[268] ඇමීගේ කතාව


ඇමීගේ කතාව  .... ඇගේ වචනයෙන්ම ... 


ඔබේ ජීවිතය පොතක් නම් , ඒ පොත ලියන කතුවරයා ඔබ නම් , ඔබ කොහොමද ඔබේ ජීවිත කතාව ගොතන්න කැමති? කොහොම වෙනවටද කැමති?
 

මෙන්න මේ ප්‍රශ්නය තමයි, මගේ ජීවිතය සදහටම වෙනස් කල ප්‍රශ්නය ..

මගේ පොඩි කාලෙම ගෙවුනෙ කාන්තාර පිරිච්චි ලාස් වේගාස් නගරයෙ. මට හැමදාම ඕනෙ වුනේ ඒ ජීවිතෙන් මිදිලා නිදහස හොයාගෙන යන්න.  මම හැමදාම හීන දැක්කා.. කවද හරි මා ලෝකෙ වටේ සංචාරය කරන හැටි. හිම වැටෙන නගරෙක ජීවත් වෙන හැටි. මේ හැම පින්තූරයක්ම මගේ මනෝ ලෝකයෙ හැමදාම හොල්මන් කලා. මම මගේ අනාගතය හිතෙන් ඒ වගේ සිතුවම් කලා.

අවුරුදු 19 වෙද්දි මම , මම පාසල් ජීවිතයෙන් සමුගත්දාට පසුදිනම මම මගේ හීන හිම නගරය හොයාගෙන ගියා. ඒ නගරයේ සම්බාහන ආයතනයක මම ‍රැකියාවකට බැඳුනා. මගේ දැතේ සවියෙන් , මම මගේම මහන්සියෙන් ජීව්කාව කරගන්නා ස්වාධීන ගැහැනියක් බවට පරිවර්තනය වූයේ එහෙමයි. මට ආස ආස තැන් වල ඇවිදින්න , මගේ හැම හීනයක්ම සැබැවක් කරගන්න මට දොර‍ටු විවර වූ බවයි මට දැනුනේ. ජීවිතයේ පළමු වතාවට මට නිදහසේ, ස්වාධීනත්වයේ ආස්වාදය දැනෙන්නට වුනා. ඒ නිදහස් ජීවිතය දැන් මට නතුව මගේ පාලනයේ පවතින යාන්ත්‍රණයක් බව දැනෙන්නට වුනා. 



 ඒත් ඒ ආස්වාදයට සදහටම පවතින්නට හැකිවූයේ නැහැ.

එක් දවසක් මම වැඩ ඇරී ගෙදර ගියේ උණ ගතියෙන් ආතුර වූ සිරුරින් යුතුවයි. ඒත් එයින් පැය 24ක් ඇතුලත , මා පසුවූයේ රෝහලක, ජීවිතයත් මරණයත් අතර සටනක. තවත් පැහැදිලිව කිව්වොත් 2% ජීවත් වීමේ සම්භාවිතාවයකින් යුතු දරුණු ආසාදනයකින් මිය යන්නට සැරසෙමින්. දින ගණනාවක් කෝමා තත්වයෙන් අවසිහියෙන් පසුවූ මා සිහි ලැබූයේ වෛද්‍යවරුන්ගේ ඊලඟ භයානක ආරංචියත් සමග.

මට වැලඳී තිබුනේ බැක්ටීරියා ආසාදනයකින් හටගත් මෙනින්ජයිටීස් තත්වයයි. මාස දෙකහමාරක් ඇතුලත මට මගෙ වකුගඩුත් මගේ වම් කණෙහි ඇසීමත් අහිමි වූවා. ඒ විතරක් නොවෙයි. දණහිසින් පහළ මගේ දෙපාත් මට අහිමිව තිබුනා.  මා රෝදපු‍ටුවක තබාගෙන මගේ මාපියන් රෝහලෙන් පිටව යද්දී මට දැනුනේ කැලි එහෙන් මෙහෙන් අමාරුවෙන් අමුණා ජීවය ලබා දුන් බෝනික්කෙකුගේ හැඟීමක්. මම හිතුවේ ඒ දරුණු
භයානක හීනය අවසන් වූ වගක්. ඒත් ඒ සහනය පැවතුනේ සති කිහිපයක් පමණයි. එදා මා දු‍ටුවා මගේ අනාගත පා යුගලය. අවලස්සන යකඩ කූරු වලින් අමුණන ලද , අප්‍රියා සහගත පයිප්ප දාරත් , රබර් පාද දෙකත්, ඇඟිලි වෙනුවට කුඩා රබර් පයිප්ප වලින් සැදුනු පාදයත් දු‍ටු මට මගේ ජීවිතය ඇදවැටී ඇත්තේ කෙබඳු තත්වයකටදැයි පසක් වූවා. එය මා කිසිසේත් මගේ ජීවිතය පිලිබඳ බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි.

එක පසෙකින් මගේ අම්මාගේ කලායන කඳුලු දහරාවන් නරඹමින් මා අසීරුවෙන් ඒ කෘතිම දෙපා මත සිටගන්නට උත්සහ කළ හැටි මට තවමත් මතකයි. එයින් දැ
නුනු වේදනාව ගතට මෙන්ම සිතටද විහිදී ගියා. කොහොමද මම මේ වගේ දෙපයකින් ලෝකෙ වටේ ඇවිදින්නේ. මගේ හිම හීනය සැබෑ කරගන්නේ???  මම හැමදාමත් හීන දු‍ටුව මගේ වීර වික්‍රමාන්විත ජීවිතය ඒ කියන්නේ හීනයක්ම වේවිද? මම මේ දෙපයින් හිම මත ලිස්සා යන්නේ කොහොමද?? 


එදා නිවසට ගිය මා සති ගණනාවක්ම ඇ‍ඳෙහි ගුලිවී කඳුලු බොමින් පොරෝනා අතරේ ගුලිවී ජීවත් වූයේ කරකියා ගන්නට කිසිවක්ම නොමැති මනසින්. යථාර්තය මහා ක‍ටුක හැඟීමක් වූවා. මානසිකව මෙන්ම ශාරීරිකවත් මා බලාපොරොත්තු කඩවීමේ අගාධයටම ඇද වැ‍ටුනා. 

ඒත් මම එකම එක දෙයක් දැනගෙන හිටියා. මගේ පරන
මීට මගේ ජීවිතෙන් යන්න දෙන්න ඕනෙ බවත් , අලුත් එමීව ඒ අයුරෙන්ම මා භාරගත යුතු බවත් , ඒ විතරක් නොවෙයි මේ අලුත් එමීව සතුටෙන් තබන්නටත් මා ඉගෙන ගත යුතු බවත්. 

ඉතින් මට තෙරුනා ගොඩක් දේවල් මා හැර යනවාත් සමග ගොඩක් දේවල් මා කරා ලඟා වී තිබෙන බවත්. තවදුරටත් මා අඩි පහයි අඟල් පහේ එමී නොවෙයි, ඔව් මට දැන් පුලුවන් මට උවමනා තරම් උස යන්න ! මට ආදරය කරන පෙම්වතාට ගැලපෙන්න උස වෙනස් කරගන්නට වෙන කාටද අවස්ථාව තියෙන්නෙ? මම වගෙ කෙනෙ
කුට ඇරෙන්න ?

ඒ විතරක්ද? හිම මත ලිස්සද්දි යටිපතුල් රිදුම් දෙන සීතලට මගේ ප්ලාස්ටික් දෙපා ඔරොත්තු දේවි ඕනෙ තර
මක්!! නැද්ද ?
 

ඇයි , මට පුලුවනි මම ආසම සපත්තුවක් මිලට අරගෙන ඒකට ගැලපෙන්නට මගෙ පාදයෙ හැඩය මාරු කරගන්න , සපත්තුවට ගැලපෙන්න යටිපතුල් වෙනස් කරගන්න වාසනාව තියෙනවද වෙන කෙනෙකුට???

මම ඒ දේවල් හිතුවා විතරක් නොවෙයි. මම ඒ දේවල් ඇත්තටමත් කලා. ඉතින් මට අහිමි වූ දේම මම ආශිර්වාදයක් කරගත්තේ එහෙම.

අන්න එදා තමා මම මගේ ජීවිතයේ තීරණාත්මකට ප්‍රශ්නය මගෙන් ඇහුවේ.
"මගේ ජිවිතය මා ලියන පොතක් නම්, මා ලියන මගේ ජීවිත කතාව මොන වගේ එකක්ද? " 



මා ආයිමත් ජීවිතය අගෙන අලුතින් හිතන්නට පටන් ගත්තා. එදා කුඩා දැරියක්ව සිටියදී මෙන්ම මම ආයිමත් හීන දකින්නට පටන් ගත්තා. මම ඒ හීනවල දු‍ටුවා ලස්සන තරුණියක් ඉතාම සුන්දර අයුරෙන් ලාලිත්‍යවත් පිය තබමින් යන හැටි.. ඒ විතරක් නොවෙයි , ලෝකය වටා ඇවිදිමින් මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්නට උදව් වෙන හැටි. ඒ විතරක් නොවෙයි, සීතල හිම අතරේ අනභිභවනීය ක්‍රීඩිකාවක් ලෙස ලිස්සා යන හැටිත්!

සීතල හිම කඳු අතරෙන් , සුලං සැර කපාගෙන ඊයක වේගයෙන් ලිස්සා යන හිම ක්‍රීඩිකාවක් මගේ හීන ලෝකය තුල ඇත්තටම මැවෙන්නට වූවා. ඒ හෘ
ද ස්පන්දනය මගේ පැහැබර අනාගතයට අඬගසන අයුරු මා විඳින්නට වූවා.එදා මගෙ ජීවිත පොතෙහි අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ වුනා.

මාස 6කට පසුව මා දු‍ටු හීනය එලි වූවා. මා යලිත් හිම මත ලිස්සා යන දවස උදා වුනා. 


එදා ඒක සැබවින්ම ඛේදජනක අත්දැකීමක් වූවා. පළමු උත්සහයෙන්ම, පෙර මෙන් නම්‍යශීලී නොවූ මගේ දෙපා සමග මා හිම මතින් උඩින් විසිවී ගියේ මා මෙන්ම මා දෙස බලා සිටි සියල්ලනුත් භීතියෙන් සලිත කරවමින්, මම සැබවින්ම යලිත් මානසිකව වැටෙන්නට පටන් ගත්තේ මගේ සිහින බොඳ වී යන සලකුණු ස්පර්ශ කරමින්. ඒත් මා එදා තේරුම් ගත්තා මේ සඳහා මා විසඳුමක් සොයා යා යුතු බව. ඒ නිසා වෙන්ම මා අලුත් පා වැස්මක් සොයා යා යුතු බව.

ජීවිතයේ බාධක සහ සීමාවන්ට කළ හැකිදේ සහ කළ යුතු දේ පිලිබඳ පාඩම මා උගෙන ගත්තේ එතැනදීයි. මෙවන් අභියෝග නිසා
සීදුවන්නේ දේවල් දෙකයි. එකක් නම් , අප හුන් තැනම සිර කොට නතර කොට තැබීම. අනෙක නම් , නිර්මාණශීලී විකල්පයන් සොයා යාමට බල කිරීමයි. 


ඉතින් මා දෙවැන්න ‍තෝරාගත්තා. වසර ගනාවක් මා ඒ වෙනුවෙන් පර්යේෂණ කළා. මගේ දෙපා වලට යලිත් ඒ නම්‍යශීලීත්වය උරුම කර දීම වෙනුවෙන්. මා වැනි තවත් අයටත් ඉන් ආලෝකයක් ලබා දීම වෙනුවෙන්. ඉතින් මා වෙනුවෙන් එය තනා ගන්නට මමම වෙහෙසෙන්නට තීරය කලේ එහෙමයි. අවසානයේදි බොහෝ දෙනාගේ සහයෙන් මට මා ප්‍රාර්ථනා කරන පා යුගලය තනාගන්නට හැකි වුනා. දැව, රබර් සහ ඇලවුම් පටිවලින් නිර්මිත මේ විස්මය ජනක පායුවල මගේ සිහින අවදි කරන පියාපත් වූයේ එලෙසින්.

මගේ 21 වන උපන්දිනය දවසේ මා ලද උතුම්ම ත්‍යාග දෙක වූයේ මේ පා යුගලයත් , මගේ ආදරනීය තාත්තා ප්‍රදානය කළ වකුගඩුවත්. ඔබට අදහන්නට පුලුවන්ද? ජීවිතය කොතරම් හාස්කම් කරනවද කියලා.

මම ආයිමත් හිම ක්‍රීඩා කරන්නට පටන් ගත්තා. මගේ ‍රැකියාවටත් යන්නට පටන් ගත්තා. පාසල් ගියා. 2005 වසරේදී මගේත් දායකත්වයෙන් අප සමාජ සේවා ආයතනයක් ආරම්භ කළා.ඒ ආයතය වෙන් වූයේ ශාරීරික ආබාධ සහිත තරුණ තරුණියන්ගේ ජීවිත නගා සි‍ටුවීම වෙනුවෙන්. ඒයාලටත් මා වාගේම ක්‍රීඩා කරන්නට අවස්ථාව සලසා දෙන එක මගේ මූලික අරමුණක් වූවා.  අප
කුණු අප්‍රිකාවේ කුඩා දරුවන් දහස් ගණනකට මෙවන් විස්මය ජනක පා යුගල පැලඳුවේ ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කිරීමේ මුල් පියවර වශයෙන්.

මේ වගේ බොහෝ වෙනස් සහ දිගු ගමනක සන්ධිස්ථානයක් සටහන් කරමින් , මා හිම මත ලිස්සා යාමේ  ලෝක ශූරතාවයේ රන් පදක්කම් දෙකක් දිනා ගත්තා. මගේ හීනය හඹා ගිය මගේ දෛවය පැසසුම් ලැබුවේ එලෙසින්.

අවුරුදු එකොළහකට පෙර මගේ දෙපා අහිමි වූ තැනදී මට කළ යුත්තේ කුමක්දැයි කිසිසේත්ම සිතගන්නට හැකි වුනේ නැහැ. ඔබ අහාවි, මට සැබවින්ම උවමනා වූවාද මගේ ජීවිතය වෙනස් කරන්නට කියල. නැහැ. කිසිසේත්ම
නැහැ.  අහිමි වූ දෙපා වලට මගේ ජීවිතය ආබාදිත කරන්නට හැකි වූයේ නැහැ. ඒ වෙනුවට මගේ අහිමිවීම මට බල කලේ මගේ හීන කොතරම් බලවත්දැයි විස්වාස කරන්නටයි. අන්න ඒ නිසයි මම කියන්නේ, අපේ සිහින මැවීම අපේ අනාගතය සඵල කරන මෙවලමක් වගෙයි, ඒ හීන තුලින් හැම බාධකයක්ම විනාශ වී යාවි.

මගේ ජීවිතයෙන් මට ඔබට කියන්නට තිබෙන වැදගත්ම දේ මෙයයි. මගේ නිර්මානශීලි නව ජීවිතය ඇරඹුනේම මට හිමි වූ අභියෝගාත්මක ජීවිතය නිසාමයි. මගේ හැකියාවන් ඉස්මතු වීම වෙනුවෙන් මගේ ජීවිතයට ගලා ආ හැම බාධකයකටම මා ස්තූතිවන්ත විය යුතුයි නේද? 





 ඔබ අසීරුතාවට ඇද වැටෙන සීමාවේදී ඔබේ සැබැ වික්‍රමාන්විත චාරිකාව ඇරඹේවි. ඉතින් තව දුරටත් ඔබ සිතනවද අභියෝග කියන්නේ ජීවිතයේ පරාජයේ ආරම්භය කියලා? මම නම් හිතන්නේ ඒ තමයි අපට ලැබන සැබැ පන්නරය ! ආශිර්වාදය! සැබෑම ඇරඹුම ! අපේ මනංකල්පිත හීන යතාර්තයක් කිරීමට , අභියෝග සපයන්නේ රුකුලක් නොවේද? 



video

ඇමීගේ වෙබ් අඩවියෙන්
ඇගේ තවත් තොරතුරු කියවමු.
ස්තූතිය :  කතාව සොයා දුන් ලක්මාලිටත් , ලක්මාලි සොයාදුන් කතාව පෙන්වූ ඉන්දීවරී , අමිල් දෙපලටත් ..

19 දෙනෙක් කියූ අදහස්..:

රැංගෝ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආත්ම විශ්වාසය සහ ධෛර්යය ඇති තැන ක්‍රමයක් සොයා ගැනීම කළ නොහැක්කක් නොවේ.. අමීගේ ධෛර්යයත්, ඔබේ පොස්ටුවත් බෙහෙවින් ම අගය කරමි!
ජය!!

Sanjaya සිතුවිලි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කියෙව්වා

Dinesh said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරිම වටින පොස්ටුවක්.. ආත්ම ශක්තිය මිනිස්සුන්ව ඉහලට ඔසවලා තියනවා..

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආත්ම ශක්තිය ගැන ලස්සන කතාවක් !

Dude said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බලාපොරොත්තු, සිහින සියල්ල බිඳ වැ‍ටුනු විටත් දෙපයි නැගී හිටපු මේ වගෙ අයගෙ කතා අපිටත් කොච්චර පාඩමක් උගනනවද? ජීවිතේ මල් කියවලා තියෙනවද සැබෑ මිනිසෙකුගේ කතාවක්? Story of a Real Man (that Russian fighter pilot with amputated feet)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

පරිකල්පන said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

"වානේ පන්නරය ලබන්නේ මෙලෙක් වන තරමට රත් වී එක්වර සිසිල් වීමෙනි."

කියවල තියෙනවද ඇලන් මාෂල්ගෙ "I can jump puddles" පොත? (සිංහල පරිවර්තනය "ඔව් මට පුළුවන්")

Pisakkaatuwa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ වගේ ලිපි හරිම වටිනවා. "සැබැ මිනිසෙකුගේ කථාවක්" මතක් වුනා.

රූ.... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ස්තුතියි මල් මේ කතාව බෙදාගත්තට..

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කියල වැඩක් නැහැ.
මෙහෙම ලිපි ඇත්තටම වැදගත් මිනිස්සුන්ට ජිවිතේ හදාගන්න!

prasanna86k said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නියම කතාවක් අක්කේ...

දයානන්ද රත්නායක said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අමීගේ අතිම විශ්වාශය සහ ඇගේ ධෛර්යය ඇයට ආශිර්වාදයක්.

Fathima Reeza said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Another useful article of jeevithe mal!

Wasana Sewwandi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජීවිතයට බලාපොරොත්තුවක් ... ලස්සන ලියමනක් මල් :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලියමන වෙනුවෙන් අගය එක් කල ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි....
ඔබ හැමටම ජයෙන් ජය !

Shadow/හේමලයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Time and pressure is all it takes...No pressure, no diamonds...

Red Riding Hood said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඕනේම දෙයක් සාර්ථක වෙන්න නම් ආත්ම විශ්වාසය තිබිය යුතුමයි.. ජය වේවා..

Arunalu said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නියමයි.............

Trooper said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ATha katawak..... and meka hamotama honda padamak... Superb

Trooper said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Atha katahwak,,, meka api hamotama Honda paramak... Supiri

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->