Wednesday, August 17, 2011

[195] ආදරනීය ආදරය හෙවත් මායා බන්ධන !!!!!!

කොණඩ කිරිල්ලියේ... කවුද නුඹේ ප්‍රේමවන්තයා..?
කොණ්ඩෙ කපනවාද ? කොණ්ඩෙ බඳිනවාද ? කියාපන් එයා ??


සී ටි බි බස් එකේ හරියට ඉඳගන්නවත් ඉඩක් පාසුවක් නෑ. ඒත් මද්දහනේම කොහෙන් උනත් හොඳ ඇෆ් ඇම් එකකින් ගීත‍යක් ඇහෙන්නට වුනා...




මට අනෙක් පස ඉඳගෙන ඉන්න තරමක් සංකර පහේ දඟකාර කෙලි පොඩ්ඩක් ජංගම දුරකථනයක නොම්මරයක් ගලපනවා මට ඇස් කොණෙන් පෙනුනා.. අනුන්ගේ දේට කණ් දෙන්නට ආසාවක් නැතත් ඇගේ රුවට නොගැලපෙන අසරණ කටහඬින් 'හෙලෝ' කියද්දී (ෆෝන් එකට) මම එක මොහොතක් මේ නැගණිය දෙස බලා යලිත් ඉවත බලාගත්තා...


ෆෝන් එකෙ හඬ අඩු කරන්න ඕනේ එක්කෝ. එක්කෝ අර දැන් කාලෙ කොලු කෙල්ලො වගෙ කටටයි කණටයි තියරියෙන් රහස් කොඳුරන්න ඕනේ. ඒ දෙකම නැතුව හිතේ තියන නිදහස් අදහස් එලිපිට කිය කියා වතේ හැඟීම් අවට තවරන්න තැනක් නොවෙය් ගමට යන බස් එක... ඒත් ඉතින් තමුන්ගෙ නිදහසනේ... 


මගේ කණ ඉතින් නිදහසින් ප්‍රයෝජන ගනිමින් සම්පූර්ණ සංවාදෙටම සවන් දෙන්නට වුනේ ඇගේ අසරණ ස්වරය නිසාමයි...

 ශම්මි : නිසල් (බොරු නමකි).. ඇත්ත කියන්න... ඔයා මට ආදරේද ?
නිසල් : ඔව් මම ආදරෙයි.. මෙතන ආදරේ පිලිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ... මම ඔයාට ආදරෙයි. මම දන්නවා ඔයාත් මට ගොඩාක් ආදරෙයි. මට වෙන කාගෙන්වත් එහෙම ආදරයක් ලැබෙන්නෙ නෑ
ශම්මි : එහෙනම් ඔයා මගෙන් ඈතට යන්න හදන්නෙ ඇයි නිසල්?
නිසල් : මම දන්නෙ නෑ ... මම හොඳටම අවුල් වෙලා... ඔයාට තේරෙන්නෙ නෑ. කිව්වට වැඩකුත් නෑ
ශම්මි : ඇයි නිසල් එහෙම කියන්නේ....
නිසල් : ( නොරුස්නා ස්වරයෙන් ) ඔය මම කිව්වෙ... ඔයාට තේරෙන්නෙ නෑ
ශම්මි: මට කොහෙ හරි වැරදුනාද ?
නිසල් : මම දන්නෙ නෑ ශම්මි... මම දන්නෙ නෑ....  මට මේ මොකවත් තේරෙන්නෙ නෑ...
ශම්මි : අනේ මම ලස්සන මදිද ? මම පෝසත් නැති නිසාද ?
නිසල් : ඔයා එහෙම හිතනව නම් ඔයාට හොඳටම වැරදිලා... ඒකනෙ ..ඔයාට මාව තේරෙන්නෙ නෑ.. ඔයා දැන ගන්න ඔයාට මාව ඔයා කෙරෙහි ඇද බැඳ තියා ගන්න පුලුවන් එකම හුය 'ආදරේ ' විතරමයි....
ශම්මි : අනේ... මොකක්ද මේ අපිට වුනේ....
නිසල් : මම දන්නෙ නෑ...
 


මම අසා සිටියෙමි... නිසල් හා ශම්මි  අද කොතැනදැයි මා දන්නේ නැත... එහෙත් ගැහැණියක වශයෙන් හෝ , ගණිතය උගත් මිනිසෙකු වශයෙන් හෝ , ජීවිතයේ සංසිද්ධීන් විමසා සමගාමී සමීකරණ කිහිපයකට 'ජීවිතය' ලඝු කල නොහේ... 




ආදරේ... එයට බොහෝ අරුත් ඇතිවා විය හැකිය... එහෙත් එක් සාධාරණ සරල ගණිතමය අවුලක් නිසා වෙන් මේ සිද්ධිය මට ආයෙමත් සිතන්නැයි, පෝස්ටුවක් ලියන්නැයි බල කර සිටියේය

එයා දන්නවලු මම එයාට ගොඩාක් ආදරෙයි කියා.... එයාව ඈද බෑඳ තියා ගන්න පුලුවන් එක ම දේත් ආදරේලු.... ඒත් එයා යනවලු... .... 


එදා බස් එකෙන් බහිද්දිත් අදත් මේ සමීකරණය ගලපගන්නට මෙතෙක් මහන්සි වූ මා මනස මටම සිනහ නගනවා... අර විල් තලයේ හිටිය රන්වන් මාලුවා ගෙම්බාට මෙහෙම කියනවා...

වචන පුතා..ඕවා වචන ! ඇස් ඇරලා බලපන් .... ජීවිතේ දිහා .. බුදු හාමුදුරුවො කිව්ව දොරටු තුනම දිහා.... සිත දිහා , කය දිහා , වචන දිහා... ජීවිතේ සංකීර්ණ නෑ.. සරලව හිතපන්.කියපන්. කරපන්...
හිත පේන්නෙ නෑ. හිතේ එවුවම වචන වෙනවද කියන එක බලන්න නම් අමාරුයි.. ඒත් වචනෙම ක්‍රියාවත් වෙනවද බලපන්.. 

ජීවත් වෙන එක අමාරු දෙයක් වෙන්නෙ බාහිරෙන් එන ප්‍රශ්න නිසා නෙමෙයි,    ජීවිතේ ඇතුලතින් හදා ගන්න ප්‍රශ්න නිසයි ජීවිතේ කරදරයක් වෙන්නේ.

දිවුල්ගනේ එහෙන් දිනුම් පදයක් ගයනවා... දිනුම් පදේ එක පදයක එක අකුරක් මා හිතුමතේ වෙනස් කලා... 


ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතුකම් නෑ දෑවැදි ඉල්ලුවොතින් එයා....  

තිස්ස දොඩන්ගොඩ අයියා ලියූ අපූරු සමීකරණය මට හිතුනා පෝස්ට් එක ඇතුලටම දාන්න...
දුකට හේතුව...

∑(ආදරේ) ≠ ∫(දිනපතා ආදරේ) 


ඇත්ත අයියන්ඩී.... හරිම ඇත්ත....ඒ නිසාම මෙන්න මේ දේත් ඇත්ත වෙන්නැඇති නේද ?



27 comments:

  1. බොහොම උනන් දුවෙන් ප්‍රේම කතා පටන් ගත්ත්ට කාලයක් යනකොට එපා වෙනව...දෙන්නෙගෙන් කාටද ඉස්සෙල්ල පා වෙන්නෙ කියල හිතාගන්නන බෑ...

    ReplyDelete
  2. ආදරෙත් කාලයක් යද්දි දියාරු වෙනවද මන්දා.

    ReplyDelete
  3. ආයුබෝවන් සහෝ!ඔන්න මාත් සංසාරේ යන ගමන ගැන හිතෙන එව්වා ලියන්න එකතු වුණා.

    ඇත්තම තමයි.බලාගෙන යනකොට මේ ලෝකේ උතුම්ම දේ වෙන්නෙත් ඕක . තව කාලෙකදී එපාම වෙච්ච දේ වෙන්නෙත් ඕක.මං කිව්වේ මේ ආදරේ ගැන......

    ReplyDelete
  4. අපොයි... ගණිතමය අවුල් නිසා අතිවන පවුල් ප්‍රස්න........

    ReplyDelete
  5. ආදරෙත් අර හැමදේම වගේ...

    ඇතිවෙනව,පවතිනව,නැතිවෙලා යනව.

    ReplyDelete
  6. අපොයි බය හිතෙනවා...:)

    ReplyDelete
  7. කසාදය දික් උනාම දික්කසාද වෙනවා කියන්නේ ඒකද මංදා....

    ReplyDelete
  8. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලුනේ

    ReplyDelete
  9. ඕනේම දෙයක් ඕනාවට වඩා ඕනේම නැත................ සරළව හිතන තරමට, ප්‍රශ්නයක කොම්බු වල තේරුම් නොසයා සරළ පිළිතුරු තුලින් සතුට හොයා ගන්න පුළුවන් වුණු තරමට ජීවිතේ ලස්සන වෙනවා. නිසල් මාවතේ ජිල් කියන්නාසේ ඇතුලාන්තයෙන් ආ ප්‍රශ්න පටලවාගෙන සමහරවිට එයාට මේ ජීවිතේදී ලැබෙන්න තිබුණු වටිනාම ත්‍යාගය නැති කරගත්තා වෙන්නත් පුළුවන්.................

    ReplyDelete
  10. ඉන්දි
    මට හිතෙන්නෙ එහෙම වෙන්නෙම ලද දෙයට කැපවිමෙන් ස්තූති වන්ත වෙන්න බැරි නිසාවෙන්දෝ හිතෙනවා.. එපා කරගන්න හරී ලේසියි. ඒත් අත් හැරුනාම තෙරෙවි අත් හැරියෙ මොන වගෙ දෙයක්ද කියලා.. අවුරුදු 4 කට කලින් එහෙම වෙච්චි දෙයක් නිසා අද මම හරියට දුක් වෙනවා... එවෙලෙට හිතුනෙ රටේ නැති නිදහසට කාරනා එපා කරගන්න... ඒත් අද!!! සන්සාරෙටම දුක් විය හැකි... හේ හේ...

    පිණිබිඳු
    ආදරේ දියාරු වෙන්න බොහෝ හේතු තිබෙනවා. අනෙ පාර්ශවය තමා තරම් ආදරට නැභුරු නොවීම, වෙනත් පාර්ශවයක් කෙරේ හිත බැඳීම, අනෙ ඉතින් සමහරු නම් ඉන්නවා උපතේ සිටම මල්ටි ටාස්කින් පුරුදු වෙලා සින්ගල් ටාස්කින් වල මෙලෝ රහක් නොදැනෙන අය !!!

    රන්දිකා අක්කා..
    මට හිතෙන්නෙ රන්දිකා අක්ක ජීවිතේ නිස්කලන්ක අඩවියකට ඇවිත් නිසාවෙන්ම නිස්කලන්ක බවෙත් , අස්තිර බවෙත් රහස පරිනත විදියට වටහගෙන.. ඒ නිසාම ඔයාගෙ කොමෙන්‍ටුව මට ඉක්මන් ප්‍රතිචාරයක් ලියන්න බල කලා... ඇත්ත අක්කේ. ජීවිතේ ඉස්පිලි පාපිලි කොම්බු අස්සේ ඔට්‍ටු වෙද්දි ජීවිතේ අවුල් වෙවී වෙවී ගලනවා...

    තනිකඩ ජීවිතේ
    හෙ හෙ.. ගණිතයටත් කළ හැකි දේ බොහෝය....

    නදී
    ඔයා හරි... ඒත් ඒ තියරිය නිසා වෙන්ම ආදරෙ කඩා ගන්න එක හොඳ දෙයක් නෙමෙයිද මන්දා....

    පොඩ්ඩියේ...
    ඒකනේ... මිනිස්සු හරි අමුතුයි අප්පා.... හෙ හෙ.. ශම්මිට හොඳ කෙනෙක් ලැබේවායි මම පතනවා.... මොකද ඈ අහින්සක බවයි මට දැනුනේ... කොල්ලාගේ නොපනත් කමට ඌට එහෙවු කෙල්ලෙක් ලබන්න වාසනාව නෑ....

    ලිශ්
    කසාදය දික් වුනාම දික් කසාද වෙන්නෙම මම අර කිවු හේතු නිසා එක් පාර්ශවයක් තුල පිලිසි‍ඳෙන ඈත් වීමේ ආසාව නිසා... දික්කසාදය ලේසි වෙන්නැති.. ඒත් ඒකෙන් පුරව ගන්න පව් ගොඩ ලේසි පාසු නෑ... විශෙශෙන්ම අනෙක් පාර්ශවය අහින්සක නම්.. අනෙ පාර්ශවය ආදරය කරන්නට ගිය නිසාම අපවාද අහ ගන්නවා නම්... වන්ක පාර්ශවයකට නම් සසර සමාවක් නෑ...

    බ්ලොග් ගඩොල්
    පහු පහු වෙනකොට නිවෙන ලස්සන ජීවිතත් මම නම් දැක තිබේ....

    ReplyDelete
  11. කෙල්ලෝ විනාස වෙන්නේ විහින්මයි....

    ReplyDelete
  12. වැරදි භාගයක් හොයන් තියෙන්නේ නේද අක්කේ...

    ReplyDelete
  13. දුකට හේතුව...

    ∑(ආදරේ) ≠ ∫(දිනපතා ආදරේ)

    ReplyDelete
  14. සමහර කෙල්ලෝ ආදරේ වැඩි වුනාමත් කොල්ලට ඒකේ අගයක් නැති වෙනවා ඇති ඒකයි ඔය වගේ දේවල් වෙනවා ඇත්තේ.එක හිතින්ම ආදරේ කරන අහිංසක කෙල්ලොන්ව වටින්නේ නැතුව ඇත්තේ ඒකයි. ඔය වගේ අහිංසක කෙල්ලොන්ගේ අවංක ආදරේ දාලා යන කෙනෙක්ට කවදාවත් අවංක ආදරයක් නම් ලැබෙන්නේ නැහැ. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව හිතුවොත් ඒ දේ වෙනවාමයි.......

    ReplyDelete
  15. මලිති හරි මම හිතන්නේ කෙල්ලෙකුට කොල්ලෙක් හිත පිරෙන්න ආදරේ කරද්දී කෙල්ල තමන් ගැන අධි තක්සේරුවක් ඇති කරගන්නවා ..ඉතින් ඒකම ප්‍රමානවත් ආදරේ අඩු වෙලා යන්න .

    ආදරේ වැඩි පුරම කරන්න ගියාමත් ඒක වදයක් වෙනවා ..සමහර අයට ඕන නිසදහස .. සමහර අයට ඕන හිත පිරෙන්න ආදරේ ..එකම ජාතියේ දෙන්නෙක් සෙට් නොවුනාම එතන මොකක් හරි අවුලක් ..

    ReplyDelete
  16. ප්‍රසන්න මල්ලියේ...
    ඇත්තෙන්ම ඒකට අපිට උත්තරයක් දෙන්න බෑ.... සිදුවීමක් හරි සුවිශේශයි... වෙච්චි දේ හරියටම දැනගත්තත් කවුද හරි කවුද වැරදි කියල අපිට ඇඟිල්ල දික් කරන්න බෑ.... නොගැලපීමක් තියෙන බව නම් කිව හැකි... මේ රටේ නොගැලපෙන බෙරේ බැඳන් ඉන්නම සිද්ද වෙන වාතාවරනයක් තියන නිසා මේ තත්වෙ හරිම භයානකයි. ඒත් නොගැලපෙන බෙරය බැඳගෙන ජීවිත කාලෙම ජීවත් වෙනව කියන්නෙ නම් ලේසි සෙල්ලම්ක් නෙවෙයි....

    නිම්ශා
    ඔව් නගේ... වැරදි භාගය නිසයි මේ අවුල මටත් හිතෙන්නේ....

    තිස්ස අයියා....
    හරියට හරි.... මේක සැබෑවක්.... සැබෑ ආදරේට ඇත්තෙන්ම නිර්වචන හොයනවට වඩා , ජීවිතේ හැල හැප්පීම් වලදි ජීවත් වෙන්නෙ ජීවිතේම අවුලක් කරගෙනද, තිබෙන අවුල් එක්ක ඉවසීමෙන් , එකිනෙකාට හයියක් වෙමින්ද කියන සරල අදහසින් ආදරේ නිරවුල් බව අරගන්න මාත් කැමති...
    එදින් එදා ඕනෙ දෙයක් හිතිය හැකි. කිව හැකි.කල හැකි. ඒත් ඒක කල් අල්ලා හිටින්නේ..සැබවින්ම එතන බොහෝ ස්ථාවර සෘජු හැඟීමක් තියේනම් නේද ? ස්තූතියි....

    මලිති නගෝ..
    මේකයි... ගැලපීම කියන දේඅ එකිනෙකාට වෙනස් වෙනවා නගේ.. අර පල්ලෙහා සඳරුවා කිව්ව දේඅ සරල හොඳ කියමනක්..... එකම ජාතියෙ ආදරේ වෙන්න ඕනෙ නෙද නගෝ... එක්කෙනෙක් දඟකාර කෙලිලොල් ආදරේ දෙද්දි සහ බලාපොරොත්තු වෙද්දි අනෙකා නිශ්චල සාමාන්්‍ය පැවැත්මක් බලාපොරොත්තු වුනොත් දෙදෙනාගේම හිත්වල එකිනෙකාගේඅ ආදරේට වටිනාකමක් නෑ...ඒත් දෙදෙනාගේම ඇතුලේ තියන ආදරේ උත්කෘෂ්ඨ වෙන්න පුලුවන්...

    හැබැයි අවංක කමට ඔය තියරිය හරියයිද මන්දා... අවංකකම කියන්නෙ ආදරේදි විතරක් නෙමෙයිනේ... අපෙ ජීවිතේදි ඇප්ලයි වෙන්න ඕනෙ මානව ගුණාංගයක්... ආදරනීය අවංක සහකාරයෙක්/සහකාරියක් සිටියදී වෙනත් වෙනත් හේතු පෙන්වමින්,අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරමින් දෙදෙනාටම ජීවිතේඅ අපායක් කරන්න එක්කෙනෙකුට පුලුවන්.... අන්න එතෙන්දි අපිට මේ දිහා වෙනස් කෝණයකින් බලන්න පුලුවනි...

    සඳරුවෝ...
    මල්ලි ඔයා බොහොම ප්‍රායෝගික දේවල් කියල තියනවා.. ඇත්ත...නොගැලපෙනවනම් වෙන් වෙන එකෙන් මල්ලියේ, තම තමුන්ගෙ හිත් වල ආදරය පිලිබඳ උත්කෘෂ්ඨ හැඟීම් විනාස වෙන්නෙත් නෑ.. ඉන්න ටික කාලෙ අවංකව හිටිය නම් තරහක් ඇති වෙන්නෙත් නෑ....

    ජීවිතේ ..සංසාරේ... තමයි නේද... :)

    ප්‍රතිචාර ලිව්ව ඔබ හැමට ස්තූතියි....

    ReplyDelete
  17. තිස්ස අයියා ... අපූරු සමීකරණයට විශෙශ ස්තූතියි . එනිසාම එය පෝස්ට් එක තුලට ඈඩ් කලා :)

    ReplyDelete
  18. කාලයක් යනකොට ආදරේ අඩු වෙලා ද මන්දා.
    අක්කත් කරන්නේ මාර වැඩ නේ. කොහොමහරි කෝල් එක ටැක් කරගෙන !!!!

    ReplyDelete
  19. මායාබන්ධනී ආශ්කා

    ReplyDelete
  20. ආදරේ කියන්නෙ මොකක්ද කිය කිය මේ දවස් ටිකේම කල්පනා කලා...කොහොම හිතුවත් අන්තිමට නතර වෙන්නෙ මෙතන......ආදරේ කියන්නෙ, මායාවක්..බොරුවක්...කාලයක් අපිව රවට්ටල තියන බන්ධනයක්....

    ReplyDelete
  21. මධුරංග මලෙයා...
    හේ හේ.. ඉතින් ඈහුනනේ.. මම මක් කොරන්නද? හිකිස්

    මකරා
    කවුද ?????

    නෙතාරා
    කාලයකට පස්සෙත් ඔයා ඔහොමම කියාවිද නගා >>

    ReplyDelete
  22. ආදරනීය මායා බන්ධන වල ඉන්න නපුරු එකී

    ReplyDelete
  23. නෙතාරා
    කාලයකට පස්සෙත් ඔයා ඔහොමම කියාවිද නගා >> ow..akki 100% sure..mage gamana theeranaya karala ewarai.....

    ReplyDelete
  24. මලිති ට.....ඔයා හරියටම හරි....ගොඩාක් වටින දෙයක් නිකම්ම ලැබුනාම ඒක අගේ නැතුව යනවා කොල්ලන්ට...අනික අපි අවංක කමෙන් මැරීගෙන ආදරේ කරාම උන් හිතන්නෙ ඒක හරි ලාභදෙයක් කියල...ආන්න එහෙම උන්ට ජීවිතකාලෙම කවදාවත් ඇත්ත ආදරේ හමුවෙන්නෙ නැහැ...උන් මංමුලාවෙනවා...විඳවනවා....අන්තිමට හූල්ල හූල්ල මැරෙනවා.......!!!!!!!

    ReplyDelete
  25. ඔයා කියපු දේ සහතික ඇත්ත...

    ReplyDelete
  26. අනේ මන්දා.මාත් ආදරයට බොහොම ආදරය කරන කෙනෙක්.මගේ ආදරවන්තයාටත් එහෙමයි. නමුත් මටත් හිතෙනවා හැම දේම ඉවසද්දී හැම අතපසුවීමම අමතක කරද්දිත් එයා මගේ සුලු වැරැද්දක් අල්ලගෙන ‍දොස් කියද්දී ආදරය කියන්නේ දුකක්ද කියලා මටත් හිතෙනවා

    ReplyDelete
  27. අනේ මන්දන්නෙ නැහැ. මට එපා වෙලා. එයා දචස් තුනක් යාලුවෝ එක්ක පාන්දර වෙනතම් වෙසක් බැලුවා. එක දවසක් එද්දි 3යි අනිත් දවසේ 6යි ලු. කාලෙකින් හමුබුවුණු නිදහස කියලා මාත් සන්තෝසෙන් ඒවට ඉඩ දුන්නා. ඒත් අයෙත් වැඩට ආවට පස්සේ රෑට නින්ද යනවලු, උදේට 7.30 වෙද්දි ලෑස්තිවෙලා මට කතා කරන්න බැරිලු උදේට ඇහැරෙන්න බැරි නිසා. ( ගෙදරින් අවුල් නිසා අපිට කතා කරන්න ලැබෙන්නේ උදේ හවස මම බස් එකේ යන පැයේ විතරයි.) හවස කතා කරද්දි එයා ඔෆිස් එකේ ඉන්න නිසා නිදහසේ කතා කරන්න වෙන්නේ නැහැ.මම ඒ ගැන දක් වෙන එක වැරදිද? හැම දේටම ඇගේ එල්ලිලා රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න කොටද මෙහෙම කරන්නේ කියලා මට හිතෙනවා.
    ඉතින් nethara ඔයා කියන දේ ‍කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් පොදුයි නේද?

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->