ඒ මීට කිහිප වසකට පෙරය...කලකට පසු මම ප්‍රිම් රෝස් කන්ද කරා දිවෙන කඳු මාර්ගයේ ඉහලට ඇවිදිමින් සිටියෙමි. මට පසෙකින් වූ මගේ ඥාති සොයුරෙකුත් සමග කතා කරමිනි මා පයින්ම ඇවිදින්නට වූයේ. මා කුඩා කල ඉතා ප්‍රිය කල අපූරු නිවසක් පසු කරමින් මම ඇවිදිමින් සිටියෙමි..
ඉහලින් ඇසෙන්නට වූයේ සීනු හඬකි... එය මාත් මගේ සොහොයුරාත් විමතියට පත් කරන්නක් විය... අපි මුහුණට මුහුණ බලා ගතිමු.. එහෙත් අපට තව පිය දෙකක්වත් ඉදිරියට තබන්නට අවසරයක් නොවීය...
කඳු ගැටයේ ඉදිරියෙන් පෙනෙන පාර ඔස්සේ ඉදිරියට දිව එයි.. හස්ති රාජයෙක් ! පෙරහැර සමයේ , මෙම මාර්ග හරහා අලි නාවන තොටට අලින් ගෙන යාම අපට අමුතු දසුනක් නොවේ.. ඒත් මෙවර එය එතරම් ඇඟට ගුණ දසුනක් නොවීය... මන්ද ඇත්ගොව්වෙකු පේනතෙක් මානයක නොසිටි හෙයිනි... ඇත්ගොව්වන් බොහෝ පසුපසින් ගාටමින් අලියා ඉස්සෙල්ලා එවන අවස්ථාද අප දැක තිබේ. ඒත් ඉදිරියට දිව එන නාලාගිරි ඇතු වන් සද්දන්ත හස්ති රාජයකු ගැන කෙසේ සුලුවෙන් තකන්නද?
මල්ලිටත් මටත් කරන්නට යමක් කල්පනා නොවන්නට ඇත. අප දෙදෙනාම පසුපස හැරී දුවන්නට වීමු. මේ කඳු මාර්ගය අවට ගෙවල් මිසක කඩ පිලකුදු නැත.
හැකි වෙර යොදා දුවන්නට වූ මට නැගිය නොහැකි පස් බැවුම දකුණු පසින්ද , ඇතුල් වන්නට ගේට්‍ටුවකුද අසලක නැති කටු කම්බි වැටක් සහිත වම් බැවුම්ද දිස් විය... දෙවියනි.. කුමක් කරන්නද.. නිනව්වක් නැතිව අපි දුවන්නට වීමු...
හස්තියා සහ අප අතර දැන් මීටර දහයක පරතරයක් තිබෙන්නට ඇත... කටුකම්බි මෙන් නොව. එය ජීවිතයත් මරණයත් අතර තීරණයකි..
මල්ලි... පනිමු මේකෙන්...
අසිහියෙන් සිටි මනසට , කටුකම්බියක් යනු හස්තිරාජයකුට නම් කජ්ජක් නොවන බව මට මතක් නොවන්නට ඇත...
කටු සහිත කම්බියට අත තබා අපි පලමු කටු කම්බි පේලිය මත සිටගතිමු..
කන් අඩි පුපුරවන තරම් කුංච නාදයක් සමග , දෙවියනි.. පසුපස හැරී බැලූ මට මගේ උරහිසෙහි වදින මානයේ පිහිටි ඇත් සොඬය සහ ඇත් මුහුණ දුටුවා මතකය..
මට පසෙකින් කටුකම්බිය මත එල්ලී මර බියෙන් ගැහෙන මල්ලී සහ මගේ අවසානය මෙය විය යුතුය. කන් අඩි ඒක්ෂණයෙන් රත්වී , අවසාන මොහොතේ මරණ බිය හෙවත් මාරයා දිස්වන්නට විය.. මම ගැහෙන දැතින් මල්ලිගේ දැත අල්ලා ගතිමි...
ජීවත දානයක් මේ අසිහියෙන් කුපිතවූ හස්තියාගෙන් මා කෙසේ අපේක්ෂා කරන්නද? දැන් ඉතින් කෙරුම් ඔක්කොම ඉවරයි.. ජීවිතේ.. ගෙවුන හැටි. ඉස්කෝලෙ. කැම්පස්... අම්මලා ... මේ සියල්ල මට ඒක්ෂණයෙන් සිහි වූයේ සිනමාපටයක් වේගධාවනය වන අයුරෙනි..මෙතෙක් ගෙවුනු මහමෙරකැයි සිතූ ජීවිතය එක මොහොතින් තණ බිඳුවක්ව නොපෙනී යන්නට මොහොතක් ඉතිරිව තිබේ...
ඊලඟ මොහොත.. එයට මාත් මල්ලීත් මුහුණ දිය යුතුමය... ඉරණම.. මෙය විය යුතුය...මම දෑස් පියා ගතිමි... දෙකන් රත්වී ගිනිගන්නට ආසන්නය.. මරණ භය මම භීතියෙන් ස්පර්ෂ කලෙමි. අලි සොඬයෙන් මිදෙන වේගවත් හුස්ම මට හෝ මල්ලිට පිඹින ප්‍රාණ වායුවක් නම් නොවේ තවදුරටත්...
මම දෑස් පියා ගතිමි..
මගේ දැත මත තදින් වෙලී තිබූ මල්ලිගේ දැත මගේ ග්‍රහණයෙන් මිදී ලිහිල්ව යනු මට දැනින. මට දෑස් හෑර එය කෙසේවත් නැරඹිය නොහැකිය. හදවතින් මම ඔහුට සමුදුනිමි.මම ගල් වී එලෙසම සිටියෙමි...
අනේ මල්ලී... අනේ මල්ලී...අනේ මල්ලියේ.... මට කැගසා හඬන්නට වුවමනා විය... ඒත් ඊලඟ මොහොත මගේය.... මම අවසන් තත්පර කිහිපය සහ ජීවිතයෙන් සමුගන්න සූදානමින් සිටියෙමි... මට යන්නට කාලය පැමිණ තිබේ..
නිහඬතාව විනා තත්පර දෙකක් ගතවනතුරුත් කිසිවක් වූයේ නැති තැන, ඒ ඉස්පාසුවෙන් මට සිහියට ආවේ , ඛන්ධ පිරිතය.. මට එය මුමුණන්නට වීමි.... විරූපක්ඛේ හි මෙ මෙත්තං ..... මම දෑස් හැර බැලුවෙමි.... දෙවියනි මා මියගියාද? මාත් නොදැනම? මට වටහා ගනු අපහසු විය..
නිදන්නට පෙර දමන්නට අමතක වූ මදුරු දැලෙහි ගැටය ලිහී මගේ උරහිස් මත වැදෙමින් එල්ලෙනු , දහඩියෙන් පෙඟුනු සිරුරෙන් ගැහෙමින් මම විනාඩි පහක් පමණ බලා සිටියෙමි..
(සත්‍ය සිදුවීමක් - මරණ භය මම අත් විඳි අයුරු මට අදද ඉතා පැහැදිලිව සිහිපත් කළ හැකිය)
අම්මෝ මම් හිතුවේ ඇත්තටම අලියෙක් පන්නන් ඇවිත් කියල
ReplyDeleteWell done, so convincingly written.
ReplyDeleteඅම්මෝ.......... මමත් හිතුවේ ඇත්තටම් උන දෙයක් කියලා
ReplyDelete@නදී, කතන්දර & ශානු -
ReplyDeleteඇයි බොල ඇත්තටම නේන්නං වෙලා තියෙන්නේ. දිලා ඇත්තටම හීනයක් දැකලා. :-)
@දිලා... ලියපු විදිහනං සුපිරියි ඈ... චියර්ස්!!!
අක්කා මේක ලියලා තියන විදිහනම් නියමයි!
ReplyDeleteඅර දෙයියෝ දොයියන මෙට්ටෙක නිදාගත්තනම් ඔයවගේ දරුණු හීන පේන එකක් නෑ :)
ඇත්තටම බය වුනා :O
ReplyDeleteමමනම් ඇත්තටම බය උනා..නියමයි
ReplyDeleteසෝයි හීනේ...
ReplyDeleteඅපිට පේන්නේ නෑනේ මේ වගේ හීන.
දිගටම හීන දකින්න.
ජය වේවා...
“හීන කතන්දර ඉවරයි...“
ReplyDeleteලස්සනට කථාව කියලා තියෙනවා දිල්...නියමයි... ත්‍රාසරසය උපරිමයි..!
ඇත්තටම හිතා ගන්න බැරි උනා අවසානය ගැන...
ReplyDelete“මදුරු දැලෙහි ගැටය ලිහී මගේ උරහිස් මත වැදෙමින් එල්ලෙනු“ හි හි කෑ ගැහුවට කෑ ගැහුනෙ නෑ නේද?
ලස්සනයි නංගී... ඒත් මැදදි අනේ අපේ නංගාගෙ අතක් පයක් වත් බින්දද මූ ඒ දවස්වල කියලා අපිව බයගැන්නුවට දඬුවමක් දෙන්නම ඕනි...
හම්බේ මම බයේ බයේ කියෙව්වේ.. අක්කා බය හිතෙන විදියටම ලියලා තියෙනවා.. හීනයක් වුන එක කොයි තරම් හොඳද
ReplyDeleteමේ පෙරහැර කාලෙ ආරක්ෂාවට කටුස්සෙක්ව ලඟ තියා ගනින් හෑන්ඩ් බෑග් එකේ දාල. අලියෙක් ආවොත් කටුස්සව පෙන්නපන්
ReplyDeleteසැපට නිදාගත්තම ඔහොම වෙනවා........ :D
ReplyDeleteදිල්සාරාගේ කතා බොහොමයක් මට තේරුම් ගනන් බැරි වෙච්ච ඒවා. ඒක ඔයාගේ වරදක් නෙමෙයි. මගේ සිංහල දැණුම. ඒක හින්දා මොකුත් නොකියාම ගියේ. ඒත් අනේ මෙන්න මෙයා අපිටත් තේරුම් ගන්න පුලුවන් කතාවක් ලියලා.
ReplyDeleteආයේ ආයෙත් දිගටම මට තේරුම් ගන්න පුළුවන් කතා ලියන්න ශක්තිය ලැබේවා.... හික්ස්
නදී ....
ReplyDeleteඔව් අනේ.. ඇත්තටම හීනෙන් ආවනෙ අප්පා........
___________________________________________
කතන්දර
thank you very much :-)
___________________________________________
ශානු නගා...
සිරාවටම ඇත්තම ඇත්ත අප්පා... මදුරු දැල :)
____________________________________________
වන්නි මල්ලි
ඉස්තූති ඇ... :) ඒකනෙ මලේ... හැමෝම කියන්නෙ බොරු කියලනේ...
_____________________________________________
පූසා
දෙයියො දොයියන මෙට්ට... ඒව කඩ වල තියෙනවද ??? :-)
______________________________________________
ගෙහාන් මල්ලි
හී හී හී :) මාත් බොහොම බය උනා අප්පා :)
විශ්ව
ReplyDeleteමාත් බය වීමි... මරණ බයම තමයි අප්පා.. වෙන මොනවද :)
________________________________________________
රනා....
හපෝ... මෙහෙම හීන නම් එපාම එපාම එපා...
________________________________________________
චතුරංග
ඉස්තූතියි.... ත්‍රාසය නේන්නම් ..බුදු අම්මේ.. තාම ගැහෙනවා...
_________________________________________________
තනෝජා අක්කා.
අනේ ..මන් හීනෙන් හොඳම දඬුවම වින්දා අප්ප... ආයෙ එපා ... හේ හේ... :)
_________________________________________________
සුදු හන්සි නගා
බය උනා නේ :) හී හී හූ හූ.. බය ගුල්ලි... (මම හොඳේ ) :)
__________________________________________________
මකරෝ....
මන් මේ කටුස්සෙක් හොයනවා... හී හී... දැන් කාලෙ කටුස්සො හිඟයි
___________________________________________________
සෝලෝ මල්ලි
අපෝ පිස්සුද අනේ.... රැ 2 වෙනකල් නින්ද නැ....
_______________________________________________
Il mondo di una povera pazza
ස්තූති... ඔන්න අනිද්ද ඉඳල මගෙ පයින් ගමන් සටහන් ශෙඩියුල් කරල තියෙනවා. මැතදි නුවර ආවෙනැතිනම් ඔන්න සැහැල්ලුවට කියවන්ඩ පෝස්ට් 6ක් එනවා ශෙඩියුල් එකේ... ඇවිත් යන්නකෝ :-)
මාත් බය උනා යකෝ...
ReplyDeleteඅනේ ඉතිං මට භය වෙන්න ඉඩ තිබ්බේ නැහැනේ ඔබතුමී.......... :)
ReplyDeleteහූ හූ මල්ලිත් බය වෙලා ..:)
ReplyDeleteඒකනෙ රන්දිකා අක්කේ.... අපරාදෙ... :)
මම ඇගේ ලේ වතුර කරගෙන කියෙව්වේ අක්කා
ReplyDeleteපට්ට විදිහට ම ලියලා
හිහ් මේක හීනයක්නේ බොල.., ත්‍රාසය භීතිය කුතුහලය ඉලිප්පෙන්න ලියලා තියේ..!!
ReplyDeleteජය වේවා ය..!
හම්මෝ.. එක වචනයයි තියෙන්නේ.. සුපිරි :)
ReplyDeleteඅහින්සකි නගා... හී හී .. ස්තූති නගේ
ReplyDelete________________________________________
ලිශ්
ගොඩක් ස්තූතියි සහෝ.... ජය වේවා !!!!
__________________________________________
ලේන්කණි'
මල්ලි තෑන්කෝ :)
හීනයක්ලුනෙ.. හොඳ වෙලාවට...
ReplyDeleteමම නම් පොඩ්ඩක් වත් භය උනෙ නැහැ..මුල ටිකක් කියවල අන්තිම බැලුවා...මම දන්නවනෙ ඔයාගෙ හැටි..හික්ස්..!
ReplyDeleteහිතා ගන්න බැරි වුනා අලියට අන්තිමට මොනවා වෙයිද කියලා..
ReplyDeleteපහුවදා ඇදේ ෂීට් එහෙම හේදුවලු නේද? :D
මදැයි.... හැබැයි මයිල් ඉස්මයිල් වෙන්ඩම ලියලා තියෙනවා....
ReplyDeleteරෑ නිදාගන්න ඉස්සර අලි පින්තුර බැලුවද.. ? ඔයා බය වුනා මදිවට අපිවත් බය කරනවා..
ReplyDeleteඅනෙ නෙතාර නගෙ ඔයාව රවට්ටන්න නම් බෑම බෑනෙ දෑන් :)
ReplyDelete_________________________________________________
තාරක...
අලිය නෙමෙයි මන් නොමෑරී ඉතිරි උනා මෑදෑයි.. ඈඳ රෙදිත් බේරුනා.. :)
_________________________________________________
චාමි
හි හි.. ස්තූතියි
_________________________________________________
ලකී ඔන්න පල්ලෙහායින් දානවා හේතු ටික... හීනෙ පේන්න හේතු උනේ මේවා මේවාය කියලා...
______________________________________________
@all
දෑන් මන් කියන්නම් මේකෙ පසුබිම...
මට හිතෙනවා මම මේ හේතු නිසයි ඔය හීනය දුටුවේ...
1. මම ඔය පාරෙම සීනු සද්ද කරගෙන කුලප්පු වූ ගොනෙක් නිසා බස් නෑවතුමක කුටුවී අනතුරක් නොවී අනූ නවයෙන් බේරුනා මීට අවුරුදු 8කට වගෙ ඉහතදි
2. මේ දිනවල අලි නිතර පාරෙ යනවා පෙරහෑර කාලෙ නිසා..
3. සිතුවිලි වල ස්වභාවය තමයි
ලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteආපෝ මේක හීනයක් .. මම සිරාවට හිතුවේ අලියා කියලයි .. පට්ට යන්න ලියලා තියන නිසා කට ඇරං බැලුවලු
ReplyDeleteපිස්සු පූසා... ස්තූතියි :-)
ReplyDelete______________________________________________
සඳරුවෝ.... කට වහගන්න අලියෙක් යාවි :-)
හී හී ඉස්තූති ඈ :)
අද තමයි ඉස්සල්ලාම මේ පැත්තට ආවේ ඔයාගේ 'නිදහස් සිතිවිලිවල' තිබුනු කමෙන්ටුව දැකලා. ලස්සන කතාව. හැබැයි ඇයි දන්නේ නෑ මුල ඉඳලාම මට හිතුනේ කතා කරන්නේ හීනයක් ගැනමයි කියලා....:)
ReplyDeleteබය උනේ නෑ. අපරාදේ...:D
ඒක නේන්නම් පොඩි කුමාරිහාමි :)
ReplyDeleteමේක නම් මරුවට ලියලා තියෙනවා. මායි අක්කවයි පස්සෙන් කුලප්පු වෙච්ච හරකෙක් පන්නලා තියෙනවා. ඒක නම් හීනෙන් නෙමෙයි ඇත්තටම. අපි ගෙදරකට දුවලා ගිහින් බේරුණේ.
ReplyDeleteචික්..මං බලං හිටියා ඊ ළගට අලියට වෙච්ච විපත මොකක්ද කියලා දැන ගන්න..:D
ReplyDeleteහෆොයි මාත් බයවුනා අන්තිම ටික කියවනකල්..
ReplyDeleteහීනයක්වුනුඑක හොදට ගියා :D
සුපිරි :)
පිණි : හපෝයි හරකුන්ට මන් කොච්චර බයද කියලා හෙට ලිපියෙන් බලන්නකෝ... :-)
ReplyDeleteමාරයියා... අලිය සුවෙන් :-) හිකිස්
හිම කුමාරි : ස්තූති :)
ඇත්තටම බය හිතුන අක්කා......නියමයි....
ReplyDeleteමාරයි ලස්සනට ලියලා තියනවා
ReplyDeleteකෝඩු සහ සෙනු...
ReplyDeleteඔන්න ටෑන්කූ ඈ :)
මට හිතුනා අක්කා කියාගෙන එද්දිම. ඇත්තටම ඇත්ත ලෝකෙදී අපි ඔය වගේ දේකට මුහුණ දුන්නොත් සමහර වෙලාවට අපිට සමහර සිද්ධි අමතක වෙනවා අක්කේ. ඒ කියන්නේ සිද්ධි මාලාවේ සමහර දේවල් වෙච්චිහැටි අපිට මතක නැතුව යනවා. එහෙම වෙන්න අර කම්පනේට. මමත් ඔය වගේ දේකට ඈත්තටම මුහුණ දීලා තියෙනවා. ඒත් මට අදටත් මතක නෑ මං බේරිලා දුවපු හැටි.
ReplyDeleteඇත්තටම හිතා ගන්න බැරි උනා අවසානය ගැන...
ReplyDelete