මම දෑස් හෑර බෑලුයෙමි... හෙමි හෙමින් සිරුර ජල තලයක පෑද්දෙන අයුරු මට දැනෙන්නට විය... එක් මොහොතකට මට මා උන් ඉසව්ව හඳුනා ගන්නට අපහසු විය... මේ කොහෙද ???
දෑස් මත වදින හිරු එලියෙන් මොහොතක් අන්ද මන්දව උඩ බිම බලමින් මම ගෑටියට රූටා උන් නෙලුම් කොළය මෑදට වන්නට හරි බරි ගැහුනෙමි...
එක් පයක් හෝ ගඟ දිය මත හෙලනු නොදුන් මුත්, සීතලෙන් ගල් වූ සිරුර හිරු රැසෙහි උණුසුමෙන් යලිත් ප්‍රාණවත් කර ගන්නෙමි...
පසු පස හැරී බලන මට තවත් නේක විධ ජලජ පත්‍ර ගණනාවක්ද , ඒ මත පෙනෙන නොපෙනෙන ගෙඹි පා සටහන්ද පෙනෙන්නා සේ විය... මම දිගු හුස්මක් ගෙන අතීත පත්‍ර දෙසට විරුදු දෙස බලා ගතිමි...
ඇතැම් කල ඉතා උස් දඬුයෙන් සුසැදි පත් මත, ජල තරඟ හා තරඟ වැදුනු එ' පත් නැගූ කලබලයෙන් මා දියට හොවන ලදිමි... මර භයින් සසැලුනු මම තවත් පතක් ලුහුබඳින්නට වීමි... තව පතක්.. තවත් එකක්... යලිත් දියට... සීතල මා ගිලන් කරන්නට විය... සීතල මත්තෙහි ද , ජලයෙහි ගුප්ත බව මත්තෙහිද මෙසේ ගිලන් වූ සිත දැක , ජල තල දෙස හෑරී උන් තවත් පතක් මගේ පිහිටට ආ වගක් එදා මම හඟින්නට වීමි..
එක් පතකින් තව පතකට මිස, තරඟ නගනා විල් දිය දෙස මා බලන්නට පවා අකැමති වීමි.. විටෙක සුලඟින් වෙලෙවිව දිය හා දබර කරන නෙලුම් පතෙක , විටෙක හිරු රෑසින් මිදෙන්නට නිල් මල් පෙති පියස්සකින් මා සුරැකි නිල් මහනෙල් පතෙක , එසේ මා දිය සිහිල් නිසා වෙන්ම උණුසුම් හිරු තාපය මා දවන තුරුම රෑඳෙන්නට වීමි. සිය සමබරතාව රැකගනු නොහී දිය මත තවත් මා රඳා නොහෙන පත් මා දියටම යලිත් ඈල කොට මා බිය ගැන්වූයේ වතාවක් දෙකක් නොවේ...
එක් දිනෙක මා හෙම්බත් වීමි... ජීවිතාශාව සිඳී යද්දී මම ඇල වූ මහනෙල් පත මත දෙපා තද කොට ගනිමින්ම නොකල්පනාවෙන් දිය දෙස බලා හිඳින්නට වීමි...
හිරු තාපය... සීතල දිය... නෙලුම් පත්... විල... ඈඟිල්ලකුදු දියට හෙලා යලිදු ගිලෙන්නට යන්නෙමෑයි බිය ගන්නට මම බිය වීමි...
එක් උදෑසනක මේ දිය කඳ යටින් දිවෙන රන්වන් රේඛාවක් මගේ අවධානය පැහැරගන්නට විය... තවත් ලංවී බලන කල මා දුටුයේ නිසසලේ නිදහසේ දිය තලයේහිත් ගැඹුරෙහිත් කිමිදෙමින් හිරු රැස සහ සීතල නහමින් සැනහෙන රන් මත්ස්‍යයෙකි... මා ආශාවෙන් එදෙස බලා සිටියෙමි.. මගෙ බැල්ම අහම්බෙන් මෙන් දුටු රන්වන් මාලුවා සෙමෙන් දිය මතුපිටට ආයේ මගේ දෑස් වෙතම දෑස් රඳවමිනි...
එන්න... ඇවිත් මේ සීතල මොනතරම් අපූරුද බලන්න...
බැහැ... මම ආස නෑ තනියෙන් සීතලේ ගල් වෙන්න...
තනියෙන් ???
විසාල දෑස් මා වෙතම යොමා ඔහු මට ප්‍රශ්නාර්ථයක් යොමු කරයි...ඊලඟ මොහොතේ ඔහු සැහැල්ලු සිනාවකින් මගෙන් මෙසේ විමසයි...
ඉතින් ඔතන උණුහුම්ද ? මෙ දිය මතුපිටත් උණුහුම්නේ.. ඔතැන උණුහුම් නම් ඇයි ඔයා දුකෙන් කල්පනාවෙන් ??
"සඳලතා නගේ ගඟ ගැඹුරුයි..."
ReplyDeleteඑදා..., විල් දියට බිය වී නෙළුම් පත මතම වී නම්,
ReplyDeleteඅද..., කෙසේ විඳින්නද
විල් පතුලෙ රැඳුණු සිහිලස?
හිත් පතුලෙ පිරුණු නිදහස?
හැබෑම අපූරු නිර්මාණයක් ජීවිතේ සුන්දරත්වය විනිවිද දකින...
අමුතුම කතාවක්.. නැ සමහරවිට මට පෙන හැටි වෙන්න ඇති..අක්කා කොහොමත් ලියන්න දක්ශි නේ..අදත් උනේ එකමයි..හරිම අපුරුයි....පිනන්න ඉතින් ගඟට පනින්නම වෙනවා..ගොඩ පිනලා පිනන්න ඉගෙන ගන්න බැනේ..
ReplyDeleteතිස්ස අයියේ, ගඟ ගොඩාක් ගෑඹුරුයි..:-) පීනන්න ඕනෙ මුල ඉඳන්.. මුලදි මතුපිට. පස්සෙ ගෑඹුර :)
ReplyDeleteස්තූතියි රවිනුමල්...
නිම්ශා නගෝ... අමුතු වගෙ නේ.. :) ස්තූති නගේ
පනින්නෙ හෙම නෑ ආයෙමත් නෙලුම් කොල උඩට තේරුනාද????
ReplyDeleteආ මග කෙටියි. යායුතු මග දුරයි! නිරතුරු නුවණැසින් තරණය කල යුතුයි!!
ReplyDeleteවෙනනම් මොකුත් කියන්න දන්නෙ නෑ අක්කා මං.
ගැඹුරු දියටත් කිමිදිලා බලමු
ReplyDeleteලස්සන අදහස සහෝදරී .. මාර ලස්සන නිර්මාණයක් . කමෙන්ට් එකට වචන නැතිකමට කීවා නෙවේ පෝස්ට් එකම කියවලා තමයි මේ කමෙන්ට් එක දාන්නේ ..
ReplyDeleteනෙතාරා .... හෙ හේ... :-) අපූරු කොමෙන්‍ටුවක් නෙව :)
ReplyDeleteගෙහාන් මල්ලියේ , ආ මග කෙටියි... ඔව්.... :) ගෙම්බාට මේ කියන දේවල් ඇහෙනවා.. ඔහු අහන් ඉන්නෙ... :)
අනිවාර්යෙන් සුදු හන්සි නගේ... :) එහෙම නේද ගෙම්බාට හොඳ ?
සඳරුවෝ...උඹ එහෙම කියන්නෙ මේක දිරෙව්ව නිසා... හෙවත් මේ අරුත තෙරුන නිසා.. ස්තූති :) .
මේ ලියමන එන්කෝඩ් වෙලා නෑ කියා අඟවා, ඒක කීපදෙනෙකුටවත් ඩිකෝඩ් වුන බවත් අඟවා කොමෙන්ටුවක් කුරුටු ගා ලියූ ඔබ හෑමට ස්තූතියි... ගෙම්බාද ස්තූතියි කියන්නට කීවේය !!! :)
නෙතාරා හරි ඉක්මනට කතව තේරුම් අරන්නේ හැබෑටම...
ReplyDeleteදස්සි :)
ReplyDeleteගෙම්බන්ට උම්බා දුන්නම කුමාරයො වෙනවලු
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහැමදාම නෙළුම් කොලේටම වෙලා ඉන්නද කල්පනාව. හැම විලක්ම හැම දියක්ම එකම වගේ නෑ. සීතල නම් තමයි ඒත් සීතලට හුරු වුනාම ඒකත් හරි අපුරුයි කියල හිතේවි. අනේ මන්දා මොනව ලියනවද කියලා. හරි ලස්සනයි. මේ කතාව.
ReplyDelete