනෙක් නම් , එම පොතටත් අනිවාර්යයෙන් කැමති වේවි. 

ඒත් අවංකවම මගේ  පැතුම වන්නේ කවදා හෝ ආරියවංශ රණවීරයන්ගේ පරිවර්තනයක් වශයෙන් වයිට් ෆෑන්ග් දෑකීමයි. 

පොතෙහි නම : වෘකයන්ගේ අඩව්ය හෙවත් වයිට් ෆෑන්ග්  
කර්තෘ: ජැක් ලන්ඩන්
පරිවර්තනය : ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද
මිල: රු 400
විජේසූරිය පොතක් 

8 දෙනෙක් කියූ අදහස්..:

වකා - WAKA said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලස්සන පොතක් වගේ...ස්තුතියි දැනුම් දුන්නාට.

මමත් කියවන්න ඕන

මකුළුවා..... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම හරිම ආසාවෙන් හිටියේ මේ වගේ බලු කුක්කෙක්ව හදාගන්න....ඒ තරමට‍ මේ පොත මට හිතට ඇල්ලුවා.....

හිරු said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔය පොත් දෙකම මම පොඩි කාලේ හරිම ආසාවෙන් කියෙව්වා.... බක්ගේ කකුල් තුවාල වෙලා ලේ එන කොට, සීතලේ මිදිලා අයිස් ගුහාවක් යට ඉන්න එක කියවද්දි මට ඇඩුනා....

වයිට් ෆෑන්ග් නම් කාටූන් එක නිසා පොතේ කොටස් මතක නෑ... ඔය හැම දේකටම වඩා ජැක් ලන්ඩන්ගේ ජීවිත කතාවට මං ආසයි.... ( එක පොතක මුල දාලා තිබුනා...)

අදටත් මට ඒ පොත් වල රසය මතකයි..... ඒ මතකය අලුත් කලාට ස්තූතියි....

Ravi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජීවිතේ මල් මෙනෙවිය,
මී හරකා ඇනපු හන්දිය,
වල් ඌරු පැලැස්ස,

හිතවත් මෙනෙවියනි,

පසුගිය සතියෙහි ඔබ සමඟ පැවැත්වූ සාකච්ඡාවෙහිදී එළඹි එකඟතාවයන්ට අනුව ඔබ කටයුතු කරන බව ඉතාමත්ම පැහැදිලිය.පසුගිය අගෝස්තු 15 වනදා සිට උක්ත පොත් තුනෙහි අලෙවිය අනුයාත පසුගිය කාලය හා සසඳන විට 50% කින් ඉහලගොස් ඇති බව දන්වන්නේ හද පිරි සතුටිනි.

එම සාකච්ඡාවෙහිදී ඔබ පැවසූ '' බයවෙන්ට එපා...මම ගැරන්ට් කරනව....මගෙ බ්ලොග් එක කියවන එව්වො මම හොඳයි කියන ඕනම පොතක් කියවීමට සැදී පැහැදී ඉන්න අය " යන අදහස පරම සත්‍යයක් බව අප අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒකමතික අදහසයි.

එබැවින් එදින සාකච්ඡාවෙහිදී ගිවිසගත් පරිදි පොත් ප්‍රදර්ශණයෙහිදී ඔබට රුපියල් දස දහසක් වටිනා පොත් නොමිලයේ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ඇති අතර ඔබට අවශ්‍ය පොත් නාමාවලිය ප්‍රදර්ශනය ආරම්භ වීමට යටත් පිරිසෙයින් සති දෙකකට ප්‍රථම හෝ අප වෙත ලැබෙන්නට සැළැස්වීමට කාරුණික වන්න.

අවසාන වශයෙන් ගිවිසගත් අයුරු කටයුතු කිර්‍රිම පිළිබඳව අපගේ කෘතඥතාවය පලකරන අතර ලබන වසරේද මෙවන් එකඟතාවයකට එළඹීමට අප උදක්ම බලාපොරොත්තු වෙමු.

මෙයට විශ්වාසී ,

පොත් පොරකාසකයිංගේ සංගොමය

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බ්ලොග් බලන්නයි, පොත් බලන්නයි වෙලාවක් නැහැ බොලව් !

දයානන්ද රත්නායක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආරියවංශ රණවීරයන් බොහෝවිට කවි පොත් සහ කවියට අදාල ශාස්ත්‍රීය පරිවරත්න කරනවා. ඒත් මම තවම දැකලා නැහැ නවකතා පොත් පරිවර්තනය කරනවා.

පරිවර්තන වලින් ඉන්දියානු සහ රුසියානු පරිවර්තන හැරුණු විට වෙනත් පරිවරත්න කියවන්න ලැබෙන්නෙ සිමිතවයි

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කියවල බලන්න වුර්කයන් අතර නග්නව

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කොමෙන්ටු ලියා මගෙ අපුන්චි මෙහෙවර දිරිමත් කරන ඔබ හැමට ඉතාමත්ම ස්තූතියි...

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->