Friday, August 12, 2011

[192] මගේ රස්තියාදු ගමන් 2

සතියකට විතර පස්සෙ ආයෙමත් කිසිම හේතුවක් නැතුව නුවර යන්න තියා ගත්තෙ වෙන කිසිම දේකට නොවෙයි.රස්තියාදු ගැහිල්ල නිසාමයි. (ඇයි කොල්ලොන්ට විතරද රස්තියාදුව කැප?) නේද ?  :-)


 ගල්කිස්සට නම් අඩු ගානෙ මුහුදු වෙරළක් තිබ්බා.. මගෙ තනියම ගත වෙන මුහුදු සැන්දෑ ගැන, මම වෙරළෙ හැදුව වැලි මාලිගා ගැන ඔයාල කියවල ඇතිනේ.. ;-) නුවරට කොහෙද මූදු ? ඒත් නුවරට තියනවනෙ ඊට වඩා අපූරු තැන් .. :-)




Kandy City Centre හි ඉදිරි දොරටුව
පෙර හැර උණුසුමෙන් නුවර කොටින්ම කියනව නම් කැලඹිලා.. නුවරුන් විතරක් නෙවෙයි ලක්වැසියන්ගෙන් අරික්කාලක් මෙහෙද මන්දා. නුවරට සැණකෙලි ඉතින් පෙරහැර කාලෙටනේ... ඉතින් කිසි හාවක් හූවක් නැති නුවර දැන් නම් ටිකක් දොඩමලු වෙලා..


වෙන අවුරුදු වල තිබුන අතොරක් නැති මුර කුටි ගණනාවකින් පස්සේ එලඹෙන දලඳා මාලිගාව තෙක්ම තිබුනු හැම මාර්ග බාධකයක්ම අයින් වෙලා. පරීක්ෂා කිරීමේ කුටිත් ඇත්තෙම නෑ.. පොලිසියෙනුත් අඩුයි වෙනදට වඩා. පෙරහැර ගමන් මගේ කඩ සාප්පු ලහි ලහියේ රෑ තියෙන්න යන කුඹල් පෙරහැරට ලැහැස්ති වෙන්නේ වටපිටවත් නොබලමින්. ගනුදෙනු කරුවන්ට වඩා අද වැදගත්කම පෙරහැර මගේ අසුන් පනවන්නටයි..


කොයිකටත් කියලා ඇවිදගෙන යනකොට සිටි සෙන්ටර් එකට ගොඩ වුනේ බැංකු කටයුත්තකට. ඒත් ඊට එහායින් තිබුනු අපූරු අලුත් වෙලඳ කුටියක් දිහෑවට මගෙ ඇස් යොමු වුනා... දලඳා මාලිගාවෙන් සකස් කළ සමරු භාණ්ඩ වෙලඳසලක්. (ඔය  තියෙන්නේ පල්ලෙහායින්)


මාලිගාවේ සමරු කුටියෙන් කොටසක්
ඇත්තෙන්ම කොච්චර අපූරුද ? සංචාරකයින්ට පෙරහර තොරතුරු, පොත්පත්, සමරු සටහන් , සිහිවටන එකම තැනකින්. ඒ විතරක් නෙමෙයි අපූරු ඡායාරූප එකතුවකුත් !!! අපිට උවමනා ඡායාරූපය එවෙලෙම මුද්‍රණය කරල දෙන්නත් සේවක පිරිස සැදී පැහැදී ඉන්නවා..


එවෙලේම මුද්‍රණය කොට දෙන පෙරහැර ඡායාරූප
මම ඉතින් දක්ෂ ඡායාරූපකරණයක් දන්න කෙනෙක් නෙමෙයිනේ. ඒත් සාක්ෂි වශයෙන් රූප කිහිපයක් අරගන්න මම අමතක නොකලේ මේ වතාවේ නුවර එන්න බැරිවෙන උදවියට අඩු ගානේ මේ විදියටවත් නුවර සිරි දකින්න සලස්සන්න. ඉතින් දුර්වල ඡායාරූපකරණයට සහ දුර්වල කැමරාවට සමාවෙලා පින්තූර ටික බලන්නකෝ :-)


ප්‍රදර්ශනයට තබා තිබෙන ඡායාරූප


මගෙ හිත තදින් පැහැර ගත් පින්තුරයක්
 අපූරු චිත්‍ර කිහිපය නරඹමින් අඩ හෝරාවක් විතර එතන ගත කළ මට පෙරහැර බලන්න එන දස්ස ඡායාරූප නගාලාට සහ මල්ලිලාට වැදගත් වෙන පණිවුඩයකුත් ඇස ගැසුනා.. ඔන්න ඔයාලගෙ අවස්ථාව! :-)


ඡායාරූප තරඟයක් මෙන්න
ඔන්න ඉතින් එතන ටික වෙලාවක් කැරකි කැරකි ඉද්දි තමයි මට මාලිගාවට යන්න අදහසක් පහළ වුනේ... ගොඩ දවසකින් ගියෙත් නෑ. සෙනඟ නම් හරියට. ඒ අවු අස්සෙ පෙරහැරට ලැහැස්ති වෙන හස්තිරාජයින්ව එක පෙළට එක්ක එනවා දලඳා හාමුදුරුවන් වන්දවන්න. ඒක නරඹන්නත් සෙනඟ ගොඩයි. මාත් ඉතින් හැමදාම වගේ පරණ මාලිගාවට මල් පූජා කරලා අලුත් මාලිගාවට ගියේ බුදුන් වඳින්න. මගෙ ප්‍රියතම ස්ථානයක් තමයි අලුත් මාලිගය. අද නම් එතනත් හොඳටෝම සෙනග.


තේවාව පවත්වන ස්ථානය
තේවාව වෙලාව කියන්නේ මම අහන් ඉන්න ආසම නාදයක්.. ඒ නාදය අහමින් ඕනැම වෙලාවක් මාලිගාවේ ඉහල මාලයේ හිඳගෙන ඉන්නට පුලුවන්.. තේවාවේ තිබෙන අපූරු ගුප්ත මාධූර්යය අද නම් මට අහන්න වුනේ නෑ. ඒ තේවාව වෙලාව නොවන නිසා..


හස්තිරාජයින්ගේ දල  බුදුන්වහන්සේට සෙවණ දෙමින් වහලයේ එල්ලෙන අයුරු මම දැක්කේ අද.


ජීවත් වෙනකලුත් - දම්වැල්,  මිය ගියත් - දම්වැල්
පෙරහර බලන්න එන ඔබ දලඳා වඳින්නත් හිතා ගෙන ඉන්නවනම් සවස 3 වෙනවිට දලඳා වැඳුම් අහවර කරගන්න ඕනේ. තුනෙන් පසු ඔබට දලඳා මාලිගා භූමියට ඇතුල් වන්නට බැහැ. හිතේ තිබෙන තවත් ලොකු ආසාවක් තමයි මේ පෙරහැරට සූදානම් වන චාරිත්‍ර වාරිත්‍ර සියැසින්ම දැක බලා ගැනීම. බලමුකෝ ඉතින්.. නේද ? some day some way :-)


වෙනද වගේ නිස්කාන්සුවෙ වඳින්න නම් වෙනදාකම එන්න වෙනවා. අද දිවයිනේ දස දෙසින් ඇදුනු බැතිමතුන් දහවල් 2 වෙනවිට පෙරහැර මාර්ගයේ අසුන්ගෙනත් අහවරයි. ඉතින් බොහොම අමාරුවෙනුයි ආයෙමත් ඔර්ලෝසු කණුව වෙත පාර හදාගෙන ආවෙත්.
ඡායාරූප ගන්න හත් පැයක් ගන්න මට වඳින අලියෙකු ගන්න බැරි වුනත් වඳින්න ඔන්න මෙන්න වගෙ එකක් ගන්න පුලුවන් උනා.. :) හිනා වෙන්න හෙම එපා හොඳේ . (හිනා වුනත් මට පේනවයැ. මට මොකෝ) :-)




ඔන්න ඉතින් තවත් ඡායාරූප නම් ගොඩයි. ඉතින් නුවර ඉඳන් වෙනද එන පාර වෙනුවට අතුරු පාරක් ‍තෝරගෙන පයින්ම ගමන එන්නයි ලෑස්තිය  ගෙදෙට්ටම. දිය කපනා තොට පන්සල, හල්ලොලුව එල්ලෙන පාලම සහ පොහොය සීමා මාලකය පසු වෙන යටිහලගල මාර්ගයේ, බඩ ඉරිඟු කරලකුත් හපමින්  එන්නයි අද හිතේ තියෙන්නෙ. සටහන දිග වැඩි නිසා ඊලඟ ලිපියෙන් ඒ විස්තර :)


රස්තියාදුව පටන් ගත්ත විතරයි. අනේ මන්දා කොහෙන් නවතීවිද කියලා :-)


ඇවිදින්න පණ තියෙන කකුල් දෙකකුත් , 
අවට දකින්නට ආසාවෙන් නලියන ඇස් දෙකකුත් , 
කාන්සි වෙලාවට අහන්ඩ අයි පොඩ්ඩෙකුත් ඉන්නවා නම් , 
බස් කුමට , 
මෙ මනරම් නුවර සිරි විඳ විඳ , 
පයින්ම ගාටනු මිසක :-)

චියස් !!!

10 comments:

  1. අන්තිමට ලියල තියෙන කවිය තමයි හොඳටම හිතට වැදුනේ. ඔයා ඒක නියමෙටම ලියලා තියෙනව නංගි...

    ReplyDelete
  2. තනියම නුවර එක්දින චාරිකාවක් දාන්න හිතුනා. මේ දවස් වල නම් සෙනග නිසා පසුව සලකා බලන්න ඕනේ :-)

    ReplyDelete
  3. පොඩි කාලේ දැක්කට පස්සේ නුවර පෙරහැර දැකලා නෑ. ඔයා ඔය කියවලා තියන විදියට ඇවිදින්ට ආසයි. ඒත් සෙනඟ ගොඩාක් දැක්කාම තනියම ඇවිදින්ට නම් බය හිතෙනවා....:D

    ReplyDelete
  4. අපිට කොයි ඉතින් අයිපොඩු.

    ReplyDelete
  5. මමත් හෙට යනවා... පෙරහැර කෙසේ වෙතත් අලියෙක් වත් බලාගන්න පුළුවන් වෙයිනේ....!!!

    ReplyDelete
  6. මමත් යනවා රස්තියාදු ගහන්න :P ඉන්නකෝ මමත් පෝස්ටුවක් ලියන්නම්කෝ..

    ReplyDelete
  7. අපේ තනිකඩ ගමං අහවරයි නෙව... ;)

    ReplyDelete
  8. මමත් කාලෙකට ඉස්සර නුවර පෙරහැර බැලුවා මම එහේ බෝඩිං වෙලා හිටිපු සන්දියේ.. ඊට පස්සේ මම ආයේ නුවර නොයිඳ ගමට ආවා .. ඉතින් ආයෙමත් නුවර යන්න ආසයි

    ReplyDelete
  9. මාත් දවසක් කේසිසි එකට ගිහින් පඩිපෙල පැද්දා මතක් උනා.
    නියම ගමනක් ඒක. මම් දෙපාරක්ම ගිහින් තියෙනවා කේසිසි එකට.

    ReplyDelete
  10. නිසුපා//
    ස්තූතියි අක්කන්ඩියේ... (සොරි වෙන්ඩ දින කීපෙකට පස්සෙ අදයි නෙට් ආවෙ. ඒකයි පිලිතුරු පරක්කු )

    මරෙ අයියා...
    දාන්ඩ දාන්ඩ.. ඔය සිටි සෙන්ටරේ දිහෑ පඩිපෙලක ඉඳගෙන ඔයා ටියුශන් ඇරිල එන නන්ගිලා නිරික්සනය කරනවා අපිටත් ඇහැ ගැහේවිනේ... හිකිස්

    පොඩ්ඩි
    ආ... ඒ මොකෝ බය.. පනුවයි අනිත් ඈයින්වයි අපෙ අම්මා යැව්වේ, පුතේ අක්කව හොඳට බලා ගන්න කියලයි. හලේ අන්තිමට එයාලා වෙන දිහා බලාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඇතිම වුනාමයි මාව මතක් වුනේ.... හිකිස්...

    පනුවා
    අයිපොඩ්ඩු කිම...දවල් හීනයක් බල බල යන එකත් හොඳයි සෞඛ්‍යයට් :) සිනා...

    ප්‍රසන්න
    ආ මල්ලි.... ඊ... අපිත් ගියානේ. සී සී... කියන්න එපැයි. සොරි මේ කොමෙන්‍ටු අද දැක්කේ...

    ලේන් කණියා.
    අනිවා... වෙරි ගුඩ්... යන්න කො‍ටුවෙ රස්තියාදුවක්

    නවම්මාවත
    අනේ පව්... හේ හේ. පිස්සුද අනේ... ඈවත් අතකින් අල්ලගෙන යන්න ඩබල් දාලා.. :)

    සඳරුවා
    හෙ හෙ.. එන්න මල්ලි නුවර... අපි මෙහෙ සේනා සංවිධානය කරල තියන්නම් :)

    මධුරංග
    ආ.. මම මේ අදත් පැදලා අයිස්කිරිමක් කාල හෙම ආවේ.. (අර පඩිපෙලේ ඉඳගෙන) හී හී

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->