"
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ..
ආදරේ කියා අලුත් දෙයක් නෑ.
වින්ද වේදනා හදේ තවත් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ..
ආදරේ කියා අලුත් දෙයක් නෑ.
වින්ද වේදනා හදේ තවත් නෑ
"
එහෙම කියද්දි , ඔය කියන තරම්ම දුකක් නෑමදැයි අනේ මට හිතෙන්න ගත්තා... වේදනාවක් නම් ඒක, මතක් නොකර ඉන්න තාක් අපිට පුලුවන් හිත තද කරගෙන ඉන්න. ඇත්තෙන්ම අපිට ප්‍රායෝගිකව කරන්න වෙන්නෙත් ඒකම තමයි. එහෙම නොවී, ඒ කල්පනාවෙම ගිලුනොත් හෙම සිද්ද වෙන්නෙ අපි මානසික පිස්සො වෙන එක. කල්පනා කරලම අපිට පුලුවනි ඕනෙ නම් තොන්ඩුවකට බෙල්ල දා ගන්නත්. ඒත් ජීවිතේ එතෙන්ට යන එකට වඩා හපන් කම එතෙන්ට නොයා ජීවත් වෙන එක. එහෙම බැලුවම මේ ගීය අපිට කියන සිතුවිල්ල හිතේ පැල කරගන්න එක නුවණට හොඳයි. ඉතින් ඔන්න මගෙන් අහන්න එපා මේකෙන් කරන්න හදන්නෙ හිත රවට්ටනවා වගෙ එකක් නොවෙයිද කියලා. කැමති අයට කැමති තේරුමක් ගන්න හැකි...
මම පුද්ගලිකව ගන්න කැමතියි මේ තේරුම; හිතේ ගැඹුරුම පතුලේ තියන වේදනාවන් එක්ක දුක් විඳිමින්, කඳුලු වගුරුවමින් ජීවත් වෙවී , හැම දේම කඩා වට්ටගෙන ජීවිතේ අත්හරින්න පුලුවනි. ඒත් ඒක හපන් කමක් නෙමෙයි . අවංක සත්‍ය ප්‍රේමයකින් අපි පැරදුනා නම් , ඉතින් අපි අවංකව ජීවත් වුනා නේ.වෙන්න තිබුන දෙයක් වෙන්න ඇති කියල හිත හදාගෙන කැ ගහල මේ ගීය කියල හිත හැල්ලු කරගෙන , ජීවිතේ ඉතුරු දේවල් වලට හිත යොදවන්න පුලුවන් නම් ඒක ලොකු හපන් කමක්. කොච්චර ගැඹුරු උනත් ආදරේ අහිමි වුනා කියලා අපි ගැඹුරු ලිඳකට පනින්න ඕනෙ නෑ නේද ගැඹුර ඔප්පු කරන්න ?
"
පියඹා , යනවා මා ආකාසයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ , කොවුලෝ ,
මිදුනා මා ආදරෙන් ...
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ , කොවුලෝ ,
මිදුනා මා ආදරෙන් ...
"
මෙන්න ඊලඟට ඇහුන ගීය... ආදරෙන් මිදෙන්න නම් එච්චර පහසු නැහැ. අනේ මන්දා ගිරවු , කොවුල්ලු , ගහ කොල , සතා සීපාවුන් මතකයෙට එන්නෙම ආදරේ අවසාන උනාමද මන්දා.. නෑ අපි එච්චර නිර්දය විදියට නොබලා ඉමු. ඒත් ගහකොල සතා සීපාවුන්ගෙන් ගම්‍ය වෙන අවට පරිසරය අමතකම වී යන තුරුම ආලය කෙරෙහි තදින් ඇලී ගැලෙන එක කොයිතරම් හොඳද මන්දා... එහෙම ගැලෙන්නත් හේතු තියනවා.. සමහර විට ජීවත් වීම උදෙසා ආදරය මිස අන් කාරණාවක් නොවෙන තරම්ම බාහිර ලෝකයෙන් පීඩාවට පත් වෙලානම් ඔබ ඉන්නේ, ආදරය ඔබට මහාමෙරක් වෙන්නට පුලුවන්.. (ඒත් අමතක කරන්න නරකයි, මහමෙර උනත් කවුද දන්නෙ කඩා වෑටෙන්නෙ නෑ කියලා. පොඩි පස්කන්දක් වගෙ නෙමෙයි මහමෙර කඩා වැටෙනකොටනම්.. නේද?)
එක්කෝ අනවධානය නිසා, ආදරය ඔබෙ ජීවිතේට ඒ තරම්ම වැදගත් නිසා, ඔබට අවට දේ ගේදොර , නෑසියන්, ගහකොල, සතාසීපාවුන් පමණක් නොවෙයි ඉගෙනුම , කැම බීම පවා අමතක වෙන්නට පුලුවනි. මේක හොදද නැද්ද කියා මම විවේචනය නොකර ඉන්නම්. ඒත් එය දීර්ඝ කාලීනව ප්‍රායෝගිකද නැද්ද කියලා නම් හිතන්න පුලුවනි නේද?
ආලය යම් හෙයකින් බිඳුනොත් , ප්‍රතිපලය භයානකයි.. ඔබ නොසලකා හල බොහෝ දේත් අහිමි වී තිබෙන්නට පුලුවන් මේ වන විට... එහෙම වුනොත් දැනෙන තනිකම සුලුපටු නෑ. බිඳී යන්නට සූදානමින් සිටින ආදරවන්තයා හෝ වන්තිය , ඔබේ තනිකම එතරම් තකන එකක් නෑ. එතකොට ??? ඔබ තනිවේවි.
හිතන්න ඔබේ ආලය එහෙමම පැවතියා.. ඒත් ජීවත් වෙද්දී, අත්හල බොහෝ දේ ඔබව අසරණ කරාවි. කවුද දන්නේ සමහර විට අත් හල දේ වෙනුවෙන් යම් දාක ඔබෙ ආදරවන්තයාම/ වන්තියම ඔබව අසරණ කරාවිද කියා .. එතකොට...
ඒ නිසා ගිරවුන්ට ,කොවුලන්ට හැමදාම ආදරේ කරමුද?
"
කුරුලු ගීත මට ඇසුනා
ඇලේ දොලේ මල් පිපුනා
ලඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුනා...
ඇලේ දොලේ මල් පිපුනා
ලඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුනා...
"
මේ කුරුලු ගී හැමදාම ඇසේවා... ගහේ කොලේ මල් හැමදාම පෙනේවා... ලඳකට/මිනිසෙකුට ආදරේ කියන වචනයට වඩා ප්‍රායෝගික වූ සෑනසීමක් කොහේ හෝ ඇති.. ' වර්ගයා බෝ කිරීමේ සොබා දහම් නීතියට අනුගත වන්නට තරම් කොම්පැටිබල් වූ විරුද්ධ ලිංගිකයෙකු සමග එකතු වී , පෘථිවිය මත ස්ථාවරත්වය ගොඩනගන අතර තුර , සුන්දර සතුටුදායක යුග ජීවිතයක් මට හිමි වේවා' ... අපි එහෙම පතමු නේද?
"
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොලට පාට දෙන්න
වීසි කලෙමි , හදේ තිබුන
ආදරයයි , කරුණාවයි
කාටවත් නොදී...
ගහට කොලට පාට දෙන්න
වීසි කලෙමි , හදේ තිබුන
ආදරයයි , කරුණාවයි
කාටවත් නොදී...
"
ආදරය කරන තාක් නිවනක් නැති සඳ තරු මල් අහස ගැනත් , විරහව දැනෙන තාක් අමතක වන ගහකොල සතා සීපාවන් කුරුල්ලන් ගැනත් , මාද සිතමින්ම, සොබා දහම ආදරයත් විරහවත් සමග මේ තරම් ලඟ කිම දැයි සිතන්නට ඔබට විසාල අක්කර ගානක් සිතීමේ ඉඩ ඉතුරු කරමින් අදට මම නවතින්නම්....
මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ සින්දුව අහනකොට මට හැමදාමත් හිතුනෙ මේ අපි හිත රවට්ට ගන්න කියන සින්දුවක් නේද කියලා. තාවකාලික පැලැස්තරයක් වගේ. ඒත් අනුන්ට පේන්න හොටු පෙර පෙර අඬනවට වඩා දුකක් තිබ්බත් ඒක තමන්ගෙ හිත ඇතුලෙ තියාගෙන අපිව රිද්දන්න ඉන්න මිනිස්සු ඉස්සරහ හිනාවෙන්න පුලුවන්නම් ඒකත් කොච්චර දෙයක්ද.
ReplyDeleteඅර දෙවෙනි සිංදුව කාලයක් මගේ ජාතික ගීය වගේ වෙලා තිබුනා. ඒකෙන් තමා මම් හිත හදා ගත්තේ. මොකද ගෙවල් වලිනුත් කැමැත්ත දීලා තිබුන ආදර සම්බන්ධයක් නැති උනාම මාරම අප්සට් නේ.
ReplyDeleteඔය ගීත හැම එකකම වගේ තියෙන්නේ ඇත්තම ඇත්ත. තමන් ආදරේ කරන කෙනා කිසිම හේතුවක් නැතුවම එකපාරටම අපිව දාලා ගියොත්නම් අපේ හිත හොඳටම රිදෙයි තමයි.
ReplyDeleteඒත් අපි ආදරේ කරන කෙනා අපිට බොරු කරනවා කියලා දැන දැනම, ඒත් එයා හැදෙයි කියලා බලාපොරොත්තුවෙන් සෑහෙන කාලයක් ඉඳලත් බැරිම තැන එයාව දාලා ගියොත් ඔය සිංදු වල තියන ඒවා ඒ විදිහටම හිතෙනවා. මොකද බොරු ආදරයක් හිදා සෑහෙන කාලයක් විඳවලා විඳවලා ඒකෙන් නිදහස් වුනාම ඒක හිතට පුදුම සැහැල්ලුවක්! (අත්දැකීමෙන් කියන්නේ ;) )
මගේ ආදරය බිඳ වැටුන විට මා නම් ගීත ඇසීම නවත්වලම දැම්මා. ආදරය සම්බන්ද චිත්‍රපට,ටෙලි නාට්‍ය බැලීම,ආදරය ගැන ලියවුන නවකතා කියවීම අත්හැරියා.ඒවගේම හිත් වේදනාව වෙනුවෙන් යැයි සිතා මත්පැන් පානය කිරීම කලෙත් නැහැ.අදටත් මම බොන්නේ හිතේ සැහැල්ලුවක් ඇති විට පමණයි.මම ධම්ම පදය කියවන්න පටන් ගත්තා.ඔය අතරේ මට කියවන්න ලැබුන අපුරු නවකතාවක් නිසා මගේ වියෝ දුක බොහොම අඩු වුණා.නවකතාවේ නම අරණකට පෙම් බැඳ.ඉන් පස්සේ මම ගස් වැල් වලට ආදරය කරන්න පටන් ගත්තා.මට ඕනේ වුනේ දුකේ ඇලී ගැලී ඉන්න නෙවේ එයින් මිදෙන්නයි. කාලයත් එක්ක මගේ හිතේ තිබුණු වියෝ දුක තුනී වුණා.මේ හැමදේම සිදු වෙලා වසර 10 ඉක්ම වෙලා.දැන් මට ආදරය යනු නිකම්ම නිකම් මතක සටහනක් පමණයි.දුකක් හෝ සතුටක් ඇති නොවේ.
ReplyDeleteසොබා දහමට ලං උනාම හිතේ දුක කොහේ යනවද කියල හිතාගන්න බෑ..
ReplyDeleteපෝස්ට් එකත් කලින් කමෙන්ට් ටිකත් මට කියන්න තියෙන හැම දෙයක්ම කියල ඉවර කරලා.
(ගීතික)
''දැන් මට ආදරය යනු නිකම්ම නිකම් මතක සටහනක් පමණයි.දුකක් හෝ සතුටක් ඇති නොවේ.'' (Anonymous)
ReplyDeletesahathika aththa....matath ehemai...aththatama ehemai...!!
මට අතීතය මතක් වුනා මිස්. ඇත්ත. ආදරය කියන දේ අමතක කරන්න අමාරුයි තමයි. ඒ නිසාම දෙගිඩියාවෙන් හිටි මට දැන් අනෙක් අය ආදරය බලෙන් පටවන්න ලෑස්තියි (කියවන්න ඇතිනෙ මගේ බ්ලොග් පෝස්ටුව ඒත් ඉතින් අනික් අයට ඕන නිසා බලෙන් ආදරය පටවාගෙන මම මොකටදෑ පසුතැවෙන්නෙ. ඒ නිසා හිත ගිය කෙනා මුනගැහෙනකම් "සුපුරුදු තනිය හොඳා"
ReplyDeleteහරි අපූරු සංවාදයක් නොවෑ සීමිත කොමෙන්ටු කීපයකින් උනත් මේ සිදු වෙලා තියෙන්නේ.. ඈත්තෙන්ම වටින අදහස් ටිකක්... අදහස් මෙතන නොමසුරුව ලියා ගිය ඔබට ස්තූතියි :)
ReplyDeleteආදරේ වේදනාව හිතට දැනුනම මම කරන්නේ hard rock, metal music අහන එක. ඒ කඨෝර සින්දු හෙන හයියෙන් අහන කොට හිතේ දුක මර්දනය කරන්න පුලුවන්. ආදරෙන් දුක් විඳින හිතට ඊට වඩා දුකක් දුන්නම අර දුක අමතක වෙනවා. ඔයා උඩ කියලා තියෙන සින්දු 3ත් මම ගොඩක් අහනවා. ඔයාටත් ඇහිලා ඇති.
ReplyDeleteබේබද්දානෙනි
ReplyDeleteඔව් ඔව්... ඈහිල තියනවා.... හිකිස්.. කව්ද දන්නෙත් නෑ....
මමත් කාලයක් මේ හැඟිම් මේ විදියටම විඳලා තියෙනවා අක්කා. විශේෂයෙන් අර දෙවනි සින්දුවට අදටත් මම ගොඩක් ආසයි. හැබැයි තව දෙයක්. ඇත්තටම ගැලපේන්නේ නැති ආදරයකට වඩා විරහව දහස් ගුණයක් සැපයි!!
ReplyDeleteප්‍රේමය, විරහව, සැප, දුක... වාස්තවිකයන් නොව හුදු සවිඥාණකත්වයන් පමනි.
ReplyDeleteදුකෙන් දුක අතික්‍රමණය කල නොහැක, දුක අතික්‍රමණය කල හැක්කේ ප්‍රඥාවෙන්මයි.
ආදරේ... අනේ මන්දා මං මේක දැක්කේ බුක් මාක් එකක
ReplyDeleteඔබ කෙනෙකුට ආදරේ කරන්නේ නම් එතැන කිසිවක් නැත
ඔබට යමෙක් ආදරේ කරනවා නම් එතැන යම් දෙයක් ඇත
ඔබට ආදරේ කරන්නාට ඔබත් ආදරේ කරනවා නම් එතැන සැමදේම ඇත
ඇත්තටම ගැලපේන්නේ නැති ආදරයකට වඩා විරහව දහස් ගුණයක් සැපයි!! ගෙහාන් මල්ලි.. මේක නම් ඈත්තම ඈත්ත.,...
ReplyDeleteටී බී හේර්ත්.. ඔබ කිව්වේ ඉතාම වටිනා දෙයල් ගොඩක් ස්තූතියි..
:) හෙ හෙ .. පිටස්තරයා... :-) ඈත්තෙන්ම ඔව්.. අපි ආදරේ කරන්න ඕනෙ අපි වෙනුවෙන් ආදරේ දෙන්න කෑමෑත්තෙන් ඉන්න කෙනෙක්ට :)
ආදරය හැමදාමත් ලියන, හැමදාමත් විඳින කවදාවත් එපා නොවෙන ......................................................................
ReplyDelete