Monday, August 22, 2011
[197] මහින්දාගමනයෙන් ඔද වැඩුනු සිනමාscope :-)
අද මම ලියන ලිපිය කොටින්ම මහින්දාගමය ගැන.සහ කොටින්ම මහින්දාගමනය වගේමයි... හොඳේ... පටන් ගන්න කැමතියි මගෙ පිස්සු රචනා මූඩ් එකෙන්. ලියමනේ මැද්දෙදි මම කැමතියි පීලි පැනලා සීරියස් වෙන්න. කමක් නෑනේ. ඒකට මම සමාවට කරුනු දෙන්නම ලිපිය අවසානයේදි... හොඳේ...
අද මට වෙච්චි දේ සහ සිනමාසාලා ඉන් Kandy
මහින්දාගමනය බැලුවා. සිනමාපටය පිලිබඳ අබමල් රේණු භාගයකවත් හැඟුමක් නැතිව එහි යාමේ මූලිකම පරමාර්ථයම වූයේ මගේ මව ඒ ගැන දැක්වූ උනන්දුව. ඔන්න නුවර තියන අපූරු චිත්‍රපටසාලා ගැන දන්න උදවිය දන්නවා ඔය ඩොල්බි ඩිජිටල්, වායුසමීකරණ, කුශන් පුටු, සහ පුළුල් තිර යනාදි කිසිම පහසුකමක් ගැන බලාපොරොත්තුවක් නැතුවයි අප නුවර නම් ෆිල්ම් හෝල් එකකට යන්න ඕනෙ. හොඳ තත්වයෙ (ලිබර්ටි ,සැවෝයි, මැජෙස්ටික්, සිනෙමැක්ස්) වගෙ තැන් නම් ඉතින් මෙහෙ නැහැ. ඔක්කොම ඉවසන්න පුලුවන්, ඉස්සර තිබුන ලොකුම ප්‍රශ්නෙ මකුණො.දැන් නම් මකුණො නෑ. හපෝයි ෆිල්ම් එක බලල සතියක් විඳවනවා මකුණු විස නිසා ඉස්සර නම්.
බටු තවාන
ඔන්න කොහොමෙන් හරි වාඩි වෙන්න වුනු පුටුවට වම් පසින් ඉඳගෙන හිටියෙ බටු තවානක් ;-) හැ ඒ මොකක්ද? පුංචි පැටවු පේලියකුයි මට වම් පසින් උන්නේ.කට්ටියම අවුරුදු පහ හය වගෙ වයසේ පොඩ්ඩෝ. ඉතින් එක ගෝසාවයි පටන් ගන්න කලියෙන්.. වට පිට බැලුව මට පෙනුනේ සිනමාසාලාවේ ජනකායෙන් බහුතරයම පුංචි පොඩ්ඩන් බවයි.
වැඩිහිටියන්ට පමණයි පූර්ව ප්‍රචාරණ??
දැන් ඔන්න ෆිල්ම් එක පටන් ගන්න විනාඩි පහ දහයක් කලින් එන, වෙලඳ ප්‍රචාරකයන්ගේ සහ චිත්‍රපට ප්‍රචාරකයන්ගේ වේලාව ආවා... දෙවියනේ... මේ පොඩි දරුවන් ඉස්සරහා දිගෑරෙන මත්පැන් පාන, කුජීත බාල ගනයේ අනඟ දසුන් යද්දී (ඉස්සරහට එන්න තියෙන චිත්තරපට) මටත් පුටුවෙ ඉඳන් ඇඹරෙන්නයි සිද්ද වුනේ. පොඩි උන් කුචු කුචු කියනවා. සද්ද නවතිනවා. හපොයි. සිනමා ශාලා හිමියන් මීට වඩා පරෙස්සම් උනොත් හොඳ නැද්ද හැබෑට? පවුලේ සැමට එකට සිට නරඹන්න කියා පෝස්ටර් ගහන, චිත්‍රපට ධාවනය වෙද්දි , පොඩ්ඩක් සංයමයෙන් යුතු පූර්ව ප්‍රචාරණ පමණක් පෙන්වන්න. නැතිනම් දෙමාපියන්ට දෙවරක් හිතන්න සිද්ද වේවි චිත්තරපටියෙ නම් දානකල් දරුවො තියාගෙන එලියෙ ඉන්නවද කියලා.
වැඩිහිටියන්ට පමණයි
ඇත්තෙන්ම මේ සටහන චිත්‍රපටය ගැන හෝ කුඩා දරුවන් ගැන පමණක්ම නොවෙයි. මේ සටහන පූර්ව ප්‍රචාරණ පිලිබඳව ලියවෙන්න යන දෙයකුත් නොවෙයි. ලමා චිත්‍රපට, ලමයින් යොදා වැඩිහිටියන්ට තැනූ චිත්‍රපට, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට යනාදී විවිධ චිත්‍රපට වර්ගීකරණය විය යුත්තේ ලිංගික දර්ශන පිලිබඳව සැලකීමෙන් පමණක්ද යන්න එක් කාරණයක් හැටියට මා ඉස්මතු කරන්න කැමතියි. මගේ නම් පුද්ගලික අදහස , මහින්දාගමනය යනුත් වැඩිටියන්ගේ දරා ගත හැකි පරිණත මනසට වඩා සුදුසු, එනම් සංවේදි සිතැත්තන්ට සහ විශේශයෙන්ම කුඩා දරුවන්ට නැරඹීමට නුසුදුසු ප්‍රකෝපකාරී දසුන් අඩංගු චිත්‍රපටයක් කියායි.
ඇයි ඒ ?
එහි පෙන්වන ගහ මරා ගැනීම්,කපන කොටන දර්ශන,නාගයකු කඩුවෙන් කොටා දැමීම, යක්ශ ඇදහිල්ලට යොමුව සිටින අග බිසවුන් වහන්සේ පුහුලක තැවරුනු ලේ නලලේ තවරා ගැනීම, තුවාල දර්ශන, වනයේ සාවෙකුට පිහියක් විසි කොට දඩයම් කරන ගැහැනියක් කන් දෙකින් මිය ගිය සාවා ඔසවාගෙන යාම, කුරුල්ලෙකු හී පහරකින් ඇද වැටීම (මේ කිහිපයක් පමණයි) මේ දර්ශන ඉදිරිපත් කොට ඇති ජුගුප්සා උපදවන,සිත් බොහෝ කැලඹෙන සුලු ආකාරය කොතරම් මා සිත සසල කලාදැයි යන්න ඔබට එක්තරා විහිලුවක් වන්නට පුලුවනි. එහෙත් එම දර්ශන දැකීමෙන්, මට පසෙක හිඳ හුන් අහින්සක පැටියා 'අනේ, අම්මේ පවූ අර හාවා, අනේ අම්මේ බයයි' කියමින් අර අපහසුවෙන් තිගැස්මෙන් නරඹනු දුටු මට දැනුනේ කිව නොහැකි තරම් සංවේගයක්. මා ඇපොකැලිප්ටෝ නැරඹුවාට මා එය කුඩා දරුවෙක්ට නම් සුදුසු බව කියන්නේ නෑ ලිංගික දර්ශන නොමැති වූ පමණින්. මන්ද කුඩා දරුවෙක්ගේ අහිංසක පිරිසිදු මනසකට බොහෝ හානිකර වූ, බියජනක දර්ශන , අපුල සහගත දෑ, ලේ වැගිරීම්,සෘණ ආකල්ප ඇතුලු වන දසුන්, ග්‍රාම්‍ය කතා විලාශ කුඩා දරුවෙක්ගේ ඇස ගැසිය යුතුයැයි මම නම් නොසිතන නිසා.
සිනමා සදාචාරය වැනසෙන්නේ 'අක්ෂරයෙන්' පමණක්ද?
අක්ෂරය යනු 'ඊයා..ජරා' ගනයේ කුණුහරුප චිත්‍රපටයක් යයි කියන ඊනියා සුචරිතවාදින් මා දැක තිබේ. අක්ෂරය යනු 'සුපර්බ්' සිනමා නිර්මාණයකැයි කියන, හඳගම කාටවත් බැරි සෙල්ලමක් දැමුවා යයි කියා තමුන් පොර වෙන, පොරවලුත් මා දැක තිබේ. ඒ ගැන මගේ පුද්ගලික අදහස නොකීමේ හේතුවත් පෙර කී වැකි දෙකෙහිම ගැබ්ව තිබේ.
ලංකාවේ මිනිසුන් තුල ඇති අවම මොකක්දෝ එකක්ද මේ? බොහෝ රටවල මෙවන් දර්ශන අඩංගු චිත්‍රපට පූර්ව නිවේදන සහිතව (උදා" සංවේදී දර්ශන , ලමුන්ට සහ සංවේදි සිත් ඇති අයට නැරඹීමට අපහසු දර්ශන ඇති බව) කල් තියා දැනුම් දෙනවා. ඒ වගෙම මේ වන සතුන් යොදා ගැනීමේදීත්, මේ සතුන් ඇත්තටම මිය ගියාද හෝ ඒවා නිරූපණ පමනක්ද යන්න මා දන්නේ නෑ. එහෙත් පරිසරය උඩ තබාගෙන රුක් රෝපන දින කරන, පොලිතින් අහුලන සංස්කෘතියක ඉන්න අපට මේ දර්ශාන පිලිබඳ දැනුවත් වෙන්නටවත් අයිතියක් බොහෝ විදෙස් චිත්‍රපටනම් ලබා දෙනවා. ඔවුන් එය සඳහන් කරනවා චිත්‍රපටය අවසානයේවත් අඩුම ගනනේ මේ සතුන් නිරූපණ සඳහා පමනක් යොදා ගත් බව , මේ සතුන් සැබවින්ම මරා නොදමන ලද බව (එසේ නොකලා නම් ) මම නම් දන්නේ නෑ ඒ සදාචාරය නම් අපේ රටට කවදා ඒවිද කියා..
සිය රඟපෑම වෙනුවෙන් ගාස්තුවක් නොලැබූ , නිර්වින්දනය වී හෝ සිය නිසග සත්ව භාවය සිනමාපටයක් වෙනුවෙන් කැපකලාට ඒ හාවාට, ඌරාට පොඩි හෝ ක්‍රෙඩිට් එකක් දීම යුතුකමකැයි, මොලේ කුරුවල් වූ මට සිතේ
දර්ශනයක් තාත්වික වන්නේ, තීව්‍ර වන්නේ පෙන්වන්නා තුල හෙණ ගහන්නාක් මෙන් තිගැස්මක් පමණක් ඇතිවීමෙන් නම්, මින් මනත මා තාත්වික දර්ශන නොබලා සිටින්නට තීරණය කරනවා. මා දන්නා තාත්විකත්වය බොහෝ විට මා දැක තිබෙන්නේ බොහෝ සංයමයෙන් රූප භාවිතාවෙන්, සංගීතය, ආලෝකය යනාදී තව බොහෝ උපකාරකයන් අනුසාරයෙන් කෙමෙන් තීව්‍රත්වයට ඔසවා තැබූ දර්ශන කියා කියන්නටත් කැමතියි.
චිත්‍රපටියකට ගලා යාමක් අනවශ්‍යද?
මුලින් කී කාරණාවට මා ආයෙමත් ආවොත්, චිත්‍රපටය ඇරඹෙන්නේම මහා පීඩාකාරී ගෝසාවකින්. ඒ අශෝක රජ සමයේ යුද්ධයකින්. ඒ අල්ල පනල්ලේම විනාඩි බාගයක්වත් ගත වන්නට මත්තෙන් සාමණේර හිමි නමක් දැක වහා සත්‍යාවබෝධය ලබන අශෝක අධිරාජ්යයන් සිනමා පටයට සම්බන්ද කරගෙන තිබෙන මහා දඩිබිඩිය , මේ චිත්‍රපටයට ඉතා දුර්වල ප්‍රවේශයක් ලබා දෙනවා කියලයි මට හිතෙන්නේ. එය ප්‍රවේශයකට වඩා කඩා බිඳගෙන ඇවිත් සියල්ල වනසා විනාඩියෙන් අතුරුදන් වන වල් අලියෙක් වගේ මහා කලබගැනියක් බව මට දැනුනා.
මට හිතෙනවා මෙහි අධ්‍යයක්ශක වරයා අප අතීත කතාව මනා අධ්‍යනයකින් පසුව මෙය නරඹන්නට ආයුතු යැයි පූර්ව නිගමනයක් සිටීමෙන් , බොහෝ දෑ එක අල්ලට ගෙන බෙදන්නට ගොස් වැඩේ අනාගෙන නම් තිබෙන බව..සිනමාපටයක තිබිය යුතු, දර්ශනයෙන් දර්ශනයට ඇති ගලා යාම ගැන නම් මෙහි සිතා වත් පලක් නැහැ. අනේ මන්දා මේ ඇදකුද මෙතරම්ම පේන්නේ අපූරු විදෙස් චිත්‍රපට නැරඹීමෙන් මොලේ කුරුවල් වී තිබීම නිසාම විය හැකියි. මම සිනමා විෂය අධ්‍යනය කර නම් නෑ. ඒත් මිනිස් සිත් සන්තානයෙහි ඇති වන කැලඹිලි ගැන මට වචනයක් කියන්නට අයිතියක් ඇතැයි මා සිතනවා. අඩු ගානේ පෑ තුනක් පුරාවට මා වින්ද දුකේ නාමයෙන් :-)
වයලන්ස් (violence) වලින් පසු එකපාරටම දහම් සිසිල
චිත්‍රපටයේ අගභාගය පිලිබඳව මට නම් සතුටු විය හැකි හොඳම දේ , අර මුලින් පෙන්වන ගෙල සිඳීම්, කැපීම්, කෙටීම් , තුවාල, ලේ දර්ශන වලින් එක පයින්ම මිදී, දහම් සිසිලෙන් ලතෙත් දෑ දකින්නට ලැබීමයි. එක අතකින් ඒ මුලින් දකින දසුන් සමුදායෙන් සිදුවන මානසික කලබගැනියට පසුව සැබවින්ම සිහිල දැනෙන බණ පදයක් සමග මඳක් හෝ ගලනය වන කතාවක් ඉදිරිපත්කලාට මා අධ්‍යක්ෂකවරයාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.. නැතිනම් මගේ මනසට පවා ඒ ඝෝෂාව දරන්නට අපහසු වී තිබූ නිසා.
දොඩම් ගොඩ සහ හිස බේරා ගැනීම
සිද්ධීන් ගොඩක් දොඩම් ගොඩ බදා ගත් අයුරෙන් වමාරන්නට යාමෙන්, ඉතා දුර්වල සංස්කරණයෙන් සහ ආධුනික කැමරාකරණයෙන් වෙහෙස වූ, මා සැබවින්ම කලකිරිය යුත්තේ, එක එක ජාතියේ හොඳ හොඳ චිත්‍රපට බලා මනස කුරුවල් කරගත් මා ගැනද, එසෙත් නැතිනම් නිර්මාණශීලිත්වය සැබවින්ම තිබියදී මූල්‍යමය හෝ වෙනත් බලපැම් වලින් මිරිකී හිතේ හැටියට දෙයක් කිරීමට ඉඩ සහ ඉස්පාසුවනොලැබෙන නිර්මාපකයින් ගැනද , එසෙත් නැතිනම් ඇත්තෙන්ම මේ හිඩැස් වලින් දුප්පත් සිනමාවක් අමාරුවෙන් ඇපෲව් කරන මගේ මවු රට ගැනදැයි මටම සිතා ගන්නට නොහැකි වුනා.
ගැලවුම්කරුවන් කිහිපදෙනෙක්
චිත්‍රපටයේ ජීවමය ගුණය රකින්නට සිය නොමඳ රංගන හැකියාව නොමසුරුව ප්‍රදානය කල දිල්හානී ඒකනායක , දුලීකා මාරපන, හේමසිරි ලියනගේ, තොරොම්බල් වෙලෙන්දාගේ චරිතය පණ පොවන නම නොදන් නළුවා සහ ජයනි සේනානායක ට මාගේ තුතිය. සැබවින්ම ඇඟෙන්ම රඟපානවා මා නම් දුටුවේ ඔවුන්ම පමණකි.
ඉතිහාස ටොපිය
ප්‍රේක්ශකයාට ඉතිහාස කතාවක් නැමති ටොපිය දුන් පසු එහි රංගනය, කැමරාකරණය,ප්‍රබල රංගනය , සංස්කරණය මෙන්ම සිනමා ප්‍රකාශනය සහ ගලායාම ගැන කොහෙත්ම තකන්නේ නැතැයි මේ නිර්මාපකයන් උපකල්පනය කර ඇතිවාක්ම මෙනි. අනෙක් අතට බැලූ කල අපට වඩා දහස් ගණනක් හොඳ චිත්‍රපට නරඹා, චිත්‍රපට නිපදවා, නිසග හැකියා ඇති නිර්මාපකයින්ට මේ වෙලා ඇත්තේ අහවල් එකක්දැයි අපටම විමතියක් උපදී.
මෑත ඉතිහාසයෙන්
තවමත් මෑත ඉතිහාසය , සැබෑ විදනීය සිනමාපටයක් කියා දෙයක් නිපදවූයේ 'සිකුරු හතේ' තුලින්ම පමණකි යන විස්වාසය මා තුල පවතී. ඒ 2008හි බව මම සංවේගයෙන් සිහි කරන්නෙමි. මචං චිත්‍රපටය අමතක නොකරමි. එහෙත් ඒද සිකුරුහතේ තරම් නම් නොවේ. ආගන්තුකයා ද මා යම්තාක් දුරට කතා රසය අත්විඳි චිත්‍රපටයකි. 'ආකාස කුසුම්' අවාසනාවට මට මිස් වී ගියේය. ඒ නිසා ඒ ගැන නම් නොදනිමි.
කෝකද රහස?
පුරහඳ කලුවර, අස්වැසුම, පවුරු වලලු යුගය මම මහත් තෘප්තියෙන් සිහිකරමි. ගම්පෙරලිය , රේඛාව , දුහුල් මලක් , හඳයා මට සිහිපත් වේ. 1998 දී පමණ එකක් නෑර, සෙනසුරාදා රාත්‍රියට නැරඹූ, ලෙස්ටර් ජේම්ස් පීරිස් අභිනන්දන සිනමා නිර්මාණ දැක්ම මා ලංකාවේ සිනමාව දුටු පලමු ජනේලය විය. එමෙන්ම lake house , memoirs of a geisha, big fish, forrest gump, apocalypto,lost in translation යනාදී නම් කියා ඉවරයක් කළ නොහැකි , මාහැඟි නිර්මාණ තුල ඔවුන් මිනිස්කම අභිබවා ගිය අධිමානසික මෙහෙයක් කලාවත්දැයි කුතුහලයෙන් තවමත් පසුවෙමි.
එහි තිබූ රූප රාමු උදෙසා මිලියන ගණන් වියදම් වී දැයි කුතුහලය මා සිත පෙලයි. මුදල් කෙල කෝටි ගණනක මිල අධික නිර්මාණත් නොවී , නැටුම් දර්ශන සහ සමූහ දර්ශන සඳහා වාර්තාගත වියදම් පොත් වල නොලියවා, ස්වභාවික දර්ශන තල මත , ටොපියකට වඩා දෙයක්, කොටින්ම අංග සම්පූර්ණ සමබල ආහාර වේලක්ම දෙන්නට ඔවුන් සමත් වූ රහසට එක එක අහුකොන් මම හොයා ගන්නට වෙහෙසෙමි. ඉවසීම , සංයමය, කැපවීම, අධිෂ්ඨානය, කාලය ගැනීම, මූල්‍යමය නිදහස, දේශපාලනික බලපෑම්,සිතීමේ නිදහස.... මට මෙයාකාරයෙන් වචන කිහිපයක් ඔලුවට විත් එක මත එක හැප්පී නතර විනි.
ප.ලි.
මම ඔබට පොරොන්දුවක් වීමි. මේ ලිපිය මහින්දාගමනය වගේම වෙනු ඇතැයි ශපථ කලෙමි. එසේය. එක් අන්තයකින් පටන් ගෙන අනෙක් අන්තයෙන් ඉවර කරන්නට , බ්ලොග් එකක් විතරක් ලියා පණ්ඩිතකම පෙන්වන මටද අයිතියක් තිබේ. එනිසා වයලන්ස් එකෙන් පටන් ගෙන දහම් සිසිලෙන් අප තෙමා ලූ මහින්දාගමනය ගැන සරලව පටන් ගෙන සීරියස් මූඩ් එකෙන් අහවර කළෙමි.
මේ ගැනයි මේ ලිපිය..
දවස ගෙවෙන අපූරුව...,
ලස්සන වටින නිර්මාණ(චිත්‍රපට)
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
චිත්‍රපටි ශාලව කචල් නිසාම මම ඔය චිත්‍රපටිය බැලුවෙත් නැ ඒ නිසා ඒ ගැන අදහසක් කියන්න බැ , නමුත් වැඩිහිටියන්ට පමණයි කියන එක තීරණය වෙන්නේ ලිංගික දර්ශන වලින් පමණක් නොවේය කියන එකට මාත් එකඟයි , අබා චිත්‍රපටිය ගැනත් කියන්න තියෙන්නෙ ඒකමයි අවුරුදු 12 පහල / ඉහල කියලත් කැටගරියක් තියෙන්නෙ ඕනි කියලයි මම හිතන්නේ . ඔය චිත්‍රපටියට කලින් පෙන්වන වැඩිහිටි චිත්‍රපටි කැලිත් මහා පිලිලයක් ඕවා නිසා තමයි පවුල් පිටින් සිනමා ශාලා වලට යන එක සීම වෙන්නෙ
ReplyDeleteඅපිටමද මේක නොදිරවන්නෙ කියල හිතෙන වෙලාවල් එනව....
ReplyDeleteඔය දර්ශණ ගැන කතාකලත් කිසිවෙක් වගකීමක් ගන්න එකක් නෑ..
ටී වී එකේ ටාසන් රොබින්හුඩ් යනව ඒ වගේ තමයි කියයි..
බලෙන් ඇඟට දාපු චිත්‍රපටියක්...
මීට වඩා හොඳයි දෙමල ෆිල්ම් එකක් බැලුවනම්..
ඔය චිත්‍රපටය බැලූ පසු මටත් ඔයිට වඩා දෙයක් නම් හිතුනේ නෑ තමා.ඉතින් ඊට වඩා මොනවා කියන්නද...
ReplyDeleteඉතා කෙටිකාලයකින් කඩිමුඩියේ නිමකල බව නම් හොඳටම පේනවා. දක්ශ නළු නිළියන් නිසා ජාමෙ බේරගත්තත් අර නුපුහුණු කඩිමුඩි බව නම් හොඳටම තේරෙනවා.
ReplyDeleteඔය ටිකම තමා මටත් හිතුනේ බැලුව මෝඩකම කියලා හිතාගෙන ෆිල්ම් හෝල් එකෙන් එලියට ආවේ මෙච්චර වියදම් කරලා තියෙන එකේ මීට වඩා හොද වග්කීමකින් යුතුව චිත්‍රපටිය කලා නම් මේකේ වටිනාකම කියලා නිම කරන්න බෑ
ReplyDelete@buwa : ඔයා කියන එක ඇත්ත අබා චිත්‍රපටියට න අනිවාර්යෙන්ම වුරුදු 12 පහල / ඉහල කියලත් කැටගරියක් තියෙන්නෙ ඕනි ඒක පටන්ගැන්මෙම තියෙන ප්‍රසූති දර්ශන පෙල කුඩා ලමයින්ට සුදුසුම නෑ කියලා මට හිතෙන්නේ
අනික මහින්දාගමනය චිත්‍රපටියේ දේවානම්පිය තිස්ස රජුගේ පුතනුවන් මිය යන්නේ රාජාභිෂෙකයට පෙර වුවත් ඉතිහාස කතාවට අනුවනම් පුතණුවන් මිය යන්නේ රාජාභිෂකයට පසුව වගේ වෙන්න ඕනි (මේකනම් මට හරියටම මතක නෑ)
මහින්දාගමනය බලා නොමැත. ලිපියෙන් 3/4ක් කියවනලදි. සීරියස් වැඩි නිසා ඉතිරි ටික නොකියවමි...
ReplyDeleteමමත් බලන්න හිටියෙ. දැන්නං ඕනෙ නෑ කියලා හිතෙනවා
ReplyDelete//එක් අන්තයකින් පටන් ගෙන අනෙක් අන්තයෙන් ඉවර කරන්නට , බ්ලොග් එකක් විතරක් ලියා පණ්ඩිතකම පෙන්වන මටද අයිතියක් තිබේ.//
ReplyDeleteමහින්දාගමනය චිත්‍රපටයෙන් එය සිදුවීම නිසාවත්, චිත්‍රපටය අගය කල යුතු යැයි සිතමි...:D:D:D
චිත්‍රපටය බලා නොමැති බැවින් ඒ පිලිබඳව කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි...:D
මහින්දාගමනෙට උනේ අඩු බජට් එකෙන් ලොකු ලොකු දේවල් කරන්න ගිහින් නා ගැනීමක්. ජම්බුද්වීපයේ දර්ශන අයින්ම කරලා තම්බපන්නියෙන්ම වැඩේ පටන් ගත්තා නම් මිට වඩා හොදයි. දර්ශන ගැන නම් කතා කරන්න දෙයක් නෑ. බලපු හෝල් එකේ හොද කමද නැත්තම් චිත්‍රපටියේ හොද කමද කියලා නම් මට තේරෙන්නේ නෑ
ReplyDeleteචිත්‍රපට අධ්‍යක්සකවරයාට තිබුනේ හොඳ නිර්මාණයක් කිරීමේ අදහසට වඩා රටේ පවතින බොරු දේශප්‍රේමය දඩමීමා කරගෙන බඩ වඩා ගැනීමේ උවමනාවකි.නිකමට සිතා බලන්න අමු අමුවේ චිත්‍රපටයට යොදා ඇති නම ගැන.ඔයාට වඩා ආකර්ශනීය නමක් තිබුනේනෙම නැතිද?හැම තැනම ඇත්තේ දේශපාලන වන්දිභට්ටකම්ය.කාලගුණ අනාවැකි පවා ප්‍රකාශ කරන්නේ පවතින දේශපාලන රටාවට බාදාවක් නොවෙන පරිදිය.විබාග කොමසාරිස් විබාහ ප්‍රතිපල ගැන කතාකරන අන්දම සිහිපත් කරන්න.හෙට අනිද්දාට වෙනත් ආගමන ගැන චිත්‍රපට හැදුනද පුදුම නොවෙන්න.
ReplyDeleteඕක බලල මට හිතුණ දේ මම ලිව්වේ මෙන්න මෙහෙම. http://biththiya.blogspot.com/2011/07/blog-post_08.html
ReplyDeleteමටත් යන්න ආසයි බලන්න..ඔය කිව්ව එක බලලාම කියන්නම්කෝ...
ReplyDeleteඔය වැඩිහිටියන්ට පමණයි කියන සීමාව ගැන ඔබ කියන කතාවට මම නම් සම්පූර්ණ එකඟයි. උදාහරණයක් විදියට " මෙහෙට වර බොල " කියන එක කුණු හරුපයක් නෙවෙයි. ඒත් කටේ කිරි සුවඳ නොගිය තවමත් තැනට උචිත විදියට බස හැසිරවීමට නොදන්න පුන්චි දරුවන්ට ඒ වගේ වචන ඇසීමට සැලැස්වීම නුසුදුසුයි කියලයි මට හිතෙන්නෙ. විශේෂයෙන්ම මෑත කාලයේ රූපවාහිනියෙ සිංහල හඬ කැවු කාටුන් ගැනත් මට නම් තියෙන්නෙ විශාල කණගාටුවක්.
ReplyDeleteඔය සිංහල චිත්‍රපටි ගැන නම් කියන්න තියෙන්නෙ අනේ අපොයි කියලා තමයි. ලව් කරන කාලෙ නම් චිත්‍රපටි කර්මාන්තය නගා සිටවීම සඳහා ලොකු වැඩ කොටසක් කලා. ඒත් අදටත් 70 දශකයේ නිපදවුන චිත්‍රපටි වලට මගෙ විශේෂ කැමැත්තක් තියනවා.
මම නම් මෙය බැළුවෙ නෑ, බලන්න බලාපොරොත්තුවකුත් නෑ. මට නම් දැන් සිංහල හොද ෆිල්ම් එකක් බලපු දවසක් මතක නෑ. එන්නෙ එක එක විකාර ඒව. නමුත් අන්තර්ගතය ගැන නම් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කල යුතුයි චිත්‍ර පටය බැලීමට යාමට පෙර තමන්ට ගැලපෙනවද කියන එක තීරණය කරන්න ඕනි තම තමන් නිසා. “වැඩිහිටියන්ට පමණයි“ යන්න නම් අපේ අයගෙ මනස්ගාතයක් වෙලා තියෙන දෙයක් විදිහට තමා මම නම් දකින්නෙ. මේකට හේතූන් තියෙනව. නිදසුනක් තමා දොරමඩලාව වැනි රූපවාහිණී වැඩසටහන් වලට එන අය කතා කරන්නෙ ඒ අයට තරුණ කාලයක් තිබුනෙ නෑ වගේ. කෙලින්ම පොඩි කාලෙ ඉදලම වයසට ගිහින්. ඉතින් මෙවැනි දේවල් ප්‍රචාරණ මාධයයෙන් අවෂය තොරතුරු ලබා නොදීම තුල නව යොවුන් සහ තරුණ අය තුල කායික හා මානසික පීඩනය තවත් වැඩිවෙනව. මම නම් දකින්නෙ දෙමාපියන් හැටියට තමන්ගේ ළමයින්ට අවෂය නිවැරදි දැනුම නිසි පරිදි ලබා දිය යුතු වෙනව ගෙදරදි හෝ. දැනට පෙනෙන විදිහට ලංකාව තුල පාසල් අධ්‍යාපනයේ මෙවැනි දෙයක් කරන්න පුළුවන් වේවි කියල හිතන්න අපහසුයි.
ReplyDeleteඅපේ පලාතේ නෑ නෙව ෆිල් හෝල් එකක් .. ඉස්සර නම් තිබුනා දැන් නෑ ඉතින් මම ඔවුවා එකක්වත් බලන්නෑ ..ඇත්තටම මම බලාපු සිංහල ෆිල්ම් වලින් කීපයකට විතරයි මගේ හිත ගියේ ..අන්තිමට සිංහල ෆිල්ම් බැලීම නතර කලා ..
ReplyDelete//අඩු ගානේ පෑ තුනක් පුරාවට මා වින්ද දුකේ නාමයෙන් :-)//
ReplyDeleteමමත් නම් බැලුවේ නැහැ. ඕකෙ නම ඇහුවම බැලුවා වගේ තමයි. පුළුවන්නම් 'ගාමනි' ත් බලන්නකෝ. මේ වගේ මරු විචාරයක් කියවන්න ලැබේවි.
මම නම් කවදාවත්ම අක්ෂරේට බනලා නෑ. ඇත්තටම අක්ෂරේ කියන්නේ උසස් වර්ගයේ සිනමා කෘතියක්. ඒක ගොඩක් අයට තේරුම් ගන්න බෑ.
ReplyDeleteඑදා හඳගල මහත්තයා විදූ චිත්‍රපටිය කම්පස් එකේ පෙන්නපු දවසේ ඒ චිත්‍රපටිය ගැනත් වියත් දේශනයක් තිබ්බා. ඒක කාට කාටත් අහන්න තිබ්බනම් ගොඩක් වටී.
මම නම් මහින්දාගමනේ බලලා නෑ. බලන්න යන්න ඕනා. නුවර අක්කා ගියපු එකටම ගියා නම් හරි.
මම මේ චිත්‍ර පටය බැළුවෙ නම් නෑ...ඒත් මට හිතෙන්නෙ දැන් රටේ තියෙන මහින්දමේනියාවෙන් ප්‍රයෝජන ගන්ට කඩිමුඩියෙ අටව ගත්තු එකක්ය කියලයි....
ReplyDeleteජීවිතේ මල් ලේඛිකාවනි,
ReplyDeleteඔබේ ලිපිය "මහින්දාගමනය" නම් සිනමා පටය පිළිබඳව අගය කලයුතු විචාරයක් ලෙස මා දකිනවා. මා නම් ඔය සිනමා පටය නැරඹුවේ නැහැ. ඒත් ඔබ කියා ඇති ආකාරයේ සිනමා පටයක් බව සැක කලා. දැන් එය තහවුරු වුනා.
බ්ලොග් අවකාශයේ උසස් සිනමා පට අගයන තවත් සිනමා ලෝලියක් හමුවීම සතුටක්. මකරන්දය පැත්තෙත් එන්න. අපි එහෙ ළමයින් සඳහා නැරඹීමට නිර්දේශ වූ සිනමා පට ගැනත්, මෙතෙක් ලොව බිහිවූ හොඳම සිනමා නිර්මාණ ගැනත් කතා කලා. මෙන්න එන පාර.
http://malmakaranda.blogspot.com/
මට හිතෙන්නෙ කොමෙන්ටු ටික එකතු කලොත් එතන තියෙනවා අපූරු සිනමා විචාරයක්....
ReplyDeleteමේ සරු අදහස් වලින් පෝස්ට් එකට ආලෝකය ගෙනාවාට බොහෝමත්ම ස්තූතියි
අවු:15 කින් සිංහල ෆිල්මක් බැලුවේ නැත.......ඒවායේ බලන්නට දෙයක් ඇත්තේම නැති නිසා ජීවිතේටම නොබලමි.......
ReplyDeleteඅක්කගේ කතාවට මාත් සම්පූර්ණයෙන්ම එකඟයි. මෙතන මගේ අදහස කමෙන්ට් එකකින් කියන්න බැරි නිසා මාත් පෝස්ට් එකක් ලිව්වා :))
ReplyDeletehttp://aagiyakatha.blogspot.com/2011/11/shot.html