Wednesday, August 10, 2011

[191] මගේ රස්තියාදු ගමන් 1

සති කීපයක්ම මලානික ලෙස ගෙවෙද්දි( එක අතකින් ඉන්ටරස්ටින් තාලෙට- හිතට හිතෙන ඕනෙම ඉබාගාත අයිඩියා එකකට එලියට එන්න ඉඩ දිදී) ගෙදෙට්ටම වෙලා කේක් එකක් වගේ ඉන්න එකට මටම තරහක් ආවා.. :-)
ආයෙ බෑලුවෙ නෑ.. බෑස්ස එලියට...


මෙහෙම කිව්වට පහුගිය සතියෙ කල වෑඩ නම් බෝමයි...


සාරි වසන්තය
කවදාවත් කරන්ඩ වෙලාවක් ඉතුරුවෙයි කියල හිතුවෙ නැති ජල්ලියක් මෙදා මම ඇල්ලුවා...  සාරියක් වැඩ දැමීම.. වැඩ කිව්වට බොහොම ලදරු එකක් ඈ.. තවම මුල් අවස්ථාවෙනේ.. (ඉතින් හිනා වෙන්න හෙම එපා හොඳේ..)
සාරියක් හෙව්වා... ඊට පස්සෙ  ඒකෙ හොඳ පිට කනපිට හෙව්වා... වැඩ දාන්ඩ ගල් කෑලි හොයන්න සුකුරුත්තම් බඩු තියෙන කඩේට ගියාම ඒකෙ ඉන්න ඇත්තම ඉදිරිපත් වුනා සාරි වැඩ දැමීම ගැන මට කියා දෙන්ඩ. නිකම් ලෑබෙන උපදෙසුයි ගල් කෑලියි අරන් වෑඩේ පටන් ගත්තා , දවසක්දා රෑ 9ට , අලවනවා.... පේලියක්, නෙට් එනවා, එකෙ ඉන්නවා... ඊලඟ පේලිය... ඔන්න ඔහොම රෑ 3 වෙද්දි වෑඩේ ඉවර වුනා....


අන්තිමට මෙහෙම තමා තිබ්බේ....


අඩක් නිම කළ සාරිය
ඒත් හිතට මදි වගේ... ඒනිසයි අද ආයෙ ටවුන් ගෙහුන් තව කුඩු (මන් කිව්වෙ පාට ඩස්ට්) අරන් ආවෙ... ඉවර වුනාමත් ෆොටොවක් දාන්නම්කෝ..
ආ මේ තියෙන්නේ... ඉවර කල එකෙ ෆොටෝවක් ...:)


අවසන් කළ සාරිය


ෆිල්ම් වසන්තය
ඉතින් ගෙදර ඉඳිල්ලෙ රස මෙයින් ඉවර වුනෙ නෑ.  දෙයියනේ කියලා ෆිල්ම් කීපයක් බලා ගත්තා


Memoirs of a Geisha (මේක නම් පස්ට..ලස්සනම ලස්සනයි)
The Class ( ෆ්‍රෙන්ච් එකක් - හොඳයි - පොඩ්ඩක් වාර්තාමය ගතියක් තියනවා)
An Education ( මේකෙ කිසිම අධ්‍යාපනික බවක් නම් නෑ. ඒත් ලවයි ඉගෙනිල්ලයි පටල ගත්ත , ඒත් ආයෙ හරි මගට ආව කෙල්ලෙක් ගෑන )
Finding Neverland (මේක මගෙ ප්‍රියතම එකක්. ආයෙ ආයෙ බලන එකක්. හරිම ලස්සනයි )
American Beauty (ලස්සන ෆිල්ම් එකක්. හැබැයි තද ක්ලැසික්. නියමයි)
The Notebook ( ලස්සන ආදර කතාවක්... සුන්දරයි)
Forrest Gump ( මම ආය ආය බලන , ලෝකෙ දැනට හදපු ක්ලැසික්ස් වලින් හොඳම එක කියලා මම විස්වාස කරන ෆිල්ම් එක, ජීවිතේ බිඳ වැටී ඉන්නවා නම් , ජීවිතේ පැහැබර පැත්ත දකින්න කියාපු ෆිල්ම් එක )
My Sisters Keeper ( හරිම ලස්සන පවුලේ කතාවක්- ලස්සනම ලස්සනයි)
The Notes on a Scandal ( අමුතු කතාවක්... ඒත් ලස්සනයි)
Good Will Hunting ( ගණිතයට අති දක්ශ වූ සුලු සේවකයකු ජීවිතයේ අරමුණු සොයා ගත් හැටි කියන අපූරු කතාවක්)
අද බලන්න හිතන් ඉන්නේ The Green Mile ( බලලම කියන්නම් හොඳද කියලා)


ඔන්න ඔහොමයි ෆිල්ම් වසන්තය ගෙවෙන්නේ. රෑ දෙක තුන වෙනකල් ෆිල්ම් බලන එකේ සුවය නිසා පහුවදා උදේ 10 වෙනකල් ඇස් අරින්න බැරිවීමත් , දැන් බේතකටවත් රෑ 2න් මෙහා නින්ද අහලකටවත් නො එන එකත් , මේ සෙල්ලමේ අතුරු ප්‍රතිපල තමයි ඉතින්....:(


පොත් වසන්තය
නෝ ජොබ් කොම්පැණියේ පලමු සතිය පුරාවටම කලේ පොත් ගොඩ අස් කරන එකයි ඒකෙ ඩේටාබේස් එක හදන එකයි.


ඔය තියෙන්නේ මම අස් කරපු පොත් ටික... :-)




ඔය අවු අස්සෙම ඉතින් ඉගෙනුම් වැඩත් ලාවට යනවා. (අපෝ ඕව ඈක්කා... මෙතන ඒවා කතා නෑ ..ඊයා :-) )


රස්තියාදු වසන්තය
අද ගෙදර ඉඳුම එපාම එපා වුන දවසක්... ආයෙ බැලුවෙ නෑ. පයින්ම යනවා නුවර කියල හිත හදන් තමයි එලියට බැස්සෙ. අනේ සන්දුක්කේ , මගෙ පවිත්‍ර චේතනාව සුන් කරමින් , අල්ලපු ගෙදර වෑන් එක මාව නුවරට ගෙහුන් දැම්මා...


ඔන්න පාට කුඩු අරන් එද්දි නම් හිතා ගත්තා මොන හිතවතාටවත් ආයෙ මාව ලිෆ්ට් දෙන්න වාහනේට නග්ග ගන්න දෙන්නෙ නෑ කියලා. ලොකු බෑග් එක කරේ එල්ලන්, ඉබාගාතේ ගෙදෙට්ටම ඇවිදින්නයි දැන් ලෑස්තිය...


උඹ ප්‍රාර්ථනා කරන ජිප්සියා වෙන්න නුවර පොඩි වැඩියි..මේ උඹ උපන් ගම කියලා එක පාරම සංඥාවක් මොලෙන් නිකුත් වුනා.. අඳුනන අය , නෑයො, වේයො , අසල්වැසියො ... ගැන මතක් වුනා. ඒත් ... අහවල් එකකට බය වෙනවද . කරට ගත්තු බෑග් එක තවත් පටි තද කරගෙන , ගහගත්තා සින්දු පෙට්ටිය කනේ...  (මේක ඉතින් නයි නෙමෙයිනේ, අද කාලෙ කා ගාවද අයි පොඩ්ඩො නෑත්තේ) :-)


සෙරෙප්පු දාගෙන , බෑග් එකක් එල්ලගෙන ඈවිදින මට පිහිටට ආවෙ , පෙරහැර කාලෙ නිසා ඒ වගෙම එලියට බැහැලා උන්නු ටුවරිස්ට්ලා.. නුවර ටවුම දැන් සංචාරකයන්ගෙන් පිරිලා... බොලේ, Bargain කෙරිල්ල අපි ඉගෙන ගන්න ඕනෙ අන්න උන්ගෙන්.... අපි කැලේ.... දාහෙ බඩුව ගන්නෙ 200ට....ඒ කාලෙ තමයි ෆොරින් අය කියලා ඩොලර් විසික්කා කරලා බඩු ගත්තේ... දෑන් ඒකට!!!


ඔන්න ඔහොම මම නුවර ටවුමෙන් විනාඩි 15 ක් වගෙ යද්දි ගෙදෙට්ට යන හෑරවුම් පාරට සේන්දු වුනා.... එතන ඉඳලා අර සැහැල්ලුවට වඩා හිතට දැනෙන්න ගත්තේ බර ගතියක්...


උසස් බාලිකාවෙ ගේට්ටුව පහු වෙද්දි , 94 කොන්ඩෙ කොටට කපපු කෙල්ලෙක් ඔය උඩ ගේට්ටුවේ අයිනේ හිටන් ඉන්නව මට මැවිල පේන්න වුනේ... ආනන්ද විද්‍යාලය (මම කිව්වෙ ටියුශන් පන්තියක් ගැන) සහ IMS එක... 5 වසරේ අපේ ආදරනීය ශිෂ්‍යත්ව පංතිය... අබේසේකර මැඩම්.. මම ශිෂ්‍යත්වය පාස් වුනුදා ඈ දුන්නු රිදී පාට ට්‍රේ එක... මේ හැම දේම මතක් වුනේ එක පාරටම...


වාහන යන , ගලක් විද සෑදූ බිම්ගෙය
ඔහොම උඩට උඩට එද්දි ඉස්සර නම් මම තනියම යන්න බය අඩවියට සේන්දු වුනා.. දැකල තියනවද මේ උමඟ?




නෑ නෑ.මේ උමඟක් නෙමෙයි.. මේ තමයි එවකට ලංකාවේ දිගම බිංගෙය (රථ වාහන ගමන් කරන ) .. දැන් නම් වෙන එකක්ලු දිගම බිංගෙය. මට මතක නෑ. ඒත් මම නම් මේ තාක් වාහන යන්නා වූත් , සම්පූර්ණයෙන් කලුගලක් ඔස්සේ සාදන ලද්දා වූත් මේ තරම් දිග බිම්ගෙයක් දැකල නෑ.


මේ බිංගෙය සමහර කාල වලට ලයිට් නෑ. ඒ වගෙමයි මේ බිංගෙය කොයි මොහොතක හෝ කඩා වැටීමේ අවදානම තියෙන එකක්ලු. මේක ඈතුලෙ යන්න පුලුවන් සැහැල්ලු වාහන විතරයි. බස් ලොරි යන්න වට රවුම් පාරක් තියනවා ප්‍රිම්‍ රෝස් කන්ද කන්ද හරහා...  මේ බිංගෙයි උඩින් තියෙන්නෙ උල්පතක්. ඒ නිසා මේක ඈතුලෙන් හැම තැනින්ම වතුර කාන්දු වෙනවා. ඒ නිසා , එලියෙ පස්ට අවුවෙ උනත් බිංගෙ ඇතුලෙ යන්න වෙන්නෙ තෙමි තෙමී, කුඩ ඉහලගෙන, ජර්සි ඇඳගෙන :) ...


හරක් භීතිකාව 
බිංගෙ පහුවෙලා එලියට ඇවිත් හැරුනා විතරයි, හ..ර..කෙ.. ක්..... !!!! මම ගැන දන්නෝ දනිති මම හරක්ට කොච්චර බයද කියලා.... ඉස්සර නම් මර බයයි.. දැන් එච්චරම නෑ. හරකා බලා ඉද්දි, මම බිම බලාගෙන විනීත දරුවෙක් වගේ මෑන්ස්ගෙ ඇස් මායිමෙන් ඈත් වුනා....


අපේ පාරෙ අසල කිරි හරක් මඩු තිබ්බ නිසා නිතරම ඒ පාලු පාරෙ හරක් හිටියා.. ඒ කාලෙ හරකෙක් උඩහට ඈදෙනව නම් , හරකට මහ පාර දීලා මම කෑලෑ මෑද්දෑවෙන් වැටුන ශෝට්කට් එකෙ දුවන් ආව හැටි මතක් වෙලා මට තනියමම හිනා!


අම්මේ... දැන් නම් දාඩියයි..කලකට පස්සෙ කකුල් දෙක මේ ඇවිදින්නේ....  මේ තියෙන්නෙ මම ඇවිද්ද පාර තමා... :)




කාලය ගෙවිල ගිහින් තියෙන්නෙ හරි වේගෙන්.... අවට හරියට වෙනස් වෙලා...  ඒ කාලෙ මම දුටුව කැලෑ කැපිලා, අලුත් ගෙපල කපනවා... ඒ අස්සෙ සමහර පැරණි ගෙවල් හැංගිලා ගිහින් ලඳු කැලෑ අස්සේ...
ඒ වගෙ ලඳු කැලෑවක්....


ඔයින් මෙයින් ගේ කිට්ටුව පාරටම කිට්ටු වුනා.. ඒ තියෙන්නෙ අර මම හදිස්සියට බස් එක එද්දි, හරකුන්ට බයේ කැලේ මැද්දෙන් දුවන ශෝට්කට් එක.... අම්මේ දැන් හිතෙනවා , හරක වගෙද සර්පයෙක් කෑව නම් කෑලේ ගිහින් කියලා ..... ඒ කාලෙ ඒක මතක් වුනෙ නෑනෙ...




කලකට පස්සේ ඇවිද්දා.... කොල පාටින් වැහිච්චි නුවරට ආව එක ගැන හිතේ ආයෙමත් සතුටක් මෝදු වුනේ ගතේ දාහය නිවාලමින්.... 


ඔහේ නිකම් ලියවුනා... එච්චරයි....

මග හොඳට තියේ නම්  
කකුල් හයියත් තියේ නම්
කිම බස් වල යන්නේ
පයින් යා !

32 comments:

  1. මමත් මේ දවස්වල නෝ ජොබ් කම්පැණියේම නිසා ගෙදරට වෙලා වස කම්මැලිකමේ ඉන්න නිසා මේකේ තියෙන සමහර ඒවා ට්‍රයි කරලා බැලුවනම් හරි.

    ReplyDelete
  2. සාරිය ලස්සනයි..බොරුවට නග්ගල තියනව නෙමේ..ඇත්තටම ලස්සනයි... Memories of Geisha පස්ට... yes.. I Agree :) හරක් භීතිකාව නම් හරිම අපරාදයක්..මේ ලෝකේ ලස්සනම ඇස් තියෙන සතා වසුපැටියා..ඒත් ඔයාගේ භිතිකාවත් එක්ක ඔයාට ඒ ලස්සන බලන්න බැරි වෙනවා.. කොහොම හරි post එක ලස්සනයි..නිකන් හරියට සැලළිහිනි‍යේ මඟ වැනුම වගේ ටිකක් ;)

    ReplyDelete
  3. ෆිල්ම් ගැන කිව්ව එක හොදයි, පොත් ගැනත් කියලා තිබුනා ඒකත් හොදයි, ගෙදරින් එලියට බැහැලා පයින් යන එකත් සරීර සවුක්යට හොදයි. බලමු දැං ඊලගට ටීචර් මක් කරන්නද යන්නෙ කියලා?

    ReplyDelete
  4. ඔයා බලපු ෆිල්ම්ස්වලින් Memoirs of a Geisha,Finding Neverland, The Notebook, Forrest Gump , My Sisters Keeper, කියන ෆිල්ම්ස්වලට මමත් කැමතිම කැමති. සමහර ඒවා පොත් විදියට කලින් ප්‍රකාශනය උනු ඒවා. පොතේ කතාව ෆිල්ම් එකටත් වඩා ලස්සනයි කියන්ට පුලුවනි.

    My Sisters Keeper ලියලා තියෙන්නේ Jody Picoult කියලා කෙනෙක්. එයා one of the most powerful writers in fiction කියලා තමයි මට නම් හිතෙන්නේ.

    සාරියත් ලස්සනයි. ඇත්තටම...:D

    ReplyDelete
  5. නඟාගේ ජීවිතේ ඔය තියෙන සැහැල්ලුව හැමදාම පවතීවා කියලා පතන්නම්,,

    ReplyDelete
  6. මාත් ගෙයින් එලියට බැහැලා කොහේ හරි ඇවිදින්න යන්න ඕනා :P

    ReplyDelete
  7. ඇවිද්ද පය දහස් වටී....:D

    ReplyDelete
  8. ශා..! නියමයි. නිදහසේ උපරිමය අත්විඳීනවා වගේ.
    අම්මෝ, හරකුන්ට මාත් පණ බයයි. මං හරකෙක් පාර හරස් කරගෙන ඉන්නවා දැක්කොත් පොඩි ළමයෙක් වගේ ඉහි ඉහි ගාලා අඬන වෙලාවලුත් තියේ. :D

    ReplyDelete
  9. ජීවිතෙ රස්තියාදුවක්... මෙහෙම කියන්නේ මම නෙමෙයි....

    ReplyDelete
  10. මමත් නිතරම ඇවිදපු පාරවල්,සහ ස්ථාන ගැන ඔබ ලියල තියෙන්නේ.එත් මටනම් දැන් ඒවා අතීත මතක පමණයි.

    ReplyDelete
  11. ෆිල්ම් කලෙක්සන් එක නම් නියමයි.

    ඒත් මේක කියෙව්වාම මට ඔයා හිනා වෙයි.

    ඉස්සර මට ඔය ගහක් ගලක් සතෙක් වතුර වලක් දැක්කම නිකම් මොනාදෝ වෙනවා. (දැන් කියලා වෙනසක් නෑ.) කොටින්ම මම ලංකාවට ආවේ ඒවා බලන්න වගේ. අදටත් මම ඕන දුරක් පයින් ගිහින් ඔය ගස් ගස් වතුර වලවල්, ගස් ගෙඩි කොල එක්ක ජීවත් වෙයි. මට අනුව නම් ඒක තමයි living with nature කියන්නේ. ඉතින් ගස් ගෙම්බෙක් වගේ නැතුව ඔය වගේ දේවල් නිතර කරන්න හුරු වෙන්න. ඔයාට ඒක තේරෙයි අපි වගේ ජීවත් වෙන්න උනොත් හෙම දවසක.

    ReplyDelete
  12. සාරි එක ලස්සනයි නංඟා. පලවෙනි පාරනේ තව try කරන්න. තමන් නිර්මාණය කරපු ඇඳුමක් ඇදගෙන යනකොට කවුරු හරි ලස්සනයි කිව්වම හිතට දැනෙන සතුට කියා ගන්න බැරි තරම්...:)))

    ReplyDelete
  13. green mile හිතට ඇල්ලුවනම් shawshank redemption එකත් බලන්න සමහරවිට ඔයා බලලත් ඇති

    ReplyDelete
  14. නවසීලන්තයේ සාරවත් තණ බිමක හරක් රංචුවක් උලා කනවා. හරක් අං වලට ඉහලින් සමනල්ලු රෑනක් පියාඹනවා. හම්බේ හරිම හයානක දර්ශනයක් නේද ?

    ReplyDelete
  15. හෙ හෙ සමනල කථාව දන්න තව අය ඉන්නවා වගෙයි එහෙනං.............. හෙ හෙ............ අනේ ඔයා පුංචි සමනලියක් වගෙයි..............

    ReplyDelete
  16. The Green Mile ටොම් හැන්ක්ස් ගෙ නියම ‍ෆිල්ම් එකක්නෙ.

    සාරි ගැන නං මම දන්නෙ නෑ.. ඒත් ඉබාගාතේ ඇවිදිල්ලනම් බැන්දට පස්සෙම කරන්න බැරි උනා.

    ReplyDelete
  17. සාරි වැඩ දැමිල්ල නම් මාත් කරල තියෙනවා.. :] මේ විදිය‍ට ගෙවෙන ජීවිතේ මලානික කියල කියන්නෙ කොහොමද ?

    ReplyDelete
  18. ගොඩාක් දේ කරලා නෙ මිස් මේ ටික දවසට. ඒත් ඉතින් නෝජොබ් කොම්පැනියෙන් අයින් වෙලා වෙනත් රැකියාවකට යන්න හිතන්නකෝ මිස්. මම කියන්නෙ හේතුවක් ඇතිව. රැකියාවෙන් අයින් වෙලා කාලයක් හිටපු කෙනෙක් නැවත රැකියාවක් සොයාගන්නෙ කලාතුරකින්. තවත් හේතු ඇතේ. ඒටික වෙනත් වෙලාවක කියන්නම්. කාලය හරස් වෙනවා මේ දවස්වල.
    මට නිවාඩු වෙලාවක් නෑ නෙව මිස් අගය කරපු පාර දිගේ ඇවිත් මිස්ගෙ ගෙදර වැඳපුදාගෙන යන්න. නැතිනම් එන්න තිබුනා.

    ReplyDelete
  19. මමත් පයින් යන්න හෙන ලයික්... දෙපයින් නිසා ටූ තවුසන්ඩ් වටිනවනේ...

    ඔයාගේ හරක් භීතිකාව වගේ තමා මගේ බලු භීතිකාව...

    ReplyDelete
  20. හ්ම්ම්ම්...ඔන්න ඔහොම තමා ඉන්න ඕනෙ..මාත් ඔහොමයි දැන්....'ග්‍රීන් මයිල්' අපෝ එක නම් බලන්න එපා...ටොම් හැන්ස්ගෙ ලස්සන ෆිල්ම් එකක්..ඒත් මහා අප්‍රසන්න දසුන් තිබේ.... ඒකෙ ඉන්න මීයට නම් මම මාර ආදරෙයි අනේ....!!

    ReplyDelete
  21. ජීවිතේ මල් නේන්නං අක්කන්ඩි...

    ReplyDelete
  22. මධුරංග මල්ලී....
    වඩාම හොඳ ‍ෆිල්ම් වලින් පටන් ගන්න එකද මන්දා :-) ඉක්මනටම යේස් ජොබ් වේවා පතන්නම්...

    වාසනා නගා
    සාරිය ගැන දහසට ඉස්තූතියි. චිත්‍රපටය ගැන මම ලියූ 'ගේශාවක් සොයා ගියෙමි' පෝස්ට් එකත් බලන්න. අගෝස්තු පෝස්ට් වලම පල්ලෙහායින් ඇති. හපෝයි වහු පැටව් නම් කතා කරන්න එපා.. හෙ හෙ./.... ස්තූතියි නගා ප්‍රතිචාරෙට

    බුද්ධි සහෝ
    ටීචර් ඊලඟට හඳට යන්න පාලමක් හදන්න උනත් ඉඩ තියේ. වඩු මඩුවක් දාන්නත් ඉඩක් තියේ... හී හී

    පොඩ්ඩී
    යා යා.. මම ආයෙ ආයෙ බලන ෆේව්‍රිට් ටිකක් මේ.... පොත් කියවීම සම්බන්දයෙන් නම් කියන්න තියෙන්නේ, මන් තුමී කඩු පොත් කියවන්ට හරීම කම්මැලිය... ඒවයෙ මට රහක් නැ අප්පා... අනේ මන්දා...

    ස්තූතියි පොඩ්ඩි :)

    හරී
    ගොඩාක් ස්තූතියි ඒ සුන්දර ප්‍රාර්ථනාවට

    යොහාන් මල්ලි
    අන්න හරි. ගෙයි ලේන වගේ කොම්පීටරෙ එල්ලෙන්නෙ නැතුව යනු එලියට :)

    සෝඩාගුනේ
    යා යා.. තවුසන්ඩ් තැන්ක්ස් ආ :)

    ReplyDelete
  23. අන්ශෝ...
    හේ හේ.. ඔව් නගෝ.... ඉඳලා ඉඳලා අවුරුදු හයකින් මේ නිදහසේ ඉන්නේ .... නිදහස්මත් නෑ. අර තිසිස් එක දෙන්න එපැයි . හපෝ මගෙ සැරුත් මේක කියවනවා. හරක් බය ...බුදු අම්මේහ්... දැන් හොඳයි. ඉස්සර මන් පාරෙ කවුරු හරි එනකල් මහපාරෙ හිටගෙන ඉන්නවා.. යන්න බයේ...

    අභීත අයියා...
    අන්න අන්න අයියන්ඩි වැරදුනා... ;-) මගේ ජීවිතේ රස්තියාදුවක් නෙමෙයි. මගෙ ජීවිතේ කාන්සිය දැනුනම ඉඳල හිටල රස්තියාදු ගමනක් ගිහින් එනව විතරයි. මුලු ජීවිතේම රස්තියාදුවක් වුනාම අපි නන්නත්තාර වෙනවනේ අයියන්ඩියේ... ඒ කරුණට නම් උඹ මාත් එක්ක එකඟ වෙයි නේද ?

    ඇනෝ...
    ඔබ කවුද මා දන්නෙ නෑ. අඳුනන්නෙක්දත් මන්දා කියා හිතෙනවා ... හේ හේ.. ඔය පාරවල යන එන ඇයො ඉතින් අඳුනනවනේ අපි...

    Il mondo di una povera pazza
    අක්කා.... අනිවාර්යෙන් අක්කේ.. ජීවත් වෙනවා කියල දැනෙන්නෙත් එහෙම රස්තියාදු වෙනකොට කියලයි මට හිතෙන්නේ. ඉස්සරහට එනවා ලිපියක් විරහව හා සොබා දහම ගැන.. ඒකත් කියවන්න :-)
    අපි ගස් ගෙම්බො නෙමෙයි අක්කේ , ලැප්ටොප් ගෙම්බො වෙලා අප්පා.. මේක දිහා කටබලියන් බලන් ඉන්නවා. හෙමි හෙමි ටික ටික මේවයින් මිදෙන්නයි හිතන් ඉන්නේ. බැහැර කරන්න නෙමෙයි. සීමා කරන්න. බාහිර ලෝකෙට මීට වඩා යන්න...

    නිසුපා...
    ස්තූතියි අක්කා..... අනිවාර්යෙන්.. තමන් කල දෙයක් තරම් තමන්ට ගැලපෙන තවත් දෙයක් කොයින්ද... නේද? මාත් ඒ සතුට දැන් අත් විඳිනවා...

    චතුරංග
    ඔය දෙවෙනි ‍ෆිල්ම් එකත් තියනවා මාගාව. එහෙනම් ඒකත් ඉක්මනින්ම බලන්න ඕනෙ...

    ReplyDelete
  24. මකරා
    අඩා මල්ලි, භෝ මට අහු වෙන්න එපා කෝචෝක් කරලා... හිකිස්...

    රන්දුනා අක්කන්ඩී
    ආනා... මට ශමනලී කිව්වා... (බුදු අම්මේ) හිකිස්...

    නවම් මාවත...
    ඉබාගාතේ යන එකෙ ආස්වාදෙ නම් කියල නිමක් නෑ... හේ හේ..
    අදහසක්... නවම්මාවතගෙ බිරින්දැට නරකද ප්ලේන් සාරියකුයි ගල් කැලි ටිකකුයි ගෙහුන් දුන්නොත් ? (ගුටි කන්න වෙයිද මන්දා,.... හි හි)

    ගීතක මල්ලි
    හෑ...... ??? ඔයා... ?? ශා නියමයිනේ.... හෙ හෙ... අනෙ මලානික නෑ අනේ.. ඇත්තෙන්ම මන් ජීවිතේ විඳින්නෙ දැනුයි....

    රොශාන් පුතා...
    ඒකනේ දරුවෝ... හේ හේ.. නෑ නෑ... හෙමිට යේස් ජොබ් වෙනවා.. හැබැයි දෙසැම්බරෙන් පස්සේ.. පාට් ටයිම් නම් පටන් ගනියි ඉක්මනින් සමහරවිටක :) දවසක ගෙදර වැඳ පුදන් යන්න එන්නකෝ :)

    ප්‍රසන්න මල්ලි
    පයින් ගියොත් ගොඩක් දේ පේනවා. ඇඟටත් හොඳයි. මේ දවස් වල ක‍ටුස්සියෙක් වගෙ වෙන්න පුදුම ආසාවකින් තමයි පයින් ගමන් මෙච්චර ආසාඅවෙන් කරන්නේ :)
    මලේ හරක් විතරක් නෙමෙයි බල්ලන්ටත් මාව ඇලජික්... :)

    නෙතාරා නගා
    අන්න හරේ.. දාන්න 5ක් සුදෝ :) හේ හේ.... ගිරින් මයිල් තාම බැලුවෙ නෑ අනේ :)

    සුදු හන්සි නගා///
    රස්තියාදුවෙ යනගමන්ම ඔය පැත්තෙත් එන්න හිතාගෙනයි ඉන්නෙ නගා :) ඔන්න එනව මම හොඳේ .. හී හී

    ReplyDelete
  25. @all

    හෙට තව රස්තියාදු ගමනක් ගෑන සටහනක් එනවා... ප්‍රතිචාර ලිව්ව ඔයාල හෑමෝටම ඉස්තූතිම ඉස්තූති :)

    ReplyDelete
  26. ලස්සනයි.... මරු ට්‍රිප් එක නේද..........

    ReplyDelete
  27. මරු කථාව... මමත් හරිම ආසයි නුවර town එකේ ඇවිදින්න.. යාලුවො නම් හිනාවෙනවා.. හැබැයි අර කිව්වත් වගේ අහවල් එකකට බය වෙනවද..
    "මග හොඳට තියේ නම්
    කකුල් හයියත් තියේ නම්
    කිම බස් වල යන්නේ
    පයින් යා ! "

    ප.ලි.- අර බිංගෙය කොහෙද තියෙන්නේ??

    ReplyDelete
  28. චමරි...
    ඒක නේන්නම් :)

    පිස්සා
    හෙ හෙ.... අනෙ ඒකනේ.. අපි කාටවත් හානියක් කලා නෙමෙයිනේ.. මම නම් සිටො සෙන්ටර් එකෙ කීල්ස් එකෙන් මගෙ ආසම අයිස් කිරිමක් තියනවා එතන, එක අරන් අර පඩිපෙල යට දාරෙ වාඩි වෙලා පෑය ගනන් ඒක කකා තනියම ඉඳගෙන ඉන්නවා...

    මම ජීවිතේ විඳින්නෙ ඔය වගෙ නිහඬ කල්පනාවක ගෑලී ගෑලී කෝනෙට්ටෝවක් කනකොට :)

    බිම්ගෙය තියෙන්නෙ අනිවත්තේ.. රිවඩේල් හෝටලය අසල

    ReplyDelete
  29. අනේ...මමත් ආසම පැත්තක් ඒක.. මොනතරම් කලබල ගොඩක් මැද්දේ වුනත් ඔහේ හිටිය හැකි.. කියවනකොට එතන ඉන්නවා වගෙ හිතුනා.. දළදා වීදියේ HNB එක ගාවින් ගුඩ්ස්ශෙඩ් එක පැත්තට ඇවිදගෙන පහලට එන්න.. ලඟඳිම එන්න වෙනවා නුවර පැත්තේ..

    හරි මම හිතන්නේ තැන දන්නවා මම.. උසස් බාලිකාව පැත්තෙන් අනිවත්තට එද්දි රිවඩේල් එකට ලඟම පාර් ඕක නේ..

    ReplyDelete
  30. සාරී සීන් නම් දන්නෙ නෑ... බයිස්කෝප් ටික නම් සිරා... :)

    ReplyDelete
  31. මෙන්න තව ටිකක් ... ඔබට හොඳද දන්නේ නෑ

    Seven Pounds - හදවතට ගොඩාක් දැනෙන එකක් .. විල් ස්මිත් ටත් රඟපාන්න පුළුවන් හොඳටම

    The perfect Storm - ජුරාසික් පාර්ක් වලටටත් කලින් හදපු එකක් .. ඇයි දන්නේ නෑ famous නොවුනේ ..

    The Indecent Proposal - මාරම ෆිල්ම් එකක් ... එක තැනක් තියෙනවා .. මතක් වෙනකොටත් ඔලුවට මිටියකින් තඩි බානවා වගේ
    බැලුවොත් අහන්න .. කියන්නම්

    The Machinist - පොඩිම සිද්දියක් .. එත් විස්තරය ලොකුයි. අපරාදය හා දඬුවම පොත කියවල තියේද ?

    Transit - Forrest gump වල ඔබ දැකපු ඔලුවට බරකුත් නැති ,එත් කලාත්මක ටොම් හෑන්ක්ස් ගේ රංගනය

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->