[261] මගේ හිත ගත් පොතක් 1- සාරභූමි

අද ඉඳලා පොඩි පහේ කෙටි ලියමන් කිහිපයක් ලියාගෙන යන්න මට හිතුනා. බරසාර එව්වා පැත්තක තියලා , මගෙ හිත ගත්තු පොත් ගැන දවස ගානෙ ලියාගෙන යන්න මට හිතුනේ , බීට්ල් (අකුරු බ්ලොග් එක ලියන) යාලුවා ලිව්ව පෝස්ට් එකක් දැකලා.

මම කැමති හැම පොතටම ඔබ කැමති වෙන එකක් නැති වෙයි. ඒත් හොඳ පොතක දෙකක වගතුග බොහොම වටින පිරිසකුත් ඇති. හේතුව තමයි ලඟ ලඟ එන පොත් සැණකෙලිය. මම එහෙ රස්තියාදුවෙ ගිය ගමන් විස්තර හෙම මතක ඇතිනෙ. ගත්තු පොත්, රස්තියාදුවෙන් මුණ ගැහිච්චි ඩේවිඩ් අන්කල් හෙම?

ඉතින් මේ පාරත් රස්තියාදුව ජයටම කරන්නයි මගෙ නම් ලෑස්තිය. ඒකට ලැස්තිවෙන ඔයාලට , මගෙ ලෝකෙ හිත තදින්ම ඩැහැගත්තු පොත් ගැන ලියන පලමු සටහන මේ....

අද ලියන පොත මට ලැබුනෙ 1999දී. අපේ අක්කා (පුරසඳ)  1999
මගෙ උපන්දිනේට තැගි කළ පොත තමයි මේ... 

පින්තූරෙ තියන ඉන්ගිරිසි පොත නෙවි. ඒකෙ සිංහල පොත.

පොතේ නම : සාර භූමි
කතුවරිය: පර්ල් ඇස් බක්
ඉන්ග්‍රිසි පොත: ගුඩ් අර්ත්
පරිවර්තකයින් : ඌරාපොල හේමාලෝක හිමි , හේමපාල විජයවර්ධන
මිල: අලුත් මිල නම් දන්නෙ නෑ. මගෙ ගාව තියන පොතෙ මිල අවු 13කට කලින් මිල නෙව. :)


කතාව 


වං ලුං නමැති ගොවියෙකු චීනයේ කෙත් වතු සහ සිය පවුල් ජීවිතය සමග දෝලනය වෙන විපර්යාසයන්ට මුහුණ දෙන විදිය තමා මේ පොතේ ලියලා තියෙන්නෙ. අවු 13කට කලින් උනත්, මේ පොත කියවද්දි මම ඇත්තටම චීනයේ ගොවි ජනපදයක දින කිහිපයක් ජීවත් වුනා කිව්වොත් නිවැරදියි. ඒ තරම් සජීවී අයුරෙන් චිත්ත රූප මැවෙන විදියට මේ පොතේ කතාව ගලාගෙන යනවා.

දුප්පත්කම, නියඟය , ආදරය, අසහනය, වස්තුව , බලය , තණ්හාව මෙන්ම මානව දයාවත් සමෝසමේ කතාව සමග ගලාගෙන යනවා. වංලු සිය බිරිය ඕලෑං නිවසට කැඳවා එන තැනෙහි පටන් , ඔවුන් දරුමල්ලන් හදා වඩාගෙන , නොයෙක් ස්වභාවික ව්‍යසනයන්ට මුහුණ දෙමින් සිය තරුණ සහ මහ
ලු විය කරා පියවරින් පියවර ඇදෙන අයුරුත් , හදිසියේ ඇති වන කැ‍රැල්ලක ප්‍රතිපල වශයෙන් වංලුං හදිසි ධවතකු මෙන්ම නව බිරියකුත් සමග අලුත් ජීවිතයකට අව්තීර්න වන අයුරුත් මෙහි සටහන් වෙනවා.

මේ කාලය තුල ගලා යන වෛරය , දුක , ශෝකය , මෙන්ම ආශාවන්ද සැබෑ ලතෙත් මානව දයාවකින් යුතුව පර්ල් ඇස් බක් , සාර භූමි'හි පින්තාරු කොට තිබෙනවා.

මේ හෙයින්ම 1931 ලියැවුනු මේ දුලබ සාහිත්‍ය නිර්මාණයට පුලිට්සර් සම්මානයත්  , 1931 සහ 1932 වසර වල ඇමෙරිකාවේ ඉහළම පොත් අලෙවි වාර්තාවත්, එමතු නොව, 1938 වර්ෂයේ පර්ල් ඇස් බක්ට නොබෙල් සාහිත්‍ය ත්‍යාගයත් හිමි වීමට මං පෙත් විවර කරදීමට තරම් මේ කෘතිය හේතු වී තිබෙනවා.


ලෝක සාහිත්‍යයේ බොහෝ සංවේදී ලියැවීම් අතරින් , සියවසකට ඉහත පමණ ලියැවුනු මේ පොත විසින් , දශකයකට ඉහත පමණ මා මනසේ ඇති කළ මානව හිතවාදී කම්පනය අදත් මා සිතේ නොමැකී පවතිනවා. 

13 දෙනෙක් කියූ අදහස්..:

Red Riding Hood said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොත ගැන තව කෙනෙක්ගේ බ්ලොග් එකේ දැක්කා..මේ සැරේ ලයිබ්‍රරියෙන් අරන් කියවන්න ඕනේ..

itnishantha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

mama meka kiyawuwa meeta avurudu 15 kata vithara issara. puluwannam sinhala ebook ganna thorathuru tikak denna.

දුකා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මගෙත් ප්‍රියතම පොතක් . . ඒත් පර්ල් එස් බක්ගේ නව වසර පොතට නම් මම මේ පොතට වඩා කැමතියි . . උඹ ඒක බලලා තියෙනවද නගේ?

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ස්තුතියි යාලු කිව්වට.වෙලාවක කියවල බලන්නම්කෝ :)

Dewage said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

I have read this book before 15 years back,after i read this blog i feel that i would read it again.

සරත් ලංකාප්‍රිය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මමත් කියෙවුවා බොහොම කාලෙකට ඉස්සර.. හොඳ පොතක්..

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම් පොත් ලිස්ට් එකක් හදාගෙන යනවා පොත් ප්‍රදර්ශනෙන් පොත් ගන්ඩ.
ඒ ලිස්ට් එකට මේ පොතත් ඇඩ් කරගන්නවා !

වකා - WAKA said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලස්සන පොතක්...මම කියවලා තියෙනවා :)

RanDil said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

‍මේ දවස් වල සාර භූමි හැම තැනම........ :)

සාර භූමියේ කොටසක් ඒ කාලේ සිංහල පෙළ පොතකත් තිබුනා. ඒක නිසාම මහා විශාලෙට පෙනුනත් කොහොම හරි කියැව්වා. අපොයි ඒකේ තිබුනු එකක් දැනටත් හිතේ තියෙන නිසා, කොච්චර ආසා වුනත් හා පැටියෙක් හදන්න හිත හදා ගන්න බැහැ. ඒ දවස් වල කියැව්වාට සමහරවිට ගන්න ඕනෑ සේරම දේවල් ඔළුවට යන්න නැතුව ඇති කියලාත් හිතෙනවා. ආයේ කියවන්න ඕනෑ. හැබැයි ලඟකදි නම් නොවෙයි... ;)

දුකා කිව්වා වගේ නව වසර පොතත් හරි ලස්සනයි නේද? ඒක නං කිහිප වාරයක් ම කියවලා තියෙනවා.

Pisakkaatuwa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මං ගාව තියන පොතේ පරිවර්තිත නම 'සරු බිම'. මම මේ පොතේ කැමතිම කොටසක් තියනවා. ඉඩමේ වැඩ කර කර ඉන්න වං ලුං ගේ බිරිඳට එයාගේ දරුවා හම්බ වෙන්න අමාරු වෙනවා. තනිවම් ගෙදර යන ඇය තනිවම දරුවා බිහිකරලා තමන්ම බට පතුරකින් පෙකෙනිවැල කපාගෙන පැය කීපයකට පස්සේ දරුවත් අරගෙන ඉඩමට ගිහිල්ල නැවතත් ඉඩමේ වැඩ කරනවා. හරියට නිකන් අපි ලන්ච් එකට ගෙදර ගිහින් එනවා වගේ.
එක සැමියෙක් එයාගේ බිරිඳට, පලවෙනි බබා හම්බවෙන්න කලින් දවසේ මේ පොතේ මම ඉස්සල්ල කියුව කොටස කියවන්න දෙනවා. බබා හම්බවුනාට පස්සේ ඒ බිරිඳ සැමියාට කියනවා "ලේබර් රූම් එකේ බබාල හම්බවෙන්න හිටිය හතර දෙනාගෙන් බබා හම්බ වෙනකොට කෑගැහුවේ නැත්තේ මම විතරයි. මට ඔයා දීපු පොත මතක් වුනා". කොහොමද පොතේ බලේ?

amila chathuranga said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මාත් ලෙකු පොත ්කියවන්න පට්ටාන් ගන්න ඕනි..මං ආස සුට්ටි පොත් වලට..
කතාව ඉක්මනින් ඉවර වෙනකොට මට ආතල් වැඩියි....

Dude said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හ්ම්ම්, මමත් මේක කියවල තියෙනවා. මට මතක වංලුං කසාද බඳින්න ලෑස්ති වෙලා බාබර් ගාවට ගිහින් මට මතක විදියට කොන්ඩෙත් කපාගෙන එක කනකුයි එක නාස් පුඩුවකුයි විතරක් සුද්ද කරගෙන එනවා සල්ලි තියෙන හැටියට. ඉස්සර මට ඕකට මැරෙන්න හිනා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

Madhawa Habarakada said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මමත් පොඩී කාලෙ කියෙව්ව පොතක්. එතරම්ම මතකයක් නෑ. නමුත් සමහර කොටස් හුඟක් මතකයි. :)

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->