ගල්කිස්සට නම් අඩු ගානෙ මුහුදු වෙරළක් තිබ්බා.. මගෙ තනියම ගත වෙන මුහුදු සැන්දෑ ගැන, මම වෙරළෙ හැදුව වැලි මාලිගා ගැන ඔයාල කියවල ඇතිනේ.. ;-) නුවරට කොහෙද මූදු ? ඒත් නුවරට තියනවනෙ ඊට වඩා අපූරු තැන් .. :-)
Kandy City Centre හි ඉදිරි දොරටුව |
වෙන අවුරුදු වල තිබුන අතොරක් නැති මුර කුටි ගණනාවකින් පස්සේ එලඹෙන දලඳා මාලිගාව තෙක්ම තිබුනු හැම මාර්ග බාධකයක්ම අයින් වෙලා. පරීක්ෂා කිරීමේ කුටිත් ඇත්තෙම නෑ.. පොලිසියෙනුත් අඩුයි වෙනදට වඩා. පෙරහැර ගමන් මගේ කඩ සාප්පු ලහි ලහියේ රෑ තියෙන්න යන කුඹල් පෙරහැරට ලැහැස්ති වෙන්නේ වටපිටවත් නොබලමින්. ගනුදෙනු කරුවන්ට වඩා අද වැදගත්කම පෙරහැර මගේ අසුන් පනවන්නටයි..
කොයිකටත් කියලා ඇවිදගෙන යනකොට සිටි සෙන්ටර් එකට ගොඩ වුනේ බැංකු කටයුත්තකට. ඒත් ඊට එහායින් තිබුනු අපූරු අලුත් වෙලඳ කුටියක් දිහෑවට මගෙ ඇස් යොමු වුනා... දලඳා මාලිගාවෙන් සකස් කළ සමරු භාණ්ඩ වෙලඳසලක්. (ඔය තියෙන්නේ පල්ලෙහායින්)
මාලිගාවේ සමරු කුටියෙන් කොටසක් |
එවෙලේම මුද්‍රණය කොට දෙන පෙරහැර ඡායාරූප |
ප්‍රදර්ශනයට තබා තිබෙන ඡායාරූප |
මගෙ හිත තදින් පැහැර ගත් පින්තුරයක් |
ඡායාරූප තරඟයක් මෙන්න |
තේවාව පවත්වන ස්ථානය |
හස්තිරාජයින්ගේ දල බුදුන්වහන්සේට සෙවණ දෙමින් වහලයේ එල්ලෙන අයුරු මම දැක්කේ අද.
ජීවත් වෙනකලුත් - දම්වැල්, මිය ගියත් - දම්වැල් |
වෙනද වගේ නිස්කාන්සුවෙ වඳින්න නම් වෙනදාකම එන්න වෙනවා. අද දිවයිනේ දස දෙසින් ඇදුනු බැතිමතුන් දහවල් 2 වෙනවිට පෙරහැර මාර්ගයේ අසුන්ගෙනත් අහවරයි. ඉතින් බොහොම අමාරුවෙනුයි ආයෙමත් ඔර්ලෝසු කණුව වෙත පාර හදාගෙන ආවෙත්.
ඡායාරූප ගන්න හත් පැයක් ගන්න මට වඳින අලියෙකු ගන්න බැරි වුනත් වඳින්න ඔන්න මෙන්න වගෙ එකක් ගන්න පුලුවන් උනා.. :) හිනා වෙන්න හෙම එපා හොඳේ . (හිනා වුනත් මට පේනවයැ. මට මොකෝ) :-)
ඔන්න ඉතින් තවත් ඡායාරූප නම් ගොඩයි. ඉතින් නුවර ඉඳන් වෙනද එන පාර වෙනුවට අතුරු පාරක් තෝරගෙන පයින්ම ගමන එන්නයි ලෑස්තිය ගෙදෙට්ටම. දිය කපනා තොට පන්සල, හල්ලොලුව එල්ලෙන පාලම සහ පොහොය සීමා මාලකය පසු වෙන යටිහලගල මාර්ගයේ, බඩ ඉරිඟු කරලකුත් හපමින් එන්නයි අද හිතේ තියෙන්නෙ. සටහන දිග වැඩි නිසා ඊලඟ ලිපියෙන් ඒ විස්තර :)
රස්තියාදුව පටන් ගත්ත විතරයි. අනේ මන්දා කොහෙන් නවතීවිද කියලා :-)
ඇවිදින්න පණ තියෙන කකුල් දෙකකුත් ,
අවට දකින්නට ආසාවෙන් නලියන ඇස් දෙකකුත් ,
කාන්සි වෙලාවට අහන්ඩ අයි පොඩ්ඩෙකුත් ඉන්නවා නම් ,
බස් කුමට ,
මෙ මනරම් නුවර සිරි විඳ විඳ ,
පයින්ම ගාටනු මිසක :-)
චියස් !!!
අන්තිමට ලියල තියෙන කවිය තමයි හොඳටම හිතට වැදුනේ. ඔයා ඒක නියමෙටම ලියලා තියෙනව නංගි...
ReplyDeleteතනියම නුවර එක්දින චාරිකාවක් දාන්න හිතුනා. මේ දවස් වල නම් සෙනග නිසා පසුව සලකා බලන්න ඕනේ :-)
ReplyDeleteපොඩි කාලේ දැක්කට පස්සේ නුවර පෙරහැර දැකලා නෑ. ඔයා ඔය කියවලා තියන විදියට ඇවිදින්ට ආසයි. ඒත් සෙනඟ ගොඩාක් දැක්කාම තනියම ඇවිදින්ට නම් බය හිතෙනවා....:D
ReplyDeleteඅපිට කොයි ඉතින් අයිපොඩු.
ReplyDeleteමමත් හෙට යනවා... පෙරහැර කෙසේ වෙතත් අලියෙක් වත් බලාගන්න පුළුවන් වෙයිනේ....!!!
ReplyDeleteමමත් යනවා රස්තියාදු ගහන්න :P ඉන්නකෝ මමත් පෝස්ටුවක් ලියන්නම්කෝ..
ReplyDeleteඅපේ තනිකඩ ගමං අහවරයි නෙව... ;)
ReplyDeleteමමත් කාලෙකට ඉස්සර නුවර පෙරහැර බැලුවා මම එහේ බෝඩිං වෙලා හිටිපු සන්දියේ.. ඊට පස්සේ මම ආයේ නුවර නොයිඳ ගමට ආවා .. ඉතින් ආයෙමත් නුවර යන්න ආසයි
ReplyDeleteමාත් දවසක් කේසිසි එකට ගිහින් පඩිපෙල පැද්දා මතක් උනා.
ReplyDeleteනියම ගමනක් ඒක. මම් දෙපාරක්ම ගිහින් තියෙනවා කේසිසි එකට.
නිසුපා//
ReplyDeleteස්තූතියි අක්කන්ඩියේ... (සොරි වෙන්ඩ දින කීපෙකට පස්සෙ අදයි නෙට් ආවෙ. ඒකයි පිලිතුරු පරක්කු )
මරෙ අයියා...
දාන්ඩ දාන්ඩ.. ඔය සිටි සෙන්ටරේ දිහෑ පඩිපෙලක ඉඳගෙන ඔයා ටියුශන් ඇරිල එන නන්ගිලා නිරික්සනය කරනවා අපිටත් ඇහැ ගැහේවිනේ... හිකිස්
පොඩ්ඩි
ආ... ඒ මොකෝ බය.. පනුවයි අනිත් ඈයින්වයි අපෙ අම්මා යැව්වේ, පුතේ අක්කව හොඳට බලා ගන්න කියලයි. හලේ අන්තිමට එයාලා වෙන දිහා බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඇතිම වුනාමයි මාව මතක් වුනේ.... හිකිස්...
පනුවා
අයිපොඩ්ඩු කිම...දවල් හීනයක් බල බල යන එකත් හොඳයි සෞඛ්‍යයට් :) සිනා...
ප්‍රසන්න
ආ මල්ලි.... ඊ... අපිත් ගියානේ. සී සී... කියන්න එපැයි. සොරි මේ කොමෙන්‍ටු අද දැක්කේ...
ලේන් කණියා.
අනිවා... වෙරි ගුඩ්... යන්න කොටුවෙ රස්තියාදුවක්
නවම්මාවත
අනේ පව්... හේ හේ. පිස්සුද අනේ... ඈවත් අතකින් අල්ලගෙන යන්න ඩබල් දාලා.. :)
සඳරුවා
හෙ හෙ.. එන්න මල්ලි නුවර... අපි මෙහෙ සේනා සංවිධානය කරල තියන්නම් :)
මධුරංග
ආ.. මම මේ අදත් පැදලා අයිස්කිරිමක් කාල හෙම ආවේ.. (අර පඩිපෙලේ ඉඳගෙන) හී හී