Monday, August 15, 2011

[194] මගේ රස්තියාදු ගමන් 3

නුවර සිරි බලලා ඊලඟට පේරාදෙණි බස් එකේ නැගලා ගැටඹේ  ක්‍රීඩාංගනය ගාවින් බැස්සෙ ඉතින් පයින්ම ගාටන්න බලාගෙන... රාත්‍රිය කානිවල් එකට ගැටඹේ ක්‍රීඩාංගණය වෙන් වෙලා. හරිම කලබලයි එතන. මේ වතාවෙ කවදාවත් නොබලපු කානිවල් එකත් බලන්නයි හිත.. බලමුකෝ.. නේද ? :-)

මේ බුදු පිලිමය තියෙන්නෙ පෙරහැරට දිය කපනා තොට පන්සල අසලයි. නුවරට එන උදවියගෙ සිත් පහන් වෙන දසුනක්.. 


දිය කපනා තොට පන්සල අසල නව බුදු රුව

ඒ පන්සල බොහොම ඓතිහාසික වැදගත්කමක් තියන ස්ථානයක්. මීට වසර කීපයකට උඩදි නම් බොහෝම කුඩා පන්සලක් තිබුනු එතැන දැන් නම් පිලිවෙලකට සකස් වෙලා...


දිය කපනා තොට
ගැටඹේ පාලමත් බෞද්ධ කොඩි වලින් සැරසිලා...පාලම උඩ හිටගත් මට පෙනුනු ගඟේ දර්ශන ඉතින් නුවරට නිතර නො එන අයට තමයි ඉතින් වැදගත්. උදේ හවා පේන අපට නම් නොවෙයි.. නේද :-) ? 

ගැටඹේ පාලම උඩ
 ඔන්න ඉතින් ඒ විදියට ඇවිදගෙන ගන්නෝරුව පාරේ එද්දි මහවැලි ගඟේ වතුර පාර නම් ටිකක් සැර බවයි පෙනුනෙ.... ඔය රූප වල ඉදිරිපසෙන් තියන පාරට තමයි ජෝර්ජ් ඊ ද සිල්වා මාවත කියන්නේ. 

ගඟ දිගේ
 මම ඇවිදගෙන යන්නේ කොලඹ මාතලේ බස් යන ගන්නෝරුව මාර්ගයේ. වෙනදාට ඇවිදින්නේ නම් ඔය ග‍ඟෙන් එහා පාරේ... අද කරන්න හදන්නෙ යටිහලගලින් දොඩම්වල පාරට සේන්දු වෙන්න. 

ගඟ දිගේ
මේ තිබෙන්නේ පොහොය සීමා මාලකය.ඔයාල දන්නවද ඒ ගැන?මමත් මේ පණ දාගෙන හෙව්වා ඔයාලට ලියන්න. ඒත් මාත් දන්නෙ නෑනේ... :( ලැජ්ජයි නේද ? නුවරත් ඉඳගෙන ? :-) 
පොහොය සීමාව
අලුතෙන්ම දැනගන්න ලැබුනු ආරංචියක් තමයි මේ ගඟ හරස් කරලා කුඩා විදුලි බලාගාරයක් තනන්නට යනවාය කියන කතාව,බලනකොට කතාව බොරුමත් නොවෙයි වගේ. බලන්නකො මේ ගඟ හරස් කරලා වැලි මුට්ට දාන හැටි... අනේ මන්දා.. මේලස්සන ගඟ අපට නැති වේවිද ???? 

වැලි මුට්ට :(
  ඔන්න ඔහොම එද්දි මේ ගංගා දර්ශනත් සමගම යටිහලගලින් දැන් මම හෙල්ලෙන/එල්ලෙන/ වැල් පාලමෙන් එගොඩ වෙන්නයි ලෑස්තිය...
මේ තියෙන්නෙ සංගිලි පාලමක්. සම්පූර්ණයෙන් යකඩ කඹ වලින් එල්ලා තිබෙන මේ පාලම මීට වසර කිහිපයකට පෙර අලුත් වැඩියා කලා.. එක්දහස් අටසිය බර ගණන් වල හැදූ එකක් බවයි දැනගන්ට තියෙන්නෙ. 


හෙල්ලෙන/එල්ලෙන/වෑල්/සංගිලි පාලම
පාසල් කාලයේ මගෙ සහෝදරයාත් මාත් අපගෙ අපූරු යෙහෙලියෙකුත් (නම කිව්වොත් එයාට ලැජ්ජ හිතෙවිද දන්නෙ නෑනේ) මේ පාලම හොල්ලමින් උඩට පල්ලෙහාට දිව්වා මතක් කර කර පාලම උඩ හිටන්ම ගඟ රූපගත කරගන්නටත් මම අමතක කලේ නෑ.
පාලම උඩ
පාලම අලුත්වැඩියා කළ කාලේ  ගම්වැසියන්ට එගොඩ මෙගොඩ වෙන්න  ගඟේ දමා තුබුනු පාරුව පැද්ද හැටි ! ඒ අපූරු කාලේ ආයෙ කවද එයිද ? 

රස්තියාදු ගමන අවසන් වුනේ ගමේ පන්සලට ගොඩ වෙන්න සිතුවිල්ලකුත් ඇති කරමින්. ඒත් ඒ ඒකට වෙලාව නොවෙයි...


අනෙ මන්දා .. රස්තියාදුව පටන් ගත්තා විතරද මන්දා :-) ! 

මග හොඳට තිබේ නම්...  
කකුල් හයියත් තියේ නම්
කිම බස් වල යන්නේ  
පයින්ම යා !!!

චියස් !

20 comments:

  1. සීමා මාලකය කියන්නෙ හාමුදුරුවරු රැස්වෙලා විනයකර්ම කරන තැනක් . පළාතේ විහාර ඔක්කොගෙම හාමුදුරුවරුන්ට එකට එක් රැස් වෙන්න පහසු සීමාවක තියෙන විහාරයක් සීමා මාලකය විදිහට සම්මත කර ගන්නවා.

    ReplyDelete
  2. ඉස්සර නුවර ගිය හැටි මතක් වෙලා ටිකක් දුක හිතුනා. ආයෙම එන්ට ඕනි නුවර ඇවිදින්ට.

    ඔයා නම් ඉතින් තනියමයි, යාලුවොයි, තවත් විශේෂ අය එක්කයි ඇවිදිනවනේ...:)

    ReplyDelete
  3. නුවර ගමන නම් ශෝක් අක්කේ. කිව්ව නම් මාත් ගමනට සෙට් වෙනවා. අක්කා පේරාදෙනියේ කෝච්චි පාලමේ (මහවැලි ගඟ හරහා තියෙන කෝච්චි පාලම) ගිහින් තියේද ? අපි ඒකට කියන්නේ යකා පාලම කියලා යනකොට බයේ බෑ. ඒ උනාට මාරම ගති !!!!

    ReplyDelete
  4. ලස්සන අත්දැකීමක් අරගෙන වගේ.. රස්තියාදුවටම කැමති තව එකෙක් හිටිය නම් ඇති ගමනෙ මහන්සියකුත් නෑ. ඔහේ කියව කියව හිස හැරුණු අතේ යතහැකි.

    ReplyDelete
  5. පයින්ම යා...
    හිකිස්...:D
    උපසම්පදා විනය කර්මය කරන්නේ සීමා මාලකයේ. එය පොලවෙන් වෙන් කරලයි තියෙන්නේ. ඔය යන්න තියන පාලම එයට සම්බන්ධ කරල නෑ. පොඩි දොරක් වගේ කොටසක් හරහාට දමා තිබෙනවා එයින් තමා පාලමයි සීමාමාලකයයි සම්බන්ධ වන්නේ. ඇතුලට ගිය පසු එය ඔසවනවා. එවිට බිමත් එක්ක සම්බන්ධය නැතිවෙනවා.

    ReplyDelete
  6. අනේ අපිටත් ඔහොම ඇවිදින්න තියෙනවානම්...:((

    ReplyDelete
  7. අනේ අම්මප මෙහෙමත් රස්තියාදු ගහන සිරිතක් තියනවද මටත් නොකියම...

    ReplyDelete
  8. අපි ඉතිං නුවර ඇවිත් ගියාට ඔහොම හිතේ හැටියට ඇවිදින්න අපිට බැහැනේ... :(

    ReplyDelete
  9. හොද ලිපියක් .....

    ReplyDelete
  10. මකරා
    ආ ස්තූතියි විස්තරේට... නෙට් එකෙ හෙවුව, ඒත් හම්බ වුනෙ නෑ.

    පොඩ්ඩි
    හෙ හෙ.. ඔයා ලන්කාවට ආවම කියන්නකෝ. අපි එකතු වෙමු නුවරට.. :)
    ප.ලි. ජීවිතේ මූන ඉස්සරහට මුණ ගැහෙන හැමෝම ඇරෙන්න විශෙශ අය කියල අමුතු විශෙශයක් කාගෙද කොහෙද තියෙන්නෙ අප්පා... හෙ හෙ..මට නම් ඇවිදින්න ලඟින් ඉන්න විශෙශම පාට්නර්ස්ලා දෙන්න තමයි මගෙ අයිපොඩ් එකයි, වතුර බෝතලේ සමග පිටෙ එල්ලන බෑග් එකයි... හේ හේ ....

    යාලුවො කණ්ඩායම් එක්ක රස්තියාදු ගැහිල්ල කොහොමටවත් මන් කරන්නෙ නෑ.හෙවත් එහෙම යාලුවො මට නෑ. මම රස්තියාදුවෙ යන්නෙ තනියම, පොත් සාප්පු වල පැය ගණන් කල් මරන්න, හිතුනම අයිස්ක්‍රිම් එකක් අරගෙන තනියම කල්පනා කර කර පඩියක් උඩ වාඩිවෙලා කන්න. බස් තියෙද්දි සින්දුවක් අහගෙන පයින් එන්න. මගෙ රස්තියාදුව මම විඳින්නෙ තනියම නගේ :) ජීවිතේ හරවත්, ඉඳහිට පොඩ්ඩක් හිත හෑල්ලු වෙන්න රස්තියාදුවක් ගැහුවම, වෙහෙස වූ ඔලුවට නිදහසක් දැනෙනවා.. (මගෙ අම්මේ මම ලියපු දිගම කොමෙන්‍ටුවද මන්දා එක්කෙනෙකුට)

    මධුරංග මල්ලි
    අයියො ඔයා නුවරද? අපරාදෙනේ. අපි (අනන්තයට බ්ලොග් එක ලියන අනුරාධ මල්ලි සහ තව කිප දෙනෙක්) සෙනසුරාද පෙරහැරත් බැලුවනේ... :) ආ යකා පාලම මම නොදන්නෙ මොකෝ... හේ හේ. ඔය ඉසව්වෙ අවුරුදු කීපයක් මාත් කරක් ගැහුවා නෙව කැම්පසියේ. හැබැයි අවු 5කට ඉස්සර :)

    පිණිබිඳු
    ජීවිතේ උපරිමයෙන් විඳිනවා... හෙ හෙ... අනෙ නෑ. මම අර පොඩ්ඩිට ලිව්ව උත්තරේ කිව්ව වගේ, මට පසෙකින් මට කරදර නොකර , 'ගෙදර යන් ඉක්මනට' කිය කියා කෙඳිරි නොගාන, මගෙ බෑග් එකයි, අයිපොඩ්ඩයි උන්නම හොඳටම ඇති වගේ :) එක සමාන රසයක් නැති යහලුවෙක් එල්ලාගෙන ගමනක් යාම තරම් චා වැඩක් තවත් නැත... හී හී

    ප්‍රියන්තයියා...
    හැබැට ?? අම්මෝ එච්චර ලොකු සිද්දියක්ද ඔය සීමා මාලකය... ශා.. බොහොම ස්තූතියි අයියා... ඔය විස්තර ලියවුනු මූලාශ්‍රයක් තියනවනම් දෙන්න හොඳේ....

    නිසුපා....
    පුලුවන් පුලුවන්.. ඔයා එන්නකෝ මේ පැත්තා..:)

    තනිකඩ ජීවිතේ...
    ආ සොරි... පර්මිශන් ගන්න අමතක වුනානේ !!! :) හී...හී.. (මෙයා කවුද , නගරාදිපතිවද්ද) :)

    ප්‍රසන්න
    හෙ හෙ..ඒකට ඔයා ඔයාගෙ ගමේ ඇවිදින්නකෝ :)

    අසංක
    ස්තූතියි

    ReplyDelete
  11. ඉස්සර ඔය කිට්ටුව තිබුනා 'පොල් කට්ට' කියලා තැනක්. එතන තිබුනා හොඳ කිතුල් රා ජොයින්ට් එකක්. තාමත් තිය්නවාද දන්නෑ.

    ReplyDelete
  12. එහෙනම් මෙ සෙරේට සමාව දෙන්නම් ඊ ලඟ සැරෙවත් මතක් කරල පර්මිශන් ගත්තොත් හොදයි ළමයො ... (අමතක උනා කියල... කව්ද කියලත් අහනව, කැතයි හොඳේ..........)

    ReplyDelete
  13. මටත් ආසා හිතුනා ඇවිදින්න තනියෙන්..අර අක්කා කිව්වා වගේ ''දැන් ඇති...''දැන් පරක්කු වෙනවා'' ඔන්න ඔහොම කියන අයනේ මගේ පිටිපස්සේ ඉන්නේ..මට කියලා කොයි නිදහසක්..
    එත් බලන්නකෝ අක්කගේ වයස මටත් ආවාම මමත් ඔහොම ලොකේ වටේ හරි යනවා තනියෙන්...වරෙන්කෝ එතකොට මට කියවන් ''දැන් ඇති ඔහොම ගමන්'' හතර හන්දි කඩනවා කියන එවුන්ගේ..මෙව්වාට ඇරියස් ගන්න ඔනේ පස්සේ ස්ථිර උනාම හොදට

    ReplyDelete
  14. ඔව් අක්කේ හරිම ලස්සනයි ඔතන..අපි යාලුවෙක් acccident වෙලා බෝධි පූජා දෙන්න ගියානේ දිය කපනා තොට පන්සලට..

    ඔය සීමාමාලකේට යන්න තියන පාරෙන් පල්ලෙහාට බැස්සම ගග ගොඩක් ලස්සනයි..හැබයි ටිකක් විතර වතුර පාරනම් සැරයි..ඒත් බලාගෙන ඉන්න අස හිතෙනවා..

    ReplyDelete
  15. ඇවිදින්න ආසයි ඒත් අනේ අපිට කාසි හිඟයි .. මේ කෙල්ලට නම් සල්ලි තියනවා ඇති අම්බානෙට .. ධනපති පන්තියේ උදවිය තමයි සවාරි යන්නේ . නිර්ධන පන්තියේ අපි තමයි එකම තැන ඉන්නේ ..

    මම දවස් දෙකක් වැඩට නොගියොත් රු 500ක් පඩියෙන් කැපෙනවා ..

    ReplyDelete
  16. කැන්ඩියන්
    අනේ ඉතින් අපි කොහොමෙයි දන්නේ ඔය රා බොන තැන් :)

    තනිකඩ ජීවිතේ
    අයියෝ අමතක වෙන්නෙ කොහොමද ඔයාව? මොකද මම ඔයාව දන්නෙ නෑනෙ... පර්මිශන් ගන්න ඔයා නගර සබාවද? හිකිස් :)

    නිම්ශා
    ආ ආ .. අක්කගෙ ලෙඩේ නගාටත් බෝවෙන්න වගේ යන්නේ.. ජය වේවා !!!!

    විශ්ව මල්ලි
    ඔව් අප්පා.. හරිම හාස්කම් තියන තැනක් කියනවනේ එතන.... නුවර කියන්නෙ නම් ඉතින් දිව්‍ය ලෝකෙ තමයි මට :)

    සඳරුවෝ
    අනේ මට දැන් රස්සාවක් නැ මල්ලො. හෙ හෙ.. ඉගැන්නිල්ලෙන් සමුගත්තා මාස කිහිපෙකට. අර ජරා නිබන්දනයක් ලියන්න තියේනෙ. ඒකයි. හෙ හෙ. හැබැයි ඒ නිසා තමයි රස්තියාදු ගහන්නෙ. මල්ලො වැඩ ඇරිලා හවසට රස්තියාදු ගහන්ඩෝ :) හී හී

    ReplyDelete
  17. ළඟදිම අපි ඇනයක් වෙයි...

    ReplyDelete
  18. අ‍පේ මල් අක්කි‍යේ කියන්නකෝ මට ඔයා කොතරම් වේලාවක් ‍‍blog එක ලියන්න ‍ගන්නවද කියල.(එක දවසකට)

    ReplyDelete
  19. ම්ම්... ලියන්න නම් විනාඩි 30ක් වත් යනවා. ඒකට පින්තූර දාල හැඩ වැඩ කරද්දි ඉතින් පැයක්වත් යනවා....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->